රුවන්වැල්ල ඒ. සෝභිත

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
රුවන්වැල්ල ඒ. සෝභිත

රැකියාවක්‌ දෙන බවට රවටා රැගෙන ගොස්‌ බුලත්කොහුපිටිය ලිහිනියාගල වත්තේ බංගලාවේදී කාන්තාවකට අතවර කළ රුවන්වැල්ල ප්‍රදේශයේ යන්ත්‍ර - මන්ත්‍ර ගුරුකම් හා ජ්‍යෙdතිෂ කටයුතුවල නිරත වූ ඒ. සෝභිත හෙවත් සුනිල් ශාන්ත නමැත්තාට කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විඡේසුන්දර මහත්මිය විසින් ඊයේ (02 වැනිදා) විසි වසරක සිර දඬුවමක්‌ හා රුපියල් විසිදහසක දඩයක්‌ නියම කරන ලදී.

මෙම කාන්තාව අතවරයට ලක්‌කිරීමට අනුබල දුන් එම කාන්තාවගේ නැන්දා වන එස්‌. බී. අනෝමා නමැත්තියට සහ මාමා වන ඊ. එම්. හේමචන්ද්‍ර නමැත්තාට වසර විස්‌සක සිර දඬුවම් සහ රුපියල් විසිදහස බැගින් වූ දඩුවම් නියමකරමින් සම දඬුවම් ලබාදීමට ද විනිසුරුවරිය නියෝග කළාය.

මීට අමතරව අගතියට පත් කාන්තාවට රුපියල් ලක්‍ෂ දෙක බැගින් වන්දි ගෙවන ලෙස ද විනිසුරුවරිය විසින් විත්තිකරුවන්ට නියෝග කරන ලදී.

විත්තිකරුවන් තිදෙනාම දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් වසර 1 1/2 ක සිර දඬුවමක්‌ද වන්දි මුදල රුපියල් ලක්‍ෂ දෙක බැගින් වූ මුදල නොගෙවන්නේ නම් සිර දඬුවම තවත් වසර දෙකකින් දීර්ඝ කරන බව ද මහාධිකරණ විනිසුරුවරිය වැඩිදුරටත් නියෝග කළාය.

පළමුවැනි විත්තිකරු වූ ඒ. සෝභිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු - විත්තිකරු වයස 50 ඉක්‌මවා ජීවිතයේ සැඳෑ සමය ගෙවන්නෙක්‌ ලෙස සිටින බවත් ඔහු මීට පෙර මෙවැනි වරදකට අසු වී නොමැති බවත් ඉදිරියට පවතින නඩුත් නොමැති බවත් ඔහු යටතේ සේවකයන් 30 ක්‌ පමණ සිටින නිසා යම් විදිහකින් ඔහු දඬුවමකට ලක්‌වීමෙන් ඔහුගෙන් යෑපෙන්නන්ගේ ජීවන වෘත්තීන්ට හා පවුල්වලට බරපතළ පාඩුවක්‌ වන බවත් ඒ නිසා පළමු විත්තිකරුට ලිහිල් දඬුවමක්‌ ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියහ.

දෙවැනි හා තුන්වැනි විත්තිකාර යුවළ දරුවන් සිව්දෙනකුගේ දෙමාපියන් බවත් එම විත්තිකරුවන් වයස්‌ගත බැවින් ඔවුන්ට ද සහනයක්‌ සලසා දෙන ලෙසත් දඬුවම් නියම කිරීමට පෙර ඉල්ලීම් කළහ.

නීතිපතිවරයා වෙනුවෙන් නඩුව මෙහෙය වූ රජයේ අධිනීතිඥ චමින්ද අතුකෝරල මහතා පැවසුවේ විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුව නිසි ලෙස ඔප්පු කර ඇති නිසා අගතියට පත් කාන්තාවට සාධාරණ වන්දියක්‌ ලබාදීමට ද වරදකරුවන්ට උපරිම දඬුවමක්‌ ලබාදීමට ද අධිකරණයේ අවධානය ලබාදෙන ලෙසයි.

2005/7/16 දා හෝ ඊට ආසන්න දිනකදී පැමිණිලිකාරියට රැකියාවක්‌ ලබාදීම සඳහා ඇගේ ඥති නැන්දා සහ මාමා විසින් ඇය රුවන්වැල්ලේ ඒ.සෝභිත වෙද මැදුර නම් ස්‌ථානයේදී පළමු විත්තිකරු මුණගස්‌වා ඇති අතර එහිදී මෙම නඩුවේ පළමුවැනි විත්තිකරු වූ ඒ. සෝභිත නමැත්තා පිරිස ඔහුගේ බුලත්කොහුපිටිය ලිහිනියාගල වත්තට යවා එදින රාත්‍රියේ එහි නතරවීමට සලස්‌වා කාන්තාව අතවරයට පත්කළ බව ද කෑගල්ල මහාධිකරණයේ විමසීමට ගත් නඩුවේදී හෙළි විය.

මෙම නඩුවේ පැමිණිල්ල රජයේ අධිනීතිඥ චමින්ද අතුකෝරල මහතා විසින් මෙහෙය වූ අතර විත්තිය වෙනුවෙන් අධිනීතිඥ නලින් ඉන්ද්‍රතිස්‌ස, සේනක ඉලංගසිංහ, අජිත් සිරිවර්ධන සහ නීතිඥ ආනන්ද කුමාරසිංහ යන මහත්වරු පෙනී සිටියහ.
 

sakithcp

Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    මචන් මේ අර නෙත් බැලුම්ගල එකෙන් හෙලුව ඇරපු අන්කොක්කාවල සුනිල් නැත්නම්, රුවන්වැල්ලේ සෝභිත ද​???