රුසියාව ලුසින්කි පාපන්දු පිටිය දෙවනත් කර
2018 පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ මංගල තරඟය ඊයේ(14) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.30ට ඇරඹුනා. එහිදී තරඟවැදි සත්කාර රුසියානු කණ්ඩායම අතින් සෞදි අරාබි කණ්ඩායම 5-0 ලෙස දරුණු පරාජයකට පත්වුණා.
රුසියාවේ මොස්කව් නුවර ලුසින්කි පාපන්දු පිටියේ පැවති මෙම තරඟයට පෙර රුසියාව තියුණු තරඟයකින් පසු මෙම තරඟය ජයගනු ඇතැයි විශ්ලේෂකයන් අනුමාන කරා. නමුත් ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේදී තරඟයේ 12 වැනි මිනිත්තුවේදීම රුසියාව වෙනුවෙන් ලූරි ගසන්ස්කි පළමු ගෝලය වාර්තා කළා.
සෞදි කණ්ඩායම අවස්ථා ගණනකදීම රුසියානු දැල් සීමාව ආක්‍රමණය කලත් තරඟයේ පළමු අර්ධය අවසන් වනවිටත් 2-0ක් ලෙස රුසියානු කණ්ඩායම ඉදිරියෙන් සිටියා. දෙවන අර්ධයේ මුල් කොටසේ ඉතා තියුණු ලෙස තරඟය පැවැත්වුණු අතර මිනිත්තු 26ක් ගතවන තෙක් කිසිඳු කණ්ඩායමක් ගෝල රැස්කිරීමට අසමත්විය.
එහෙත් ආර්ටෙම් ස්වූභා විසින් පැති නිදහස් පහරකට හිස යොමු කිරීම හරහා ලබාගත් ගෝලය සමග රුසියාව තරඟයේ ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම තමන් අතට ගැනීමට සමත්විය. තරඟයේ අවසන් මිනිත්තු 5 තුලදී රුසියාව තවත් ගෝල දෙකක් ලබාගත්තේ සෞදි අරාබි කණ්ඩායම තරඟය දියාරු ආකාරයෙන් පවත්වාගෙන යනු ලැබූ වාතාවරණයකදීය.
රුසියාව ලබාගත් විශිෂ්ට ජය සියසින් දැකගැනීමට රුසියානු ජනපති ව්ලැදමීර් පුටින් ද පැමිණ සිටියා. සිය ගණනක් රුසියානු නිරූපිකාවන් මෙම තරඟයට විශේෂ අවධානයක් එක්කලා. තරඟයේ වීරයා ලෙස නම් කෙරුනේ ගෝල දෙකක් හිමිකරගත් රුසියානු කණ්ඩායමේ ඩෙනිස් චෙරිෂූ ය. පන්දුව තමන් සන්තකයේ තබාගැනීම සහ යොමු කිරීම අතින් සෞදි අරාබිය ඉදිරියෙන් සිටියද අවස්ථානුකූල වාසි ලබාගැනීමේදී රුසියාව වඩාත් රුසියන් වීම හේතුවෙන් මෙම තරඟය විශිෂ්ට ලෙස ජයගැනීමට ඔවුන්ට හැකිවිය.
තරඟාවලියේ දෙවනි දිනය වන අද(15) තරඟ තුනක් පැවැත්වෙන අතර ඊජිප්තුව සහ උරුගුවේ රාජ්‍ය අතර තරඟය ලංකා වේලාවෙන් සවස 5.30 ට, මොරොක්කෝ සහ ඉරාන කණ්ඩායම අතර තරඟය රාත්‍රී 8.30 ට සහ වැඩිම ප්‍රේක්ෂක පිරිසකගේ අවධානය දිනාගත් ප්‍රබල කණ්ඩායම් දෙකක් වන පෘතුගාලය සහ ස්පාඤ්ඤය අතර තරඟය රාත්‍රී 9.30ටත් පැවැත්වෙනු ඇත.
උපුටා ගැනීම- www.her.lk