රොකට්~තාක්ෂනය
Operation Paperclipලෙස හැදින්වූ නාසි ජර්මනියේ රොකට් ව්‍යාපෘතිය හා සම්බන්ධ විද්‍යාඥයින් පිරිස මෙන්ම අත්පත් කරගන්නා මේ හා සම්බන්ධ නිශ්චල දේපල වන රොකට් එන්ජින්, එහි බද කොටස් මෙන්ම එයට අදාල වන කොටස් පුරවන ලද rail cars 300 ක් නිව් මැක්සිකෝවේ දුම්රිය අංගනයක් වෙත ගෙන යනු ලබනවා.
ඉන්පසු මෙම අමතර කොටස් මෙන්ම රැගෙන ආ විද්‍යාඥයන්ගේ සහයෙන් ඇමරිකාව අභ්‍යවකාශය ජය ගැනීමේ මුල් පියවර වන රොකට් යානා නිපදවීම ආරම්භකරන අතර එම ව්‍යාපෘතියේ නිපදවන රොකට් අතරින් 68% ක් සාර්ථකත්වයට පත්වූ බවද පවසනවා.
US test launch of a Bumper V-2
අභ්‍යවකාශයේදී ගන්නා ලද ප්‍රථම ඡායාරූපය ලෙස
සැලකෙන්නේ මෙයයි
The first photo from space was taken from
a V-2 launched by US scientists on October 24, 1946.
ඇමරිකාවේ ප්‍රතිවාදියා වන සෝවියට් දේශය තම වෑයමින් රොකට් තාක්ෂනයට අත්පොත් තැබූ බව ඔබ සිතනවාද? නැත.
ඔවුන්ද ජර්මනියේ රොකට් නිපදවීමේ කාර්යයේ නියැළුන කාර්යමණ්ඩලයේ සැලකිය යුතු පිරිසක් මෙන්ම V2 Rockets සෑහෙන සංඛ්‍යාවක්ද අත්පත් කරගෙන තම රටට ගෙන ගොස් රොකට් නිපදවීමේ ව්‍යාපෘතියක් 1946 දී ආරම්භකරනු ලබනවා.
එතැන් සිට ඇරඹෙන්නේ මෙම ලෝක බලවතුන් දෙපලගේ අභ්‍යවකාශ තරගය නොහොත් Space Race ජවනිකාවයි.
කරුණු මෙසේ සිදුවන අතර තව කරුණක් කිව යුතුය.
යම් හෙයකින් ජර්මනිය මුල්ම V2 rocket ප්‍රහාර එල්ල කරන ලද කාලවකවානුවට මාස 6 කට පෙර එම ප්‍රහාර දියත් කලේ නම් මහා බ්‍රිතාන්‍යයට යටත්වීම හැර වෙන කිසිවක් සිදුකිරීමට නොවන බව ඇතැමි ඉතිහාසඥයන් පවසන බවයි.
දැන් ඔබට අමතර කරුණක් මතක් කර දිය යුතුව ඇත.
ඔබට යම් හෙයකින් සිතුනාද මේ අපි කතා කරේ V2 rocket පිළිබදව V1 rocket යයි හැදින්වෙන රොකට් වර්ගයක් තිබුනාද කියන ගැවළුව.ඔව් එවැනි රොකට් විශේෂයක්ද 1942 දී මුලින්ම ගුවන් ගත කර ඇති අතර එය අප දන්නා රොකට්ටුවකට වඩා ගුවන් යානයක හැඩය ගන්නා ලද්දකි.
මෙයද ජර්මනිය විසින් ප්‍රංශයේ සිට දකුණු එංගලන්තය වෙත ප්‍රහාර දියත් කිරීමට යොදගන්නා ලද අතර මෙයද නියමුවෙක් රහිත වුවක් වුවද පාලනයෙන් තොරව ඉලක්කය කරා ගත් පියාඹන බෝම්බයක් විය.
