Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුකුලේ පැද්දීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුරාණ නුවර කලාවියේ ජනතාව ගොවිතැන් බතට අමතරව තවත් බොහෝ දෑ සපයා ගත්තේ ගමට යාබද කැලයෙනි. එකල ඔවුහු වනාන්තරය හා බැඳී සිටියහ. “මහකැලේ යාම” නමින් වාර්ෂිකව කෙරෙන චාරිත්‍රයක් බවට ද එය පත් විය. දිගාමඩුලු ජනවහරෙහි “රුකුලේ පද්දනවා” නමින් හැඳින්වෙන්නේ ද මෙයමයි.

අවශ්‍යතා කිහිපයකටම මහකැලේ යාමට අදින් සියවස් බාගයකට පෙර ගැමියෝ පුරුදුව සිටියහ. අලපලාවේ යාම (අල වර්ග සෙවීමට), මී කැලේ යාම (මී පැණි සොයාගෙන යාම), ගොයිකැලේ යාම (තලගොයි දඩයමට යාම), මොර පාරේ යාම (වාර්ෂිකව මොර කැඩීමට ගමන් කිරීම) හා දඩයමේ යාම ආදී වශයෙනි. මෙම කැලෑ වැදීමේ ක්‍රියාවලිය ගැන පර් යේෂණයක් කළ වත්තෙවැවේ ධම්මානන්ද හිමියෝ අප සිත් තුළ කුතුහලය දනවනා කරුණු රාශියක් හෙළිදරව් කරති.

“මම උපන්නේ අනුරාධපුරයේ කුංචට්ටු කෝරළේ වත්තේවැව කියන ගමේ. ගම වටේට තියෙන්නේ කැලෑව. අවුරුදු 10 වනවිට පැවිදි වුණත් පුංචි කාලේ මොර කඩන්න කැලේ ගිය හැටි තාමත් මතකයි. අපේ ඥාතීන් කුළු හරක් අල්ලන්න එහෙමත් කැලේට යනවා. නුවර කලාවියේ වාර්ෂික වන යාත්‍රාව ගැන ගවේෂණය කිරීමට මම උනන්දු කළේ වජිර දිසානායක විදුහල්පතිතුමායි. මහාචාර්ය විමල් විජේරත්න ඇදුරුතුමාගේ උපදෙස් මත ශ්‍රී ජයවර්ධනපුර සරසවිය සඳහා මෙම අධ්‍යයනය කළා. ඒ සඳහා රිටිගල අවට ගම්මාන සහ හොරොව්පතාන අවට වන ගම්මානවල ඇවිදලා කරුණු එක්රැස් කළා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මහ කැලේ යාම පොත බිහිවුණේ” ධම්මානන්ද හිමියෝ තම මතක සටහන් අවදි කළේ මල්වාන මාතොටුවන විහාරයේ සිටයි.

දඩයම දුප්පත් ජනතාවට ජීවිකාවක් සපයන වෘත්තියක් විය. වනාන්තර විනාශයත්, වනජීවී ආරක්ෂාව සඳහාත් අද වන සතුන් දඩයම් කිරීම තහනම්ය. එසේ වුවත් ඉඳහිට තවමත් හොර රහසේ වන සතුන් දඩයම වනාශ්‍රිත ගම්මානවල සිදුවේ. තලගොයා, මීමින්නා, හාවා, කබල්ලෑවා වැනි කුඩා සතුන්ගේ සිට තිත් මුවා, ගෝනා, වල් ඌරා වැනි වන සතුන් දක්වා දඩයම් පරාසය පැතිර පවතී.

