Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රෝනින් වරු 47 දෙනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෝනින් වරු 47 දෙනා

සමුරායි සහ රෝනින්

සමුරායි වරු කියන්නේ අතීත ජපානයේ හිටපු සමාජ - ආර්ථික පන්තියක්. ඔවුන් තමයි ජපන් සමාජයේ ඉහළම ස්ථරය වුනේ. ජපානයේ ඉඩම් හිමි පන්තිය වුනේ සමුරායි වරු. ජපානයේ ප්‍රාන්ත පාලනය වුනේ බලවත් සමුරායි වරයෙක් යටතේ. මේ ප්‍රාදේශීය පාලකයෝ හැඳින්වුනේ "දයිමියෝ" නමින්. දයිමියෝ වරු අතරින් වඩාත්ම බලවත් දයිමියෝ වරයා මුළු ජපානයේම පාලනය ගෙනගියා. ඔහු හැඳින්වුනේ "ෂෝගුන්" නමින්. නිල වශයෙන් ෂෝගුන් අධිරාජ්‍යයා වෙනුවෙන් පාලය ගෙන ගියත්, ඇත්ත වශයෙන්ම නියම පාලකයා වුනේ ෂෝගුන්. අධිරාජ්‍යයාට තිබුනේ නාම මාත්‍රික බලයක් පමණයි.

හැම සමුරායි කෙනෙකම දයිමියෝ වරයෙක් හෝ ෂෝගුන් යටතේ සේවය කරා. මේ සේවය වෙනුවෙන් සමුරායි වරුන්ට ස්වාමියා ගෙන් ඉඩම් ලැබුනා.

ස්වාමියා මිය යාම හෝ වෙනත් හේතුවක් නිසා ස්වාමියෙක් නොමැති සමුරායි වරයෙක් හැඳින්වුනේ "රෝනින්" කියලා. ස්වාමියෙක් නොමැති වීම නිසා බොහෝ විට රෝනින් වරයෙක්ට ඉඩම් තිබුනෙත් නෑ. ඒ නිසා බොහෝ රෝනින් වරු ගත කලේ සංචාරක දිවියක්.

රෝනින් වරු 47 දෙනා

රෝනින් වරු 47 දෙනා, රෝනින් වරු 47 දෙනාගේ පළිගැනීම, අකෝ සිදුවීම, අකෝ පළිගැනීම ආදී විවිධ නම් වලින් හැඳින්වෙන්නේ 1703 දී ජපානයේ සිදු වූ සිදුවීමක්. මේ සිදුවීම වීරත්වය, පක්ෂපාතීබව, නිර්භීතබව සහ කැපවීම පිළිබඳ පුරාවෘතයක් විදිහට ජපන් ඉතිහාසයට එක් වෙලා තියෙනවා.

අතීත ජපානයේ දයිමියෝ වරු වසරේ යම්කිසි කාලසීමාවක් තෝකියෝ (එවකට එදෝ) නගරයේ ෂෝගුන් සහ අධිරාජ්‍යයා ගේ සේවයේ ගත කළ යුතු වුනා. මේ සම්ප්රදාය ඇති වුනේ දයිමියෝ වරුන් ගේ පක්ෂපාතීබව පවත්වාගන්න. මේ සේවය හැඳින්වුනේ "සන්කින් කෝතයි" කියල.

ආරවුල ඇතිවීම

1701 දී සන්කින් කෝතයි සේවයේ යෙදී සිටි දයිමියෝ වරු දෙදෙනෙක් ට අධිරාජ්‍යයා ගේ පිරිවර වෙනුවෙන් එදෝ මාළිගයේ උත්සවයක් සංවිධානය කරන්න පැවරෙනවා.

මේ දයිමියෝ වරු දෙන්නා වෙන්නේ බටහිර ජපානයේ ත්සුවනෝ ප්‍රාන්තයේ පාලකයා වුන කමෙයි කොරෙචිකා සහ මධ්‍යම ජපානයේ කුඩා ප්‍රාන්තයක් වුන අකෝ ප්‍රාන්තයේ පාලකයා වුන අසනෝ නගනොරි.

අසනෝ නගනොරි

මේ කාර්යය අධීක්ෂනය කරන්න සහ ඔවුන්ට අවශ්‍යය උපදෙස් ලබාදෙන්න ෂොගුන් වරයා විසින් පත් කරන නිලධාරියා වෙන්නෙ කිරා යොෂිනක. කිරා යොෂිනක ඉතාමත් බලවත් වගේම ඉතාමත් දූෂිත නිලධාරියෙක්. ඔහු දයිමියෝ වරු දෙන්න ගෙන් අල්ලස් බලාපොරොත්තු වෙනවා. ඒවා නොලැබුනු විට ඔහු ඔවුන්ට ඉතාමත් නරක විදිහට සලකන්න පටන් ගන්නවා.

කිරා යොෂිනක ගේ මේ හැසිරීමෙන් කෝපයට පත් වෙන කමෙයි කොරොචිකා ඔහුට පහර දෙන්න සැරසුනත්, ඊට පෙර කොරොචිකා ගේ සහයකයන් කිරා යොෂිනකාට විශාල අල්ලසක් ලබා දීමෙන් තත්වය සමථයකට පත් කරනවා.

නමුත් තරුණ සහ ප්‍රතිපත්තිගරුක සමුරායි වරයෙක් වුන අසනෝ නගනොරි අල්ලස් දීම දිගටම ප්‍රතික්ෂේප කරනවා. මේ නිසා යොෂිනක සහ නගනොරි අතර ගැටුමක් ඇති වෙනවා. මේ ගැටුම බහින්බස් වීමක් දක්වා දුරදිග ගිය අවස්ථාවක යොෂිනක "සිරිත් විරිත් නොදන්න ගොඩයෙක්" වශයෙන් නගනොරි ට අපහාස කරනවා. තවදුරටත් අපහාස විඳගන්න නොහැකි වෙන නගනොරි කිණිස්සකින් යොෂිනක ට පහර දෙනවා. කිණිසි පහරින් ඔහුගේ මුහුණ කැපෙනවා.

අසනෝ නගනොරි කිරා යොෂිනක ට පහර දීම.

ෂෝගුන් වරයාගේ මාළිගාව තුලදී ෂෝගුන් වරයාගේ උසස් නිලධාරියෙක්ට පහර දීම ඉතාම බරපතල වරදක් විදිහටයි සැලකුනේ. විශේෂයෙන්ම ෂෝගුන් වරයාගේ ආරක්ෂාව සහතික කිරීමේ පියවරක් වශයෙන් මාළිගය තුල කිසිම ආකාරයක ප්‍රචන්ඩකාරී හැසිරීමක යෙදීම සම්පූර්නයෙන්ම තහනම් කරල තිබුනා. මේ නිසා අසානෝ නගනොරි ට මරණ දඬුවම හිමිවෙනවා.

