ohe inna kenek vidiyata me wage dewal karala bududahamin balaporottu wena de labenawa kiala hitenawa nam karata kam natha. namuth mewa puhu dewal.
sivuru goda gahaala tiyana room eka yatama hariyata kanna adinna adumak nathi, gihi pavidi piris goda gahila eva atha arala hari vidiyata bawana karanawa. kotinma me dan awoth yogi vidiyata wada sitina piris sabama lesa bududahamin prayojana aragannawa oya group gahila lorry pitin eka eka eva ussan yanawata wada
ova karanna ena minissu 90%k pau porawa gannawa giyama mokada ova karanna ena minissu bageta bagayak mulu anuradapurema wanasala yanne.
hoda dekata obe shakthiya yodawanna haki wewa kiyala prarthana karanawa
බුදු රජාණන්වහන්සේ උදෙසා පිංකම් කරන්න ඔබට සිතෙනේ නැති නම් එය ඔබේ ශ්‍රද්ධාව කෙරෙහි තියෙන ප්‍රශ්නයක්. පින කියන්නෙ අනිත්‍ය දෙයක් නමුත් බුදු රජාණන්වහන්සේ දේශනා කල ධර්ම මාර්ගයෙන් ගමන් කරන්න නං ඔයා සුගතියේ උපදින්න ඕන.
ඒ කියන්නෙ මනුශ්‍ය හෝ දිව්‍ය ආත්මයක් ලබන්න ඕන. ඔයා දැන් මෙහෙම මනුස්සයෙක් වෙලා ඉපදිලා තියෙන්නෙ සිල් රැකල දන් දීල ලබාගත්තා වූ ආනිසංස තුලින්මයි. ඒ පින අනිත්‍යයි. කන්න අදින්න නැති හරියට කෑමක් නැති මිනිස්සු ලෝකෙ ඕන තරම් ඉන්නව ඒක ඇත්ත. ඒක තමා ලෝකය කියන්නෙ.
බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ගලපල එයාලට එහෙම වෙලා තියෙන්නෙ ඇයි කියල බලන්න. එයාලට එහෙම වෙලා තියෙන්නෙ දානයේ දුර්වල භාවයම තමා. සිල් රැකල නමුත් දන් දීල නෑ. සිල් රැක්ක නිසා මිනිස් ආතම භාවයක් ලබන්න පුළුවන් වෙලා. නමුත් දන් දීල නෑ. මසුරු වෙලා ලෝබ කම් කරල ජීවත් වෙලා මැරිල ගියහම සුගතියේ ඉපදුනත් එයාලට ලැබෙන්නෙ නෑ. ඒක හේතුඵල දහම.
බුදුරජාණන්වහන්සේ ධර්මය ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය. ඔබට මේකේ දෙපැත්තකට යන්න පුළුවන්. සියලු දේ අතහැර ලෝකෝත්තර ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේ යන්න පුළුවන්. එහෙම නැත්තං ලෞකික ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේ යන්න පුළුවන්. ඉතින් ගිහියෙක් විදිහට අපි තාම ඉන්නෙ මේ ලෞකික ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය තියෙන තැන.
ඉතින් මේ තැන ඉදගෙන අපිට ධර්මය අවබෝධ කරගන්න නං අනිත්‍ය වූ මේ පිං කරන්න වෙනව. බෞද්ධයෙක් විදිහට ආර්‍ය මහා සංඝරත්නය උදෙසා දන් පිං කම් කරන්න පුළුවන්. බුදුරජාණන්වහන්සේ උදේ ආමිස පූජාවන් කරන්න පුළුවන්. මෙයින් ලැබෙන පින පුහු දෙයක් කියල කවුරුහරි හිතනව නං ඔහු බුදුරජාණන්වහන්සේ දේශනා කළ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේ පලමු සම්මා දිට්ඨිය තාම හරියට මොක්ද්ද කියල අදුරගෙන නෑ.
කන්න බොන්න නැති මිනිස්සු කිසිම දෙයක් නැති මිනිස්සු ඉන්නව. ඒක තමා ලෝකය ලෝකය යන්නෙ පව දෙසට අපිට ඒක වෙනස් කරන්න බෑ. තමං ගැලවිලා යනව මිසක්. එහෙම මිනිස්සු දැක්කහම අපිට පුළුවන් එයාලටත් දන් දීල ආනිසංස රැස් කරගන්න.