“අපේ දඩයම් යුගය කියලා යුගයක්ම තිබුණනේ. නමුත් යම් යම් දවස්වල වන සතුන් දඩයම තහනම් කරමින් රජවරු ආඥා නිකුත් කළා. ‘මාඝාත ආඥාව’ කියන්නේ ඒකටයි. ගම්වල දඩයමේ ගිය අය මා හමුවුණා. ඔවුන් සතු මතක ගබඩා තිබුණා. එදා දඩයමේ ගියත් ඒකට ආචාර විධි රාශියක්ම පිළිපැදීමට තිබුණා. අද නම් සතුන්ට වස දී මරණවා. මහා පරිමාණයෙන් දඩයම් කරනවා. එදා දඩයම් නොකළ යුතු සතුන් හා දඩයම් නොකළ යුතු අවස්ථා ගැනත් සැලකුවා” උන්වහන්සේ වැඩිදුරටත් කීවෝය.

අනුරාධපුර යුගයේ පණ්ඩුකාභය රජ සමයේ ගොවිතැන හා ගව පාලනය තරමට දඩයමද වැදගත් ජීවිකා වෘත්තියක් විය. පසු කාලවලදී අගනුවරට මස් සැපයීමේ මාර්ගය වැද්දන් විසින් ඉටු කර තිබේ.

දඩයමේ යාමේ සිරිත්

දඩයමේ යන්නේ කණ්ඩායමක් වශයෙනි. ඒ සඳහා සුදුසුම කාලය වශයෙන් සැලකෙන්නේ පොසොන් හා ඇසළ සමයයි. බක්මහට කිරි වරන සතුන් මේ සමයේදී තුරුණු වියට එළඹෙන අතර ගැබ්බර දෙනුන් හා පැටවුන් ද දක්නට නොලැබේ.

දඩයමට සහභාගී වන්නේ දෙදෙනෙක් හෝ හතර දෙනෙකි. තුන්දෙනකු ගමන් කිරීම අසුබ ලකුණක් සේ සැලකේ. එසේ වූ අවස්ථාවල ඌරෙකු යැයි සිතා තුන්වැන්නාට වෙඩි වැදුණු බවට පිළිගැනීමක් ඇත. මුලින්ම උණහපුලුවකු හමුවුවහොත් වෙඩි තබන්නේ නැත. සෙනසුරාදාවක හෝ බදාදාවක නම් මුල්ම වෙඩිල්ල කුර සහිත සතෙකුටය. ඒ ගෝනකු හෝ මුවකු විය හැකිය.

හැමෝටම දඩයමේ යාමට ඉඩ ලැබෙන්නේ නැත. ගැබ්බර කතුන්ගේ ස්වාමි පුරුෂයන් එලෙස දඩයමට තහංචි පිරිස අතර වෙති. ගම්භාර දෙවියන්ට බාරහාර වී එම බාර ඔප්පු නොකළ අය ද දඩයමට එක්කර නොගැනේ.

රීරී පූජාව

වනයට යාමට පෙර කණ්ඩායමේ නායක දඩයක්කරුවාගේ හෝ වෙනත් අයකුගේ ඇඟිලි තුඩකින් ලේ බිඳක් ගෙන බෝල්පනා කොළවල තවරා දෙවියන් වෙනුවෙන් පූජා කෙරේ. එය රීරී පූජාව වේ. දඩයමක් කරගත් පසුව සතාගේ හදවත කොටස් හතකට කපා කඩවර දෙවියන් වෙනුවෙන් පූජා කෙරේ. එහි අරමුණ වනයේදී වැඩි වැඩියෙන් රස්සාවත්, ආරක්ෂාවත් ලැබෙන සේ ප්‍රාර්ථනා කිරීමය. මංගර දෙවියන් ද මේ පූජාවේදී සිහිපත් කෙරේ.

ඉලක්කයට තබන වෙඩිල්ල වැදුණු සතකු එක්වරම මැරී වැටෙන්නේ නැත. එම සතා පසුපසින් හඹා යා යුතුය. එවැනි සතකු ලේ සලකුණ දමමින් දිවගොස් සැඟවීම සිරිතයි. එම සතුන්ගේ පා සටහන් පෑගුණහොත් සතා සොයාගත නොහැකි වේ යැයි සැලකේ. වෙඩි කෑ සතා සොයා යාම ඉතා ප්‍රවේසමෙන් කළ යුත්තේ ඌ සැඟවී සිට ප්‍රහාරයක් එල්ල කළ හැකි බැවිනි.