ඒ කාලයේ සමුරායි වරයෙක්ට මරන දඬුවම දුන්නේ බඩ කපාගෙන මිය යාමට අණ කිරීමෙන්. මේ බඩ කපා ගැනීමේ ක්‍රියාව හැඳින්වුනේ "සෙප්පුකු" කියලා. අසානෝ නගනෝරි ත් සෙප්පුකු ක්‍රමයට දිවි තොර කර ගන්නවා. ඔහුගේ සියළුම ඉඩම් සහ දේපල රාජසන්තක කරන්න ෂෝගුන් වරයා අණ දෙනවා.

අසානෝ ව මිහිදන් කරන්නේ එදෝ නගරයේ තියෙන ප්‍රසිද්ධ පන්සලක් වන සෙංගකු-ජි පන්සලේ සුසාන භූමියේ.

අසනෝ නගනොරි ගේ සොහොන් ගැබ

සමුරායි කෙනෙක් සෙප්පුකු කරගන්න කලින් කවියක් ලියන එක සිරිතක්. මේ නගනොරි ගේ "මරණයේ කවිය"

"තමාව පා කර හරින්නට සුළඟකට ඇරයුම් කරන සකුරා මලකටත් වඩා මම කල්පනා කරමි, වසන්තයේ ඉතුරු කාලයේ කරන්නේ කුමක් ද කියා"

සැලසුම

නගනොරි යටතේ සමුරායි වරු 300 ක් සේවය කලා. ඔහුගේ මරණයත් සමඟම ඒ සියළු දෙනා රෝනින් වරු බවට පත් වෙනවා.

මේ අතරින් 47 දෙනෙක් ස්වාමියා ගේ මරණය වෙනුවෙන් පළි ගන්න සූදානම් වෙනවා. මේ පිරිසේ නායකත්වය ගන්නේ නගනොරි ගේ ප්‍රධාන උපදේශකයා විදිහට කටයුතු කළ ඔයිෂි යොෂියෝ.

ඔයිෂි යොෂියෝ

නමුත් ඔයිෂි යොෂියෝ පළිගැනීමකට අර අදින බව යොෂිනක ට ආරංචි වෙනවා. ඔහු යොෂියෝ සහ අනෙකුත් රෝනින් වරු ගැන සැලකිල්ලෙන් ඉන්න ඔත්තු කාරයන් යවනවා.

ඒත් ටික කලකින්ම ඔවුන් ගේ පලිගැනීමේ අදහස නැති වෙන බවක් තමයි පේන්නෙ. රෝනින් වරු විසිර යනවා. බොහෝ දෙනා පැවිදි වෙනවා. තව අය සමුරායි ජීවිතයට සමු දීලා වෙළෙඳාමට යනවා. යොෂියෝ බීමත් කමට ඇබ්බැහි වෙනවා.

ටික කලකින්ම යොෂියෝ තමාගේ විසි වසරක විවාහ ජීවිතය අවසන් කරලා ඔහුගේ බිරිඳ දික්කසාද කරනවා. ඔහු අකෝ නගරය අතහැරලා ක්.යෝතෝ නගරයට යනවා. එහෙදී ඔහුගේ ජීවිතය ගෙවෙන්නෙ තැබෑරුම් සහ ගණිකා නිවාස අස්සෙ. ටික කලකින්ම ඔහු ක්.යෝතෝ නගරයේ ප්‍රසිද්ධ බේබද්දෙක් විදිහට හංවඩු ගැහෙනවා. ඔහු බීමතින් කල කෝලහල ඇති කරගන්නවා. බීමතින් පාරේ වැටිල ඉන්නවා. සමහර අවස්ථාවලදී ඔහු පාරේ වැටිල ඉද්දි මිනිස්සු පිළිකුලෙන් ඔහුට කෙල ගහනවා, පයින් ගහනවා. සමුරායි වරයෙක් ගේ ඇඟට අත තැබීම පවා බරපතල වරදක් වුන කාලයක මේ විදිහට සිදු වීම යොෂියෝ ගේ පිරිහීම හොඳටම පෙන්නන සාධකයක්.

යොෂිනක ගේ ඔත්තු කාරයෝ මේ බව ඔහුට දන්වනවා. තමාගේ අනතුර පහව යන බව හිතන යොෂිනක ආරක්ෂක විධි විදාන අඩු කරනවා. මේ විදිහට අවුරුදු එකහමාරක් ගත වෙනවා.

නමුත් මේ සියළු දේ යොෂිනක මුලා කරන්න යොදපු උපායක් විතරයි. යොෂියෝ බිරිඳව දික්කසාද කරන්නෙ ඉදිරියේ වීමට නියමිත දේ වලින් ඇයට අනතුරක් වීම වලක්වන්න.

ඒ අතරේ අනෙක් රෝනින් වරු හොරෙන්ම යොෂිනක ගැන විස්තර හොයනවා. ඔවුන් භික්ෂූන් සහ වෙළෙන්දන් විදිහට වෙස්වලාගෙන ඔහුගේ නිවසේ සැලසුම, එහි ඉන්න අය, ඔවුන් ගේ චරිත ලක්ෂන යනාදිය ගැන විස්තර එකතු කරනවා. ඔකනෝ කන්හිදේ කියන රෝනින් වරයා යොෂිනක ගේ ගෙදර හදපු ගෘහ නිර්මාන ශිල්පියාගේ දුව විවාහ කරගන්නව. ඒ ගෙදර සැලසුම් ලබා ගැනීමේ අරමුනෙන්. වෙළෙන්දෝ වගේ වෙස්වලාගත්ත රෝනින් වරු රහසිගතව ආයුධ එදෝ නගරයට ගේනවා. ඔවුන් ගේ සන්නාහයන් සියල්ලම ඔවුන් තම අතින්ම සකසා ගත්නවා. ඒ සන්නාහ මිලදී ගැනීමෙන් සැක ඇති වෙයි කියල.

මේ සියල්ල මෙහෙයවන්නේ යොෂියෝ.

ප්‍රහාරය

1703 ජනවාරි මාසයේ දවසක රෝනින් වරු රහසිගතව එදෝ නගරයේ තැනක රැස් වෙනවා. ඔවුන් ඉතාමත් සූක්ෂම සැලසුමක් හදනවා යොෂිනක ගේ නිවසට පහර දෙන්න.

ජනවාරි 3 වෙනි දා කියන්නෙ එදෝ නගරයේ දැඩි සුළං සහ හිම පතනයක් තිබුන දවසක්. රෝනින් වරු තමාගේ ප්‍රහාරයට යොදා ගන්නෙ ඒ දවස.

