රොෂාන් මහානාම ඉල්ලා අස්වේ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    ක්‍රිකට් තාක්ෂණික කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කළ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකු වන රොෂාන් මහානාම එම කමිටුවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.

    ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමුකළ එම ලිපියේ සඳහන්ව ඇත්තේ රොෂාන් මහානාම ගේ ඉල්ලා අස්වීම පෞද්ගලික හේතුවක් මත සිදුවන්නක් බවයි.

    මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත සැලසුම්, පුහුණුකරුවන් තේරීම, ක්‍රීඩක කොන්ත්‍රාත්තු සාකච්ඡා කිරීම්, ආදී කටයුතු බොහොමයක් සිදු කෙරුණේ අරවින්ද ද සිල්වා ගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පත්කරන ලද ක්‍රිකට් තාක්ෂණික කමිටුව හරහා යි.

    රොෂාන් මහා නම් ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ක්‍රිකට් තාක්ෂණික කමිටු සභාපති අරවින්ද ද සිල්වා ගෙන් සිදු කළ විමසීමකදී ඔහු කියා සිටියේ රොෂාන් මහානාම පාකිස්තාන ක්‍රිකට් පරිපාළනය සමඟ ඇතිකරගත් ගිවිසුමක් හේතුවෙන් මෙලෙස මෙම තනතුරෙන් ඉවත් ව යන බවයි.
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    Mahanama hitan inna taram calm and cool character ekak neme ban utath tikak lose drama queen wage chatura ekka interview eka balala mata hitune,

    uta coaching ennanam uge hena rule godak accept karanna onalu, coaching uta denne neti nisa u mekenuth ain wenna ati