රෝහණ විජේවීර 1

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    රෝහණ විජේවීර සහ මුල් කාලයේ දේශපාලනය


    ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ දේශපාලන ගමන් මඟ විවාදාපන්න මාතෘකාවක්. ආයුධ සන්නද්ධ විප්ලවයකින් රටේ පාලනය පෙරළීමට ඔවුන් මුලින්ම උත්සාහ දැරුවේ 1971 අප්‍රේල්වල දී යි. ඊට පසු 1988- 89 දී ද ඉන්දු ලංකා ගිවිසුම මුල්කරගනිමින් ආයුධ සන්නද්ධව රටේ පාලනයට එරෙහිව නැගී සිටිනවා. මෙම අවස්ථාවන් දෙකේදීම රටේ භීෂණයක් මතුවී විශාල තරුණ පිරිසකගේ දිවි අහිමි වෙනවා. මේ දිනවල තිරගත වන, අනුරුද්ධ ජයසිංහගේ “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටයට පාදක වී ඇත්තේ විජේවීරගේ දේශපාලන ගමන් මඟේ එක්තරා පැතිකඩක්.
    රෝහණ විජේවීර
    zyKUrJF6S6Cpmr2G_1.jpg

    විජේවීර මොස්කව් මිත්‍රත්ව සරසවියේ දී (දෙවන පේළියේ රවුම් කර ඇති මුහුණ)- dakmasl.blogspot.com
    පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර 1943 ජුලි 14 උපත ලැබුවේ මාතර කෝට්ටෙගොඩ දී යි. මුලින්ම ගමේ පාසලින් අධ්‍යාපනය ලබන ඔහු පසුව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුළු වී උසස් අධ්‍යාපනය හැදෑරුවා. ඔහු රුසියාවේ මොස්කව්හි ලුමුම්බා මිත්‍රත්ව සරසවියෙන් පිරිනැමුණු ශිෂ්‍යත්වයකින් වෛද්‍ය උපාධිය හැදෑරීමට රුසියාව බලා පිටත් වුණේ 1960 සැප්තැම්බර් 25 දා යි. ඒ තවත් ශිෂ්‍යයන් 16 දෙනෙක් සමගින්. 17 හැවිරිදි ඔහු වෛද්‍ය විද්‍යාලයේ සිටි ලාබාලම ශිෂ්‍යයා වුණා. වසර තුනක් වෛද්‍ය විද්‍යා උපාධි පාඨමාලාව සාර්ථකව හදාරන අතර නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි විට එවකට බෙදී තිබුණු ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ චීන පිල හා ඔහු එක්වෙනවා. මේ නිසා ඔහුට රුසියාවට යාමේ වීසා නැවත ලැබුණේ නැහැ. මේ අතර විජේවීර කටයුතු කළ කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලෙන් ද ඔහු නෙරපනු ලැබීමෙන් පසු, එවකට පැවති සමාජවාදී කඳවුරේ වාමාංශික පක්ෂවලින් ඉවත්වී වෙනම දේශාපලන පක්ෂයක් පිහිටුවීමට ඔහු මුල් වෙනවා.
    මේ ගැන විජේවීර පසුව මෙසේ සඳහන් කර තිබෙනවා, “මම 1964 දී ලංකාවට එන විට සැබෑ විප්ලවවාදී ව්‍යාපාරයක් ලංකාවේ තිබුණේ නැහැ. මුළුමහත් වාමාංශික ව්‍යාපාරයම සංශෝධනවාදී සහ ප්‍රතිසංස්කරණවාදී මඩගොහොරුවේ එරිලයි හිටියේ. කොටින්ම කිවහොත් ජවිපෙ අනාගතයේ දී ගොඩනැගෙන කොමියුනිස්ට් පක්ෂය සඳහා සදාචාරයෙන් සහ ජීව ගුණයෙන් යුත් සැබෑ මාක්ස් ලෙනින්වාදීන් බිහිකරන පක්ෂ පාසලක් බවට පත්කිරීමයි මගේ අභිප්‍රාය වුණේ” (අත්දැකීම් කිහිපයක්- රෝහණ විජේවීර).
    rbxlocc13vJNR8IL_2.jpg

