රුපියල බාල්දුවේ නොකියවෙන පැත්ත

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    රුපියල බාල්දුවේ නොකියවෙන පැත්ත


    රුපියල බාල්දුවේ නොකියවෙන පැත්ත

    [FONT=Malithi_Web]අද ශ‍්‍රී ලංකාව මුහුණ පා සිටින්නේ විශාල ආර්ථික අර්බුදයකටය. අද අපට ඇතැයි කියන විදේශ සංචිතයද විදේශ ණය පදනම් කරගත් එකකි. 1948 දී ඉංග‍්‍රීසි කාරයන් අපට නිදහස් දී යන විට අපට තිබුණේ ණයට ගත් මුදලින් පුරවාගත් විදේශ විනිමය සංචිතයක් නොවේ.

    මේ දිනවල රටේ කාගේත් කතා බහට ලක් වී ඇත්තේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ලංකා රුපියලේ අව ප‍්‍රමාණය වීමයි.

    ලංකා රුපියලේ අගය මෙසේ ඉතා ශීඝ‍්‍රයෙන් අවප‍්‍රමාණය වීම සම්බන්ධව ලංකා රජය හේතුවක් කොට දක්වන්නේ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ නව බදු සහන ප‍්‍රතිපත්තියයි. එම නව සහනදායි බදු ප‍්‍රතිපත්ති නිසා එතෙර රටවල සිටි ව්‍යාපාරික කොටස්, මහා පරිමාණයෙන් තමන් සතු ඩොලර් ඇමෙරිකාව තුළට රැුගෙන විත්, එරට බැංකුවල තැන්පත් කිරීම නිසා, ඇමෙරිකානු ඩොලර් සංචිත ඉහළ යෑම, ලංකාව ඇතුළු රටවල් ගණනාවකම භාවිත මුදල්, ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව අගයෙන් පහත වැටීමට මූලික හේතුව වී ඇතැයි කියමින් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ගෙන යන වර්තමාන ප‍්‍රචාරය ඇත්ත ඇති සැටියෙන් ප‍්‍රකාශ කිරීමක් නොවන බව අපගේ විශ්වාසයයි.

    ඩොනල්ඞ් ට‍්‍රම්ප් බලයට එන අවස්ථාව වන විට ඇමෙරිකානු ඩොලරයක් සඳහා හුවමාරු කළ යුතු වූයේ රුපියල් 155/- කි. එය අද වන විට රුපියල් 173/00 දක්වා වෙනස්ව ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලනය අවසන් වූ අවස්ථාව වන විට ඇමෙරිකානු ඩොලරයක් සඳහා හුවමාරු කළ යුතු රුපියල් ප‍්‍රමාණය 131/00 ක් විය. යහපාලන රජයේ තුන් අවුරුදු කාලය තුළම රුපියලේ අගය පහත වැටී ඇති ආකාරය ගැන කරුණු පැහැදිලි කිරීමක් නොකොට ඩොනල්ඞ් ට‍්‍රම්ප් කෙනෙක් පෙන්වා ඇ`ග බේරා ගැනීමට ආණ්ඩුව දරන උත්සාහය බුද්ධියට කරන විශාල නිගාවක් බව අප විසින් මෙහිදී කිව යුතුව ඇත.

    අද ශ‍්‍රී ලංකාව මුහුණ පා සිටින්නේ විශාල ආර්ථික අර්බුදයකටය. අද අපට ඇතැයි කියන විදේශ සංචිතයද විදේශ ණය පදනම් කරගත් එකකි. 1948 දී ඉංග‍්‍රීසි කාරයන් අපට නිදහස් දී යන විට අපට තිබුණේ ණයට ගත් මුදලින් පුරවාගත් විදේශ විනිමය සංචිතයක් නොවේ.

    එය අපේම ඉතිරි කිරීම් හා ඉපැයීම් මත ගොඩන`ගාගත් එකක් වූ බව අප මෙහිදී අමතක නොකළ යුතු කරුණකි. අප රටේ ආර්ථිකය ණය බරිත එකත් බවට පත් වුයේ 1977 න් පසු කාලය තුළ ක‍්‍රියාත්මක වූ විවෘත ආර්ථික වැඩ පිළිවෙළ යටතේය. 1977 න් පසු කාලය තුළ මේ රට තුළ බලයට ආ සෑම ආණ්ඩුවක්ම කටයුතු කොට ඇත්තේ රාජ්‍ය භාණ්ඩාගාරය හිස් වී යන ආකාරයටය. 1978 ට පෙර ලංකා රුපියලට තිබුණේ ස්ථාවර අගයකි. 1978 නොවැම්බර් 1 වැනි දින සිට ලංකා රුපියලේ අගය සියයට සියයකින් අවප‍්‍රමාණය කොට අස්ථාවර රුපියල් වශයෙන් පාවෙන්නට තැබීමත් සමග රුපියලේ අගය එන්ට එන්ටම පහත වැටුණි. 1977 දී ඩොලරයක් සඳහා හුවමාරු කළ යුතුව තිබුණේ ලංකා රුපියල් 7.20 කි. එය සියයට සියයකින් අවප‍්‍රමාණය කිරීම නිසා රු 14.40 දක්වා වෙනස් වුණි. අද වන විට එය රු. 173/00 දක්වා පහත වැටී ඇත.