දඩයක්කාර කණ්ඩායම ගමන් කරන්නේ එක පෙළට සැදී එකිනෙකා අතර බඹ කීපයක පරතරයක් ඇති පරිදිය. මෙසේ පෙරට ඇදෙන විට කෙටේරිය, පොරොව හෝ වෙනත් ලී කැබැල්ලකින් දෙපස ඇති ගස්වලට පහර දීම සිදුවේ. මෙසේ ගස්වලට පහර දෙන්නේ වලසුන් පලවා හැරීමට සහ දඩයමට යොදාගන්නා සතුන් කලබල කිරීමටයි. සතුන් කලබලයට පත්වූ විට දඩයම් කර ගැනීම පහසු බවට පිළිගැනීමක් ඇත.

දඩයම් ක්‍රම

කැලයේ සිඳී ගිය දිය කඩිති සමීපයේ රැක සිට දිය බීමට එන සතුන් දඩයම් කිරීමේ සිරිතක් ද පැවතුණි. මේ සඳහා රැක සිටින්නේ සතුන්ට මිනිස් ගඳ නොදැනෙන අට්ටාලයක් මතය. එය කොටු අත්ත නම් වේ. ‘කැට වළවල් රැකීම’ යනු දියකඩ සමීපයේ මිනිසකුට රැඳී සිටීමට ප්‍රමාණවත් වළක් හාරා එහි රැඳී සිටීමය. කැලෑ එලවීම නමින් යුත් දඩයම් ක්‍රමයක් ද අනුගමනය කෙරේ. එහිදී සිදු වන්නේ දඩයක්කරුවන් පෙළට සිට අතේ තිබෙන අවි හා මුගුරුවලින් දෙපස ඇති ගස්වලට ගසමින් ඉදිරියට යාමයි. මෙහිදී මුගුරුවලින් පහර දෙමින් සතුන් කලබල කර ඉදිරියට එලවන අතර තවත් පිරිසක් එසේ දුව එන සතුන් දඩයම් කර ගැනීමට සිටිති.

“සතුන් දඩයම් කිරීමේදී අපේ පැරැන්නෝ තුළ ආචාර විධි සම්ප්රදායක් පැවතුණා. ඒක විනයකින් පෝෂණය වූ ආචාරශීලී පැවැත්මක් ද තහවුරු වූ වෘත්තියක් වුණා. වර්තමාන පාරිභෝගික සමාජය තුළ ගහකොළ, සතා සීපාවා, පරිසරය පිළිබඳ කටයුතුවලදී නොපෙනෙන සංරක්ෂණශීලී පැවැත්මක් ද එදා දඩයක්කරුවන් අතර දකින්න තිබුණා. ඒ වගේම දඩයම බෙදාහදා ගැනීමේදීත් ආචාරධර්ම තිබුණා. මේක අදැහැමි වැඩක් වුවත් පන්සලට පවා දඩයමෙන් කොටසක් වෙන් කළා. ධර්මතා බිඳින අවස්ථාවලදී දඬුවම් පවා ලැබුණා. හැබැයි ගව ඝාතනය ඒ කාලේ තිබුණෙම නෑ. ගැමියෙක් ගවයෙක් මරා කෑවොත් ඔහුට තහංචි වැටෙනවා.”

“දඩයක්කරුවන් කිසිවිටෙකත් දිය බොමින් සිටි සතකු ඉලක්කයට නොගත් අතර එවැනි අවස්ථාවක දිය බී පිටත්ව යනතුරු වුවද සතුන් දඩයම් නොකිරීමට තරම් ඔවුන් ආචාරශීලීය. ගැබ්බර සතුන් මෙන්ම පැටව් පිරිවරා සිටින මව් දෙනුන් ද දඩයම් කළේ නැත.” (මහකැලේ යාම - 107 පිට)