    කැරැල්ලට පෙර කාලයේ රැස්වීමක් අමතන විජේවීර - Thuppahi.wordpress . com
    නව දේශපාලන බලවේගයක් ඇරඹීම සඳහා මුලින්ම සාකච්ඡාවක් පවත්වන ලද්දේ 1965 මැයි 14 දා ගාල්ලේ අක්මීමන දී යි. විජේවීරත් සමග සනත් සහ කරුණාරත්ත ඇතුළු 10 දෙනෙක් ඊට සහභාගි වුණා. ඊට පසු 1967 දී කලැත්තෑවේ දී සිදුකළ තීරණාත්මක සාකච්ඡා වටය නව දේශපාලන පක්ෂයක ඇරඹීම සටහන් කළා. සනත්, කරුණාරත්න, පියතිලක, ලොකු අතුල ආදීන් එයට එක්වී සිටියා. මේ කාලයේ පක්ෂය ඇරඹීම සඳහා විජේවීර ඇතුළු පිරිස මුට්ට කරගසමින්, ගොවිතැන් කරමින්, කඩ දමමින් දුෂ්කර ජිවිතයක් ගත කළා.
    ජවිපෙ තුළ තිබූ අධි තක්‌සේරුව, සන්නිවේදන දුර්වලතාවන් සහ අභ්‍යන්තර ගැටුම් උග්‍රවීම නිසා 1971 මුල් භාගය වන විට විප්ලවීය පක්‍ෂයක්‌ තුළ තිබිය යුතු ගුණාංග එකින් එක ගිලිහෙන්නට වුණා. මේ වන විට විජේවීර, ධර්මසේකර කණ්‌ඩායම විසින් තමා පාවා දෙන බවට සැකයක්‌ ගොඩනගා ගෙන තිබුණා (මේ සැකය පසුව සත්‍ය බවට පැමිණියා). ආණ්ඩුව විජේවීර අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියා. ඔහු එතෙක්‌ නැවතී සිටි කතරගම සිරිපාල නමැත්තකුගේ නිවස අතහැර හම්බන්තොට ජූල්ගමුවේ නිවසක සැඟවී සිටියා. ‘චේගුවේරා බියුරෝව’ නමින් විශේෂ පරීක්‍ෂණ ඒකකයක්‌ එවකට පැවති රජය විසින් පිහිටුවා තිබුණේ නැගී එන තරුණ දේශපාලන බලවේගය ගැන සෙවීමට යි.
    විජේවීර අත්අඩංගුවට
    yxdNUWCDdKAonEqn_3.jpg

    71 දී විජේවීර සහ ලයනල් බෝපගේ අත්අඩංගුවට ගත් අවස්ථාවක්- colombotelegraph.com
    ජූල්ගමුවේ නිවසට පැමිණි හම්බන්තොට පොලිසියේ කණ්‌ඩායමක්‌ විජේවීරව අත්අඩංගුවට ගත්තා.
    1970 මැයි 14 දින කොළඹින් පැමිණි විශේෂ පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ ඔහුව කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන්නා. පසුව උසාවියට ඉදිරිපත් කළ ඔහු මහේස්ත්‍රාත්වරයා විසින් නිදහස් කෙරුනා. ඉන්පසුව නැවතත් රහසිගත ලෙස සංවිධානය මෙහෙය වූ විජේවීර නැවත අත්අඩංගුවට ගනු ලබන්නේ 1971 මාර්තු 13 දින අම්පාරේ දී යි. ඔහු මාර්තු 15 දින යාපනයේ බන්ධනාගාරයට මාරු කර යැව්වා.
    අප්‍රේල් කැරැල්ල
    S63LLePnyFAG8izw_4.jpg

    කැරලිකරුවන්ගේ ප්‍රහාරයට ලක්වූ වරකාපොළ පොලිසිය- ඒ. සී. අලස්ගේ 71 කැරැල්ල කෘතියෙනි
    විජේවීර යාපනයේ සිරගතව සිටින අතර 1971 අප්‍රේල් 5 දින කැරැල්ල ආරම්භ කර ඒ තුළින් රාජ්‍ය බලය අල්ලා ගැනීමට ජ.වි. පෙ. සෙසු නායකයෝ තීන්දු කළා. මෙම පහරදීමට එම අවස්‌ථාවේ යාපනයේ බන්ධනාගාරගතව සිටි විඡේවීරගෙන් අනුමැතිය ලැබුණු බව පැවසෙනවා. කැරැල්ලේ දී තරුණයන් විශාල පිරිසක් මිය ගියා. කැරලිකරුවන්ගේ ප්‍රහාරවලින් දේපල විනාශ වුණු අතර මරණයන් ද බොහෝ සිදු වුණා. 1972 අපරාධ යුක්‌ති විනිශ්චය කොමිෂන් සභාව පිහිටුවා ඒ මඟින් 1971 මහ නඩුව නමින් අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ වුණේ කැරලිකරුවන්ට දඬුවම් ලබාදීමට යි.
    qJmuWqVbwu18kNZJ_5.jpg