රෝනින් වරු කණ්ඩායම් දෙකකට බෙදෙනවා. පළමුවන කණ්ඩායම මෙහෙයවනේ යොෂියෝ. ඔවුන් ගෙදර ප්‍රධාන දොරටුවෙන් පහර දෙනවා. පසුපස දොරටුවෙන් පහර දෙන දෙවන කණ් ඩායම මෙහෙයවන්නේ යොෂියෝ ගේ පුතා වන ඔයිෂි යොෂිකනේ. ප්රහාරයන් දෙකම එල්ල වෙන්නෙ එකම වෙලාවේ. ප්‍රහාරයට සංඥාවෙ දෙන්නෙ බෙර හඬකින්. ප්‍රහාරය සාර්ථක වුනාම ඒ බව නලා හඬකින් දැනුම් දෙන්න සැලසුම් කරනවා.

ඔවුන් සැලසුම් කරන්නේ යොෂිනක ගේ හිස කපලා එය තම ස්වාමියාගේ සොහොන මත තබන්න. ඊට පස්සෙ ඔවුන් අවි බිම තියලා යටත් වෙන්න සැලසුම් කරනවා. හැම දෙනෙක්ම මරණ දඬුවම බලාපොරොත්තුවෙන් තමයි ප්‍රහාරයට එක් වෙන්නේ.

නියමිත වෙලාවට යොෂියෝ ගේ කණ්ඩායමේ රෝනින් වරු හතර දෙනෙක් ගෙදර තාප්පය නැගලා ප්‍රධාන ගේට්ටුව මුර කරන මුරකරුවන්ට පහර දෙනවා.

ඒ අතරේ යොෂියෝ රහසිගතව අසල්වැසි නිවෙස් වලට පණිවුඩ යවනවා ඔවුන් හොරු නොවන බවත්, ප්‍රහාරය එල්ල කරන්නේ පළිගැනීමේ අරමුණෙන් විතරක් බවත්.

යොෂියෝ ගේ කණ්ඩායමේ දුනුවායන් ස්ථානගත වුනාට පස්සෙ යොෂියෝ බෙර හඬ නංවනවා. බෙර හඬින් අවදි වන මුර කරුවන් යොෂියෝ ගේ කණ්ඩායම එක්ක සටන් කරන අතරතුරේ යොෂිකනේ ගේ කණ්ඩායම නිවසේ පසුපසින් ගේ ඇතුලට කඩා වදිනවා.

බැරැක්ක වල ඉඳල නිවස ඇතුලට එන්න තැත් කරන මුරකරුවන් වහල උඩ ඉන්න දුනුවායන් ගේ ප්‍රහාර වලින් මිය යනවා. ඒ අතරේ දී යොෂියෝ ගේ කණ්ඩායමත් නිවස ඇතුලට කඩා වදිනවා.

මුරකාරයෝ තත්වය දරුණු බව වටහාගෙන උදව් ඉල්ලලා පණිවුඩ කාරයෝ යවනවා. නමුත් යොෂිනකා නිවසෙන් පිට ස්ථානගත කරල ඉන්න දුනුවායෝ පණිවුඩකාරයන් ව මරා දානවා.

සටන නිමා වෙද්දි යොෂිනකා ගේ මුරකරුවන් 16 ක් මිය ගිහින්. 22 ක් තුවාල ලබලා. ඔහුගේ මුණුපුරත් තුවාල ලබපු අය අතරේ. එක රෝනින් වරයෙක් වත් මිය යන්නේ නෑ.

නමුත් රෝනින් වරුන්ට යොෂිනකා හොයාගන්න බැරි වෙනවා. ප්‍රහාරය අසාර්ථක වුනා කියල රෝනින් වරු කලබල වුනත්, යොෂිනකා ගේ ඇඳ තවමත් උණුසුම් බව දකින යොෂියෝ ඔහු නිවස ඇතුලෙම සැඟවී ඉන්න බව වටහා ගන්නවා.

යොෂිනකා ගේ මරණය

රෝනින් වරු මුළු නිවසම පරීක්ෂා කරනවා. එහිදී ඔවුන්ට විශාල බිත්ති සැරසිල්ලක් පසුපස සැඟවී තියෙන රහසිගත දොරටුවක් හමු වෙනවා. ඒ දොරටුව විවෘත වෙන්නෙ රහස් මැද මිදුලකට. එහි සැඟවී ඉන්න තවත් මුර කරුවන් දෙන්නෙක් මරා දැමෙන අතර තවෙකෙක් ජීවග්රහයෙන් අල්ලා ගැනෙනවා.

සිරකරුවා තමන් කවුද කියලා කීම ප්‍රතික්ෂේප කරත්, රෝනින් වරු ඒ කිරා යොෂිනක බව හඳුනා ගන්නවා. ඒ අසානෝ ගේ කිණිසි පහරෙන් ඔහුගේ මුහුණේ තිබ්බ තුවාල කැලලෙන්.

යොෂියෝ ඔහු ඉදිරිපිට දණින් වැටිලා තමන් අසානෝ ගේ සමුරායි වරු බවත්, ස්වාමියා වෙනුවෙන් පළිගන්න ආපු බවත් කියනවා. රෝනින් වරු ඔහුට නියම සමුරායි වරයෙක් වගේ ගෞරවාන්විතව සෙප්පුකු කරගෙන මිය යන්න අවස්ථාව දෙනවා. නමුත් යොෂිනකා බියෙන් වෙව්ලමින් බිම බඩගානවා.

යොෂිනකා සෙප්පුකු කරගන්නේ නැති බව දකින යොෂියෝ ඔහුගේ හිස කපා මරා දාන්න අණ දෙනවා.

කිරා යොෂිනකා ගේ හිසත් එක්ක රෝනින් වරු නිවසෙන් පිට වෙනවා.

එක් රෝනින් වරයෙක්, තෙරසක නොබුයුකි, අකෝ නගරයට යැවෙනවා ප්‍රහාරය සාර්ථක වුන බව දැනුම් දෙන්න.

ප්‍රහාරයෙන් පසු

රෝනින් වරු 46 දෙනා (තෙරසකා හැර අනික් අය) එදෝ නගරය මැදින් යොෂිනක ගේ හිසත් අරගෙන අසානෝ ගේ සොහොන බලා සෙංගකු-ජි පන්සලට එනවා. මේ වෙන විට උදේ වෙලා. මග දෙපස රෝනින් වරු දැකගන්න විශාල සෙනඟක් එක් රැස් වෙනවා. ඔවුන්ට ප්‍රහාරය ගැන ආරංචි වෙනවා. යොෂිනක ගේ නිවසේ සිට සෙංගකු-ජි පන්සලට ඇති කිලෝමීටර් 10 ක පමණ දුර පුරාවටම මග දෙපස ඉන්න මිනිස්සු රෝනින් වරුන්ට කෑම බීමෙන් සංග්‍රහ කරනවා.

