
"බස්සෙකේ ඉන්න නෝනලා මහත්තේලා අපි ගැන අහිතක් හිතන්න එපා.....අපිත් ඔය ගොල්ල වගේම හොඳට කාලා ඇඳලා හිටපු අය තමයි.....
ඒත් 2018 ජනවාරි පළවෙනිදා ඩේටා අන්ලිමිටඩ් දෙනවය කියල කියපු Internet Service Provider එදාම හවස එකපාරට කිව්වා පාවිච්චි කරපු ඩේටා පැකේජ් එකෙන් කැපිලා, වැඩිපුර ඩේටා බිලට වැටෙනවා කියලා......
ඒ වෙනකොට අපේ අයියා චිත්‍රපටි, ටී.වී සීරීස් සහ ගේම්ස් දෙසීයක් විතර බාගෙන ඉවරයි.....බිළ දැකලා තාත්තට අංශ භාගෙ හැදුනා.....අපේ ගෙවල් දොරවල්, යාන වාහන සේරම බිළ ගෙවන්න විකුණලත් මදි තැන අයියව රිමාන්ඩ් කළා......අයියව බේරගන්න තව ලක්ෂ හතක් මදි.....තාත්තගේ අසනීපෙට බෙහෙත් කරන්න හුගක් සල්ලි යනවා.....බිළ ගෙවන්න සල්ලි හොයන්න අම්මා කුවේට් වල රස්සාවකට ගියා.....අද වෙනතුරු කිසිම ආරංචියක් නෑ......මම මේ මගෙ නංගිවත් වඩාගෙන බස් එකක්, බස් එකක් ගානෙ පින් කරන ඔබතුමන්ලාගේ දෙපාමුළට එන්නෙ විරිදුවක් හරි කවියක් හරි කියලා කීයක් හරි ඉල්ලගෙන මගේ තාත්තවයි, අයියවයි බේරගන්න..."
"නෝනාවරුනි මහතුනි මට වෙන්න සමා......කියනව මගේ දුක ඔහෙලට සිරස නමා...."
.



