රෙජීමය

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    රෙජීමයvsකලාකරුවෝ



    "රාජපක්‍ෂ රෙජීමයට ආවඩන කලාකරුවන්ට
    මේ අසාධාරණය පේන්නේ නැද්ද?"

    * සමනලී ෆොන්සේකා අහයි

    - දෙවෙනි නිදහස් අරගලයට උපුල් ශාන්තගෙන් ළමුන් ලක්‍ෂ 12 කට ඇරයුමක්

    - පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරු ලැබෙන්නේ මැරකම් කරන පුද්ගලයන්ට


    පසුගිය දා දහවල් කුරුනෑගල දිස්ත‍්‍රික්කයේ කුඹුක්ගැටේ ප‍්‍රදේශයේදී පැවැත් වූ සංගීත හමුව හා වත්මන් පාලනයේ අසාධාරණය සහ අකටයුතුකම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට. සහභාගී වූ අලූත් පරපුරේ කලාකරුවන් පිරිසකට එල්ලවූ මැර ප‍්‍රහාරය පිළිබඳ අදහස් දැක්වීමේ මාධ්‍ය හමුවක් අද (30* සෝලිස් හෝටලයේදී පැවැත්වුණි. මේ සඳහා කලා ක්‍ෂේත‍්‍රයේ නියෝජනය කරන පිරිසක් සහභාගී විය. එහිදී පලවු අදහස් කිහිපයක් පහත දැක්වේ.
    ප‍්‍රවීණ ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකර : මම ඒ වැඩසටහනට සහභාගී වුනේ දියණියගේ අරාධනාවත් එක්ක. කුඹුක්ගැටේ ප‍්‍රදේශයේ ජංගම වේදිකාවක් තුළ තමයි එය සිදුවුනේ. එහි පළමු ගීතය මා විසින් ගායනා කළා. නිල් බලකායේ පිරිසක් එම වේදිකාව හරහා ගමන් කරමින් කෝලහාල ඇතිකළා. වත්මන් ජනාධිපති ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරනවා කියල නිතරම ප‍්‍රකාශ කරනවා. එහෙත් එහෙම දෙයක් සිදුවුනේ නැහැ. ඔවුන් ගල්මුල් ප‍්‍රහාර පවා එල්ලකලා, නිල් බලකායේ පිරිස සුදානමින් පැමිණි බව හොඳින්ම දැකගත හැකි වුනා. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා මට පා පහරක් එල්ල කළා. අපි අපේ අදහස් ප‍්‍රකාශ කරන්න ගියේ. අද අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියත් අහිමි වෙලා.
    රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා : කලාකරුව කියන්නේ ගෝත‍්‍රික භාවයෙන් මිදෙමින් පරිකල්පනය පුළුල් කරන කෙනෙක්. පවතින සීමාවෙන් එහා ලෝකයක් දකින කෙනෙක්. හැමදෙනාම කැමති එවැනි කලාවක් දකින්න. අද අමන දේශපලනය නිසා මිනිසුන් වියරු වෙලා. බලතන්හාවෙන් වියරු වුනු රාජපක්ෂ රෙජිමයට ආවඩන කලාකරුවන්ගෙන් අහන්න කැමතියි මේ අසාධාරණය ඔවුන්ට පෙන්නේ නැද්ද කියල.
    ලේඛක මොහාන් රාජ් මඩවල : නාමල් රාජපක්ෂගේ නිල් බලකායට අයත් පිරිසක් එහි ටි ෂර්ට් ද ඇඳගෙන පැමිණ කාන්තාවකට නොකිය යුතු අකාරයේ නින්ධිත පරුෂ වචන ප‍්‍රකාශ කළා. ඊට පස්සේ ලක්‍ෂ්මන් විජේසේකර පියාට අතින් පයින් පහර දුන්නා. මෙය හුදු දේශපාලනික වැඩසටහනක් නෙමෙයි. පවතින සමාජ ක‍්‍රමයේ ප‍්‍රශ්නය ජනතාවට කියන්න හදපු උත්සහායක් අද දේශපාලනය විසින් මැරකම් කරනන්ට රැුකවරණය දෙනවා. මෙයට මූලිකත්වය ගත්තේ පළාත්සභා මන්ත‍්‍රී දොන් කමල් ඉන්දික. අද පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරු ලැබෙන්නේ මැරකම් කරන පුද්ගලයින්ට. අද මිනිස්සුන්ට පහර දෙන්නේ අනන්‍යතාවයත් හෙළි කරමින්. මේ තරමට මේ පාලන ක‍්‍රමයේදී පරාජයෙන් වියරු වැටිලා.
    ගායක ඉන්ද්‍රචාප ලියනගේ : මෙම අරගලය 8 වෙනිදට පමණක් සීමා වෙන්නේ නැහැ. ඉන්පසු සංවිධානයක් ලෙස මේ අරගලය ආරම්භ කරනවා. මේ අවස්ථාව එක අවස්ථාවක් පමණයි. ඉන්පසු සමාජයේ යහපත සඳහා වෙනත් මගකට යොමු කිරීමට අපි සුදානම්.
    උපුල් ශාන්ත සන්නස්ගල : ජනාධිපතිවරණයට ඉන්දියානු නළුවන් ගෙන්වා ඔවුන්ට සැප පහසුකම් ලබා දී වැඳ නමස්කාර කර පිලිගන්නවා. ලංකාවේ තරුණ කලාකරුවන්ට පහර දෙනවා. ප‍්‍රවීණ ගායන ශිල්පී ලක්ෂමන් විජේසේකර එම අවස්ථාවේදී දුවට කතා කරනවා, ඒ දරු කැක්කුම ඇති වුන අවස්ථාව, ඒ ආඩම්බරකාර තාත්තා පියාට පහර දෙන විට දුව කෑ ගහනව මේ සිදුවීම දකින කිසිම දෙමව්පියෙකුට නිහඬව සිටිය නොහැකියි. සරත්චන්ද්‍ර මහතාට, රූකාන්ත ගුණතිලකට ආණ්ඩුව විසින් පහර දුන්නා. අනෝජා වීරසිංහ ගේ නිවාස පවා ගිනි තිබ්බා. අපි එදා වගේම ජනවාරි 8 වෙනිදායින් පසුත් එවැනි දේ වලට විරුද්ධයි. මේක දෙවැනි නිදහස් අරගලයයි. මගෙන් ඉගෙනගත් ලක්‍ෂ 12 ක් පමණ ශිෂ්‍යයින්ට ආරාධනා කරනවා මේ සමග එකතුවෙන්න කියලා.
    රංගන ශිල්පී බිමල් ජයකොඩි : වර්ථමාන ආණ්ඩුව විසින් නිදහස් අදහසක් දරන්නට ඇති මිනිසුන්ගේ අයිතිය උදුරගන ව්‍යාජ පියෙක් ලෙස පෙනී සිටිනවා. මේ අවස්ථාවේදී හැම කලා ශිපියෙකුටම ඊට විරුද්ධව එක්වන ලෙස ප‍්‍රකාශ කරනවා.