යොෂිනක ගේ හිස සමඟ සෙංගකු-ජි පන්සලට යන රෝනින් වරු

ඔවුන් පන්සලේදී යොෂිකවා ගේ හිස ළිඳකින් සෝදා පිරිසිදු කර එය අසානෝ ගේ සොහොන මත තියනවා. ඊට පසු ඔවුන් පන්සලට ගිහින් වැඳ පුදාගෙන ඔවුන් සතු සියළු මුදල් සහ වටිනා වස්තු පන්සලට දන් දෙනවා. ඔවුන් නායක හිමියන් ගෙන් ඉල්ලනවා ඔවුන් මියගිය පසු ගෞරවාන්විතව මිහිදන් කරන ලෙසත්, ඔවුන් වෙනුවෙන් පින් අනුමෝදන් කරන ලෙසත්.

ඊට පසුව ඔවුන් ෂෝගුන් වරයාගේ නිලධාරින්ට භාර වෙනවා.

ෂොගුන් වරයා ඉදිරියේ තියෙන්නෙ අසීරු තීරණයක්. රෝනින් වරු අමු අමුවේ නීතිය කඩ කරලා. ඔහුගේ උසස් නිලධාරියෙක් ව මරා දාලා. ඔහුගේ ආධිපත්‍යයට අභියෝග කරලා. නමුත් මේ වෙද්දි එදෝ වල වැසියන් රෝනින් වරුන්ට සලකන්නේ වීරයන්ට වගේ. මේ නිසා ෂෝගුන් වරයා රෝනින් වරුන්ට මරණ දඬුවම දීම වෙනුවට ඔවුන්ට ගෞරවාන්විතව සෙප්පුකු කරගන්න අවස්ථාව දෙනවා.

1703 පෙබරවාරි 4 වෙනිදා රෝනින් වරු 46 දෙනාම සෙප්පුකු කරගැනීමෙන් දිවි හානි කරගන්නවා. පිරිසේ ලාබාලම රෝනින් වරයා වෙන්නේ ඔයිෂී යොෂිකනේ. ඔහුට වයස අවුරුදු 16 යි. අකෝ නගරයට පණිවුඩය ගෙන ගිය තෙරසක නොබුයුකි ට සමාව ලැබෙනවා.

රෝනින් වරු 46 දෙනාගේ සිරුරු සෙංගකු-ජි පන්සලේ ඔවුන් ගේ ස්වාමියාගේ සොහොන ඉදිරිපිට මිහිදන් කෙරෙනවා.

රෝනින් වරු ජපන් ජනතාව අතර වීරත්වයට පත් වෙනවා. ඔවුන් ගේ සොහොන් දැක ගන්න දහස් ගණන් ජනතාව එන්න පටන් ගන්නවා.

මේ අතර ඉන්නවා ක්.යෝතෝ නගරයේදී ඔයිෂි යොෂියෝ බීමතින් මග වැටිල ඉද්දි ඔහුට පයින් ගහපු පුද්ගලයෙක්. ඔහු ඔයිෂි ගේ සොහොන ඉදිරියේ දණ ගහල ඔයිෂී ගෙන් සමාව අයදිනවා. ඉන්පසු එතැනදීම දිවි නසා ගන්නවා. ඔහුගේ සිරුරත් ඒ අසලින්ම මිහිදන් කෙරෙනවා.

තෙරසක නොබුයුකි අවුරුදු 87 වෙනකන් ජීවත් වෙනවා. ඔහු 1747 දී මියගිය පසු ඔහුගේ සිරුරත් මිහිදන් කරන්නේ ඔහුගේ සගයන් සමඟ.

රෝනින් වරුන් ගේ ආයුධ, සන්නාහ, ඔවුන් සංඥා කිරීම සඳහා යොදා ගත්ත බෙරය සහ නළාව අදටත් සෙංගකු-ජි පන්සලේ ගෞරවාන්විතව තැන්පත් කරල තියෙනවා.

යොෂිනක ගේ හිස ලබා ගන්න ඔහුගේ මිතුරන් දෙදෙනෙක් පන්සලට එනවා. ඔවුන් ට හිස ලබා දීමේදී මිතුරන් දෙදෙනා සහ නායක හිමිනම අත්සන් කළ ලියැවිල්ලක් අද වෙනතුරු සෙංගකු-ජි පන්සලේ තියෙනවා.

අසානෝ පවුලේ නම නැවතත් සියළු චෝදනාවන් ගෙන් නිදහස් කරලා ඔවුන්ට තමාගේ ඉඩම් නැවත ලබා දෙන්න ෂෝගුන් වරයා තීරණය කරනවා.

රෝනින් වරු 47 දෙනාගේ සොහොන් අදටත් ජපානයේ ජනතාවගේ නොමඳ ගෞරවයට පාත්‍ර වූ ස්මාරක වශයෙන් සැලකෙනවා.