අතුපොළේ සිරිත්

දඩයමක් කළ විට ඒ මස් බෙදීම සිදුවූයේ ද සම්ප්‍රදායික ක්රමයකටය. දඩයක්කරුවාගේ සහායකයාට දෙන්නේ පෙර ගාතයයි. සතකු මස් කරන අවස්ථාවට ගිය අනෙක් අයට මස් පොළෙන් කොටස බැගින් ලැබේ. සතා වෙඩි තබා මැරූ තුවක්කු හිමිකරුවකුට පස්සා ගාතය වෙන් කරේ. ගමේ ඥාතීන් හට ද කුඩා ප්‍රමාණය බැගින් ලබා දීම සිරිතකි. හේනෙ මාමාට වල්ගය පැත්තෙන් කොටසක් වෙන් කරන අතර එය ‘වාරම්කෝට්ටේ’ නම් වේ. පිටගම් වැසියකු දඩයමක් කළ විට ඒ ගමේ ගමරාළට ‘ගම් ගාතේ’ යැයි කොටසක් ලබා දිය යුතු විය.

කලකට පෙර පැවති දඩයම් සිරිත් අද අභාවයට යමින් පවතී. වන සතුන් දඩයමට තීනි රීතිවලින් තහංචි වැටුණත් හොර රහසේ ඕනෑ තරම් දඩයම් කරති. ඒ අමානුෂික අන්දමටය. පසුගිය දිනෙක සෝමාවතී වනෝද්‍යානයේ වතුර වළවල්වලට වස යොදා සතුන් මැරීමට උත්සාහ කිරීමක් ගැන වනජීවී නිලධාරීහු අනාවරණය කර ගත්තෝය. පොළොන්නරුව අභය භූමියේ මුවන් ඝාතනයට වයර්වලින් මදු ඇටවීම ද නිතර වාර්තා වන සිද්ධියකි.

https://www.deshaya.lk/article/43/features/8178/දඩයම්-සොයා-මහ-කැලේ-ගිය-හාමුදුරුවෝ

