රුධිර පීඩනය 130:80 ට අඩු වේ
" රුධිර පීඩනය 130:80 ට අඩු වේ¨"
මෙතෙක් පුද්ගලයකුගේ සාමාන්‍ය රුධිර පීඩන අගය සේ සැලකුණු 140(90 අගය 130(80 දක්‌වා අඩු කිරීමට ඇමරිකානු හෘද සංගමය ප්‍රමුඛ ඇමරිකානු හෘද රෝග විශේෂඥයින්ගේ සංගමය හා තවත් කණ්‌ඩායම් නවයක් එක්‌ව පියවර ගෙන තිබේ.
ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින අධි රුධිර පීඩන තත්ත්වයට පිළියම් යෙදීම පදනම් කරගෙන ඇමරිකානු හෘද සංගමය විසින් මෙම නව රුධිර පීඩන අගය පිළිබඳ මාර්ගෝaaපදේශන මාලාවක් ඉකුත් සඳුදා (13 දා) කැලිෙµdaනියා නගරයේ පැවැති සිය වාර්ෂික සමුළුවේදී එළිදක්‌වා තිබේ. මේ අනුව මින් ඉදිරියට 130(80 ක රුධිර පීඩන අගයක් යමෙකුට පවතී නම් එය පළමු අදියරයේ අධි රුධිර පීඩන තත්ත්වය ලෙස සැලකේ.
120-129 මුල් අගය පවතින (සිස්‌ටොලික්) හා 80 ට වැඩි (ඩයස්‌ටොලික්) අගයක් පවතින අය වැඩි වෙමින් පවතින රුධිර පීඩන තත්ත්වයෙන් පෙළෙන අය ලෙසත්, 130 - 139 (සිස්‌ටොලික්) 80 - 89 (ඩයස්‌ටොලික්) අගයක් ඇති නම් පළමු අදියරයේ අධි රුධිර පීඩනය ලෙසත්, 140(90 අගයක් පවතී නම් දෙවැනි අදියරේ අධි රුධිර පීඩනයෙන් පෙළෙන අය ලෙසත් සැලකේ.
180 ට වැඩි (සිස්‌ටොලික්)( 120 ට වැඩි (ඩයස්‌ටොලික්) අගයක් පැවැතීම අධික අධි රුධිර පීඩන තත්ත්වය ලෙස සැලකේ. මෙම තත්ත්වයෙන් පෙළෙන්නන් රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා බෙහෙත් ලබා ගත යුතු අතර අවයවවලට හානි පැමිණ ඇති නම් රෝහල්ගත විය යුතුය.
මෙම නව රුධිර පීඩන අගයන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟම ඇමරිකා එක්‌සත් ජනපදයේ පමණක් මිලියන 30 ක් දෙනා අලුතින් අධි රුධිර පීඩන ලැයිස්‌තුවට එක්‌ව තිබේ. මේ අනුව ඇමරිකා එක්‌සත් ජනපදයේ වැඩිහිටියන්ගෙන් සියයට 46 ක් එනම් මිලියන 103 ක් දැනට අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව අනාවරණය වී ඇත. එම ප්‍රමාණය පැවැති මාර්ගෝපදේශන මාලාවට අනුව පැවැතියේ සියයට 32 ක් හෙවත් මිලියන 72 ක් වශයෙනි.
කෙසේ වුවද අලුතින් අධි රුධිර පීඩනයෙන් පෙළෙන සෑම අයෙකුම බෙහෙත් ලබා නොගත යුතු බව පවසන ඇමරිකානු හෘද සංගමය තම ආහාර රටාව පාලනය කිරීමෙන් වැඩිපුර ව්‍යායාමයෙන් හා ජීවන රටාව වෙනස් කිරීමෙන් රෝග තත්ත්වය පාලනය කර ගත හැකි බව අවධාරණය කර සිටී. නව රුධිර පීඩන අගය පිළිබඳ මාර්ගෝපදේශන මාලාවෙන් ජනතාවට තම රුධිර පීඩන මට්‌ටම 130(80 අගයක පවත්වා ගැනීමට උනන්දු කෙරේ.
අධි රුධිර පීඩනයේ රෝග ලක්‌ෂණ පවතින අයට පමණක් බෙහෙත් ලබා ගැනීම නිර්දේශ කෙරෙන අතර 130(80 හා 140(90 අතර රුධිර පීඩන අගයක් පවතින අයෙකුට වෛද්‍යවරයා විසින් ශරීර බර අඩු කිරීම, ව්‍යායාමය, ලුණු භාවිතය අඩු කිරීම හා වැඩිපුර පළතුරු/ එළවළු/ ධාන්‍ය ආහාරයට ගැනීමට නිර්දේශ කරනු ඇත.
එහෙත් පළමු අදියරයේ අධි රුධිර පීඩනය පවතින අයෙකුට ආඝාතය, හෘදයාබාධයක්, දියවැඩියාව, වකුගඩු රෝග වැනි රෝග තත්ත්වයක් පවතින බව පෙනී ගියහොත් වෛද්‍යවරයා විසින් බෙහෙත් නිර්දේශ කරනු ඇත. රුධිර පීඩන අගය 140(90 ට වඩා වැඩි නම් වෛද්‍යවරයා විසින් ජීවන රටාවේ වෙනස්‌වීම් පිළිබඳ උපදෙස් සමඟ රුධිර පීඩනය අවම කිරීමේ බෙහෙත් ලබා දෙනු ඇත.
සංස්‌කරණය : ඒමන්ති මාරඹේ