EXCLUSIVE - රනිල් ,මැකෝ ,සිරා කරපු අගෝස්තු 17 මැතිවරණ කොල්ලය - සාක්ෂි සහිතව
අනුගමනය කර තිබෙන්නේ balance sheet නියාය මෙන්න කතාව .....................................................
අගෝස්තු 17 අවසන් වුණ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වල ඉමහත් ආන්දෝලනයක් ඇති වෙලා. අපගේ සහෘදයින් ඒ ගැන සඳහන් කරමින් ඊමේල් සිය ගණනක් එවා ඇති අතර ඒ ගැන විශ්ලේෂණාත්මක ලිපියක් පළ කරන මෙන් ඉල්ලා තිබෙනවා. සහෘද ඉල්ලීමට කරන ගරු කිරීමක් වශයෙනුයි මේ ලිපිය පළ වෙන්නේ.
තවද මේවන විට මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්දයෙන් වැඩමුළු සංවිධානය කරන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් දැන ගැනීමට ලැබී ඇත .මෙය ඉතිහාසයේ කිසිදිනක නොවු සම්ප්‍රධායක් වන අතර පැහැදිලිවම මැතිවරණ කොමසාරිස් කලබලයට පත්ව ඇති බව පැහැදිලිය .
මෙම ප්‍රතිපල විශ්ලේෂණය කරනු ලැබූ විගණන විශ්ලේෂකයෙකු පැවසුවේ මෙය හර බැර (balance sheet) නියාය භාවිතා කරමින් කරනු ලැබූ සෙල්ලමක් බවට ගණිතය දන්නා සහ පාසැලේදී හර බැර (balance sheet) කරපු ඕනෑම කෙනෙකුට වුවද වටහා ගත හැකි බවයි !
[1]. ඡන්ද අඩු වීම
2015 ජනාධිපතිවරණ ප්‍රතිඵලය
මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද 6,217,162
මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 5,768,090
පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵලය
ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද මේ වන විට
UNP 5,098,916
JVP 543,944
ITAK 515,963
SLMC 44,193
DP 28,587
එකතුව6,231,625
ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද මේ වන විට
UPFA 4,732,664
එතකොට ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාගත් 6,217,162 ක ඡන්ද ප්‍රමාණය මෙවරත් ඊට ආසන්නයේම6,231,625 කට තිබෙනවා.
නමුත් එදා මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත් 5,768,090 ක ඡන්ද ප්‍රමාණය මෙවර 4,732,664 කට පහත වැටී, එනම් 1,035,426ක් අඩු වී තිබෙනවා
ජනාධිපතිවරණයේදී ප්‍රකාශිත සම්පූර්ණ ඡන්ද ප්‍රමාණය 12,264,377
පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රකාශිත සම්පූර්ණ ඡන්ද ප්‍රමාණය 11,684,098
ජනාධිපතිවරණයට සාපේක්ෂව පාර්ලිමේතු මැතිවරණයේදී "ප්‍රකාශ නොවූ" ඡන්ද (ඉහත අගයන් දෙකේ වෙනස) 580279
"ප්‍රතික්ෂේපිත" ඡන්ද 517,123 නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රතික්ශේප වී ඇත්තේ ඡන්ද 140,925 පමණයි
"ප්‍රකාශ නොවූ" සහ "ප්‍රතික්ෂේපිත" ඡන්ද වල එකතුව
ඒකෙන් පේන විදිහට මෛත්‍රීපාල මහතාගෙ ඡන්ද පුදුම විදිහට එහෙමම්ම තිබෙනවා. සංධානයේ අඩු වූ ඡන්ද සහ, මෙවර "ප්‍රකාශ නොවූ සහ ප්‍රතික්ශේපිත" ඡන්ද වල එකතුව ඊටත් වඩා පුදුම විදිහට ආසන්නව සමාන අගයක් ගන්නවා.
ඒ කියන්නේ ජනාධිපතිවරණයේදී මහින්ද මහතාට ඡන්ද දුන්න අය විතරක් පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්කො ඡන්ද පොලට ගිහින් නෑ, එහෙම නැතිනම් ඡන්දය ප්‍රතික්ෂේප කරලා. එහෙම වෙන්න පුලුවන්ද?
[2]. පොළොන්නරුවේ සහ නුවර එළියේ විතරක් ඡන්ද අඩු වීම බෙහෙවින් අඩුයි.