සෙංගකු-ජි පන්සල

රෝනින් වරු 47 දෙනා ගේ නම්

1. ඔයිෂි යොෂියෝ

2. ඔයිෂි යොෂිකනේ

3. හරා මොතොතොකි

4. කතඕකා තකෆුස

5. හොරිබේ අකිසනෙ

6. හොරිබේ තකෙත්සුනෙ

7. යොෂිදා කනෙසුකෙ

8. යොෂිදා කනෙසද

9. චිකමත්සු යුකිෂිගෙ

10. මසෙ මසාකි

11. මසෙ මසතොකි

12. අකබනෙ ෂිගෙකත

13. උෂියොද තකනෝරි

14. තොමිනොමොරි මසයෝරි

15. ෆුවා මසතනෙ

16. ඔකනො කනෙහිදෙ

17. ඔනොදෙරා හිදෙකසු

18. ඔනොදෙරා හිදෙතොමි

19. කිමුරා සදයුකි

20. ඔකුදා ෂිගෙමොරි

21. ඔකුදා යුකිතකා

22. හයාමි මිත්සුතක

23. යදා සුකෙතකෙ

24. ඔයිෂි නොබුකියෝ

25. ඉසොගයි මසහිසා

26. හසම මිත්සුනොබු

27. හසම මිත්සුඔකි

28. හසම මත්සුකසෙ

29. නකමුරා මසතොකි

30. සෙංබා මිත්සුතබා

31. සුගයා මසතෝෂි

32. මුරමත්සු හිදෙනඔ

33. මුරමත්සු තකනඔ

34. කුරහෂි තකෙයුකි

35. ඔකජිම ත්සුනෙෂිගෙ

36. ඕතක තදාඕ

37. යතෝ නොරිකනෙ

38. කත්සුත තකෙතක

39. තකෙබයෂි තකෂිගෙ

40. මයෙබර මුනෙෆුස

41. කයිගා තොමොනොබු

42. සුගිනො ත්සුගිෆුස

43. කන්සකි නොරියසු

44. මිමුරා කනෙත්සුනෙ

45. යකොකවා මුනෙතොෂි

46. කයනො ත්සුනෙනරි

47. තෙරසක නොබුයුකි

[QUOTE="mayuri., post: 23326575, member: 291736"] [b]රෝනින් වරු 47 දෙනා[/b] [SIZE="3"] [IMG]http://i63.tinypic.com/zlyuxu.jpg[/IMG] සමුරායි සහ රෝනින් සමුරායි වරු කියන්නේ අතීත ජපානයේ හිටපු සමාජ - ආර්ථික පන්තියක්. ඔවුන් තමයි ජපන් සමාජයේ ඉහළම ස්ථරය වුනේ. ජපානයේ ඉඩම් හිමි පන්තිය වුනේ සමුරායි වරු. ජපානයේ ප්‍රාන්ත පාලනය වුනේ බලවත් සමුරායි වරයෙක් යටතේ. මේ ප්‍රාදේශීය පාලකයෝ හැඳින්වුනේ "දයිමියෝ" නමින්. දයිමියෝ වරු අතරින් වඩාත්ම බලවත් දයිමියෝ වරයා මුළු ජපානයේම පාලනය ගෙනගියා. ඔහු හැඳින්වුනේ "ෂෝගුන්" නමින්. නිල වශයෙන් ෂෝගුන් අධිරාජ්‍යයා වෙනුවෙන් පාලය ගෙන ගියත්, ඇත්ත වශයෙන්ම නියම පාලකයා වුනේ ෂෝගුන්. අධිරාජ්‍යයාට තිබුනේ නාම මාත්‍රික බලයක් පමණයි. හැම සමුරායි කෙනෙකම දයිමියෝ වරයෙක් හෝ ෂෝගුන් යටතේ සේවය කරා. මේ සේවය වෙනුවෙන් සමුරායි වරුන්ට ස්වාමියා ගෙන් ඉඩම් ලැබුනා. ස්වාමියා මිය යාම හෝ වෙනත් හේතුවක් නිසා ස්වාමියෙක් නොමැති සමුරායි වරයෙක් හැඳින්වුනේ "රෝනින්" කියලා. ස්වාමියෙක් නොමැති වීම නිසා බොහෝ විට රෝනින් වරයෙක්ට ඉඩම් තිබුනෙත් නෑ. ඒ නිසා බොහෝ රෝනින් වරු ගත කලේ සංචාරක දිවියක්. රෝනින් වරු 47 දෙනා රෝනින් වරු 47 දෙනා, රෝනින් වරු 47 දෙනාගේ පළිගැනීම, අකෝ සිදුවීම, අකෝ පළිගැනීම ආදී විවිධ නම් වලින් හැඳින්වෙන්නේ 1703 දී ජපානයේ සිදු වූ සිදුවීමක්. මේ සිදුවීම වීරත්වය, පක්ෂපාතීබව, නිර්භීතබව සහ කැපවීම පිළිබඳ පුරාවෘතයක් විදිහට ජපන් ඉතිහාසයට එක් වෙලා තියෙනවා. අතීත ජපානයේ දයිමියෝ වරු වසරේ යම්කිසි කාලසීමාවක් තෝකියෝ (එවකට එදෝ) නගරයේ ෂෝගුන් සහ අධිරාජ්‍යයා ගේ සේවයේ ගත කළ යුතු වුනා. මේ සම්ප්රදාය ඇති වුනේ දයිමියෝ වරුන් ගේ පක්ෂපාතීබව පවත්වාගන්න. මේ සේවය හැඳින්වුනේ "සන්කින් කෝතයි" කියල. ආරවුල ඇතිවීම 1701 දී සන්කින් කෝතයි සේවයේ යෙදී සිටි දයිමියෝ වරු දෙදෙනෙක් ට අධිරාජ්‍යයා ගේ පිරිවර වෙනුවෙන් එදෝ මාළිගයේ උත්සවයක් සංවිධානය කරන්න පැවරෙනවා. මේ දයිමියෝ වරු දෙන්නා වෙන්නේ බටහිර ජපානයේ ත්සුවනෝ ප්‍රාන්තයේ පාලකයා වුන කමෙයි කොරෙචිකා සහ මධ්‍යම ජපානයේ කුඩා ප්‍රාන්තයක් වුන අකෝ ප්‍රාන්තයේ පාලකයා වුන අසනෝ නගනොරි. [IMG]http://i68.tinypic.com/20p5y8o.jpg[/IMG] අසනෝ නගනොරි මේ කාර්යය අධීක්ෂනය කරන්න සහ ඔවුන්ට අවශ්‍යය උපදෙස් ලබාදෙන්න ෂොගුන් වරයා විසින් පත් කරන නිලධාරියා වෙන්නෙ කිරා යොෂිනක. කිරා යොෂිනක ඉතාමත් බලවත් වගේම ඉතාමත් දූෂිත නිලධාරියෙක්. ඔහු දයිමියෝ වරු දෙන්න ගෙන් අල්ලස් බලාපොරොත්තු වෙනවා. ඒවා නොලැබුනු විට ඔහු ඔවුන්ට ඉතාමත් නරක විදිහට සලකන්න පටන් ගන්නවා. කිරා යොෂිනක ගේ මේ හැසිරීමෙන් කෝපයට පත් වෙන කමෙයි කොරොචිකා ඔහුට පහර දෙන්න සැරසුනත්, ඊට පෙර කොරොචිකා ගේ සහයකයන් කිරා යොෂිනකාට