රොඞ්ඩත් එක්ක යනවද රත්න වල්ලියේ

sudunone

Member
May 23, 2009
3,781
121
0
Sinhala News
රොඞ්ඩත් එක්ක යනවද රත්න වල්ලියේ Written by ලලිත් රාජපක්ෂ Sunday, 04 October 2009 03:17 ඔක්තෝබර් 03

මදුරාසි විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අංශාධිපති වශයෙන් කටයුතු කරපු ඇම්. ඞී. රාඝවන් ලංකාවේ කෞතුකාගාර දෙපාර්තුමේන්තුවෙ රැකියාවක් ලබාගෙන පැමිණියාට පසුව සිංහලයන් ඇසුරට වැඩි කැමැත්තක් දැක්වු බවයි එතුමා ගැන දන්නා අය කියන්නෙ. ජනවර්ග වේද පර්යේෂණ මෙහෙයවපු මුන්නැහෙ සිංහල සමාජය ඇසුරු කරමින් ඔවුන් ගේ උපගෝත‍්‍ර වශයෙන් හිටි රොඞී වැදි හා අහිගුණ්ඨික ජන කණ්ඩායම් ගැන තොරතුරු රැස්කළා. දැන් යමෙකුට ප‍්‍රශ්නයක් ඇතිවෙන්ඩ පුලූවනි රාඝවන් උන්නැහෙ දෙමළ හා මුස්ලිම් ජන කණ්ඩායම් අතර හිටි සුලූ ජන කණ්ඩායම් පිළිබදව උනන්දුවක් නොදැක්වුයේ මොන කාරණයක් නිසා ද කියා. දෙමළ හා මුස්ලිම් ජන කණ්ඩායම් අතර හිටි සුලූ ජන කණ්ඩායම් සියල්ලම ඔහු ලංකාවට පැමිණි කාලය වෙන විටදිත් ඒ මහා ජන කණ්ඩායම් දෙකට අවශෝෂණය වෙලා හිටිය කියන එක තමා ඊට පිළිතුර. මේකට නිදසුනක් තමා දෙමළ ජනයා අතර හිටි කෝවියර්, චන්දියර් කියන ජන කණ්ඩායම් දෙක. මුස්ලිම් ජන කණ්ඩායම් අතර හිටිය ආඩි, මුක්කවර් බදු සුලූ ජන කණ්ඩායම් වලටත් මේ වින්නැහිය වෙලා තිබූණ. ඔවුන්ගෙ භාෂා ඇදහිම් ඇතුලූ සියලූ සංස්කෘතිකාංග මොකවත්ම ඉතිරි වෙලා පැවතියෙ නැහැ.

සිංහලයන්ට සම්බන්ධ වෙලා හිටිය වැදි, රොඞී, අහිගුණ්ඨික ජන කණ්ඩායම් ඔවුන්ගේ භාෂා ඇදහිම් සිරිත් විරිත් ආදී සියලූ සංස්කෘතික මෙවලම් රැකගෙන අදින ජන පිරිස් වාගෙ ජීවත්වුනා. මිට හේතුව සිංහලයින් සුලූ ජන කණ්ඩායම් අවශෝෂණය කරගන්නා ජාතිවාදි මනුෂ්‍ය කණ්ඩායමක් නොවිමයි. මානව විද්‍යාඥයෙක් වුනත් රාඝවන් එම කාරණය තේරුම් ගත්තෙ නැහැ. රාඝවන් වැඩිපුරම තොරතුරු හෙව්වෙ රොඞීන් ගැනයි. සිංහලයින් කුල භේදය සලකමින් රොඞීන්ව අහක් කරල තියෙනව කියලයි රාඝවන් හිතුවෙ.

රොඞීන් සිංහලයන් අතර හිටියට සිංහලයන්ට මුහුන්වෙන්ඩ කැමැත්තක් දැක්වුයේ නැහැ. කුප්පායම් ජීවිතය ප‍්‍රියකළ ඔවුන්, ඔවුනටම ආවේනික සමාජ ධර්ම අනුව ජීවත් වුනා. සිංහලයිනුත් රොඩින් ආක‍්‍රමණයට ගියෙ නැහැ. හාමුදුරුවරු රොඩින් බෞද්ධ කරන්ඩ වෙහෙසුනේ නැහැ. මෙතන කුලභේදයක් පැවතියා කියල හිතන්නෙ රොඞී සමාජය ගැන නොදත් පිරිසයි.

මිෂනාරින් රොඩින්ව ක‍්‍රිස්තියානි කරන්ඩ මහන්සි ගැනීම කුප්පායම් නැතිවිමට එක හේතුවක්. තව හේතුවක් තමා ඒ. ටී .ආරියරත්නගෙ සර්වෝදය ව්‍යාපාරය. සර්වෝදය යටතේ ඇතැම් කුප්පායම් වල හිටි රොඞීන්ව ගෙන ගිහින් කොලනිවලට දැම්ම.

කුප්පායම් නැතිවීයාම නිසා රොඩින් නායකයින් නැති අනාථයින් බවට පත්වුනා. ඔවුන් සම්ප‍්‍රදායික ජිවිත අත හරිමින් රටේ අනිත් ජන කණ්ඩායම් වලට කලවම් වෙන්ඩ ගත්ත. රොඞී භාෂාව නැතිවී යාම එහි ප‍්‍රතිඵලයයි. භාෂාව කියන්නෙ මහා බලසම්පන්න දෙයක්. ඒක නැතිවෙන රොඩින්ගෙ සංස්කෘතිය ඉබේටම අතුරුදහන්ව ගියා.
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
රොඩීන් ව බාහිර සමාජය විසින් පිළිකුල් කළ බව අහල තියෙනව. මම හිතුවෙ ඒ ඔවුන්ගෙ අපිරිසිදු කම නිසා කියල. මම හිතන් හිටියෙ රොඩීන් කියන්නෙත් අහි ගුණ්ඨිකයන්ටමයි කියල. මේ ලිපිය කියෙව්වම මට හිතෙනව ඒ ජන වර්ග දෙකක්ද කියල.

ආගම ප්‍රචාරය කිරීම පිණිස රොඩීන් පමණක් නොවෙයි වැදි ජනතාවත් ඔවුන්ගෙ සංස්කෘතියෙන් ඈත් කෙරුණා. කියන්නෙනම් ඔවුන්ගෙ ජීවන තත්ත්වය නගා සිටෙව්වය කියල. නමුත් අනාදිමත් කාලෙක ඉඳල සිංහල ජනතාව රොඩීන්ට, වැද්දන්ට, ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාවට තමන්ගෙ සංස්කෘතියත් එක්ක ඉන්න ඉඩ දුන්න. රොඩීන් හා වැද්දන් 'දියුණු' කරන්න හැදුවත්, ද්‍රවිඩ හා මුස්ලිම් ජාතීන්ට එහෙම බලපෑමක් ආවෙ නැහැ. ඒකනෙ ඒ ගොල්ලො අපිව අල්ල ගන්න හදන්නෙ.

බලය පිලිබඳ ප්‍රශ්නයක්.