රෝගීන් පරික්‍ෂණාගාර මීයන් කරන නව පනතක්….
ඉතා වැදගත් පනත් කිහිපයක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරින්ගෙන් ප‍්‍රකාශයට පත්විය. එහෙත් මෙතෙක් රටේ මහජනතාව පුල පුලා බලා සිටි ඹෟෂධ ප‍්‍රතිපත්තිය හෝ ඊට අදාල පනත් කෙටුම්පත එළිදැක්වෙන පාටක් නැත. නමුත් ඊට පෙර එළියට ගෙනවිත් පසුව හකුලාගත් පෞද්ගලික ලේ බැංකු පනත නම් හොඳ වේලාවක් පැමිණෙනතුරු නිළධාරින් විසින් සේප්පුවේ තබා ආරක්‍ෂාකරන බව වාරතා වේ. කෙසේවෙතත් දැන් මෙතෙක් ශ‍්‍රී ලංකාවේ කථාබහට ලක්නොවු නවතම පනත් කෙටුම්පතක් කරළියට පැමිණ ඇත. එය ඖෂධ වර්ග සහ සායනික ක‍්‍රමවේද රෝගින් යොදාගෙන සායනිකව අත්හදාබැලීම සඳහා වන නීතිමය රාමුවක් හඳුන්වාදෙන පනතකි.
බලධාරින්ට අනුව මේ නව නීතිමය රාමුව හඳුන්වා දෙන්නේ දැනට එ වැන්නක් නැති නිසා රෝගීන් යොදාගෙන ඖෂධ අත්හදාබැලීම විධිමත්ව සහ පුළුල්ලෙස කළ නොහැකි බැවිනි. ඇත්තවශයෙන්ම නව ඖෂධ වර්ග හෝ ප‍්‍රතිකාරක‍්‍රම සොයාගැනීම සඳහා 90% පර්යේෂණ ආරම්භ කෙරෙන්නේ දියුණු බටහිර රටවලය. එසේ සොයාගන්නා ඖෂධ හෝ ප‍්‍රතිකාර ක‍්‍රම වල බුද්ධිමය දේපල අයිතිය සහ කෝටි ප‍්‍රකෝටි ගණනින් වන වානිජ ප‍්‍රතිලාභ ලැබෙන්නේද ඒ රටවල මහා සමාගම්වලටය. ඒ අනුව මේ පනත මුලික වශයෙන් ජාතයන්තර බහු ජාතික ඖෂධ සමාගම්වල ක‍්‍රියාකාරකම් යම් පාලනයකට යටත් කිරිම සඳහා ඉදිරිපත් කෙරෙන්නක් බව ඉතා සරලව අර්ථ දැක්වීමේ හැකියාව ඇත. නමුත් ‘‘පාලනය’’ කිරිමට අදාල ඇත්ත යථාර්ථය ඊට බොහෝ සෙයින් වෙනස්වන බවට දේශිය සහ ජාත්‍යන්තර අත් දැකීම් ඇත.
පසුගිය කාලයේදී මහජන විරෝධය නිසා හකුලාගත් ‘‘ප‍්‍රතාපන විරෝධී පනත’’ එවැන්නකි. ඒ පනත ගෙන ඒමේදී සියලූ නිළධාරින් කියා සිටියේ ඒ මගින් බාල භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍ය කෘතිමව මිල අඩුකර රට තුලට ප‍්‍රතාපනය කිරිම වැලැක්විය හැකි බවයි. ඒ මතුපිට හැදින්විම මත ව්‍යාපාරික පූජාව පවා ඊට පක්‍ෂපාත විය. නමුත් පනත ගැඹුරින් අධ්‍යනය කිරිමේදී සහ එහි ආනාගත ප‍්‍රතිඵල පිළිබඳ මහා පින්තූරය ප‍්‍රතිනිර්මාණය කිරිමේදී පෙනී ගියේ එය ඇත්තවශයෙන්ම ප‍්‍රතාපනවාදි පනතක් බවයි. ඒ පනත අනුව ප‍්‍රතාපනයට එරෙහි ක‍්‍රියාමාර්ග ගැනීමට (උදාහරණයක් ලෙස අමතර බදු පැනවීමට* රජයට තිබෙන අවස්ථාව අහිමි වේ. වෙනත් වචන වලින් කියනවා නම් ඒ වනවිටත් තිබෙන නීතියෙන් කලහැකි දේ කිරිම සඳහා වෙනත් ආයතනයකින් අවසර පැතීමට රජයට සිදුවේ. එවිට ඒ ඉල්ලීමට හෝ තීන්දුවලට විරුද්ධව ජාතයන්තර අධිකරණ වලට පවා යාමට ප‍්‍රතාපනය කරන්නාට හෙවත් විත්තිකරුවාට අවස්ථාව ලැබේ. කෙසේවෙතත් එදා රටේ දේශපාලන අධිකාරිය නිලධාරින්ගේ උගුලට පය නොතැබීම නිසා ඒ පනත යථාර්ථයක් බවට පත්වූයේ නැත.
