රොමාන්තික ආලය (Romantic Love) යනුවෙන් හදුන්වන්නේ ඇත්තෙන්ම මොකකටද?

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    Vampire Academy Love GIF by PeacockTV

    බොහෝ අය කියන්නේ ආලය යනු හදවතෙන් ඇතිවන දෙයක් කියාය. මේ මිථ්‍යාව ඇතැම් විට ඇතිවන්නට ඇත්තේ, ඔබ ඉතා කැමති පුද්ගලයෙකු දුටු විට ඔබේ හදවත වඩාත් වේගයෙන් ගැහෙන්නට පටන්ගන්නා නිසා වීමට පුළුවනි. එහෙත් ඇත්ත කතාව වන්නේ, ආලය ඇති වන්නේ මොලයෙනි. රොමාන්තික ආලය කොටස් තුනකට බෙදිය හැකිය: කාමය, ආකර්ශණය, බැදීම. මේ තුන් කොටසම පාලනය වන්නේ මොලයෙන් නිපදවන හෝමෝන වලිනි. කාමය, ටෙස්ටොස්ටරෝන් සහ එස්ට්‍රොජන් යන හෝමෝන දෙකෙන් ඇති වන අතර, ආකර්ශණය ඇතිවන්නේ ඩෝපමීන්, නෝරෙපරෙෆ්රින් සහ සෙරටෝනින් යන හෝමෝන වලිනි. බන්ධනය, ඔක්සිටෝසින් සහ වෙසෝප්‍රෙසින් යන හෝමෝන දෙකෙන් හටගනී. කාමුකත්වයේ ප්‍රභවය වන්නේ ලිංගික ආවේගයන් තෘප්තිමත් කිරීමේ උවමනාවයි. ලිංගික ආවේගයන්ගේ ප්‍රභවය වන්නේ ස්වභාවධර්මයේ නියමය වන වර්ගයා බෝ කිරීමට ඇති අවශ්‍යතාවයි. මොලයේ ඇති හයිපොතැලමස නම් කොටස මේ සදහා විශාල දායකත්වයක් ලබා දෙන්නේ ටෙස්ටොස්ටරෝන් සහ එස්ට්‍රොජන් හෝමෝන, පිරිමින්ගේ වෘෂණ වලිනුත් ගැහැනුන්ගේ ඩිම්භකෝෂයෙනුත් නිපදවීමට විධානය කිරීමෙනි. ආකර්ශණය ඇති වන්නේ මොලයේ ඇති "reward behavior" හෙවත් "තෑගි ලබාගැනීමට ඇති උවමනාම" (එයට වෙනත් යෙදුමක් මා දන්නේ නැති නිසා) හේතුවෙනි. කවරෙකු හා දපනය වැටුනු විට, පලමු සති කීපය ඉතා ප්‍රීතිය දනවන්නක් වන්නේ මේ ක්‍රියාවලිය හේතුවෙනි. මොලයේ මෙම “reward” behavior / pathway ක්‍රියාවට දායක වන්නේ හයිපොතැලමසෙන් නිපදවන ඩෝපමීන් සහ නෝරෙපරෙෆ්රින් ය. එනම් ඔබේ ආදරවන්තයා / ආදරවන්තිය සමග කාලය ගත කරන විට සහ ලිංගික ක්‍රියාවක් කරන විට ඩෝපමීන් ශ්‍රාවය වේ. ඩෝපමීන් වලින් ප්‍රීතිය ඇති කරවන නිසා, අප ඔහු / ඇය සමග එම ක්‍රියාවන් නැවත නැවතත් කිරීමට පෙළඹේ. මෙය තනිකරම මොලයේ රසායනික ක්‍රියාවකින් කෙරෙන පෙළඹවීමක් මිසක හදවතින් එන "පරම පවිත්‍ර ආලයක්" නිසා සිදුවන්නක් නොවේ. මෙම හෝමෝන අධික ලෙස නිපදවීමේ එක් අතුරුපලයක් වන්නේ නින්ද නොයාමයි. ඔබ කා සමග හෝ පලමු වරට "ආලයෙන් මත් වූ විට" නිදාගැනීමට අපහසු වන්නේ මේ නිසයි.

    එමෙන්ම ආකර්ශණය හේතුවෙන් සෙරටෝනින් හෝමෝනය නිපදවීම බාල වීමද සිදුවේ. මොලයේ සෙරටෝනින් අඩු වූ විට depression එහෙත් භින්නොන්මාද තත්වයක් ඇතිවේ. යමෙකු කවරෙකු හෝ කෙරෙහි ආලයෙන් බැදුනු විට ඔහු / ඇය "මූඩ් ගසා" සිටින්නේ මේ නිසාය. එමෙන්ම obsessive-compulsive disorder තත්වයක් හෙවත් දෙයක් නැවත නැවත කිරීමට / සිතීමට ඇති අධික අවශ්‍යතාවයක්ද ඇතිවේ. මුලින්ම ආලය ඇති වූ විට, එම පුද්ගලයා ගැනම මුලු දවස පුරා සිතීමට ඇති නොනැවැත්විය හැකි උවමනාව ඇතිවන්නේ මේ හේතුවෙනි.

    මත්ද්‍රව්‍ය වැනි දේ වලට ඇබ්බැහි වූවන්ගේ ක්‍රියාවන්ද ඩෝපමීන් හෝමෝනයට සම්බන්ධ වේ. උදාහරණයකට කොකේන් වැනි මත්ද්‍රව්‍යක් උරන විට, ඩෝපමීන් නිපදවීමට සම්බන්ධ මො‍ලයේ ප්‍රදේශයන් අධිකව උද්දීපනය වේ. ඒ අනුව, රොමාන්තික ආලය මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවාක් වැනි දෙයකැයි කිව හැකිය. එකම වෙනස වන්නේ ආලයේදී මත්ද්‍රව්‍ය වෙනුවට ‍වෙනත් කෙනෙකුට ඇබ්බැහි වීමයි. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් එම මත්ද්‍රව්‍ය නොගෙන සිටි විට withdrawal symptoms හෙවත් අපක්‍රමණ ලක්ෂණ (සාංකාව, කෑම අරුචිය වැනි සහ එවැනි වෙනත් ශාරීරික හා මානසික අසාමාන්‍යතාවන්) වලට ලක්වන්නා සේම, ආලය අහිමිවූවන්ද ඒ හා සමාන අපක්‍රමණ ලක්ෂණ පෙන්වන්නේ මේ නිසාය.

    ඩෝපමීන් මෙන්ම ආකර්ශණට අදාල හෝමෝනය වන ඔක්සිටෝසීන්ද එවැනිම දෙපැත්ත කැපෙන කඩුවකි. එමෙන්ම ආලය සහ කාමය ට අදාල හෝමෝන ශරීරයේ අධිකව නිපදීම මගින් පුද්ගලයෙකුගේ විචාරාත්මක/විවේචනාත්මක බුද්ධිය, තර්කානුකූල හැසිරීම අඩාල කරයි. කෙටියෙන් කියතොත් ආලය ඔබව මෝඩයෙකු කරයි. අප ආලයෙන් හෝ කාමයෙන් සිටිද්දී කරන ක්‍රියා ගැන, පසුව ඇතැම්විට අපටම පසුතැවිලි වීමට සිදුවන්නේ මේ නිසාය.

    අවසාන වශයෙන් කීමට ඇත්තේ වර්ගයා බෝ කිරීම පිණිස, ස්වභාවධර්මයා අපව ආලය නැමැති මෙම පඹගාලේ පටලවා ඇති බවයි. ඇත්තෙන්ම කිවහොත් අප ආලය කරන්නේ අනෙකාට නොව අපටම බවද කිව යුතුය. අප තුලම ඇති හිස් බව පුරවා ගැනීම පිණිස අනෙකෙකු කරේ තිබා ගැනීම "ආලය" ලෙස හැදින්වේ. ආදරය බිදුනු විට එය බොහෝ විට වෛරයක ස්වරූපයෙන් මතු වෙන්නේ මෙනිසාය.
    ------
    මේ වැලන්ටයින් දිනය නොවූවත්, ප්‍රීතිමත් වැලන්ටයින් දිනයක් වේවායි පතමි!
     
    Last edited:

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    'මේ වැලන්ටයින් දිනය නොවූවත්, ප්‍රීතිමත් වැලන්ටයින් දිනයක් වේවායි පතමි!'

    එසේම වේවා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,135
    113
    ළඳකගේ සෙනෙහස නොපතමි කිසිදා
    නිදහස අගයන්නෙම්
    සුපුරුදු තනිකම පාලුව මිහිරියි
    හිඳිනෙමි සැනසිල්ලෙන්
    :dull::(
     
    • Love
    Reactions: Honey Bunch