විශාල අල්ලසක් ලබා දීමෙන් තත්වය සමථයකට පත් කරනවා. නමුත් තරුණ සහ ප්‍රතිපත්තිගරුක සමුරායි වරයෙක් වුන අසනෝ නගනොරි අල්ලස් දීම දිගටම ප්‍රතික්ෂේප කරනවා. මේ නිසා යොෂිනක සහ නගනොරි අතර ගැටුමක් ඇති වෙනවා. මේ ගැටුම බහින්බස් වීමක් දක්වා දුරදිග ගිය අවස්ථාවක යොෂිනක "සිරිත් විරිත් නොදන්න ගොඩයෙක්" වශයෙන් නගනොරි ට අපහාස කරනවා. තවදුරටත් අපහාස විඳගන්න නොහැකි වෙන නගනොරි කිණිස්සකින් යොෂිනක ට පහර දෙනවා. කිණිසි පහරින් ඔහුගේ මුහුණ කැපෙනවා. [IMG]http://i65.tinypic.com/210nm8y.jpg[/IMG] අසනෝ නගනොරි කිරා යොෂිනක ට පහර දීම. ෂෝගුන් වරයාගේ මාළිගාව තුලදී ෂෝගුන් වරයාගේ උසස් නිලධාරියෙක්ට පහර දීම ඉතාම බරපතල වරදක් විදිහටයි සැලකුනේ. විශේෂයෙන්ම ෂෝගුන් වරයාගේ ආරක්ෂාව සහතික කිරීමේ පියවරක් වශයෙන් මාළිගය තුල කිසිම ආකාරයක ප්‍රචන්ඩකාරී හැසිරීමක යෙදීම සම්පූර්නයෙන්ම තහනම් කරල තිබුනා. මේ නිසා අසානෝ නගනොරි ට මරණ දඬුවම හිමිවෙනවා. ඒ කාලයේ සමුරායි වරයෙක්ට මරන දඬුවම දුන්නේ බඩ කපාගෙන මිය යාමට අණ කිරීමෙන්. මේ බඩ කපා ගැනීමේ ක්‍රියාව හැඳින්වුනේ "සෙප්පුකු" කියලා. අසානෝ නගනෝරි ත් සෙප්පුකු ක්‍රමයට දිවි තොර කර ගන්නවා. ඔහුගේ සියළුම ඉඩම් සහ දේපල රාජසන්තක කරන්න ෂෝගුන් වරයා අණ දෙනවා. අසානෝ ව මිහිදන් කරන්නේ එදෝ නගරයේ තියෙන ප්‍රසිද්ධ පන්සලක් වන සෙංගකු-ජි පන්සලේ සුසාන භූමියේ. [IMG]http://i66.tinypic.com/mc3c04.jpg[/IMG] අසනෝ නගනොරි ගේ සොහොන් ගැබ සමුරායි කෙනෙක් සෙප්පුකු කරගන්න කලින් කවියක් ලියන එක සිරිතක්. මේ නගනොරි ගේ "මරණයේ කවිය" "තමාව පා කර හරින්නට සුළඟකට ඇරයුම් කරන සකුරා මලකටත් වඩා මම කල්පනා කරමි, වසන්තයේ ඉතුරු කාලයේ කරන්නේ කුමක් ද කියා" සැලසුම නගනොරි යටතේ සමුරායි වරු 300 ක් සේවය කලා. ඔහුගේ මරණයත් සමඟම ඒ සියළු දෙනා රෝනින් වරු බවට පත් වෙනවා. මේ අතරින් 47 දෙනෙක් ස්වාමියා ගේ මරණය වෙනුවෙන් පළි ගන්න සූදානම් වෙනවා. මේ පිරිසේ නායකත්වය ගන්නේ නගනොරි ගේ ප්‍රධාන උපදේශකයා විදිහට කටයුතු කළ ඔයිෂි යොෂියෝ. [IMG]http://i66.tinypic.com/2cpsu9y.jpg[/IMG] ඔයිෂි යොෂියෝ නමුත් ඔයිෂි යොෂියෝ පළිගැනීමකට අර අදින බව යොෂිනක ට ආරංචි වෙනවා. ඔහු යොෂියෝ සහ අනෙකුත් රෝනින් වරු ගැන සැලකිල්ලෙන් ඉන්න ඔත්තු කාරයන් යවනවා. ඒත් ටික කලකින්ම ඔවුන් ගේ පලිගැනීමේ අදහස නැති වෙන බවක් තමයි පේන්නෙ. රෝනින් වරු විසිර යනවා. බොහෝ දෙනා පැවිදි වෙනවා. තව අය සමුරායි ජීවිතයට සමු දීලා වෙළෙඳාමට යනවා. යොෂියෝ බීමත් කමට ඇබ්බැහි වෙනවා. ටික කලකින්ම යොෂියෝ තමාගේ විසි වසරක විවාහ ජීවිතය අවසන් කරලා ඔහුගේ බිරිඳ දික්කසාද කරනවා. ඔහු අකෝ නගරය අතහැරලා ක්.යෝතෝ නගරයට යනවා. එහෙදී ඔහුගේ ජීවිතය ගෙවෙන්නෙ තැබෑරුම් සහ ගණිකා නිවාස අස්සෙ. ටික කලකින්ම ඔහු ක්.යෝතෝ නගරයේ ප්‍රසිද්ධ බේබද්දෙක් විදිහට හංවඩු ගැහෙනවා. ඔහු බීමතින් කල කෝලහල ඇති කරගන්නවා. බීමතින් පාරේ වැටිල ඉන්නවා. සමහර අවස්ථාවලදී ඔහු පාරේ වැටිල ඉද්දි මිනිස්සු පිළිකුලෙන් ඔහුට කෙල ගහනවා, පයින් ගහනවා. සමුරායි වරයෙක් ගේ ඇඟට අත තැබීම පවා බරපතල වරදක් වුන කාලයක මේ විදිහට සිදු වීම යොෂියෝ ගේ පිරිහීම හොඳටම පෙන්නන සාධකයක්. යොෂිනක ගේ ඔත්තු කාරයෝ මේ බව ඔහුට දන්වනවා. තමාගේ අනතුර පහව යන බව හිතන යොෂිනක ආරක්ෂක විධි විදාන අඩු කරනවා. මේ විදිහට අවුරුදු එකහමාරක් ගත වෙනවා. නමුත් මේ සියළු දේ යොෂිනක මුලා කරන්න යොදපු උපායක් විතරයි. යොෂියෝ බිරිඳව දික්කසාද කරන්නෙ ඉදිරියේ වීමට නියමිත දේ වලින් ඇයට අනතුරක් වීම වලක්වන්න. ඒ අතරේ අනෙක් රෝනින් වරු හොරෙන්ම යොෂිනක ගැන විස්තර හොයනවා. ඔවුන් භික්ෂූන් සහ වෙළෙන්දන් විදිහට වෙස්වලාගෙන ඔහුගේ නිවසේ සැලසුම, එහි ඉන්න අය, ඔවුන් ගේ චරිත ලක්ෂන යනාදිය ගැන විස්තර එකතු කරනවා. ඔකනෝ කන්හිදේ කියන රෝනින් වරයා යොෂිනක ගේ ගෙදර හදපු ගෘහ නිර්මාන ශිල්පියාගේ දුව විවාහ කරගන්නව. ඒ ගෙදර සැලසුම් ලබා ගැනීමේ අරමුනෙන්. වෙළෙන්දෝ වගේ වෙස්වලාගත්ත