ඊට අමතරව ඉන්දියාවේ ‘‘ජෛව විවිධත්ව’’ පනතද එවැනිම උගුලකි. අපේ රටට වඩා විශාල පාරිසරික ක‍්‍රියාකාරිකයින් හමුදාවක් සිටින ඉන්දියාවේ පවා දේශපාලකයින් සහ ජනතාව රැුවටීමට ජෛව සම්පත් කොල්ලකන ජාතයන්තර සමාගම්වල ඒජන්ත නිලධාරින් සමත්විය. දැන් එම පනත නිසා ජෛව්‍ය විවිධත්වය කොල්ලකන ජාත්‍යන්තර සමාගම්වලට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම පෙරට වඩා අපහසු වී තිබේ. එදා රැුවටුණු ඉන්දියාවේ විද්වතුන් අද එම පනත හඳුන්වන්නේ ‘‘ජෛව කොල්ල’’ පනත ලෙසය. ඒ නිසා දැනට සුවිශේෂි නීතියක් නොමැතිව සිදුවන ක‍්‍රියාකාරකමක් පාලනය කිරිම නව නීතියක් ගෙන ආ පමණින් පහසු වෙනවා යන සරල තර්කය සරල ලෙසම පිළිගත නොහැක.
අප රටේ පසුගිය වසර 20-30 කාලය තුළ යම් ඹෟෂධ වලට අදාලව කුඩා ප‍්‍රමාණයේ සායනික අත්හදාබැලීම් සිදුකොට ඇත. ඒවා විදේශීය බහුජාතික ඖෂධ සමාගම් සමග සම්බන්ධකම් තිබෙන වෛද්‍යවරයකු හෝ කණ්ඩායමක් විසින් ශ‍්‍රී ලංකාවට ගෙන එන ලද ‘‘කොන්ත‍්‍රාත්ය.’’ ඒ කිසිදු පර්යේෂණයක් ශ‍්‍රී ලංකාවේ රජයේ හෝ පුද්ගලික ආයතනයක් විසින් නිෂ්පාදනය කරන ඖෂධයකට අදාලව සිදුවී නොමැත. එසේ වන්නේ අප රටේ ආයතන වානිජ වශයෙන් නව ඖෂධ නිෂ්පාදනය සඳහා ආයෝජනය නොකිරිම නිසාය. එවැනි පර්යේෂණ පිළිබඳ ලැයිස්තුවක් ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් පවත්වාගෙන යන නමුත් අදාල ක‍්‍රියාවලිය පාලනය කිරිමට එම ආයතනය මැදිහත් වන්නේ නැත. මේ ආකාරයට බටහිර ඖෂධ සමාගම් අප රටේ සිදුකරන සායනික අත්හදාබැලීම් දැනට යම් පාලනයකට යටත් වන්නේ විශ්ව විද්‍යාල සහ ප‍්‍රධාන රෝහල් ආශ‍්‍රිතව පිහිටුවා ඇති ආචාර ධර්ම විමර්ෂණ කමිටු මගිනි. මෙම කමිටු නියෝජනනයකරමින් ජාතික මට්ටමේ සංසදයක් මෙන්ම ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය මඟින්ද කමිටුවක් පත්කොට ඇත. එම කමිටු මඟින් යම් ප‍්‍රතිපත්තිමය මඟ පෙන්වීමක් ලබාදුන්නද ජාතික මට්ටමින් ආචාර ධර්ම විමර්ෂණ කමිටු වල ක‍්‍රියාකාරිත්වය පාලනය කිරිමට හෝ ඇගැයීමට ක‍්‍රමවේදයක් අප රටේ සකස්වී නොමැත. ඒ අනුව නව පනත ගෙනඒමට අදාල තත්වය විග‍්‍රහ කිරිමේදී කාරණා 3ක් ආවරණය විය යුතුය. පළමුවැන්න නව නීතියක් අවශ්‍යවන්නේ කුමක් නිසාද සහ එහි සැබෑහෝ සැඟවුණු අරමුණු මොනවාද යන්න යොසා බැලීමයි. දෙවැන්න තිබෙන නීතිමය රාමුව තුල දැනට සිදුවන ක‍්‍රියාවලිය වඩාත් වගකීම් සහිතව සහ විධිමත්ව සිදුකිරිම