රුවන්වැලි සෑ මැළුවේ පාදමේ

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,916
    3,254
    113
    රුවන්වැලි සෑ මැළුවේ පාදමේ හතරකොණ පිහිටා තිබෙන ඇත් දළ සතරෙහි ඔබ නොඇසූ කතාව.

    රුවන්වැලි සෑය බෞද්ධාගම තුළ විශේශයෙන් කැපී පෙනෙන ස්තූපයක්.විශේශයෙන් මෙරට බොදුනුවන්ගේ වන්දනාමානයට පාත්‍ර වන අති උතුම් පූජා භූමියක්.
    අපිට ඒක එහෙම උනාට එය සැබැවින්ම එදා සිටි දේශීය ඉන්ජිනේරුවන්ගෙ අති සාර්ථක නිමැවුමක්,මෙය සෑදීම ආරම්භකිරීමේ හිද අවසානය දක්වා දේශීය සාහිත්‍ය අපිට බොහෝ කතාන්දර ගෙනහැරපෑවත් එදා සිටි ඉදිකිරීම් ශිල්පීන්ගේ හැකියාව ගැන සාහිත්‍යේ ඉඩක් වෙන් නොවීම තරමක පුදුම සහගත කරුණක්.

    රුවන්වැලිසෑය කියන එක මදක් අමතක කොට ඔබ මෙය අර්ධ ගෝලාකාර ඝනවස්තුවක් සේ සලකන්න...
    මෙයට නිශ්චිත ස්කන්ධයක් තිබෙනවා,එයට සාපේක්ශ බරක් කේන්ද්‍රයේ සිට පහලට ජ්‍රියාත්මක වනවා(ගුරුත්වය g=9.8ms-1)මේ අනුව එය නිශ්චලව පොලවෙහි ස්තාපනය කර තැබූවද එයට විය හැකි උපද්‍රව තිබෙන බව ඔබට සිතිය හැකියි.
    ඔවු එදා ඉදිකිරීම ශිල්පියාත් මෙය දැනගෙන හිටියා.අප ජීවත් වන්නේ ප්‍ර්ථුවි ගෝලයේ ඉන්දියානු තැටිය තුලයි(ශ්‍රී ලන්කාව) එය මායිම් වන්නෙ ඕස්ට්‍රේලියානු තැටියට හා බුරුම තැටියටයි (භූ තැටි ගැන ඔබ දන්නේයැයි සිතමි) මෙම තැටි මායිම් අතර නිතර භූකම්පන ඇතිවන බව ඔවුන් පවා දැන සිටියා.
    මෙම භූකම්පන තුළින් සෑයට යම් හානියක් වේදැයි නිසැකවම දැන ගැනීමට ඔවුන්ට අවශ්‍ය උනා.අන්න එම හේතුව නිසායි මෙම ඇත්දළ යොදාගත්තෙ.මේවා තරමක් දිග ඇත්දළ(මේ සදහා වෙන යම් දෙයක් ,ලී වැන්නක් යොදාගත හැකිව තිබුණත් සෑයට කරන ගෞරවයක් වශයෙන් ඔවුන් එයට ඇත්දළ යොදාගත්තා)
    මේවා සෑයේ පාදම දක්වා දිවෙනවා.සෑයට යම් හානියක් වන්නේ පාදමට හානි වූවහොත් පමණයි.මේ හේතු නිසා පාදමේ සිට දිවෙන ඇත්දළ සතරක් සෑයේ සතර කොන ස්තාපනය කරා.විවිද කාල වලදී මෙම ඇත්දල ඉහලට පහලට මතුවීම සිදුවනවා.
    දැඩි හිරුරශ්මිය සහ සෑය අවට මානව ක්‍රියාකාරකම් නිසා තරමක් මෙය දැන් අඩපණව පැවතියත්. එවක සෑයේ ආරක්ශාව ගැන සොයා බැලීමට මෙය වටිනා දර්ශකයක්ව තිබුණා.