    එලෙස මුදලේ අගය අවප‍්‍රමාණය කිරීමෙන් පසු, අද මෙන්ම එදාත්, ආණ්ඩුවේ වගකිව යුත්තන් ජනතාව මුලා කළේ බොරු තර්ක ඉදිරිපත් කරමිනි. ඔවුන් එදා කියා සිටියේ පෙරදී මෙන්ම, කඩයකට ගොස් රුපියලක් දී මාරු කාසි ඉල්ලා සිටින ඕනෑම අයෙකුට ශත සියයක් ලබාගත හැකි බවය. විනිමය අනුපාතයන්ට සාපේක්‍ෂව ඒ ගැන කරුණු කීමට ඔවුන් ඉදිරිපත් වූයේ නැත. අපේ බොහෝ වෘත්තීය සමිති නායකයන්ටද ඒ ගැන එතරම් දැනුමක් තිබුණු බවක් රටට පෙනෙන්ට තිබුණේ නැත.

    මුදල් වූ කලී පහසුම විනිමය මාධ්‍යයක් බව දන්නෝ දනිති. එහෙත් හැම වර්ගයකම මුදල් සඳහා අන්තර් ජාතික වෙළෙඳපොළේ එක හා සමාන ඉල්ලූමක් නොමැත. ඇමෙරිකාවේ ඩොලර්, එක්සත් රාජධානියේ ස්ටර්ලිං, ජපානයේ යෙන්, ජර්මනියේ ඩොයිෂ් මාර්ක් වැනි මුදල්වලට වැඩි ඉල්ලූමක් පවතින අතර ශ‍්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ රුපියල්වලට එවැනි ඉල්ලූමක් නැත. මේ නිසා අන්තර් ජාතික වෙළෙඳ ගනුදෙනු පියවීම සඳහා කාලීන වශයෙන් පිළිගන්නා විනිමය අනුපාතිකයන්ට අනුව මුදල පරිවර්තනය කිරීමට සිදුවීම නොවැළැක් විය හැක්කකි. රටේ විදේශීය විනිමය තැන්පතුවේ වැදගත්කම සුළුකොට නොතැකිය යුත්තේ එබැවිනි.

    රටේ විදේශ විනිමය සංචිතය නිසි ලෙස කළමනාකරණය කිරීම ආණ්ඩුවේ වගකීම වෙයි. 1977 න් පසු බලයට ආ ආණ්ඩු ඒ වගකීම හරි හැටි ඉටුකර ඇති බවක් අපට නම් නොපෙනේ. ලංකාව බි‍්‍රතාන්‍ය පාලනයෙන් මිදී නිදහස් රාජ්‍යයක් බවට පත්වන අවස්ථාව වන විට ලංකාව ආර්ථික අතින් දෙවැනිව සිටියේ ආසියාවේ ජපානයට පමණි. 1951 වසරේ මාර්තු මාසය වන විට ලංකාව සතු විදේශ වත්කම් ප‍්‍රමාණය රුපියල් මිලියන 1240 ක් පමණ විය. එදා තිබුණ මිල ගණන් අනුව පාන් ගෙඩියක මිල සහ සහල් සේරුවක මිල ශත 25 ක් විය. එදා මිනිසුන් තේ කෝප්පයක් කඩයකින් බිමට වැය කළේ ශත 05 කි. පැට‍්‍රල් ගැලූමක මිල රුපියල් 2.35 ක් විය. එදා එම මිල ගණන්වලට භාණ්ඩ ලබාගැනීමට පාරිභෝගිකයාට හැකි වූයේ ලංකා රුපියලෙහි අගය ඉහළ මට්ටමක තිබුණ නිසාය. මුදලේ අගය මුර්ත සහ නාමික වශයෙන් දෙයාකාරය. මුදලේ සැබෑ අගය දැක්වෙන්නේ මුර්ත අගයෙනි. එය තීරණය වන්නේ ඒවායින් ලබාගත හැකි සේවා සහ භාණ්ඩවල ප‍්‍රමාණය මතයි. 1978 වසරේදී රුපියල් 7.20 ක් වැය කිරීමෙන් ඇමෙරිකන් ඩොලරයක් වටිනා භාණ්ඩයක් මිලදී ගැනීමට පාරිභෝගිකයාට හැකි වූවත්, වර්තමානය වන විට ඇමෙරිකන් ඩොලරයක් වටිනා භාණ්ඩයක් මිලදී ගැනීමට ලංකා රුපියල් 173/00 ක් හුවමාරු කළ යුතුවේ.