සඳහා ක‍්‍රමවේද, යාන්ත‍්‍රණ සහ සංස්කෘතියක් ගොඩනැගිය නොහැකිද යන කාරණයයි. තුන්වැන්න තිබෙන නීතිය හෝ නව නීතිය යටතේ අප ජාතියක් ලෙස ඉවක් බවක් නොමැතිව බහු ජාතික ඖෂධ සමාගම් වල කූඨ වානිජ අරමුණු වලට ඉඩ සැලසිය යුතුද යන කාරණාවයි. වෙනත් වචන වලින් කියනවා නම් පර්යේෂණ අවශ්‍ය බව පිළිගන්නා අතර එහෙත් ඒවා කා සඳහාද කුමක් සඳහාද යන ප‍්‍රශ්න විසඳාගැනීමයි.
කෙසේ වෙතත් සමාන්‍ය දැනුම අනුව නම් බහුජාතික සමාගම් වඩාත් කැමැති වන්නේ පාලනය සඳහාවන නීතිය බලවත් නැති තත්ත්වයකටය. එහෙත් ඉහත සඳහන්කල ආකාරයට ඇත්ත යථාර්ථය වන්නේ එහි ප‍්‍රතිවිරුද්ධ දේය. දැන්ට අප රට ඖෂධ අත්හදාබැලීමේ පර්යේෂණ සඳහා ජනප‍්‍රිය ගමනාන්තයක් නොවීමට ප‍්‍රධාන හේතුවක් වන්නේ විශේෂ නීතියක් නොමැති කමය. එසේ නැතහොත් විශේෂ නීතියක ආරක්‍ෂාව නොමැති කමය. එම ආරක්‍ෂාව ලැබුණ පසු සායනක අත්හදාබැලීමේ පර්යේෂණ වැල නොකැඩි ගලා එනු ඇතැයි මෙම පනත පිටපසු සිටින ‘‘වෛද්‍ය බෝකර් සමාගම්’’ වල අයිතිකරුවෝ කල්පනාකරති. එවිට රජයටද බලපත‍්‍ර ගාස්තු සහ රෝහල් සමඟ අදාල ඖෂධ සමාගම් ගිවිසුම් ගැසීමේදී රෝගීන්ගේ ශරීර බදුදීමට අදාල ‘‘ඊනියා රාජ්‍ය භාගයද’’ වැඩි වැඩියෙන් ලැබෙනු ඇත. එහෙත් බහුජාතික සමාගම් අප රටේ රෝගීන් පරික්‍ෂණාගාර මීයන් බවට පත්කරගැනීමෙන් උපයන ලාභයට සාපේක්‍ෂව රජයට ලැබෙන ඒ ආදායම ‘‘යාචකයාට ලැබෙන කාසියකි.’’ කෙසේ නමුත් බ්‍රෝකර් වැඬේ කරන වෛද්‍ය සමාගම් සමඟ ඖෂධ සමාගම් එලැබෙන ‘‘අතයට’’ ගිවිසුම් අනුව ඔවුන්ට බොහෝ මුල්‍යමය සහ වෙනත් ප‍්‍රතිලාභ ලැබෙනු ඇත. දැන් එවැනි සුවිශේෂි පනතක් නැති තත්ත්වය යටතේ ඔවුන්ට ලැබෙන්නේ සිල්ලර පර්යේෂණ කොන්ත‍්‍රාත් සහ සිල්ලර ප‍්‍රතිලාභ පමණි. ඒ නිසා මේ ඊ නියා විද්වත් බ්‍රෝකර්ලා පනත වෙනුවෙන් දැඩිලෙස පෙනී සිටිනු ඇත. මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ඉහල නිළධාරින් අන්දවා මෙම පනත ගෙනඒමට ඊනියා බ්‍රෝකර් වෛද්‍ය සමාගම් දෙකක් ක‍්‍රියාත්මක වෙමින් ඇත. මේ සමාගම් දෙක එනිනෙකා සමග මරාගන්නා තරඟයක පසුවුවත් පනත වෙනුවෙන් වෙන් වෙන්ව එකම දිශාවට වැඩකරති. එක් කන්ඩායමකට භාණ්ඩාගාරයේ උසස් නිලධාරින්ගේ සහය ලැබෙන අතර අනෙක් කණ්ඩායමට ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ඉහලම තණතුරට හිමිකම් කිව හැකි තත්ත්වයක් ඇත. ඒ නිසා මේ පිරිසට රජයේ නිළධාරින් මෙන්ම බාහිර විද්වතුන්ද හැසිරවීමේ බලයක් ඇත.