    10869771_10152901624301327_4246236213036039548_o.jpg


    1799936_10152901626251327_6644490629138312561_o.jpg
     
    Last edited:
    • Like
    Reactions: KingCM

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ‘අද ඛේදනීය දවසක්. නිර්මාණ ශීලී ක්‍රියාවන්ට තියන ඉඩ කඩ සීමිත වෙමින් තිබෙනවා. අපි හමදාම ඛේදවාචකය දකිමින් ඉන්නවා. අපිට හැකි පමණින් අපගේ මැදිහත්වීම පුරවැසියන් විදියට දායක වෙන්න දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා. - සෞම්‍ය ලියනගේ
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේ ආණ්ඩුවෙන් හම්බකරුපු සල්ලුවලින් සමහර කලාකරුවන් මේ ආණ්ඩුවේ දේශපාලනය කරනවා.අපි කලාකරුවන් ලෙස අනාගත පරපුරට මොනයම් හෝ දෙයක් ඉතිරි කර යා යුතුයි. බිහිසුණු අනාගතයද, කෘරත්වය ද, ඊට උඩගෙඩිදීමක් ද ඉතිරිකර යා යුත්තේ? වන්දිභට්ට කලාවක් අපි ඉතිරි කර යනවද?‘
    - පරාක්‍රම නිරිඇල්ල
     

    Similar threads