රෝනින් වරු රහසිගතව ආයුධ එදෝ නගරයට ගේනවා. ඔවුන් ගේ සන්නාහයන් සියල්ලම ඔවුන් තම අතින්ම සකසා ගත්නවා. ඒ සන්නාහ මිලදී ගැනීමෙන් සැක ඇති වෙයි කියල. මේ සියල්ල මෙහෙයවන්නේ යොෂියෝ. ප්‍රහාරය 1703 ජනවාරි මාසයේ දවසක රෝනින් වරු රහසිගතව එදෝ නගරයේ තැනක රැස් වෙනවා. ඔවුන් ඉතාමත් සූක්ෂම සැලසුමක් හදනවා යොෂිනක ගේ නිවසට පහර දෙන්න. ජනවාරි 3 වෙනි දා කියන්නෙ එදෝ නගරයේ දැඩි සුළං සහ හිම පතනයක් තිබුන දවසක්. රෝනින් වරු තමාගේ ප්‍රහාරයට යොදා ගන්නෙ ඒ දවස. රෝනින් වරු කණ්ඩායම් දෙකකට බෙදෙනවා. පළමුවන කණ්ඩායම මෙහෙයවනේ යොෂියෝ. ඔවුන් ගෙදර ප්‍රධාන දොරටුවෙන් පහර දෙනවා. පසුපස දොරටුවෙන් පහර දෙන දෙවන කණ් ඩායම මෙහෙයවන්නේ යොෂියෝ ගේ පුතා වන ඔයිෂි යොෂිකනේ. ප්රහාරයන් දෙකම එල්ල වෙන්නෙ එකම වෙලාවේ. ප්‍රහාරයට සංඥාවෙ දෙන්නෙ බෙර හඬකින්. ප්‍රහාරය සාර්ථක වුනාම ඒ බව නලා හඬකින් දැනුම් දෙන්න සැලසුම් කරනවා. ඔවුන් සැලසුම් කරන්නේ යොෂිනක ගේ හිස කපලා එය තම ස්වාමියාගේ සොහොන මත තබන්න. ඊට පස්සෙ ඔවුන් අවි බිම තියලා යටත් වෙන්න සැලසුම් කරනවා. හැම දෙනෙක්ම මරණ දඬුවම බලාපොරොත්තුවෙන් තමයි ප්‍රහාරයට එක් වෙන්නේ. නියමිත වෙලාවට යොෂියෝ ගේ කණ්ඩායමේ රෝනින් වරු හතර දෙනෙක් ගෙදර තාප්පය නැගලා ප්‍රධාන ගේට්ටුව මුර කරන මුරකරුවන්ට පහර දෙනවා. ඒ අතරේ යොෂියෝ රහසිගතව අසල්වැසි නිවෙස් වලට පණිවුඩ යවනවා ඔවුන් හොරු නොවන බවත්, ප්‍රහාරය එල්ල කරන්නේ පළිගැනීමේ අරමුණෙන් විතරක් බවත්. යොෂියෝ ගේ කණ්ඩායමේ දුනුවායන් ස්ථානගත වුනාට පස්සෙ යොෂියෝ බෙර හඬ නංවනවා. බෙර හඬින් අවදි වන මුර කරුවන් යොෂියෝ ගේ කණ්ඩායම එක්ක සටන් කරන අතරතුරේ යොෂිකනේ ගේ කණ්ඩායම නිවසේ පසුපසින් ගේ ඇතුලට කඩා වදිනවා. [IMG]http://i65.tinypic.com/ndac7a.jpg[/IMG] බැරැක්ක වල ඉඳල නිවස ඇතුලට එන්න තැත් කරන මුරකරුවන් වහල උඩ ඉන්න දුනුවායන් ගේ ප්‍රහාර වලින් මිය යනවා. ඒ අතරේ දී යොෂියෝ ගේ කණ්ඩායමත් නිවස ඇතුලට කඩා වදිනවා. මුරකාරයෝ තත්වය දරුණු බව වටහාගෙන උදව් ඉල්ලලා පණිවුඩ කාරයෝ යවනවා. නමුත් යොෂිනකා නිවසෙන් පිට ස්ථානගත කරල ඉන්න දුනුවායෝ පණිවුඩකාරයන් ව මරා දානවා. සටන නිමා වෙද්දි යොෂිනකා ගේ මුරකරුවන් 16 ක් මිය ගිහින්. 22 ක් තුවාල ලබලා. ඔහුගේ මුණුපුරත් තුවාල ලබපු අය අතරේ. එක රෝනින් වරයෙක් වත් මිය යන්නේ නෑ. නමුත් රෝනින් වරුන්ට යොෂිනකා හොයාගන්න බැරි වෙනවා. ප්‍රහාරය අසාර්ථක වුනා කියල රෝනින් වරු කලබල වුනත්, යොෂිනකා ගේ ඇඳ තවමත් උණුසුම් බව දකින යොෂියෝ ඔහු නිවස ඇතුලෙම සැඟවී ඉන්න බව වටහා ගන්නවා. යොෂිනකා ගේ මරණය රෝනින් වරු මුළු නිවසම පරීක්ෂා කරනවා. එහිදී ඔවුන්ට විශාල බිත්ති සැරසිල්ලක් පසුපස සැඟවී තියෙන රහසිගත දොරටුවක් හමු වෙනවා. ඒ දොරටුව විවෘත වෙන්නෙ රහස් මැද මිදුලකට. එහි සැඟවී ඉන්න තවත් මුර කරුවන් දෙන්නෙක් මරා දැමෙන අතර තවෙකෙක් ජීවග්රහයෙන් අල්ලා ගැනෙනවා. සිරකරුවා තමන් කවුද කියලා කීම ප්‍රතික්ෂේප කරත්, රෝනින් වරු ඒ කිරා යොෂිනක බව හඳුනා ගන්නවා. ඒ අසානෝ ගේ කිණිසි පහරෙන් ඔහුගේ මුහුණේ තිබ්බ තුවාල කැලලෙන්. යොෂියෝ ඔහු ඉදිරිපිට දණින් වැටිලා තමන් අසානෝ ගේ සමුරායි වරු බවත්, ස්වාමියා වෙනුවෙන් පළිගන්න ආපු බවත් කියනවා. රෝනින් වරු ඔහුට නියම සමුරායි වරයෙක් වගේ ගෞරවාන්විතව සෙප්පුකු කරගෙන මිය යන්න අවස්ථාව දෙනවා. නමුත් යොෂිනකා බියෙන් වෙව්ලමින් බිම බඩගානවා. යොෂිනකා සෙප්පුකු කරගන්නේ නැති බව දකින යොෂියෝ ඔහුගේ හිස කපා මරා දාන්න අණ දෙනවා. කිරා යොෂිනකා ගේ හිසත් එක්ක රෝනින් වරු නිවසෙන් පිට වෙනවා. එක් රෝනින් වරයෙක්, තෙරසක නොබුයුකි, අකෝ නගරයට යැවෙනවා ප්‍රහාරය සාර්ථක වුන බව දැනුම් දෙන්න. ප්‍රහාරයෙන් පසු රෝනින් වරු 46 දෙනා (තෙරසකා හැර අනික් අය) එදෝ නගරය මැදින් යොෂිනක ගේ හිසත් අරගෙන අසානෝ ගේ සොහොන බලා සෙංගකු-ජි පන්සලට එනවා. මේ වෙන විට උදේ වෙලා. මග දෙපස රෝනින් වරු දැකගන්න විශාල සෙනඟක් එක් රැස් වෙනවා. ඔවුන්ට ප්‍රහාරය ගැන ආරංචි වෙනවා. යොෂිනක