රට පුරා සමස්ත ප්‍රතිඵලය ඉහත දැක්වූ අයුරින් වෙද්දී පොළොන්නරුව සහ නුවරඑළිය වෙනස්. පොළොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්ක දෙකම සන්ධානයට අවාසි සහගත දිස්ත්‍රික්ක. මේ පාර සන්ධානයට ඡන්දය දැම්මේ නැත්තේ මිනිස්සු අධෛර්යයට පත්වීමෙන්නම් ජනාධිපතිවරණයට සාපේක්ෂව මේ දිස්ත්‍රික්ක දෙකේත් සන්ධාන ඡන්දවල සෑහෙන අඩුවීමක් තියෙන්ඩ ඕනේ. සන්ධානයට අවාසි සහගත දිස්ත්‍රික්ක නිසා ඇත්තටම නොදීපු පර
තරය වැඩි වෙන්ඩ ඕනේ අනිත් දිස්ත්‍රික්ක වලට වඩා. නමුත් එහෙම වෙලා නෑ. මේ කාරණාව පැහැදිළි කරන්නේ කෙසේද?
[3]. "ප්‍රකාශිත සමස්ත ඡන්ද සංඛ්‍යාව" ගැන අගයන් දෙකක්!
2015/08/18 රාත්‍රී 9.30 "හිරු" පුවත් හි විකාශය වූ ප්‍රවෘත්ති උදෘතයන් මෙන්න.
"සමස්ත ඡන්ද 5,098,916 ක් ලබා ගත් එක්සත් ජාතික පක්ෂය වැඩි මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වුණා. එය ප්‍රකාශිත සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 45.66% ක ප්‍රතිශතයක් වර්තා කරමින්."
(5098916/45.66) x 100 = 11,167,140
"එක්සත් ජනතා නිදහස් සංධානය මෙවර මහ මැතිවරණයේදී සමස්ත ඡන්ද 4,732,664 ක් ලබා ගත්තා. එය ප්‍රකාශිත සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 42.38% ක්"
(4732664/42.38) x 100= 11,167,210
ඒ අනුව ප්‍රකාශිත සමස්ත ඡන්ද සංඛ්‍යාව 11,167,000 කට ආසන්න අගයක්. (ප්‍රතිශය වටයා ඇති නිසා අගයේ සුළු වෙනසක් ඇති වේවි)
නමුත් විකීපීඩියාවේ සඳහන් වන්නේ ප්‍රකාශිත සමස්ත ඡන්ද සංඛ්‍යාව (Total Polled) 11,684,098 ක් බවයි. මැතිවරණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ මෙම අගය සොයාගැනීමට නොහැකි වුවත් විකීපීඩියාවේ ඇති අගය එය යැයි සිතනවා.
හිරු ටීවී එකේ විකාශය වූ පරිදි පරිදි ප්‍රකාශිත සමස්ත 11,167,000 ඡන්ද ප්‍රමාණය සහ විකීපීඩියාවේ සඳහන් 11,684,098 අතර වෙනස ඡන්ද ලක්ෂ 5 ක් විතර වෙයි. ඒ කියන්නේ මැතිවරණයේ ජය කාටදැයි තීරණය කරන තරම් ඡන්ද සංඛ්‍යාවක්.
මෙහිදී නිවැරදි ඡන්ද ගණන මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ අගය බවත් , හිරු ටීවී එකට වරදින්න ඇති බවත් කියමින් අත පිස දා ගන්න බෑ. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී නාලිකාව මේ වගේ රටක් වශයෙන් සංවේදී කාරණාවක් තම ප්‍රධානතම ප්‍රවෘත්ති විකාශයේදී වරද්දනවා කියල හිතන්න අමාරුයි. හිරු ටීවී එකට එම අගය ලැබුණේ කෙසේදැයි සොයා බැලියයුතුයි. අනික් අතට එය ඔවුන් අතින් ඇත්තටම සිදුවුණ වැරදීමක නම් ඒ ගැන එවැනිම ප්‍රචාරයක් දෙමින් නිවැරදි කිරීමක් කරන නමුත් අප එවැන්නක් දුටුවේ නෑ.
[4]. මහින්ද රාජපක්ෂ මහතා තරග වැදුණ කුරුණෑගල දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵලය...
