රොනාල්ඩෝ පාපන්දුව අතහරියි

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    රොනාල්ඩෝ පාපන්දුව අතහරියි

    34 හැවිරිදි සුප්‍රකට බ්‍රසිල පාපන්දු ශූයෙකු වන රොනාල්ඩෝ සිය පාපන්දු දිවියෙන් සමුගැනීම අද නිල වශයෙන් ප්‍රකාශයට පත්කළේය. රොනාල්ඩෝ බ්‍රසීලියානු පුවත්පතකට මේ පිළීබඳව ප්‍රකාශ කර තිබුනි. ඔහු එම පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ තවදුරටත් ක්‍රීඩාකිරීමට තමාගේ හදවතට අවශ්‍ය වුවද ශරීරයට නොහැකි බවයි.
    ලෝකයේ සුප්‍රසිද්ධ ක්‍රීඩා සමාජ කිහිපයක් නියෝජනය කර ඇති ඔහු ස්පාඤ්ඤයේ බාසිලෝනා, රියාල් මැඩිරිඩි හා ඉතාලියේ ඉන්ටර් මිලාන් හා ඒසී මිලාන් යන පාපන්දු සමාජද නියෝජනය කර ඇත. එමෙන්ම රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මගින් වාර්ෂිකව පිරිනැමෙන වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය තෙවරක් හිමිකරගෙන සිටීමෙන්ද ඔහුගේ දක්ෂතාවය මැනැවින් පිළිබිඹු කරන්නකි. ඒ 1996, 1997 හා 2002 යන වසරවලදීය.