රුපියල් මිලියන 60 ක දීමනා
මේක ඇත්තද ? 
ලබපු ලාභය නිසා අවුරුදු සමරන්න රුපියල් මිලියන 60 ක දීමනා දුන්න අමාත්‍යාංශයක්
April 11, 2018 01:11 pm
පසුගිය රජය සමයේ අවිධිමත් කළමනාකරණය හේතුවෙන් වසා දැමීමට නියමිතව තිබු රාජ්‍ය ආයතනයක් වන ලංකා ධීවර සංස්ථාව මේ වනවිට නව කළමණාකාරිත්වය යටතේ ලාබ උපයන මට්ටමට පත්ව ඇති බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව පසුගිය වසරේ රුපියල් මිලියන 36ක ලාබයක් ප්‍රථම වතාවට අත්කර ගැනීමට ලංකා ධීවර සංස්ථාවට හැකිවිය.
මෙම සංස්ථාව 1968 පිහිටුවන ලද අතර, එදා සිට පසුගිය වසර දක්වා කිසිදු ලාබයක් උපයා නැතිවීම විශේෂත්වයකි.
ලංකා ධීවර සංස්ථාව විසින් ප්‍රතිව්‍යුහගත කරන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළේය.
මේ වනවිට ඉතාමත් ක්‍රමවත් වැඩ පිළිවෙළක් යටතේ ක්‍රියාත්මක වන ධීවර සංස්ථාවේ සේවකයින්ට සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් හිඟව පැවැති පාරිතෝෂික දීමනා, වසර ගණනක් ගෙවා නොතිබු හිඟ වැටුප් ද ගෙවීමට ඊයේ (10) පියවර ගනු ලැබීය.
ඒ අනුව රු.මි. 60ක මුදලක් හිඟ පාරිතොසික, හිඟ වැටුප්, උත්සව අත්තිකාරම්, ප්‍රසාද දීමනා, අප්‍රේල් මස වැටුප, වශයෙන් අදාළ සේවකයින් වෙත පිරිනැමීම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් සිදු කැරිණි.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යරයා කියා සිටි, ලංකා ධීවර සංස්ථාව පසුගිය කාලයේ වසා දැමීමට පවා ආසන්න තත්ත්වයකට පත් වු බවයි.
නමුත් දැනට ක්‍රියාත්මක කර තිබෙන නව කළමණාකරණ වැඩ පිළිවෙල යටතේ ලංකා ධීවර සංස්ථාව ලංකාවේ ප්‍රධාන සුපිරි වෙළෙදසැල්, ප්‍රධාන රෝහල් , හා ප්‍රධාන පාසල්වල ආපනශාලා සියල්ලට මත්ස්‍යයින් සපයන්නේ ධීවර සංස්ථාව විසිනි.
එම නිසා ලංකා ධීවර සංස්ථාව මේ වනවිට ඉතාමත් හොඳ මට්ටමක තිබෙන බවත්, ඉදිරි දින කිහිපය තුළ මාළු සැකසුම් කර්මාන්තයට ද පිවිසෙන බව ද අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, ලංකා ධීවර සංස්ථාවේ සභාපති ජගත් පෙරේරා යන මහත්වරුද සහභාගි විය.