    අත්අඩංගුවට පත් කැරලිකරුවන්- vikalpa.org
    එහිදී විජේවීරට එල්ල වූ චෝදනා වූයේ මහ රැජිනට විරුද්ධව යුද්ධ කිරීම, ලංකාවේ විවිධ ස්‌ථානවල එසේ යුද්ධ කිරීම, යුද්ධ කිරීමට අනුබල දීම, සාපරාධී බලහත්කාරකමින් ලංකා රජය බිය ගැන්වීමට කුමන්ත්‍රණය කිරීම යන කරුණු යි.
    කොමිසමේ 13 වැනි සැකකරු වුණේ රෝහණ විඡේවීර. ඔහු මෙම ඓතිහාසික නඩුව සඳහා කිසිම නීතිඥයෙකුගේ සහාය නොලබමින් තමාම පෙනී සිටියා. නඩු විභාගයේ දී සැකකරුවන් 2492ක්‌ අත්හිටවූ සිරදඬුවම් යටතේ නිදහස්‌ කෙරුණු අතර 385 දෙනකුට සිරදඬුවම් හිමි වුණා. රෝහණ විඡේවීර ඇතුළු පුද්ගලයන් පස්‌ දෙනකු ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම්වලට යටත් කරනු ලැබුවා.
    ජවිපෙ තහනම ඉවතට
    43vwBy5f63DlASFR_6-jvpsrilanka-com.jpg

    මැයි රැලියක ගමන් ගන්නා විජේවීර ඇතුළු ජවිපෙ නායකයන්-jvpsrilanka.com
    1976 දී සිරිමා බණ්ඩාරනායක රජය එතෙක් පනවා තිබූ හදිසි නීතිය ඉවත් කළා. ඊට පසු ජ. වි. පෙ. තහනමත් ඉවත් වී පක්ෂය නිත්‍යනුකූල වුණා. 1977 මහ මැතිවරණයේ දී තංගල්ල, බටහිර අනුරාධපුරය, හොරොව්පතාන හා හක්මන යන ආසන වලට සීනුව ලකුණින් ජ. වි. පෙ. ඉදිරිපත් වුණා. 1977 දී ජේ. ආර්. ජයවර්ධන රජය බලයට පත්වූ පසු අපරාධ යුක්‌ති විනිශ්චය කොමිසම අහෝසි කරනු ලැබීම නිසා ඒ යටතේ සිරදඬුවම් විඳි සියල්ල නිදහස්‌ වූණා. රෝහණ විඡේවීර ඇතුළු ජ. වි. පෙ . නායකයන්ට ද නිදහස ලැබුණා. ඒ 1977 නොවැම්බර් 24 දා යි. ඉන් පසු විජේවීර වැටී තිබූ පක්ෂය යළිත් සංවිධානය කළා.
    1981 දී දිස්ත්‍රික් සභා ඡන්දයට ජනතා විමුක්ති පෙරමුණ විශාල අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් කළා. නායක රෝහණ වීජේවිර රට වටා යමින් ඡන්ද රැස්වීම්වල කතා කළා. එම ඡන්දයෙන් නියෝජිතයන් 13ක් පත්කර ගැනීමට ජ. වි.පෙට හැකි වුණා. මේ වන විට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන ප්‍රධාන පක්ෂ දෙක අතරට පිවිසි ජනතා විමුක්ති පෙරමුණ තරුණ පිරිසගේ ආකර්ශනය දිනාගෙන තිබුණා.
    විජේවීරට මංගල කිංකිණි
    dGW7dVMNHRhvBQ5Z_7.png