    මේ සම්බන්දව විවිධ මිනිසුන් විවිධ මත පල කලත් මේ වනවිට පිළිගත හැකි මතය වන්නෙ මෙයයැයි හැගේ.
    FB_IMG_1615349852447.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    මේක තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද ?
    ඇත්දළ හතරෙන් පාඩමට හානියක් උනා කියල නිරීක්ෂණය කරන්නේ කොහොමද ?
    මම නම් අහල තියෙන විදිහට ඕක මැනුම් කටයුතු සදහා පුරාවිද්‍යා එකෙන් පසුකාලීනව කරපු සලකුණක් කියල
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,765
    113
    අම්බකිස්ස
    මේක තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද ?
    ඇත්දළ හතරෙන් පාඩමට හානියක් උනා කියල නිරීක්ෂණය කරන්නේ කොහොමද ?
    මම නම් අහල තියෙන විදිහට ඕක මැනුම් කටයුතු සදහා පුරාවිද්‍යා එකෙන් පසුකාලීනව කරපු සලකුණක් කියල
    මේක නන් දන්නේ නෑ.හැබැයි ලොකු පතල් වල ලෝහ වගේ දේවල් ගන්න ඒවගේ එයාලා කන්නාඩි සවි කරනවා.ඒකෙන් ගිලා බැහීමක් වුනොත් කන්නඩිය වැටිලා හරි බිදිලා හරි යනවා.එතකොට දැන ගන්න පුලුවන් ඒ පැත්තෙන් ගිලා බහින්න පටම් අරන් කියලා. 33 ෆිල්ම් එක බලන්න
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    දැන් ඉතින් අපේ එවුන් ඔය ඇත්දලේ කෑලි ගලවයි ශුවර්.. 😐 😐 😐
     
    • Sad
    Reactions: animation

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    දැන් ඉතින් අපේ එවුන් ඔය ඇත්දලේ කෑලි ගලවයි ශුවර්.. 😐 😐 😐
    ඕකට වදින මිනිස්සුත් මම දැකල තියෙනවා
    ඔක් මම දන්න තරමට රුවන්වැලි සැය ප්‍රතිසංස්කරණය කරනකොට ලෙවල් එක බලන්න තියපු එකක්
    මේ වගේ මෝඩ පොස්ට්
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මෝඩ පොස්ට් නොදා ඉදපන් බං. ඕක මේ වර්ථමාන මිනින්දෝරුවෝ තියපු සලකුණක්. උබලා වගේ නුගත් හරක් පව්.
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ලෙවල් බලන්න සෙට් කරපු ප්ලාස්ටික් බෝලෙකට ගිය කලක් යකෝ. මෝඩ යකෙක් ඕයි..! :lol::lol::lol::lol:
    අර ලගින්ම තියෙන්නෙ ඒ කාලේ විදුලිය ගෙනිච්ච කේබල් එකක්. සාදූ ඕ‍යි
     
    • Haha
    Reactions: PHBhagya

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    bohoma wadagat. aurudu 30k vitara oka gena hithe tibba meuwa eka ada tama clear une. podima kale uncle kenek oka pennala oya dutugemunu rajage ath dala kialai kiuwe. eda indala naki wenakam ma mama ruwanwei seyata giyot oka tianawada kiala balanawa.

    onima kenek ta eka tiana vidiya podak uwamanawen baluwot deliberately eka protect wena vidiyata wate hadala tienne kiala terenawa . level eka gattat aurudu ganak athulata podi podi wenas kam wela tianawa kiala nam mata kianna puluwan. eka wela tienne oya kiana de nisada nattan allala gevilada kiala nam sure karanna ba

    samahara oka gena danna minissu oka kiss karala wadinawa dakala tianawa. tava godak denek oka allala yanna purudu wela tianawa. oke eka daleka nam dan chutak chip wela kadila tienne mokak hari wadila. but anik eka tama tianawa. oke scientific pattak tianawa kiala hamuduruwo nam kiala tianawa. but egollot hariyatama visthara danne ne. podi podi janaprawada tamai tienne.
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේක තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද ?
    ඇත්දළ හතරෙන් පාඩමට හානියක් උනා කියල නිරීක්ෂණය කරන්නේ කොහොමද ?
    මම නම් අහල තියෙන විදිහට ඕක මැනුම් කටයුතු සදහා පුරාවිද්‍යා එකෙන් පසුකාලීනව කරපු සලකුණක් කියල
    මචන් the 33 movie එක බලලා තියෙනවා ද? ඒකේ පතල බිතිති එහේ මෙහේ යනවා ද බලන්න බිත්ති එක ට ළඟින් යන තැන් වල වීදුරු අලවල වගේ තියලා තියෙනවා හිතහංකෝ බිත්ති දෙකක් දෙපැත්තටම හරි එකෙට හරි ලං හරි ඇත් උන කියලා.එතකොට මේ වීදුරුව කඩල යනවා.එකෙන් තමා පතල කඩාගෙන බහිනවද කියලා අදුන ගන්නේ.( Movie එක තමා අර 33 දෙනෙක් පතල යට හිර වෙලා බේරගත්තා සීන් එක,නසා එකෙන් කැප්සුවෙල් එකක් හදලා)
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මේ තියෙන්නේ රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණය කරන්න ඉස්සෙල්ලා තිබුන හැටි.


    1616296209935.png
     
    • Like
    Reactions: djprabhath