2010 මැතිවරණයේදී එජාපයට ලැබුණ 213,713 ඡන්ද ප්‍රමාණය, මෙවර 441275 දක්වා ලක්ෂ 227,562 කින් වැඩි වී තිබෙනවා. එජාපෙ බාගයක්ම 2010 දි නිදාගෙන ඉඳල තියෙන්නේ.
කුරුණෑගල වැඩි වූ වලංගු ඡන්ද 282,892 න් 227,562 ක්ම ගොස් තිබුනේ එජාපයටයි.
අකිල විරාජ් කාරියවසම් මහතා 2010 දී මනාප 66,477 යි. 2015 දී මනාප 286,155 ක් ඒ කියන්නෙ වැඩි වුණ ඡන්ද හැම කෙනෙක්ම වගේ අකිල විරාජ්ට මනාප දීලා. මහින්දෝදය විද්‍යාගාර නම ගලවා විවෘත කළ නිසා එතරම් ජනප්‍රියත්වයක් ලැබෙන්නට ඇති.
2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ඡන්ද 556,864 ක් ලැබෙද්දී, එජාප ජවිපෙ ෆොන්සේකා ආදි සියල්ලන්ම එකතු වෙලා මෛත්‍රීපාල සිරිසේන් මහතාට ලැබුණේ ඡන්ද 476,602 ක් පමණයි.වැඩි ඡන්ද 80262 යි. මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලින්ම ඡන්දෙ ඉල්ලදී විරුද්ධවාදී පාර්ශවය ඡන්ද 11347 ක් වැඩිපුර ගන්නවා.
[5]. 2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා සිටියේ වඩාත් ජනප්‍රිය වෙලයි. එවකට මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව තිබූ මඩ චෝදනා සියල්ලක්ම බොරු බව මේ වන විට ඔප්පු වී තිබෙනවා. එදා මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි වූ බොහෝ පිරිස් පසුගිය මැතිවරණයේදී එතුමාට සහයෝගය දැක්වුවා. ෆේස්බුක් එකේ ඔබගේ මිතුරන් දෙස බලද්දී ඔබ එය අද් දකින්නට ඇති. ෆේස්බුක් එකේ අප දුටු විශාල
තම සමීක්ෂනයේ ප්‍රතිඵලයත් මේ වගේ.
අනික් අතට යහපාලනයක් වෙනුවෙන් එජාපයෙන් ගොඩ නැගූ සුන්දර චිත්‍රය බැඳුම්කර වංචාව ආදිය නිසා මේ වන විට ව්‍යාජයක් බව ජනතාවට තේරුම් ගියා. එජාපයෙන්ම ඡන්දය ඉල්ලූ චම්පික රණවක වැන්නවුන් එජාපය බැඳුම්කර සිද්ධිය ගැන දිගට හරහට විවේචනය කළා.
ඉතින් ඡන්ද ප්‍රමාණය අඩු වීම බොහෝ අයට ගැටළුවක් වී තිබෙනවා.
[6]. මේ දේ අපට පමණක් නොවෙයි ජවිපෙටත් ප්‍රශ්නයක්. කළින් එජාපයට ඡන්දය දුන් අප දන්නා සමහර උගත් නාගරික හිතමිතුරන් මෙවර ඡන්දය දී තිබෙන්නේ ජෙවිපෙටයි. අනෙක් අතට එජාපය මවා පෙන්වූ යහපාලනය ඔවුන් නොකරන බව පෙනී ගිය නිසා, ජවිපෙ වටා එජාපයට යන පාවෙන ඡන්ද දායකයින්ගේ විශාල රැල්ලක් ඇති වුණා. සෑම දෙනාම බලාපොරොත්තු වුණේ ඔවුන් ආසන 16 ක් වත් ගනීවි කියලයි. නමුත් ජවිපෙ ඡන්ද පදනම වැඩි වී නැහැ.
ජවිපෙ තනියම ඉල්ලපු අවස්ථා
2000 මහමැතිවරණය - ප්‍රතිශතය - 6% ආසන 10
2001 මහමැතිවරණය - ප්‍රතිශතය - 9.1% ආසන 16
අළුත් නායකත්වයක් නව ජවයක්, රාජ්‍ය සහයෝගය හා අළුත්ම ප්‍රචාරණ වැඩපිළිවෙලක් එක්ක...
2015 මහමැතිවරණය - ප්‍රතිශතය - 4.87% ආසන 6
මේක වෙන්න පුලුවන් දෙයක්ද?