    විජේවීර බිරිය සහ දරු තිදෙනෙක්- asiantribune.com
    චිත්‍රාංගනී මොරටුව විල්ලෝරාවත්තේ උපන් අතර, සය දෙනෙක්ගෙන් යුත් පවුලේ බාලයා වූයේ ඇය යි. ඇයගේ සොහොයුරන් වූයේ ගුරු සංගම් නායකයෙකු වූ එච්.එන් ප්‍රනාන්දු (හේම නලීන්), වෛද්‍ය චන්ද්‍රා, තිලක් සහ සරත්. සොහොයුරිය ශිරන්ති මල්ලිකායි. රෝහණ විජේවීර ඇයට ප්‍රථමයෙන් හමුවූයේ අයියා එච්.එන් හමුවීමට මොරටුවේ නිවසට පැමිණි විට යි.
    රෝහණ විජේවීර ඇය සමග විවාහ වන්නේ 1980 මාර්තු 26 දා යි. විවාහය සිදුවුණේ විල්ලෝරාවත්තේ චිත්‍රාංගනීගේ ගෙදර දී යි. ඇය එම විවාහයට මුලින්ම අකමැතිව සිටියත්, සිය සහෝදරයා වූ චන්ද්‍රා ප්‍රනාන්දුගේ දැඩි බලකිරීම මත විවාහ වූ බව පවසා තිබෙනවා. විවාහය සඳහා ජ. වි. පෙ. නායකයන් වූ උපතිස්ස ගමනායක සහ ලයනල් බෝපගේ ද පැමිණියා.
    1982 ජනාධිපතිවරණය
    a900fO5SFtuAeHRD_8.jpg

    විජේවීර සහ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරණ සමයේ-clombotelegraph.com
    අප රටේ පළමු ජනාධිපතිවරණය පැවැත්වීමට දින නියම කෙරුණා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජ. වි. පෙ. ඡන්ද ව්‍යාපාරයට එජාපයෙන් දැඩි තර්ජන ද එල්ල වුණත් බොහෝ පිරිසක් ඒ වටා රොක්ව සිටියා.
    1982 පැවති ජනාධිපතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ රටේ තුන්වැනි බලවේගය ලෙස ස්ථාපිත වුණා. එහිදී සම්ප්‍රදායික වාමාංශික නායකයන් වූ කොල්වින් ආර්. ද සිල්වා, වාසුදේව නානායක්කාර වැනි නායකයන් පසුබස්වමින් රෝහණ විජේවීර ඡන්ද 273428ක් ලබාගත්තා. එය ප්‍රතිශතයක් වශයෙන් 4.19%ක්. ඔහුට වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලැබුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්. එය 14.62%ක්. ජවිපෙ නැගිටීම ජේ.ආර්. පාලනයට හිසරදයක් වූ බව පෙනෙනවා.
    කළු ජූලිය
    Rn8XJKVC80nZwyEA_9.jpg

    විනාශ කළ දෙමළ කඩසාප්පු-
    1983 ජූලි 24 දා උතුරේ දී හමුදා සෙබළුන් 13 දෙනෙක් කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකින් මරණයට පත්වීම පදනම් කරගෙන ජාතිවාදීන් කොළඹින් ආරම්භ කළ දෙමළ විරෝධය රට පුරා පැතිරුණා. කොළඹ ඇතුළු බොහෝ ප්‍රදේශවල දෙමළ කඩ සාප්පු ගිනි තබා බඩු කොල්ල කෑම සිදු කළේ මැර කණ්ඩායම් විසින්. දෙමළ ජාතික මිනිසුන්, ගැහැනුන්, සහ දරුවන් ද විශාල පිරිසක් ජාතිවාදීන් විසින් ම්ලේච්ඡ ලෙස ඝාතනය කෙරුනා.
    ජේ. ආර්. ආණ්‌ඩුව ජූලි කලබල සම්බන්ධ වූ මැරයන්ට විරුද්ධව පියවර ගත්තේ නැහැ. ආණ්ඩුව ඒ පිටුපස සිටි බවට ද මත පළවුනා. නමුත් එම කලබල මුල්කර ගෙන 1983 ජූලි 30 දා අති විශේෂ ගැසට්‌ නිවේදනයක්‌ මඟින් ජනතා විමුක්‌ති පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‌ෂය, සහ නව සමසමාජ පක්‍ෂය තහනම් බව ප්‍රකාශ කරනවා.
    ජවිපෙ තහනම් කිරීමට යන බව විජේවීරට සැලවූයේ 1983 ජුලි 29 දහවල්. විගසින් ක්‍රියාත්මක වන ඔහු මොරටුවේ නිවස වසා යතුරු දමා, ආරක්ෂාව පතා ජවිපෙට අයත් කැබ් රථයෙන් චිත්‍රාංගනී සහ දරු දෙදෙනා සමගින් තංගල්ල බලා පිටත් වෙනවා. ජවිපෙ ජුලි 30 වැනි දා තහනම් කළ බව විජේවීරට ගුවන් විදුලියෙන් අසන්නට ලැබුණේ තංගල්ලේ සිටිය දී යි. එවිට චිත්‍රාංගනී සහ දරුවන් දෙදෙනා රෝහණගේ මව වන නැසිනෝනා වික්‍රම කළුතොටට භාරදෙන විජේවීර, තම මල්ලී වන ආනන්දට සහ චිත්‍රානි නැගණියට ඔවුන්ව හොඳින් බලාගන්නා ලෙස කියමින් තංගල්ල නිවසින් පිටව සැඟව යනවා. ඔහු තම දරුවන්ට දැඩි සෙනෙහසක් දැක්වූ පියකු වූ බව පැවසෙනවා.
    යටිබිම්ගත දේශපාලනයට
    vm3x1eKT1vHCNPiT_10-min.JPG