[QUOTE="gnilukshi, post: 31026747, member: 132616"] [B]පුරාණ නුවර කලාවියේ ජනතාව ගොවිතැන් බතට අමතරව තවත් බොහෝ දෑ සපයා ගත්තේ ගමට යාබද කැලයෙනි. එකල ඔවුහු වනාන්තරය හා බැඳී සිටියහ. “මහකැලේ යාම” නමින් වාර්ෂිකව කෙරෙන චාරිත්‍රයක් බවට ද එය පත් විය. දිගාමඩුලු ජනවහරෙහි “රුකුලේ පද්දනවා” නමින් හැඳින්වෙන්නේ ද මෙයමයි.[/B] අවශ්‍යතා කිහිපයකටම මහකැලේ යාමට අදින් සියවස් බාගයකට පෙර ගැමියෝ පුරුදුව සිටියහ. අලපලාවේ යාම (අල වර්ග සෙවීමට), මී කැලේ යාම (මී පැණි සොයාගෙන යාම), ගොයිකැලේ යාම (තලගොයි දඩයමට යාම), මොර පාරේ යාම (වාර්ෂිකව මොර කැඩීමට ගමන් කිරීම) හා දඩයමේ යාම ආදී වශයෙනි. මෙම කැලෑ වැදීමේ ක්‍රියාවලිය ගැන පර් යේෂණයක් කළ වත්තෙවැවේ ධම්මානන්ද හිමියෝ අප සිත් තුළ කුතුහලය දනවනා කරුණු රාශියක් හෙළිදරව් කරති. “මම උපන්නේ අනුරාධපුරයේ කුංචට්ටු කෝරළේ වත්තේවැව කියන ගමේ. ගම වටේට තියෙන්නේ කැලෑව. අවුරුදු 10 වනවිට පැවිදි වුණත් පුංචි කාලේ මොර කඩන්න කැලේ ගිය හැටි තාමත් මතකයි. අපේ ඥාතීන් කුළු හරක් අල්ලන්න එහෙමත් කැලේට යනවා. නුවර කලාවියේ වාර්ෂික වන යාත්‍රාව ගැන ගවේෂණය කිරීමට මම උනන්දු කළේ වජිර දිසානායක විදුහල්පතිතුමායි. මහාචාර්ය විමල් විජේරත්න ඇදුරුතුමාගේ උපදෙස් මත ශ්‍රී ජයවර්ධනපුර සරසවිය සඳහා මෙම අධ්‍යයනය කළා. ඒ සඳහා රිටිගල අවට ගම්මාන සහ හොරොව්පතාන අවට වන ගම්මානවල ඇවිදලා කරුණු එක්රැස් කළා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මහ කැලේ යාම පොත බිහිවුණේ” ධම්මානන්ද හිමියෝ තම මතක සටහන් අවදි කළේ මල්වාන මාතොටුවන විහාරයේ සිටයි. දඩයම දුප්පත් ජනතාවට ජීවිකාවක් සපයන වෘත්තියක් විය. වනාන්තර විනාශයත්, වනජීවී ආරක්ෂාව සඳහාත් අද වන සතුන් දඩයම් කිරීම තහනම්ය. එසේ වුවත් ඉඳහිට තවමත් හොර රහසේ වන සතුන් දඩයම වනාශ්‍රිත ගම්මානවල සිදුවේ. තලගොයා, මීමින්නා, හාවා, කබල්ලෑවා වැනි කුඩා සතුන්ගේ සිට තිත් මුවා, ගෝනා, වල් ඌරා වැනි වන සතුන් දක්වා දඩයම් පරාසය පැතිර පවතී. “අපේ දඩයම් යුගය කියලා යුගයක්ම තිබුණනේ. නමුත් යම් යම් දවස්වල වන සතුන් දඩයම තහනම් කරමින් රජවරු ආඥා නිකුත් කළා. ‘මාඝාත ආඥාව’ කියන්නේ ඒකටයි. ගම්වල දඩයමේ ගිය අය මා හමුවුණා. ඔවුන් සතු මතක ගබඩා තිබුණා. එදා දඩයමේ ගියත් ඒකට ආචාර විධි රාශියක්ම පිළිපැදීමට තිබුණා. අද නම් සතුන්ට වස දී මරණවා. මහා පරිමාණයෙන් දඩයම් කරනවා. එදා දඩයම් නොකළ යුතු සතුන් හා දඩයම් නොකළ යුතු අවස්ථා ගැනත් සැලකුවා” උන්වහන්සේ වැඩිදුරටත් කීවෝය. [IMG]http://static.deshaya.lk/assets/uploads/image_e83a49d3bc.jpg[/IMG] අනුරාධපුර යුගයේ පණ්ඩුකාභය රජ සමයේ ගොවිතැන හා ගව පාලනය තරමට දඩයමද වැදගත් ජීවිකා වෘත්තියක් විය. පසු කාලවලදී අගනුවරට මස් සැපයීමේ මාර්ගය වැද්දන් විසින් ඉටු කර තිබේ. [B]දඩයමේ යාමේ සිරිත්[/B] දඩයමේ යන්නේ කණ්ඩායමක් වශයෙනි. ඒ සඳහා සුදුසුම කාලය වශයෙන් සැලකෙන්නේ පොසොන් හා ඇසළ සමයයි. බක්මහට කිරි වරන සතුන් මේ සමයේදී තුරුණු වියට එළඹෙන අතර ගැබ්බර දෙනුන් හා පැටවුන් ද දක්නට නොලැබේ. දඩයමට සහභාගී වන්නේ දෙදෙනෙක් හෝ හතර දෙනෙකි. තුන්දෙනකු ගමන් කිරීම අසුබ ලකුණක් සේ සැලකේ. එසේ වූ අවස්ථාවල ඌරෙකු යැයි සිතා තුන්වැන්නාට වෙඩි වැදුණු බවට පිළිගැනීමක් ඇත. මුලින්ම උණහපුලුවකු හමුවුවහොත් වෙඩි තබන්නේ නැත. සෙනසුරාදාවක හෝ බදාදාවක නම් මුල්ම වෙඩිල්ල කුර සහිත සතෙකුටය. ඒ ගෝනකු හෝ මුවකු විය හැකිය. හැමෝටම දඩයමේ යාමට ඉඩ ලැබෙන්නේ නැත. ගැබ්බර කතුන්ගේ ස්වාමි පුරුෂයන් එලෙස දඩයමට තහංචි පිරිස අතර වෙති. ගම්භාර දෙවියන්ට බාරහාර වී එම බාර ඔප්පු නොකළ අය ද දඩයමට එක්කර නොගැනේ. [B]රීරී පූජාව[/B] වනයට යාමට පෙර කණ්ඩායමේ නායක දඩයක්කරුවාගේ හෝ වෙනත් අයකුගේ ඇඟිලි තුඩකින් ලේ බිඳක් ගෙන බෝල්පනා කොළවල තවරා දෙවියන් වෙනුවෙන් පූජා කෙරේ. එය රීරී පූජාව වේ. දඩයමක් කරගත් පසුව සතාගේ හදවත කොටස් හතකට කපා කඩවර දෙවියන් වෙනුවෙන් පූජා කෙරේ. එහි අරමුණ වනයේදී වැඩි වැඩියෙන් රස්සාවත්, ආරක්ෂාවත් ලැබෙන සේ ප්‍රාර්ථනා කිරීමය. මංගර දෙවියන් ද මේ පූජාවේදී සිහිපත් කෙරේ. ඉලක්කයට තබන වෙඩිල්ල වැදුණු සතකු එක්වරම මැරී වැටෙන්නේ නැත. එම සතා පසුපසින් හඹා යා යුතුය. එවැනි සතකු ලේ සලකුණ දමමින් දිවගොස් සැඟවීම සිරිතයි. එම සතුන්ගේ පා සටහන් පෑගුණහොත් සතා සොයාගත නොහැකි වේ යැයි සැලකේ. වෙඩි කෑ සතා සොයා යාම ඉතා ප්‍රවේසමෙන් කළ යුත්තේ ඌ සැඟවී සිට ප්‍රහාරයක් එල්ල කළ හැකි බැවිනි. දඩයක්කාර කණ්ඩායම ගමන් කරන්නේ එක පෙළට සැදී එකිනෙකා අතර බඹ කීපයක පරතරයක් ඇති පරිදිය. මෙසේ පෙරට ඇදෙන විට කෙටේරිය, පොරොව හෝ වෙනත් ලී කැබැල්ලකින් දෙපස ඇති ගස්වලට පහර දීම සිදුවේ. මෙසේ ගස්වලට පහර දෙන්නේ වලසුන් පලවා හැරීමට සහ දඩයමට යොදාගන්නා සතුන් කලබල කිරීමටයි. සතුන් කලබලයට පත්වූ විට දඩයම් කර ගැනීම පහසු බවට පිළිගැනීමක් ඇත. [B]දඩයම් ක්‍රම[/B] කැලයේ සිඳී ගිය දිය කඩිති සමීපයේ රැක සිට දිය බීමට එන සතුන් දඩයම් කිරීමේ සිරිතක් ද පැවතුණි. මේ සඳහා රැක සිටින්නේ සතුන්ට මිනිස් ගඳ නොදැනෙන අට්ටාලයක් මතය. එය කොටු අත්ත නම් වේ. ‘කැට වළවල් රැකීම’ යනු දියකඩ සමීපයේ මිනිසකුට රැඳී සිටීමට ප්‍රමාණවත් වළක් හාරා එහි රැඳී සිටීමය. කැලෑ එලවීම නමින් යුත් දඩයම් ක්‍රමයක් ද අනුගමනය