බොහෝවිට පනතේ කොල්ලකාරි ස්වාභාවය සැඟවීම සඳහා මේ ඊ නියා විද්වතුන් ගෙන එන තර්කය වන්නේ පර්යේෂණ නොකර විද්‍යාව දියුණු වන්නේ කෙසේද යන්නයි. නමුත් මේ ඊ නියා පනත නොමැතිව රටට සහ පොදුවේ විද්‍යාවට හිතවාදි පර්යේෂණ විදිමත්කිරිම සඳහා කිසිදු බාධාවක් නොමැති බව පෙන්වාදිමේ අපහසුවක් නැත. එහෙත් පෙන්වාදිය යුතු තව වැදගත් කාරණා බොහෝ ඇත. ඉන් පළමුවැන්න මේ ඊ නියා පර්යේෂණවල සැබෑ ප‍්‍රතිලාභ පිළිබඳවය. ලෝකයේ සෞඛ්‍ය පර්යේෂණ සඳහා ආයෝජනය කරන ඩොලර් බිලියන 60කට ආසන්න අතිවිශාල ධනස්කන්දයෙන් සැබෑ ලෙසම ලෝකයේ රෝග පීඩාවට අදාලව වැය කෙරෙන්නේ 10% ක් පමණි. පසුගිය වසර 20 ක කාලයතුල නව ඖෂධ 1370 කට අදාලව සායනක අත්හදාබැලීම්වල ‘‘සාර්ථකත්වය’’ මත අතිවිශාල වානිජ ප‍්‍රතිලාභ ප‍්‍රමාණයක් ඖෂධ සමාගම් විසින් ලබාගෙන ඇත. නමුත් මහජනයාගේ පොදු සෞඛ්‍ය ගැටළු විසඳීම සඳහා ප‍්‍රයෝජනවත් වන්නේ එම නව ඖෂධ වලින් 20ක් පමණි. අතිබහුතරයක් වන ඉතිරි ඖෂධ භාවිතා වන්නේ බටහිර අධි පරිභෝජනවාදි සමාජයේ අධි සෞඛ්‍ය සේවා සහ අධි ඖෂධ පරිභෝජන සංස්කෘතිය හෝ වෙළඳපල පවත්වාගැනීම සඳහාය. එම ක‍්‍රියාවලිය තුල විද්‍යාව කෙසේවෙතත් බහුජාතික ඖෂධ සමාගම් වලට පේටටන්ට් අයිතිය හෙවත් බුද්ධිමය දේපල අයිතිය යටතේ දිර්ඝකාලිනව කෝටි ප‍්‍රකෝටි ගණනින් ලාභ ඉපයීමේ අවස්ථාව නිර්මාණය වේ.