[7]. පහත වගුවේ දෙවැනි තීරුවේ දැක්වෙන්නේ ජනාධිපතිවරණයට සාපේක්ෂව පාර්ලිමේන්තු මැතිවරණයේදී සංධානයෙන් අඩු වූ ඡන්ද ගණනයි. තුන් වැනි තීරුවේ දැක්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රකාශ නොවූ ඡන්ද ගණනයි. ඒවා අසාමාන්‍ය ලෙස සමානයි නේද? හරියට ඒ ඒ දිස්තික්ක වල මිනිස්සු කතා වෙලා කරපු වැඩක් වගේ.
[8]. නිල ඡන්ද ප්‍රතිඵලය පිට වෙන්නත් කළින් එසේම ඒ ගැන මහින්ද රාජපක්ෂ මහතා කිසිවක් ප්‍රකාශ කරන්නත් කළින් AFP නැමැති ප්‍රංශ පුවත් සේවයේ ට්විටර් ගිණුමේ මහින්ද රාජපක්ෂ මහතා පරාජය බාර ගත් බව දැක්වූවා.
නමුත් ඊට පැය 2 කට පමණ පසුව මහින්ද රාජපක්ෂ මහතා පළ කළට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ ජය හෝ පරාජය පිළිගැනීමට තවමත් ඡන්ද ප්‍රතිඵලය ලැබී නැති බවයි. එසේම අප එතුමාගෙන් ඒ ගැන විමසූ විටත් අපට දැන්වූයේ ප්‍රංශ පුවත් සේවයට මේ හදිසියේ කිසිවක් ප්‍රකාශ කර නැති බවයි.
ඡන්ද ප්‍රතිඵලය සාධාරණ බවට මහින්ද පාක්ෂිකයින්ට ඒත්තු ගැනවීමට එවැනි ව්‍යාජ පුවතක් අන්තර්ජාතික මාධ්‍යයක් යොදාගෙන පළ කළා විය හැකියි.
[9]. රවි කරුණානායක මන්ත්‍රීවරයාගේ ලේකම්වරයා ඡන්ද ගණන් කරලා.
"අපි කරපු ගණන් කිරීම් අනුව, අපි කරපු ඒ අපි කරපු ගෙනාපු ප්‍රතිඵල සටහන් අනුව රවි කරුණානායක මන්ත්‍රීතුමා 2 වෙනි ස්ථානයේ හිටියේ"
ඡන්ද ප්‍රතිඵලය සැක බව එජාපයේ අයම පවසයි.
ඊටත් වඩා ගැටළුවක් වන්නේ රවි කරුණානායක මන්ත්‍රීවරයාගේ ලේකම් ඡන්ද ගණන් කිරීමක් කළේ කෙසේද? ඔහු ගණන් කිරීමේ නිලධාරියෙක් ලෙස කටයුතු කළානම්, රවි කරුණානායක මහතාගේ ලේකම් කමත් දැරීම කොතරම් යුක්තිසහගත ද?
[10]. පසුගිය මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් නොවූ හිටපු ඇමතිනී රෝසි සේනානානයක මහත්මිය තමාගේ මනාප නැවත ගණන් කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒකෙ තේරුම තමයි එජාපයේ රෝසි සේනානායක මහතිමිය සිතන විදිහට ඇගේ මනාප එජාපයේ වෙනත් අය සොරාකාමින් "මනාප මංකොල්ලයක් සිදුවුණා".
දැන් අපිට අහන්න තියෙනෙන එජාපය ඇතුළේම තත්ත්වය මෙහෙමනම් එජාප ආණ්ඩුව යටතේ එජාපයෙන් සංධානයට මොන වගේ හැන්දකින් බෙදන්න ඇද්ද කියලයි.
[11]. මේ ඔබ දකින්නේ සති කිහිපයකට පෙර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට අත් වී තිබූ යහපාලනයයි. එජාපයේ පක්ෂ කාර්යාලයක් ලෙස පැවතුණ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව යනු "ඡන්ද පත්‍රිකා" පවා මුද්‍රණය කරන ආයතනයයි
12]. ව්‍යාජ ඡන්ද පත්‍රිකා පහළොස්දාහක් පමණ කන්තලේ එජාප පක්ෂ කර්යාල තුළ තිබී හමුවුණා. දිවයින මේ බව වෙබ් අඩවියත් වර්තා කළා. මෙතරම් ඡන්ද පත්‍රිකා තිබුණේ කන්තලේ විතරක්යැයි සිතිය හැකිද?