    අගයෙන් අඩු කඩදාසි නෝට්ටු අධික ලෙස මුද්‍රණය කොට නැති ආර්ථික සංවර්ධනයක් රටට පෙන්වා රටේ විදෙස් විනිමය තම සුරසැප සඳහා යොදා ගැනීම රුපියලේ අගය මේ අයුරින් පහත වැටීමට හේතුව වී ඇත. විදේශ විනිමය ඉපයීමකින් තොරව හුදු කඩදාසි නෝට්ටු මුද්‍රණයෙන් පමණක් රටක් ගෙන යා නොහැකි බව අපේ පාලකයන් අදටවත් වටහා ගෙන නොමැති කරුණකි. 1978 න් පසු කාලය තුළ බලයට ආ සෑම ආණ්ඩුවක්ම කර ඇත්තේ පාර්ලිමේන්තුවට සහ පළාත් සභා ආයතනවලට තේරී පත්වන මහජන නියෝජිතයන්ගේ පරිහරණය සඳහා රුපියල් බිලියන ටි‍්‍රලියන ගණනක් විදෙස් විනිමය වැය කොට වැඩි මිල සුඛෝපභෝගී වාහන මහා පරිමාණයෙන් ආනයන කිරීමකි. ප‍්‍රාඩෝ, බෙන්ස් වැනි මිල අධික වාහන එසේ ලබා දී ඇත්තේද තීරුබදු රහිතවය. එවැනි දේශපාලන සංස්කෘතියක් මේ රට තුළ 1997 ට පෙර පැවතියේ නැත.

    තීරු බදු රහිතව අධි මිල වාහන ඒ අයුරින් දේශපාලනඥයන් විසින් ලබාගැනීම රාජ්‍ය මුදල් අනියමින් සොරකම් කිරීමේ නවතම උපාය මාර්ගය යැයි කිවහොත් එහි වරදක් නැත. එසේම මැති ඇමැතිවරුන් සිය දරුවන් බිරියන් හා මිතුරන් සමග එක්ව රාජකාරී කටයුතුවල මුවාවෙන් විවිධ රටවලට ගොස් සිදු කරන අනවශ්‍ය වියදම්ද, එසේ ගිය අවස්ථාවලදී එම රටවල ඇති සුපිරි රෝහල්වලට ගොස් ලබා ගන්නා අධි මිල වෛi ප‍්‍රතිකාර සඳහා ගෙවිය යුතු වෛi වියදම් ගාස්තු සඳහා ද ගෙවීම් කරනු ලබන්නේ රටේ විදේශ සංචිතය දියකර හරිමිනි. එතෙර ඇති අපේ තානාපති කාර්යාලවලින් පවත්වනු ලබන අනවශ්‍ය උත්සව සාද සඳහා ද වැය වන්නේ රටේ විදේශ විනිමයයි. අපේ රුපියලේ මුර්ත අගය තීරණය වන්නේ අපට ඇති විදේශ වත්කම් ප‍්‍රමාණය මතය. ජනතාවගේ විදේශ විනිමය සියල්ල කාබාසිනියා කොට සුරසැප විඳින එකම දේශපාලනඥයකුවත් තීරුබදු රහිත වාහන සම්බන්ධව කිසිදු විරුද්ධත්වයක් පළ කරනු අප කිසිදා දැක නැත.

    තීරුබදු රහිතව කෝටි ගණන් වටිනා අධි මිල රථවාහන ලබා ගැනීමට පුරුදුව සිටින මෙම දේශපාලනඥයන් ජනතාවට සහන ලබා දෙන්නේ අගයෙන් තොර බොල් නෝට්ටු මුද්‍රණය කර සිදු කරන වැටුප් වැඩිවීම් මගිනි. රුපියල් දෙදාහෙන්, පන්දාහෙන් සහ දහ දාහෙන් ආදි වශයෙන් මේ රටේ සේවක වැටුප් වැඩිකර ඇතැයි කියමින් ජනතාව රැුවටීම අද මොවුන්ගේ සිරිත වී ඇත.