එහිදි තවත් ප‍්‍රශ්නයක් මතුවේ. ඒ එම ඖෂධ අත්හදාබැලීමේ පර්යේෂණ සඳහා බටහිර සමාගම් දුප්පත් රටවල් වලට ඉව අල්ලන්නේ කුමක් නිසාද යන්නයි. ඉතා පැහැදිලි සරලම කාරණය අඩු වියදමක් දරා සායනික අත්හදාබැලීම් නිමකොට වැඩි ලාභයක් ලබාගැනීමයි. ඊට අමතරව දියුණු රටවල ආචාරධර්ම විමර්ෂණ කමිටු වලින් අනුමත කර ගත නොහැකි බොහෝ ආචාර ධර්ම විරෝධි අත්හදාබැලිම් සඳහා දුප්පත් රටවලදි වැඩි අවකාශයක් ලැබේ. එවැනි අවස්ථා පිළිබඳ උදාහරණ රාශියක් ජාතයන්තර විද්වත් ප‍්‍රකාශන වල පලවී ඇත. එසේම අප වැනි රටවල රෝගින්ගේ ආරක්‍ෂාව සඳහා පෙනී සිටින සංවිධාන නොමැතිවීම සහ රෝගින්ගෙන් කැමැත්ත ලබා ගැනීමට ඇති පහසුව යන කාරණද ප‍්‍රධාන වශයෙන් ඊට හේතුවේ. බොහෝ සමාගම් යම් ඖෂධයක් අත් හදාබැලීම සිදුකරන රටේදි ප‍්‍රචලිතකල හැකිනම් පර්යේෂණ සිදුකරන කාලයේදීම අලෙවිකරණයද ආරම්භ කරති. නමුත් ඇමෙරිකාව තුළ එවැනි කූඨ ක‍්‍රියා කිරිමේ අවස්ථාව ඉතා අවම වේ.
ඇමෙරිකානු ෆෙඩරල් ඖෂධ අධිකාරියේ දත්තවලට අනුව ඇමෙරිකානු ඖෂධ සමාගම් සායනික අත්හදාබැලීම් වලින් 80% ක්ම කරන්නේ ආසියානු සහ අප‍්‍රිකානු රටවලය. සමහර සමාගම් 100% ක්ම තම පර්යේෂණ බාහිර රටවලදි සිදුකරයි. 2000 වසරේ සිට ඇමෙරිකානු සමාගම් රටවල් 173 ක ඖෂධ පර්යේෂණ 58,788 ක් සිදුකොට ඇත. මෙම පර්යේෂණවලදි රෝගීන්ට වඩාත් අනතුරුදායක විය හැකි පළමු අදියරේ අත්හදාබැලීම් කරන්නේ අනිවාර්්‍යයෙන්ම කොහේ හෝ දුප්පත් රටකය. ඇමෙරිකාව තුළ සිදුකරන පර්යේෂණ අතිබහුතරය එසේ ප‍්‍රතිඵලදායකත්වය සහ අතුරු ආබාධ පිළිබද යම් තහවුරුවීමක් සිදුකල පසුව කරනු ලබන අත්හදාබැලීම්ය. එනම් රෝගීන්ට අඩු අවදානමක් සහිත පර්යේෂණය. මෙම පර්යේෂණ පිටරටවලදී කිරිමෙන් ඇමෙරිකානු සමාගම් බලාපොරොත්තුවක තවත් ඉතා කූඨ අරමුණක්ද ඇත. ඒ ඖෂධ අනුමත කරගැනීමේදී ඊට අහිතකරවන ප‍්‍රතිඵල සහිත වාර්තා ඉදිරිපත්නොකර සිටිමයි. ඒ නිසා මෙම සමාගම් තම රටේ ඖෂධ අධිකාරියට වාර්තා නොකරන අත්හදාබැලීමේ රාශියක් සිදුකරයි. ඒ අනුව ඉතා සඳහන් කල දන්ත තව බොහෝසේ වැඩි විය යුතුය.
එසේම ඖෂධ සමාගම් අප වැනි රටවල නව පනත් ගෙන එ්මට උදව් කරමින් ආසියාව සහ අප‍්‍රිකාව පර්යේෂණ මගින් දිග්විජය කරන්නේ තවත් තාක්‍ෂණික කාරණා දෙකක් නිසාය. පළමු වැන්න සමහර රෝග තත්ත්වයන් එම රටවල ඉතා බහුලව පැතිරී යාමයි. උදාහරණයක් ලෙස අප‍්‍රිකානු රටවල් එ්ඞ්ස් රෝගීන් සඳහා ප‍්‍රතිකාර ක‍්‍රම සහ ඖෂධ අත්හදා බැලීම සඳහා කෝතැන්නකි . එහි අනික් පැත්ත එනම් එම රටවල අතිබහුතරයක් ජනතාවට සෞඛ්‍යය පහසුකම් ඇත්තේ අවම මට්ටමකි. එ් නිසා වාසනාවට හෝ අවාසනාවට ඔවුන් ඖෂධ භාවිතා කරන්නේ ඉතා අවම වශයෙනි. කිසිදු ඔෂධයක් ගෙන නැති රෝගීන්ද මෙම රටවලින් සොයාගත හැක. එවැනි ‘‘නැවුම් පර්යේෂණාගාර මීයන්’’ සඳහා ඖෂධ අත්හදා බැලීමේදී වැඩි ඉල්ලූමක් ලැබේ.
