රු මිලියනයකට වඩා චුට්ටක් වැඩි මිළකට වාහනය අයිතිකරුගේ නම ගහපු අංක තහඩුවක් ළඟදීම..🤩👍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,516
    47,688
    113
    image_0dd5f0c3c6.jpg


    (සුජිත් හේවාජුලිගේ)

    වාහනයේ අංක තහඩුවේ ඉංග්‍රීසි අකුරු වෙනුවට තමන්ගේ නම සඳහන් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යයි.

    එම වැඩපිළිවෙල සකස් කරගෙන යන බව දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට පසුගියදා දැනුම් දුන්නාය.

    ලෝකයේ බොහෝ රටවල එවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරෙන බව මුදල් කමිටුවේදී ප්‍රකාශ විය.

    මේ අතර අංක ලක්ෂයක් ඉදිරියෙන් වූ අංක ලබාදීමෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 118ක පමණ ආදායමක් උපයාගෙන ඇති බව එහි නිලධාරීහු මුදල් කාරක සභාවට දැනුම් දුන්හ.

    එලෙස අංකයක් ලබාදීමට රුපියල් ලක්ෂ දහයක මුදලක් අය කරන බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

    කෙසේ වෙතත් වසර තුනක පමණ කාලයක් එම මුදල අයකර ඇත්තේ ගැසට් නිවේදනයකින් තොරව බව වාර්තාවේ. එසේ හෙයින් විශේෂිත අංක ලබාදීම සඳහා මුදල් අය කිරීමේ වැඩපිළිවෙළට මුදල් කාරක සභාව අනුමැතිය දුන්නේය.

    https://www.lankadeepa.lk/news/අයතකරග-නම-ගහප-අක-තහඩවක-ළඟදම/101-691378

     
    • Haha
    Reactions: Inigo Montoya

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    කස්ටම් ප්ලේට් නැතුව නම දෙන එක හරියන්නේ නැහැ.