කෙරේ. එහිදී සිදු වන්නේ දඩයක්කරුවන් පෙළට සිට අතේ තිබෙන අවි හා මුගුරුවලින් දෙපස ඇති ගස්වලට ගසමින් ඉදිරියට යාමයි. මෙහිදී මුගුරුවලින් පහර දෙමින් සතුන් කලබල කර ඉදිරියට එලවන අතර තවත් පිරිසක් එසේ දුව එන සතුන් දඩයම් කර ගැනීමට සිටිති. “සතුන් දඩයම් කිරීමේදී අපේ පැරැන්නෝ තුළ ආචාර විධි සම්ප්රදායක් පැවතුණා. ඒක විනයකින් පෝෂණය වූ ආචාරශීලී පැවැත්මක් ද තහවුරු වූ වෘත්තියක් වුණා. වර්තමාන පාරිභෝගික සමාජය තුළ ගහකොළ, සතා සීපාවා, පරිසරය පිළිබඳ කටයුතුවලදී නොපෙනෙන සංරක්ෂණශීලී පැවැත්මක් ද එදා දඩයක්කරුවන් අතර දකින්න තිබුණා. ඒ වගේම දඩයම බෙදාහදා ගැනීමේදීත් ආචාරධර්ම තිබුණා. මේක අදැහැමි වැඩක් වුවත් පන්සලට පවා දඩයමෙන් කොටසක් වෙන් කළා. ධර්මතා බිඳින අවස්ථාවලදී දඬුවම් පවා ලැබුණා. හැබැයි ගව ඝාතනය ඒ කාලේ තිබුණෙම නෑ. ගැමියෙක් ගවයෙක් මරා කෑවොත් ඔහුට තහංචි වැටෙනවා.” “දඩයක්කරුවන් කිසිවිටෙකත් දිය බොමින් සිටි සතකු ඉලක්කයට නොගත් අතර එවැනි අවස්ථාවක දිය බී පිටත්ව යනතුරු වුවද සතුන් දඩයම් නොකිරීමට තරම් ඔවුන් ආචාරශීලීය. ගැබ්බර සතුන් මෙන්ම පැටව් පිරිවරා සිටින මව් දෙනුන් ද දඩයම් කළේ නැත.” (මහකැලේ යාම - 107 පිට) [B]අතුපොළේ සිරිත්[/B] දඩයමක් කළ විට ඒ මස් බෙදීම සිදුවූයේ ද සම්ප්‍රදායික ක්රමයකටය. දඩයක්කරුවාගේ සහායකයාට දෙන්නේ පෙර ගාතයයි. සතකු මස් කරන අවස්ථාවට ගිය අනෙක් අයට මස් පොළෙන් කොටස බැගින් ලැබේ. සතා වෙඩි තබා මැරූ තුවක්කු හිමිකරුවකුට පස්සා ගාතය වෙන් කරේ. ගමේ ඥාතීන් හට ද කුඩා ප්‍රමාණය බැගින් ලබා දීම සිරිතකි. හේනෙ මාමාට වල්ගය පැත්තෙන් කොටසක් වෙන් කරන අතර එය ‘වාරම්කෝට්ටේ’ නම් වේ. පිටගම් වැසියකු දඩයමක් කළ විට ඒ ගමේ ගමරාළට ‘ගම් ගාතේ’ යැයි කොටසක් ලබා දිය යුතු විය. කලකට පෙර පැවති දඩයම් සිරිත් අද අභාවයට යමින් පවතී. වන සතුන් දඩයමට තීනි රීතිවලින් තහංචි වැටුණත් හොර රහසේ ඕනෑ තරම් දඩයම් කරති. ඒ අමානුෂික අන්දමටය. පසුගිය දිනෙක සෝමාවතී වනෝද්‍යානයේ වතුර වළවල්වලට වස යොදා සතුන් මැරීමට උත්සාහ කිරීමක් ගැන වනජීවී නිලධාරීහු අනාවරණය කර ගත්තෝය. පොළොන්නරුව අභය භූමියේ මුවන් ඝාතනයට වයර්වලින් මදු ඇටවීම ද නිතර වාර්තා වන සිද්ධියකි. [URL]https://www.deshaya.lk/article/43/features/8178/%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A-%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B8%E0%B7%84-%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B7%9A-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9D[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom