රොරයිමා (Roraima) කන්ද

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    5A422516-210E-4146-8BF7-444A985CE991.jpeg

    පෘථිවියේ පැරණිතම භූ විද්‍යාත්මක සැකැස්මක් ලෙස සලකන රොරයිමා (Roraima) කන්ද යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන වෙනිසියුලාවේ කැනයිමා ජාතික උද්‍යානයේ (canaima national park) පිහිටා ඇත.
    D2AFDD72-35D6-4ADD-82EC-D52EDDFB0F6E.jpeg

    මෙය වසර බිලියන දෙකකට පමණ පෙර ප්‍රාකේම්බ්‍රිය යුගයේ සිට පැවත එන්නකි. එම කාලයට පෙර නිර්මාණය වූ වැලිගල් හා පෘථිවියේ පැරණිතම පාෂාණ අතර වන ක්වාට්ස් තැන්පතු විශාල ප්‍රමාණයක් මෙහි අඩංගු වෙයි.
    340D3BC0-2C4B-4D36-90A6-49600F34F81D.jpeg

    බ්‍රසීලය, වෙනිසියුලාව සහ ගයනාව අතර ත්‍රිත්ව මායිම ආශ්‍රිතව පවතින මෙම කඳු මුදුනේ සුවිශේෂී භූ විෂමතාවය නිසා භූගෝලීය හුදකලා වීමට හා එයට ආවේණික ශාක හා සත්ව විශේෂවල නිවහනක් වී ඇත.

    රොරයිමා කන්ද මුදුනේ දිග කිලෝමීටර 10 කට වඩා වැඩි සහ පළල කිලෝමීටර 5ක් වෙයි. එහි උන්නතාංශය (උස)මීටර් 2600-2700 පමණ වෙයි.

    ඩයිනොසෝරයන්ගේ කතාන්දරයක් වන ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසින් 1912 රචිත ද ලොස්ට් වර්ල්ඩ් (the Lost World) නවකතාව සදහා රොරයිමා කන්ද ආභාෂ කරගෙන ඇත.



    by : ලෝක පුරාවිද්‍යාව හා ඉතිහාසය
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    :love2::love2::love2::love2:

    හැබැයි ඇත්තම කතාව නම් මේ වගේ තැන්වලට ඇත්තටම හියහම හිතේ ඇඳිලා තිබිච්ච ලස්සන එතන නැහැ!