බටහිර සමාගම් දුප්පත් රටවල පර්යේෂණ කරමින් සියළු වාසි ලබාගත්තත් ඖෂධ අත්හදා බැලීමට ලක් වූ රෝගීන්ට අඩු මිලට එම ඖෂධ ලබා දීමට සූදානම්ව නැත. .පේටන්ට් අයිතිය සහිත ඖෂධ අප‍්‍රිකානු රටවල එ්ඞ්ස් රෝගීන්ට අඩුමිලට ලබාදීම ප‍්‍රතික්ෂේපකළ අවස්ථා පිළිබඳ උදාහරණ ඕනෑ තරම් ඇත. මෙම පර්යේෂන වල වානිජ ප‍්‍රතිලාභය සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ එම සමාගම් අයිතිකරුවන්ට සහ එම රටවල මහජනතාවටය. එ් නිසා අනතුරු පමණක් අපට ලබා දී ප‍්‍රතිලාභය තමා පමණක් තබාගැනීම වෙනුවට දෙකම තබා ගන්නා ලෙස එම රටලව දැනුවත් ජනතාව ඒ සමාගම් වලට කියා සිටිති.එ් නිසා අපේ රටේ ජනතාවද ඖෂධ අත්හදාබැලීමේ අනතුර බාරගන්නවා නම් බාරගත යුත්තේ ප‍්‍රතිලාභයට සාපේක්‍ෂවය. පර්යේෂණ කොන්ත‍්‍රාාත් ගෙන එ්ම සඳහා බ්‍රෝකර් වැඩ කරන වෛද්‍ය සමාගම් වලට සහ පිටරට ඖෂධ සමාගම් වලට පමණක් ප‍්‍රතිලාභ ලැබෙන දුෂ්ඨ සූරාකෑමේ ක‍්‍රියාවලියකට අප ජාතියක් ලෙස අප රටේ ජනතාව ගොදුරු කල යුතුද ?
මේ සියළු කරුණු සලකා බලීමේදී පනත සම්මත වුවහොත් අප රටට ඖෂධ අත්හදා බැලීමේ පර්යේෂණ සුනාමියක් ඇතිවනවාට කිසිදු සැකයක් නැත. අප රටේ විද්වතුන්, ආයතන සහ මහජනයා තාක්‍ෂණික වශයෙන් හෝ සංස්කෘතික වශයෙන්ද ඊට සූදානම් නැත. දැනට යම් පමණකට හෝ ස්වාධීනව ක‍්‍රියාත්මක වන සහ එසේ නොමැතිනම් ප‍්‍රශ්න කළ හැකි ආකාරයට හෝ ක‍්‍රියාත්මක වන ආචාරධර්ම විමර්ෂන කමිටු මේ පනත මගින් දඩුකඳේ ගැසීමට යෝජනා කොට ඇත. පනතට අනුව අදාළ ආචාරධර්ම කමිටු ප‍්‍රතිකරණය කල යුතුය. එ් අනුව එම ආයතන සායනික පර්යේෂන නියාමන එ්කකයේ නිලධාරීන්ගේ අනසකට යටත් කළ හැකි වනු ඇත. සේවා සපයන ආයතනයක් ප‍්‍රතිතරණය කිරීම තේරුම් ගත හැක. නමුත් ආචාරධර්ම කමිටුවක් රෝහලක් මෙන් සේවා සපයන්නේ නැත. එසේම පනත මඟින් මෙම ආචාරධර්ම කමිටු වලට ප‍්‍රායෝගිකව ඉටුකිරීමට අපහසු නිරන්තරයෙන් අත්හදාබැලීම් විමර්ෂණය කිරිමේ වගකීමද පවරා ඇත. එවිට සිදුවන්නේ එම කමිටුවලටද ඒ සඳහා මුදල් ලබාදෙමින් ඔවුන් යටත්කිරිමේ ඉඩකඩ වැඩිකර ගැනීමයි. එසේම තවත් පැත්තකින් පර්යේෂණය සඳහා බලපත‍්‍ර ලබාගැනීමට ඉල්ලූම් කිරිමේදී ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය ලැබීමට පෙර සායනික පර්යේෂණ නියාමන ඒකකයට අයදුම්පත් ඉදිරිපත්කිරිමට ඉඩ සලසා ඇත. ඒ මගින් ආචාර ධර්ම කමිටුව අවතක්සේරු කරන අතර ඊට බලපෑම් කිරිමටද ඉඩ කඩ සැලසේ. ඒ අනුව පනත මඟින් ඇත්ත නියාමන ක‍්‍රියාවලියක් අරමුණු කරන බව උපකල්පනය කලත් එම ප‍්‍රතිපාදනය මුලික වශයෙන්ම අරමුණට පටහැනි වේ.
මෙම පනතේ දක්නට ලැබෙන හාස්‍යජනකම සහ භායනකම ප‍්‍රතිපාදනය වන්නේ ඖෂධ අත්හදාබැලීමේ බලපත‍්‍ර ලබාදීමේ බලය දැනට පවතින ඖෂධ අධිකාරියට පවරාදීමයි. ඖෂධ අධිකාරිය ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ සෞඛ්‍ය සේවයේ අවශ්‍යතාවයට වඩා ඖෂධ සමාගම්වල අවශයතාවයට අනුකම්පා සහගතව ක‍්‍රියාකරන ආයතනයක් ලෙසය. ඖෂධයක ගුණාත්මකභාවය නොසලකමින් එකම ඖෂධයේ විවිධ වෙළඳනාම සිය ගණනින් ලියාපදිංචිකොට ඖෂධ 10,000කට අධික දිර්ඝ ලැයිස්තුවකට ඔවුන් හිමිකම් කියන්නේ ඒ නිසාය. ඖෂධ අධිකාරියේ මෙම ‘‘සමාගම් හිතවාදි’’ ලිහිල් ප‍්‍රතිපත්තිය නිසා අද රාජ්‍ය ඖෂධ සංස්ථාව ඖෂධ ආනයනය කිරිමේදී බරපතල මූලික ගැටළුවකට මුහුණ දී ඇත. අද එම ආයතනයට සිදුවී ඇත්තේ කසල ගොඩකට අතදමා ඉදිකටුවක් සොයන්නා සේ විවිධ ගුණාත්මක මට්ටම්වල ඖෂධ දස දහස් ගණනක් අතුරින් සුදුසු දේ තෝරාගැනීමටය. ඒ නිසාම වංචා කිරිමේ ඉඩකඩ මෙන්ම තත්ත්වයේදි බාල ඖෂධ බහාලූම් පිටින් විනාශ කිරිමේ අවස්ථාද වැඩි වී ඇත. ඒ අනුව එවැනි දුර්වල ආයතනයකට ඖෂධ අත්හදාබැලීමේ සහ අදාල පර්යේෂණ ද්‍රව්‍යය ආනයනය කිරිමේ බලපත‍්‍ර ලබාදීම සඳහා බලයදීම යනු නරින්ට කුකුලන් බාරදුන්නා හා සමාන දෙයකි.
මෙම පනතේ රෙගුලාසි සෑදීමට අමාත්‍යවරයාට බලය ලබාදෙන සුවිශේෂි වගන්ති අතරට වැදගත් තීරණාත්මක කාරණා ඇතුල්කොට නැත. බලපත‍්‍රය සඳහා ඉල්ලූම්කරන ආකාරය, බලපත‍්‍ර ආකෘතිය ආදි සරල දේ පමණක් ඊට ඇතුල්කොට ඇත. නමුත් පර්යේෂණ සඳහා රාජ්‍ය ආයතන සමඟ ගිවිසුම් ගතවීමේදී රජයට සහ රෝගීන්ට ලැබෙන මුල්‍ය ප‍්‍රතිලාභ නිර්ණය කිරිම සහ රෝගීන්ගේ අයිතිවාසිකම් සහ ආරක්‍ෂාවට අදාල රෙගුලාසි සඳහා ප‍්‍රතිපාදන ඇතුල්කොට නැත. එසේ වුවත් ඖෂධ සමාගම් බලපත‍්‍ර ලබාගැනීම සඳහා ඉල්ලූම් කිරිමේදී එම ක‍්‍රියාවලිය පමාවීම වැලැක්වීමට අදාල රෙගුලාසි සඳහා ප‍්‍රතිපාදන ඇතුල්කොට ඇත. මේවා එසේ සිදුවන්නේ නොදන්නාකම හෝ අතපසුවීම නිසා නොවන බව කුඩා ළමයකුට වුවද තේරුම්ගත හැක.
