රේගුවෙන් තවත් වැටලීමක්
කොළඹ භණ්ඩ නිෂ්කාසන ආයතනයක් හරහා එවන ලද පාර්සලයක තිබී කොකේන් ග්‍රෑම් 511ක් හා මරිජුවානා කිලෝ 5යි ග්‍රෑම් 161ක් රේගු භාරයට ගෙන තිබේ.
ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබුණි.
එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් 66,940,000ක් බව රේගු මධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
අමෙරිකාවේ සිට ගුවන් මගින් මෙම පාර්සලය ලැබී තිබුණේ කොළඹ පිහිටි ආයතනයක් වෙතය.
ගම්පහ ප්‍රදේශයේ කාන්තාවකගේ නමට පැමිණි එම භාණ්ඩ තොගය ඇයගේ ලිඛිත අවසරය මත භාරගැනීමට පැමිණි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක් රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා රේගුවට කරන ලද ප්‍රකාශයකට අනුව අදාළ භාණ්ඩ ලැබුණු ආයතනයට අනියුක්තව සේවය කරන සහකාර රේගු අධිකාරීවරයෙකු ද විමර්ශනය සඳහා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
භාණ්ඩ හා සැකකරුවන් වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමට නියමිතය.
issara idan mehema kochchara genawada, check karanne nathuwa release karanawa UPB walin