එනම් මෙය යම් ඉලක්කයක් දෙසට එල්ල කරනු ලබන අතර විභ්‍රමණ මාලිමාවකින් (gyrocompasses) මෙහි මට්ටම පවත්වාගන්නා අතර ඉන්ධන නිමවන තාක්කල් ගමන්කරනු ලැබූවකි.
කෙසේවෙතත් මෙය V2 rocket වලට වඩා කාර්යක්ෂමතාවයෙන් මෙන්ම විශ්වාසනීයත්වයෙන් අඩු අවියක් ලෙස සලකන ලදි.
http://sathsamudura.blogspot.com
අදනම් බොහෝදෙනෙක්ට හිතෙන්නේ රොකට් සොයාගන්න ඇත්තේ ඇමරිකානුවන්, ඔවුන්ට පස්සේ සෝවියට් දේශය වන්නට ඇතැයි කියායි.
ඒත් ඇත්ත තත්වය නම් රොකට් තාක්ෂනය මුලින් සොයාගත්තේ ජර්මානුවන්.
ඔවුන් පූර්ව දෙවන ලෝක යුද සමයේදී පටන් කරගෙන ආ අත්හදාබැලීම් අනුව දෙවන ලෝක යුද්දයේදී මුල්වරට 1942 ජූනි 13 වෙනිදා තමයි මුල් වරට ගුවන් ගත කරල තියෙන්නේ.
මෙම නිර්මාණයේ ප්‍රධාන විද්‍යාඥයා තමයි ජර්මන් ජාතික Wernher von Braun.
ඒ අනුව ඔහු තමයි රොකට් තාක්ෂනයේ පියාලෙස සලකන්නේ. ඉතින් මේ කියන රොකට් හදුන්වලා තියෙන්නේ The V-2 Rocket නමින්.
ඒවගේම පැවසිය යුතුයි මෙම ව්‍යාපෘතිය භාරව සිටි ප්‍රධානියා තමයි Major-General Dr Walter Robert Dornberger.
මේවා ඒ කාලයේ පියාඹන බෝම්බ ලෙසත් නම් කරල තියෙනවා.
ඒවගේම මේවායෙන් වැඩියෙන්ම බැටකාල තියෙන්නේ මහා බ්‍රිතාන්‍යයයි.
ඒ ලන්ඩන් හා පසුව Antwerp කියන නගර තමයි වැඩියෙන්ම මෙම පියාඹන බෝම්බයේ අත්දැකීම විදල තියෙන්නේ.
මුල් වරට හිරුනොබසින අධිරාජ්‍යය කියල ඒ කාලේ හදුන්වපු සුදු මහත්තුරුන්ගේ රටට ජර්මන්කාරයෝ V2 රොකට්ටුවක් එල්ල කරල තියෙන්නේ 1944 සැප්තැම්බර් 08 වෙනිදායි.
මේ පියාඹන බෝම්බ 5000 කටත් වඩා ජර්මනිය තනා ඇති අතර 3000 කට වඩා ඔවුන් විසින් එල්ල කරන ලද බව පැවසේ.
මේ බෝම්බ නිසා මියගිය හමුදා හෝ සිවිල් මිනිසුන් 7250 ක් පමණ වෙතැයි සලකනු ලබයි.
එසේම මෙය තැනීම සදහා කම්කරු ශ්‍රමය ලෙස යොදාගෙන ඇත්තේ ජර්මනිය විසින් අත්අඩංගුවට ගෙන සමූහ සිර කදවුරුවල ගාල් කර සිටි මිනිසුන් වන අතර මේ යුද උපකරණයක් නිපදවීමේදී සිදුවූ පිපිරීම් හා අත්හදාබැලීම් නිසා මියගිය එම සිරකරුවන් ගණන 12,000 ක් පමණ වෙතැයි පවසනවා.