එසේම මෙම පනතේ වැදගත්ම බලයලත් කමිටුව වන නියාමන විමර්ෂණ කමිටුව පත්කිරිම්දී දැනට ඖෂධ අත්හදාබැලිමේ පර්යේෂණ සමඟ සම්බන්ධකම් ඇති විශේෂඥයින් දෙදෙනෙකු නම් කිරිමේ ඉඩකඩ ඇත. ඒ අනුව දැනට පනත ගෙනඒමට වලිකන බ්‍රෝකර් වෛද්‍ය සමාගම් දෙකේ ලොක්කන් දෙදෙනා ඊට පත්වනු ඇත. එය හොරාගේ අම්මාට විනිසුරු පදවිය බාරදීමක් මිස අන් යමක් නොවේ. මේ පනත තුළ සමාගම්වලට රිංගායාමට විශාල කවුළුවක්ද විවරකොට ඇත. ඒ හදිසි රෝගි තත්ත්වයන් සහ ලංකාවේ බහුලව පවතින රෝගවලට අදාල ඖෂධ යන ලේබලය යටතේ අවශ්‍ය තොරතුරු සියල්ල ලබානොදී බලපත‍්‍ර ලබාගැනීමේ ඉඩසැලසීම මගිනි. එසේම යම් සමාගමක් වැරදි කලහොත් ඔවුන් අසාදු ලේඛනගත කිරිමේ ප‍්‍රතිපාදන පනත මගින් සලසා නැත. එසේ වුවත් බලපත‍්‍ර අවලංගු කලහොත් හෝ රෝහලක් විසින් ගිවිමුසම සංශෝධනය කිරිමට ඉල්ලා සිටියහොත් ඊට එරෙහිව දේශිය සහ විදේශීය අධිකරණ වෙත යාමට විශාල බලයක් සමාගම් වලට ලැබේ. පනතේ ඇති තවත් තක්කඩිම ප‍්‍රතිපාදනයක් වන්නේ අධිකාරිය විසින් බලපත‍්‍ර දීම ප‍්‍රතික්‍ෂ්පකලහොත් එය නැවත ලබාදීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාට අත්තනෝමතික තනී බලයක් පවරා දීමයි.
යෝජිත පනතේ මුලාරම්භයේ සඳහන් වන්නේ රටේ ජනයාගේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කිරිම සඳහා මෙම පනත ගෙන එන බවයි. ඒ අරමුණ ජයගැනීම සඳහා රටක් ලෙස අප කලයුතු පළමු දෙය සෞඛ්‍ය සේවය ඖෂධ මාෆියාවෙන් ගලවා ගැනීමයි. නමුත් යෝජිත පනත මගින් යෝජනාකරන්නේ එහි ප‍්‍රතිවරුද්ධ දේ බව ඉතා පැහැදිලිය. සෞඛ්‍ය අමාත්‍යතුමාට තවමත් ඖෂධ ප‍්‍රතිපත්තිය රටට ඉදිරිපත් කිරිමට නොහැකි වන්නේ මේ බලසම්පන්න ඖෂධ මාෆියාව නිසා බව එතුමා විවිධ අවස්ථාවල වක‍්‍රව පවසා ඇත. ඒ අනුව ඒ ප‍්‍රතිපත්තිය පසෙක තිබියදී බහුජාතික සමාගම් වෙනුවෙන් ඖෂධ අත්හදාබැලිමේ පනත ගෙන ඒම මගින් පෙන්නුම් කරන්නේ ඔවුන් ගරු අමාත්‍යතුමාට වඩා බලසම්පන්න බවද? දැන් ඒ අනුව එතුමා ඉදිරියේ නව සටන් බිමක්ද විවෘත වී ඇත. එතුමා ඒ අභියෝගය බාරගන්නා බවට සැකයක් නැත. එසේම රටට ආදරය කරන විද්වතුන් සහ ජනතාවද ඒ සටනේදි එතුමා සමඟ සිටගන්නා බවටද සැකයක් නැත.
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
මහ ලේකම්, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය