රුපියල තවදුරටත් පහළට

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    රුපියල තවදුරටත් පහළට

    රුපියලේ අගය තවදුරටත් පහළට
    හර්ෂණ තුෂාර සිල්වා

    ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල දිනෙන් දින වාර්තාගත අන්දමින් පහළ යමින් තිබේ.

    ඉකුත් පෙබරවාරි මාසයේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව වාර්තාගත අන්දමින් පහළ යමින් තිබෙන රුපියලේ අගය අද (28) තවදුරටත් පහළ ගියේය.

    ශ්‍රී ලංකා මහ බැංකුව අද (28) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය 162.40ක් දක්වා තවදුරටත් ඉහළ ගියේය. එහි ගැනුම් අගය 159.20ක් ලෙස සටහන් විය.

    ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව පසුගිය සිකුරාදා (24) එක්සත් ජනපද ඩොලරයේ අගය 162 සීමාව ඉක්මවා ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය

    සිකුරාදා 162.11ක් ලෙසත්, ඊයේ (27) 162.30ක් ලෙසත් අද (28) 162.40ක් ලෙසත් දැක්විණි.

    ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අගෝස්තු 24 වැනිදා දක්වා කාලයේදී ශ්‍රී ලංකා රුපියල සියයට 4.9කින් අවප්‍රමාණය වී තිබේ.

    පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.

    අගෝස්තු 16 වැනිදා ඉන්දීය රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව පහළම අගය වාර්තා කළේය. කලාපයේ දුර්වලම කාර්යසාධනයක් පෙන්නුම් කරන මුදල් ඒකකය බවට පත්ව ඇත්තේ ඉන්දීය රුපියල යැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.

    ගෝලීය වෙළෙඳපොළ තුළ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වෙමින් තිබෙන අතර ඊට සාපේක්ෂව අනෙකුත් මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය පසුගිය දින කිහිපයේම වාර්තා කර තිබිණි.

    මේ අතර අගෝස්තු මාසයේදී පමණක් ශ්‍රී ලංකා රුපියලට එහි අගයෙන් සියයට 0.9ක් අහිමි වී ඇතැයි රොයිටර් පුවත් සේවයේ අද (28) වාර්තා කළේය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙසැම්බර් වෙද්දි 200ටම යයි වගේ,,, මෝඩ සීහලුනේ දැන්ම කීයක් හරි ඉතුරු කර ගනියවු ලුනුයි බතුයි හරි කාල හරි රැකෙන්ඩ..තොපිට කැදත් බොන්ඩ ඉතුරු වෙයිද මන්ද 200ට ගියොත් නම්..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වික්කසින්හයන්ගේ ආර්ථික ඔස්තාර් කම තමයි ඉතින් බැංකු ජොබ් එකනම් කොලා කෙලවෙන්නම :dull:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,190
    67,542
    113
    දෙසැම්බර් වෙද්දි 200ටම යයි වගේ,,, මෝඩ සීහලුනේ දැන්ම කීයක් හරි ඉතුරු කර ගනියවු ලුනුයි බතුයි හරි කාල හරි රැකෙන්ඩ..තොපිට කැදත් බොන්ඩ ඉතුරු වෙයිද මන්ද 200ට ගියොත් නම්..

    Etakota sinhalyek ge average mase padiya 150$ kohomada eka
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    දෙසැම්බර් වෙද්දි 200ටම යයි වගේ,,, මෝඩ සීහලුනේ දැන්ම කීයක් හරි ඉතුරු කර ගනියවු ලුනුයි බතුයි හරි කාල හරි රැකෙන්ඩ..තොපිට කැදත් බොන්ඩ ඉතුරු වෙයිද මන්ද 200ට ගියොත් නම්..