    විජේවීර සහ චිත්‍රාංගනී සැඟව සිටින අවස්ථාවක් (ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයෙන්) අනුග්‍රහය- අනුරුද්ධ ජයසිංහ



    උස්සපු එකක්
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    Jr ජවිපෙයි විරුද්ද වාදීන්වයි කපන්නයි.රටේ තිබ්බ අනිත් ප්‍රශ්න අමතක කරවන්නයි බලාගෙන කලු ජූලිය නොකලා නන්‍,ලංකාව සෑහෙන්න දියුණු රටක් වෙන්න තිබ්බා.ඔය සිද්දියෙන් මුල් වෙච්ච අනිත් දේවල් නිසා සිදු වුන දේපල සහ ජීවිත හානිය කොච්චර ද?
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,355
    1
    4,049
    113
    SLFP killed JVPers in 1971 and UNP did the same in 1988-1990. JVP killed innocent people in second insurrection and some of them were Vijaya, Premakeerthi, ... etc. JVP was rejected more than once by people. 5% or less cannot take power so they are wasting time and money of financiers, who are mostly overseas. There are some people who became rich from their looted money. where have all that gone?
     
    • Like
    Reactions: War Fighter

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඕනම පක්ශයක අන්ත දෙකක සාමජිකයින් සිටිය හැකියි. අද ජවිපෙ පිලිගෙන තියෙනවා අන්ත වාමාන්ශික ස්ටාලින්වාදී මාක්ස්වාදයකට වඩා ට්‍රොට්ස්කිවාදී අදහස් ලන්කාවට බෙහෙවින්ම ඔබිනවා කියලා. මේක දිසානායක්ගෙවත්, හදුන්නේත්තිගෙවත් පුද්ගල අභිමතාර්තයන් මත ඔද්දල් වුන දෙයක් නෙමෙයි. මට හිතෙන්නේ.. අද ජවිපෙ/ ජාතික ජනබළවේගය මේ පරම සත්ය අවබෝද කරගෙන ඉන්නව කියලා.

    පක්ශයක් පරිණතවීම් හේතුභූතකොටගෙන පක්ශෙයේ දිශානතිය වෙනස්කරන එක ජවිපෙටවත්, එජාපයටවත්, පොහොට්ටුවටවත් අලුත් දෙයක් නෙමෙයි. අනික ජවිපෙ නායකයෝ පත්කරගන්නේ සාමාජිකයින්. දිසානායකට මේකේ ලැගලා ඉන්න හෙතුවක් නැහ රනිල් වගේ. යන්න කියල පක්ශය/ සාමජිකයින් තීරණය කලදාට ඔහු නික්ම යාවී.

    මම ජෙප්පෙක් නොවුනත්, මටනම් වර්තමාන ජවිපෙ/ ජජබ ගමන්මග ගැන ලොකු පැහැදීමක් තියෙනවා.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    :lol: :lol:

    Wijewira dewaniwaratath mara damma Anura
    අනුර කුමාර සහෝදරයා සහ රනිල් වික්‍රමසිංහ සහෝදරයා කියන්නේ ආණ්ඩුපක්ෂය ට දියමන්ති ගල් දෙකක් වගේ තමා 🤣🤣🤣🤣