    පාවෙන රුපියල් ක‍්‍රමය තුළ විවිධ ආණ්ඩු විසින් මෙතෙක් සිදු කොට ඇති කිසිදු පඩි වැඩිවීමකින් ජනතාවට සෙතක් සිදුවී ඇති බව අපට නොපෙනේ. රුපියලේ අගය ඩොලරයට සාපේක්‍ෂව මේ අන්දමින් බාල්දු වී යෑම නිසා රාජ්‍ය සේවක සහ පෞද්ගලික අංශයේ සේවක වැටුප් සහ වේතන, ප‍්‍රමාද වී ලබාගන්නා හි`ග වැටුප්, අර්ථ සාධක අරමුදලට එක්කරන දායක මුදල්, බැංකුවල තැන්පත් කරන ඉතිරි කිරීමේ ගිණුම් යන සියල්ල සුදු කඩදාසි මිටි පමණක් බවට පත්වීම දේශපාලනඥයන්ට ප‍්‍රශ්නයක් නොවුවත් සාමාන්‍ය පොදු ජනතාවට බලවත් ප‍්‍රශ්නයක් වී ඇත.

    ඇමෙරිකානු ඩොලරය ජාත්‍යන්තර මූල්‍ය ගෙවීම් සඳහා යොදා ගත හැකි ප‍්‍රධාන මුල්‍ය ක‍්‍රමය බවට පත් වූයේ 1944 වර්ෂයේ බ්‍රෙටන්වුඞ්ස්හි පැවැති සමුළුවේදී ගත් තීරණයකට අනුවය. ඒ වන විට බටහිර රටවල තිබුණේ මිල තැන්පතුවලින් සියයට හැත්තෑ හතරක් හිමිකරු වී සිටියේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඩොලරයට හිමිව තිබූ මේ විශේෂ තත්ත්වයෙන් අයුතු ප‍්‍රයෝජන ගත් ඇමෙරිකා එක්සත් ජනපද රජය ඉවක් බවක් නැතිව කඩදාසි ඩොලර් නෝට්ටු මුද්‍රණය කොට සිය විදේශ ගෙවීම් සඳහා යොදා ගත්තේය. විශේෂයෙන්ම වියට්නාම් යුද්ධය සඳහා වූ වියදම් පියවීමට ඩොලර් නෝට්ටු යොදා ගත්තේ එවැනි කූට උපායශීලී සැලැස්මකට අනුවය. මේ කඩදාසි ඩොලර් නෝට්ටු ප‍්‍රමාණය ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාරයේ තිබූ රන් ඩොලර් ප‍්‍රමාණයට වඩා අධික විය. මේ තත්ත්වය තේරුම් ගත් බොහෝ රටවල් පසුව කළේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් එම රටවලට ගලා එවූ එම කඩදාසි ඩොලර් නෝට්ටු ආපසු ඇමෙරිකානු එක්සත් ජනපදය වෙත ඉදිරිපත් කොට ඒ වෙනුවට රන් ඩොලර් කාසි ගෙවන්නැයි ඉල්ලා සිටීමය.

    ගෙවීම් කළ යුතු විදේශගත කඩදාසි නෝට්ටු ප‍්‍රමාණය ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාරයේ තිබූ රන් ඩොලර් ප‍්‍රමාණය මෙන් හය ගුණයක් පමණ අධික විය. ඒ ගැටලූවට ඉදිරියේ ඇමෙරිකා එක්සත් ජනපදයට ඉතිරි වූ එකම විසඳුම වූයේ කඩදාසි ඩොලර් නෝට්ටු රන් හුවමාරු කිරීමේ ක‍්‍රමය අත්හිටුවීම පමණි. 1972 අගෝස්තු මාසයේදී එවකට බලයේ සිටි රිචර්ඞ් නික්සන් ජනාධිපතිවරයා විසින් ඒ බව ලොවට ප‍්‍රකාශ කර සිටියේය. ඉන් ලංකාව අප තේරුම් ගත යුත්තේ රුපියල් නෝට්ටු අධික ලෙස මුද්‍රණය කිරීමෙන් පමණක් රටේ ආර්ථික ශක්තිය ගොඩනැගිය නොහැකි බවය. ලංකා රුපියලේ අගය පහත වැටීම සම්බන්ධව පූර්ණ වගකීම භාරගත යුත්තේ 1977 සිට මේ රටේ පාලනය ගෙනගිය ආණ්ඩුවල සියලූ නායකයන්ය.