ගේ නිවසේ සිට සෙංගකු-ජි පන්සලට ඇති කිලෝමීටර් 10 ක පමණ දුර පුරාවටම මග දෙපස ඉන්න මිනිස්සු රෝනින් වරුන්ට කෑම බීමෙන් සංග්‍රහ කරනවා. [IMG]http://i63.tinypic.com/2nquvs0.jpg[/IMG] යොෂිනක ගේ හිස සමඟ සෙංගකු-ජි පන්සලට යන රෝනින් වරු ඔවුන් පන්සලේදී යොෂිකවා ගේ හිස ළිඳකින් සෝදා පිරිසිදු කර එය අසානෝ ගේ සොහොන මත තියනවා. ඊට පසු ඔවුන් පන්සලට ගිහින් වැඳ පුදාගෙන ඔවුන් සතු සියළු මුදල් සහ වටිනා වස්තු පන්සලට දන් දෙනවා. ඔවුන් නායක හිමියන් ගෙන් ඉල්ලනවා ඔවුන් මියගිය පසු ගෞරවාන්විතව මිහිදන් කරන ලෙසත්, ඔවුන් වෙනුවෙන් පින් අනුමෝදන් කරන ලෙසත්. ඊට පසුව ඔවුන් ෂෝගුන් වරයාගේ නිලධාරින්ට භාර වෙනවා. ෂොගුන් වරයා ඉදිරියේ තියෙන්නෙ අසීරු තීරණයක්. රෝනින් වරු අමු අමුවේ නීතිය කඩ කරලා. ඔහුගේ උසස් නිලධාරියෙක් ව මරා දාලා. ඔහුගේ ආධිපත්‍යයට අභියෝග කරලා. නමුත් මේ වෙද්දි එදෝ වල වැසියන් රෝනින් වරුන්ට සලකන්නේ වීරයන්ට වගේ. මේ නිසා ෂෝගුන් වරයා රෝනින් වරුන්ට මරණ දඬුවම දීම වෙනුවට ඔවුන්ට ගෞරවාන්විතව සෙප්පුකු කරගන්න අවස්ථාව දෙනවා. 1703 පෙබරවාරි 4 වෙනිදා රෝනින් වරු 46 දෙනාම සෙප්පුකු කරගැනීමෙන් දිවි හානි කරගන්නවා. පිරිසේ ලාබාලම රෝනින් වරයා වෙන්නේ ඔයිෂී යොෂිකනේ. ඔහුට වයස අවුරුදු 16 යි. අකෝ නගරයට පණිවුඩය ගෙන ගිය තෙරසක නොබුයුකි ට සමාව ලැබෙනවා. රෝනින් වරු 46 දෙනාගේ සිරුරු සෙංගකු-ජි පන්සලේ ඔවුන් ගේ ස්වාමියාගේ සොහොන ඉදිරිපිට මිහිදන් කෙරෙනවා. [IMG]http://i64.tinypic.com/ev9qba.jpg[/IMG] රෝනින් වරු ජපන් ජනතාව අතර වීරත්වයට පත් වෙනවා. ඔවුන් ගේ සොහොන් දැක ගන්න දහස් ගණන් ජනතාව එන්න පටන් ගන්නවා. මේ අතර ඉන්නවා ක්.යෝතෝ නගරයේදී ඔයිෂි යොෂියෝ බීමතින් මග වැටිල ඉද්දි ඔහුට පයින් ගහපු පුද්ගලයෙක්. ඔහු ඔයිෂි ගේ සොහොන ඉදිරියේ දණ ගහල ඔයිෂී ගෙන් සමාව අයදිනවා. ඉන්පසු එතැනදීම දිවි නසා ගන්නවා. ඔහුගේ සිරුරත් ඒ අසලින්ම මිහිදන් කෙරෙනවා. තෙරසක නොබුයුකි අවුරුදු 87 වෙනකන් ජීවත් වෙනවා. ඔහු 1747 දී මියගිය පසු ඔහුගේ සිරුරත් මිහිදන් කරන්නේ ඔහුගේ සගයන් සමඟ. රෝනින් වරුන් ගේ ආයුධ, සන්නාහ, ඔවුන් සංඥා කිරීම සඳහා යොදා ගත්ත බෙරය සහ නළාව අදටත් සෙංගකු-ජි පන්සලේ ගෞරවාන්විතව තැන්පත් කරල තියෙනවා. යොෂිනක ගේ හිස ලබා ගන්න ඔහුගේ මිතුරන් දෙදෙනෙක් පන්සලට එනවා. ඔවුන් ට හිස ලබා දීමේදී මිතුරන් දෙදෙනා සහ නායක හිමිනම අත්සන් කළ ලියැවිල්ලක් අද වෙනතුරු සෙංගකු-ජි පන්සලේ තියෙනවා. අසානෝ පවුලේ නම නැවතත් සියළු චෝදනාවන් ගෙන් නිදහස් කරලා ඔවුන්ට තමාගේ ඉඩම් නැවත ලබා දෙන්න ෂෝගුන් වරයා තීරණය කරනවා. රෝනින් වරු 47 දෙනාගේ සොහොන් අදටත් ජපානයේ ජනතාවගේ නොමඳ ගෞරවයට පාත්‍ර වූ ස්මාරක වශයෙන් සැලකෙනවා. [IMG]http://i66.tinypic.com/19shaf.jpg[/IMG] සෙංගකු-ජි පන්සල රෝනින් වරු 47 දෙනා ගේ නම් 1. ඔයිෂි යොෂියෝ 2. ඔයිෂි යොෂිකනේ 3. හරා මොතොතොකි 4. කතඕකා තකෆුස 5. හොරිබේ අකිසනෙ 6. හොරිබේ තකෙත්සුනෙ 7. යොෂිදා කනෙසුකෙ 8. යොෂිදා කනෙසද 9. චිකමත්සු යුකිෂිගෙ 10. මසෙ මසාකි 11. මසෙ මසතොකි 12. අකබනෙ ෂිගෙකත 13. උෂියොද තකනෝරි 14. තොමිනොමොරි මසයෝරි 15. ෆුවා මසතනෙ 16. ඔකනො කනෙහිදෙ 17. ඔනොදෙරා හිදෙකසු 18. ඔනොදෙරා හිදෙතොමි 19. කිමුරා සදයුකි 20. ඔකුදා ෂිගෙමොරි 21. ඔකුදා යුකිතකා 22. හයාමි මිත්සුතක 23. යදා සුකෙතකෙ 24. ඔයිෂි නොබුකියෝ 25. ඉසොගයි මසහිසා 26. හසම මිත්සුනොබු 27. හසම මිත්සුඔකි 28. හසම මත්සුකසෙ 29. නකමුරා මසතොකි 30. සෙංබා මිත්සුතබා 31. සුගයා මසතෝෂි 32. මුරමත්සු හිදෙනඔ 33. මුරමත්සු තකනඔ 34. කුරහෂි තකෙයුකි 35. ඔකජිම ත්සුනෙෂිගෙ 36. ඕතක තදාඕ 37. යතෝ නොරිකනෙ 38. කත්සුත තකෙතක 39. තකෙබයෂි තකෂිගෙ 40. මයෙබර මුනෙෆුස 41. කයිගා තොමොනොබු 42. සුගිනො ත්සුගිෆුස 43. කන්සකි නොරියසු 44. මිමුරා කනෙත්සුනෙ 45. යකොකවා මුනෙතොෂි 46. කයනො ත්සුනෙනරි 47. තෙරසක නොබුයුකි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom