පෘථිවියේ පැරණිතම භූ විද්‍යාත්මක සැකැස්මක් ලෙස සලකන රොරයිමා (Roraima) කන්ද යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන වෙනිසියුලාවේ කැනයිමා ජාතික උද්‍යානයේ (canaima national park) පිහිටා ඇත.
මෙය වසර බිලියන දෙකකට පමණ පෙර ප්රාකේම්බ්රිය යුගයේ සිට පැවත එන්නකි. එම කාලයට පෙර නිර්මාණය වූ වැලිගල් හා පෘථිවියේ පැරණිතම පාෂාණ අතර වන ක්වාට්ස් තැන්පතු විශාල ප්‍රමාණයක් මෙහි අඩංගු වෙයි.
බ්‍රසීලය, වෙනිසියුලාව සහ ගයනාව අතර ත්‍රිත්ව මායිම ආශ්‍රිතව පවතින මෙම කඳු මුදුනේ සුවිශේෂී භූ විෂමතාවය නිසා භූගෝලීය හුදකලා වීමට හා එයට ආවේණික ශාක හා සත්ව විශේෂවල නිවහනක් වී ඇත.
රොරයිමා කන්ද මුදුනේ දිග කිලෝමීටර 10 කට වඩා වැඩි සහ පළල කිලෝමීටර 5ක් වෙයි. එහි උන්නතාංශය (උස)මීටර් 2600-2700 පමණ වෙයි.
ඩයිනොසෝරයන්ගේ කතාන්දරයක් වන ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසින් 1912 රචිත ද ලොස්ට් වර්ල්ඩ් (the Lost World) නවකතාව සදහා රොරයිමා කන්ද ආභාෂ කරගෙන ඇත.
by : ලෝක පුරාවිද්‍යාව හා ඉතිහාසය