    කලබොල වෙන්ට එපා මචං. මෙතන වෙන්නේ රුපියල පහල යන එක නෙවෙයි. ලෝකයේ අනිත් රටවල මුදල් වලට සාපේක්ෂව ඩොලර් එක නගින එක. ට්‍රම්ප් මහත්තයා ආවට පස්සේ ඔබාමා නිසා වැටිල තිබුන ඇමරිකානු ආර්ථිකය පන ගහගෙන නැගිටිනවා.ඒක නිසා ඩොලර් එක උඩ යනවා.හැම රටකටම සාපේක්ෂව ඒක වෙනවා.නමුත් මේකෙන් බේරෙන්න ඩොලර් වලින් ගෙවන්නේ නැතිව යෙන් වලින් වගේ ගෙව්වම හරි.ලංකාවේ යෙන් සංචිතය ඉතාම ඉහලයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලබොල වෙන්ට එපා මචං. මෙතන වෙන්නේ රුපියල පහල යන එක නෙවෙයි. ලෝකයේ අනිත් රටවල මුදල් වලට සාපේක්ෂව ඩොලර් එක නගින එක. ට්‍රම්ප් මහත්තයා ආවට පස්සේ ඔබාමා නිසා වැටිල තිබුන ඇමරිකානු ආර්ථිකය පන ගහගෙන නැගිටිනවා.ඒක නිසා ඩොලර් එක උඩ යනවා.හැම රටකටම සාපේක්ෂව ඒක වෙනවා.නමුත් මේකෙන් බේරෙන්න ඩොලර් වලින් ගෙවන්නේ නැතිව යෙන් වලින් වගේ ගෙව්වම හරි.ලංකාවේ යෙන් සංචිතය ඉතාම ඉහලයි.

    අහ් එහෙමද 200 උනාම බලාගනින්කො..ආයෙ මොනවටද අමුතුවෙන් කියන්නෙ.. :):)
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    කලබොල වෙන්ට එපා මචං. මෙතන වෙන්නේ රුපියල පහල යන එක නෙවෙයි. ලෝකයේ අනිත් රටවල මුදල් වලට සාපේක්ෂව ඩොලර් එක නගින එක. ට්‍රම්ප් මහත්තයා ආවට පස්සේ ඔබාමා නිසා වැටිල තිබුන ඇමරිකානු ආර්ථිකය පන ගහගෙන නැගිටිනවා.ඒක නිසා ඩොලර් එක උඩ යනවා.හැම රටකටම සාපේක්ෂව ඒක වෙනවා.නමුත් මේකෙන් බේරෙන්න ඩොලර් වලින් ගෙවන්නේ නැතිව යෙන් වලින් වගේ ගෙව්වම හරි.ලංකාවේ යෙන් සංචිතය ඉතාම ඉහලයි.

    meya danna magula, econ da kare, CBSL ekata bari una, reserves tika hari massen tiyaganne, anik mudal ekaka pahathata echcharatama wetila nehe, india rupiyala 4.7%kin witharai, anik mudal ekaka, AU$, CA$, pahatha watunata, hama dama ihalata yanawa, ape rupiyala pahathata watunatata kawadawath udata yanne nehe, e kianne LKR eke isthavara bavaya nehe, $ 200i wei lagadima, 162>200 ta nagei labana awrudde, ethakota thel, hema deyakma wedi wei, gas, tin malu, sini.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    මහින්දගෙ කාලෙ අඩු වෙලා තිබ්බ එක්ක මේ පොන්න ආණ්ඩුව කාලෙ වැඩි වෙලා ටවුකන්ඩ :frown:

    9j6T5S.jpg
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මහින්දගෙ කාලෙ අඩු වෙලා තිබ්බ එක්ක මේ පොන්න ආණ්ඩුව කාලෙ වැඩි වෙලා ටවුකන්ඩ :frown:

    9j6T5S.jpg

    :yes::yes::yes::yes::yes::yes::yes:

    ඕක වෙන්න ගත්තෙ බැංකු මංකොල්ලෙන් පස්සෙ බං, හොඳට බලන්න History එක, හරියටම ඒ මාසෙ ඉඳල තමයි රුපියලට කෙල වෙලා තියෙන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes::yes::yes::yes::yes:

    ඕක වෙන්න ගත්තෙ බැංකු මංකොල්ලෙන් පස්සෙ බං, හොඳට බලන්න History එක, හරියටම ඒ මාසෙ ඉඳල තමයි රුපියලට කෙල වෙලා තියෙන්නෙ
    :yes::yes: රටේ අගමැති මහ බැoකුව කඩල බිලියන් 30ක් හොරා කනව කියන්නෙ ලේසි දෙයක් නෙමේ විදේශ ආයෝජකයො සල්ලි අරෙගෙන යන්ඩ ගියා ඒක ආරන්චි වෙලා.. ඕක තමයි හේතුව..පොන්න රනිල මහ බැoකුවටට කෙලල රටම විනාශ කරා..