ඒවගේම කිව යුතුයි මෙම රොකට් ගුවන් ගත කිරීම සදහා වූ Launch sites නැතහොත් ගුවන් ගතකිරීමේ ප්‍රධාන ස්ථාන පිහිටල තිබිල තියෙන්නේ ප්‍රංශයේ Le Blockhaus සහ La Coupole කියන නගර වලයි.
එසේම නෙදර්ලන්තයේද මෙම රොකට් ගුවන් ගත කරන මධ්‍යස්ථාන පැවති බව පැවසෙනවා.
දැන් බලමු මේ V2 රොකට්ටුවේ වගතුග ටිකක්.
මේ V2 ලෙස කෙටි වෙලා තියෙන්නේ ජර්මන් බසින් Vergeltungswaffe 2 (reprisal weapon 2) කියන නමයි.
මෙහි තාක්ෂනික නාමය Aggregat-4 (A4) ලෙස හැදින්වෙන අතර බැලස්ටික් මිසයිල පවුලට අයත් එකක් ලෙස මෙම අවිය හැදින්වෙනවා.
ඒවගේම මෙය තමයි ලෝකයේ ප්‍රථම දිගදුර සංග්‍රාමික බැලස්ටික් මිසයිලය හා නිලවශයෙන් පිළිගත හැකි ප්‍රථම නියමුවෙකු රහිතව කක්ෂගතවී අදාල ඉලක්කය කරා ගමන් ගත හැකි යානය.
එසේම ප්‍රථමවරට අභ්‍යවකාශය ආසන්නයටම ගිය රොකට්ටුව ලෙසත් සලකා තිබෙනවා.
(The rocket was the world's first long-range combat-ballistic missile and first known non-human-piloted artifact to achieve sub-orbital spaceflight) .
මේ V-2 Rocket එන්ජිමයි
මෙම රොකට්ටුවේ ඉන්ධන ලෙස භාවිතා කරල තියෙන්නේ ඇල්කොහොල් (75% ethanol)හා ද්‍රව ඔක්සිජන්.
මෙයට අඩි 46.1 දක්වා උසකට නැගිය හැකි අතර උසුලාගෙන යා හැකි බර ලෙස රාත්තල් 2,200 ක් ලෙසත් වේගය පැයට සැතපුම් 3,500 ක් ලෙසත් ගණන්බලා ඇති අතරම ගමන් කල හැකි දුර 320 km නැතහොත් සැතපුම් 200 පමණ වෙතැයි පැවසේ.
දෙවන ලෝක යුද්දයේ අවසානයේ නිමිති දකිත්ම Wernher von Braun සහ ඔහුගේ සොහොයුරා ඇතුළු හත් දෙනෙක් ඇමරිකානු හමුදාව වෙත යටත්වීමට තීරණය කරනු ලබන්නේ හේතු දෙකක් නිසයි.
ඒ වෛරයෙන් යුතුව ජර්මනිය යටත් කරගැනීමට පැමිනෙන සෝවියට් හමුදාවට හසුවේ යන බියෙන් හා එසේ ඔවුන්ට හසුවුවහොත් මෙම වටිනා අවිය විශිෂ්ඨ තාක්ෂනික ඥානය ඔවුන් සතුවීම වැලකීම සදහා ජර්මන් ආරක්ෂක අංශ විසින්ම වෙඩිතබා මරාදමනු ඇතැයි බියෙන්.
ඒ අනුව ව්‍යාපෘතියේ ප්‍රධාන විද්‍යාඥයා වන Wernher von Braun හා නියමුවේ ප්‍රධානියා වන Walter Dornberger ඇමරිකානු හස්තයට නතුවන අතරම මේ සමගම මෙම ජර්මන් V2 Rocket ව්‍යාපෘතියේ සේවය කල ප්‍රධාන නිර්මාණකරුවන් 126 දෙනෙක් ඇමරිකානු චංචල දේපල බවට පත්වනවා.