    මේ සම්බන්ධව එල්ලවන දෝෂාරෝපණවලින් මිදීමට ආණ්ඩුව කර ඇත්තේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන පුද්ගල සාධක මෙයට ඈඳා ගැනීමය. 1977 න් පසු කාලය තුළ බලයට ආණ්ඩු විසින් කි‍්‍රයාත්මක කරන ලද නව ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිපත්ති මේ තත්ත්වයට බල නොපෑවේ යැයි අපට සිතිය නොහැකිය. අධි

    පාරිභෝගික සමාජයක් අප රට තුළ බිහි වූයේ විවෘත ආර්ථිකය පණ ගැන්වීමත් සමගයි. එය වර්තමානය වන විට කාම සුඛල්ලිකානු යෝගයක තත්ත්වයට රට ඇද දමා ඇත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154 (2* වගන්තියෙන් කර ඇත්තේ විගණකාධිපතිවරයා බෙලහීන කොට තැබීමය. එමගින් කර ඇත්තේ රාජ්‍ය මූල්‍ය වංචාවලට රටේ මූලික නීතියෙන්ම දොර විවෘත කර තැබීමකි. ඒ අනුව 1978 වසරේ සිට මේ දක්වා කාලය තුළ බලයට ආ ආණ්ඩු විසින් සිදු කොට ඇති කිසිදු මූල්‍ය වංචාවක් අධිකරණයක් ඉදිරියට ගොස් ඔප්පු කොට දැක්වීම ලෙහෙසියෙන් කළ නොහැක්කකි. එය එසේ වූවත්, ඒ ගැන කථා කරන එකදු දේශපාලනඥයකුවත් මෙතෙක් අප දැක නැත. එම වගන්තියෙන් කෙරෙන්නේ විගණකාධිපතිවරයාගේ කටයුතු පාලනය කිරීමේ අවස්ථාව බලයට එන ආණ්ඩුවල ඇමතිවරුන්ට හිමිකර තිබීමයි.

    රටේ විනිමය අර්බුදයට විසඳුමක් වශයෙන් රටට වාහන ගෙන්වීම තහනම් කර ඇති බව රජය ප‍්‍රකාශ කර සිටී. මැති ඇමැතිවරුන් සඳහා අවශ්‍ය වාහන වුවමනා ප‍්‍රමාණයටත් වඩා රට තුළට ආනයනය කර ඇති බව දන්නෝ දනිති. දැන් ඔවුන්ට අලූතින් වාහන අවශ්‍ය වන්නේ නැත. මෙය ජනතාව මුලා කිරීම සඳහා ගොතා ඇති සියුම් මුසාවකි. මේ කතාවෙන් කියවෙන්නේ අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීම හා සමාන එකකි. රටේ විදේශ විනිමය සියල්ල කාබාසිනියා කිරීමෙන් පසු කුමන හෝ බොරුවකින් ජනතාව රැුවටීම මොවුන්ගේ සිරිත වී ඇත.

    මහා දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සඳහා විශාල වශයෙන් ලබා ගන්නා විදෙස් ණයවලින් විශාල ප‍්‍රතිශතයක් ගලා යන්නේ දේශපාලනඥයන්ගේ සාක්කුවලටය. එම ව්‍යාපෘති සඳහා වැය කරන මුදලේ ප‍්‍රමාණයට සරිලන ප‍්‍රතිලාභ රටට ලැබී ඇති බවක්ද අපට පෙනෙන්ට නැත. එසේ ලබා ගන්නා සියලූ ණය ආපසු ගෙවිය යුත්තේ ජනතාව සතු විදෙස් විනිමය සංචිතයෙනි. රුපියල් කෝටි දොළොස්දාහක වංචාවක් සිදු කළ බැඳුම්කර සිද්ධියට වගකිව යුත්තන්ට පවා දඬුවම් කිරීමක් සිදුවේදැයි යන්න ගැන පවා අපට තවමත් සිතා ගත නොහැක. මේ සියල්ල සම්බන්ධව ආණ්ඩුවට එල්ලවන දෝෂාරෝපණ සම්බන්ධයෙන් ඩොනල්ඞ් ට‍්‍රම්ප් කෙනෙක් හෝ රාජපක්‍ෂ කෙනෙක් පෙන්වා නිදොස් විය නොහැකි බව අපගේ කල්පනාවය.
    [/FONT]
    [FONT=Malithi_Web]සිසිල් අතුකෝරාළ[/FONT]
     
    • Like
    Reactions: vito

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දින 100 න් බැරි උනත් අවුරුදු 4 කිට්ටු වෙද්දි නම් සෑහෙන වෙනසක් කරල තියෙනව යහපාලන ආණ්ඩුව