රෝස කුසුමක් පිපේවී 🌹

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    රෝස කුසුමක් පිපේවී

    රතු රෝස කුසුමක් පිපේවී

    සොහොන් බිම මා වල දැමූ තැන

    රෝස කුසුමක් පිපේවී

    🥀🥀🥀🥀🥀🥀

    ජීවිතේ කිසිදාක මෙලොවෙන්

    ආදරේ දිය බිඳක් නොලැබුව

    ගැහැනියක පෙර දවස විසූ වග

    පිපුනු ඒ මල කියාවී


    🥀🥀🥀🥀🥀🥀

    මිලාන වූ සිරුරෙන් තැනින් තැන

    ආදරේ සරණක් සිඟා ගිය

    අන්ත අසරණ යුවතියක ගැන

    පිපුනු ඒ මල හඬාවී

    🥀 🥀 🥀 🥀🥀🥀

    ගායනය : නන්දා මාලනී

    පද රචනය : සුනිල් ආරියරත්න

    සංගීතය : එච් එම් ජයවර්ධන