රොෂේන්_ශානක

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අහිමි පුතු වෙනුවෙන් හතළිස් අට වතාවක් වීදි බට අම්මා.

150602120422_roshen_shanaka_512x288_bbc_nocredit.jpg




පසුගිය රජය සමයේ මරා දැමුණු කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවය කළ රොෂේන් ශානක වෙනුවෙන් යුක්තිය සහ සාධාරණය ඉටු කර දෙන මෙන් ඔහුගේ පවුලේ ඥාතීහු ඉල්ලා සිටිති.
ඔහුගේ ඥාතීන් ඒ බව කියා සිටියේ ඝාතනයට ලක් වූ තරුණයා සිහි කොට කටුනායක පොලිසිය ඉදිරිපිට විරෝධතාවට එක් වෙමින්.
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පැවති කම්කරු අරගලයකදී රොෂේන් ශානකට වෙඩි තබා ඝාතනය කළේ මීට සිව් වසරකට ඉහතදීයි.
ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කොට ඇති පරීක්ෂණ කිසිවක් පිළිනොගන්නා බව තම අහිමි පුතු වෙනුවෙන් හතළිස් අටවන වරටත් කටුනායක ඇවරියවත්ත වටරවුමට පැමිණ සිටි රොෂේන්ගේ මව ඩබ්ලිව් එම්එස් කාන්ති කියා සිටියාය.
සිය පුතුගේ ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබා දීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් ඇය සඳහන් කළාය.
එම ඝාතනයට පැවති මහින්ද රාජපක්ෂ පාලනය වගකිව යුතු බවට ඔහුගේ සොහොයුරු තිලිණ මධුෂාන් චෝදනා කළේය.
'ඇවන්ට් ගාඩ්'

ඝාතනය සිදු වූ අවස්ථාවේ මතු වූ ජනතා විරෝධය නොතකා මරා දැමුණු සිය සොහොයුරාගේ අවසන් කටයුතු ඇවන්ට් ගාඩ් ආරක්ෂක සමාගම යොදා ගනිමින් ඉතා සූක්ෂම ලෙස සිදු කිරීමට පැවති රජය ක්‍රියා කළ බවයි ඔහු කියා සිටියේ.
‘ඇත්තටම මගේ මල්ලි මිය ගිය මොහොතේ සිට අවසන් කටයුතු සිදු කරන තෙක් ඒ සියලු කටයුතු බාර ගෙන කළේ ඇවන්ට් ගාඩ් සමාගම. මම ඇත්තටම හිතුවේ ඇවන්ට් ගාඩ් සමගම ආරක්ෂක සේවයක් කියලා’ ඔහු පැවසීය.
‘රොෂේන් ඝාතකයා කවුද?, සිව් වසරක් ඉක්ම ගියත් සාධාරණ පරීක්ෂණයක් පැවතුනේද? කටුනායක නිදහස් වෙළඳ කලාප අරගලය පිළිබඳ පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව කෝ?’ යනුවෙන් විරෝධතාකරුවෝ එහිදී හඬ නැගූහ.
සිව් වසරකට පෙර පැවති කම්කරු අරගලයේදී තුවාල ලැබූ සහ පීඩාවට පත් වූ හයසීයකට අධික කම්කරුවන් වෙත වන්දි ලබා දිය යුතු බව නිදහස් වෙළඳ කලාප සහයෝගීතාවයේ සම සංවිධායක බ්‍රිටෝ ප්‍රනාන්දු කියා සිටියේය.
බලයට පත් සියලු රජයන් නිදහස් වෙළඳ කලාප සේවකයන් පිළිබඳ අඩු සැලකිල්ලක් දක්වන බවයි කටුනායක කම්කරු සේවක අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පවසන්නේ.
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙකට වැර්දිකරයන්ට උපරිම ද්ඩුවම දෙන්න ඔනි.