ගතින් වාගෙම සිතින්
ගිලන් වී බිඳී ගිය
රෝගීන් මහ ගොඩක්
රෝහලේ පෝලිමේ...
පුටු වලට බරවෙලා
හිස අතට බරකරන්
සිතනවා විය යුතුය
කිමෙක්දෝ මේ සසර...
ඉඩ මදිව අසුන් වල
අසීරුව හිටගත්ත
තවත් අය පෝලිමේ
මහ දිගට වෙහෙසබර...
වේගයෙන් රියක් විත්
බ්‍රේක් ගසනා හඬක්
පැමිණියා විය යුතුය
හදිසියේ යම් ලෙඩෙක්...
පෝලිමෙන් වැසී ගිය
දොරටුවේ ඉඩදෙන්න
කන් බිහිරි කරවනා
කෑගෑම කාගෙන් ද...
මළවුන් ලෙසින් හුන්
පෝලිමේ රැඳි පිරිස
යාන්තම් සෙලවෙමින්
දොරටුවේ සදයි ඉඩ...
මේ අතර මම දුටිමි
මේ කිසිත් නොසැලකූ
ගිලන් බව කියා යම්
දෙයක්වත් නොදන්නා...
මෙවන් වූ තැනක
දැකුමට හැකිය නොසිතෙනා
පිබිදුනා වූ සිතින්
යුක්ත වූ ප්‍රේමයක්...
අසුන් වල වාඩිවී හුන්නේ ය
ඒ දෙදෙන
තරුණයාගේ අතේ
වෙළුම් පටියෙන් වෙලී...
ඇස රැඳී තිබුනේ ම
ඈ වෙතය පසෙක හුන්
ගවොමකින් සැරසී වුන්
සුන්දරය ඈ බොහෝ...
බැලුම් හුවමාරු විය
දෙදෙන අතර ම තුටින්
සිනහවන් පිරී ඇත
සෙනෙහසක් දරාගත්...
ඔහු සෙමින් ළං වෙමින්
කුමක් හෝ මිමිණී ය
ඇය නැවත සිනහවක්
ඔහුට පුද දුන්නා ය...
යුවතියට අනෙක්පස
හුන් මවක් එක්වරම
විමසිලිව බැලුවා ය
ඔවුන් දෙදෙනම දිහා...
දෙදෙනාම නොදන්නා
උන් ලෙසින් හුන්නේ ය
ඒ ඇගේ මවුන් බව
ඒ මොහොතේ වැටහුනේ...
ටික වෙලාවක් ගෙවී
ගිය පසුව ඔහු නැවත
යුවතියට ළං වෙමින්
හදද්දී මුමුණන්න...
මව නැගී සිටියා ය
එක්වරම වේගයෙන්
එනවා මේ පුටුව වෙත
අණ දුන්නෙ දුවණියට...
පෙම් කතා අවසන් ය
මව් තොමෝ ඔහු ළඟය
ඔහුගේ සිත් ගත් කුමරි
මවුන් සිටි පුටුවේ ය...
"ෂිට් යකෝ" කියාගත්
මුහුණකින් ඔහු සිටී
යුවතියගේ මුහුණ මත
සිනහවකි බිමට බර...
අතේ තිබු කවරයක්
පුටුව මත තබා ඔහු
නික්මුනේ ඒ තැනින්
කුමකට ද නොදත්තෙමි...
ලැජ්ජාව නිසා නම්
විය නොහැක ඒ ගමන
එතැන සිටි අන් අයට
ඒ වගක් නැත්තේ ය...
ටික වෙලාවකින් ඔහු
වටෙන් විත් පෝලිමේ
මවුන් වෙනතක් බලා
සිටි වෙලාවක් බලා...
යුවතියට දුන්නේ ය
කඩදාසි කැබැල්ලක්
සටහන්ව තිබුනේ ය
දුරකථන අංකයක්...
මව දිහා විමසිලිව
බැලූ ඈ සීරුවෙන්
ඒ ලැබුම සඟව ගත්තේ
මහත් වේගයෙන්...
මව බැලුවෙ කන්න මෙන්
තරුණයා දුටු සැණින්
ඒ නමුදු දුන්න දේ
දුටුවේ නම් නැති හැඩ ය...
ඒ සැණින් වටෙන් විත්
අසුන් ගත්තේය ඔහු
කලින් සිටි පුටුවේ ම
අහිංසක මුහුණකින්...
සැඟව ගත් සතුටකින්
ඔහු පෙලුණු බව දුටිමි
යුවතිය ද එවන් වූ
සතුටකින් බව පෙනුනි...
ස. මභීර ර.
2206251427
'ස. මභීර ර.' පළකිරීම : 2207072315
#smabheerar
#spn
ගිලන් වී බිඳී ගිය
රෝගීන් මහ ගොඩක්
රෝහලේ පෝලිමේ...
පුටු වලට බරවෙලා
හිස අතට බරකරන්
සිතනවා විය යුතුය
කිමෙක්දෝ මේ සසර...
ඉඩ මදිව අසුන් වල
අසීරුව හිටගත්ත
තවත් අය පෝලිමේ
මහ දිගට වෙහෙසබර...
වේගයෙන් රියක් විත්
බ්‍රේක් ගසනා හඬක්
පැමිණියා විය යුතුය
හදිසියේ යම් ලෙඩෙක්...
පෝලිමෙන් වැසී ගිය
දොරටුවේ ඉඩදෙන්න
කන් බිහිරි කරවනා
කෑගෑම කාගෙන් ද...
මළවුන් ලෙසින් හුන්
පෝලිමේ රැඳි පිරිස
යාන්තම් සෙලවෙමින්
දොරටුවේ සදයි ඉඩ...
මේ අතර මම දුටිමි
මේ කිසිත් නොසැලකූ
ගිලන් බව කියා යම්
දෙයක්වත් නොදන්නා...
මෙවන් වූ තැනක
දැකුමට හැකිය නොසිතෙනා
පිබිදුනා වූ සිතින්
යුක්ත වූ ප්‍රේමයක්...
අසුන් වල වාඩිවී හුන්නේ ය
ඒ දෙදෙන
තරුණයාගේ අතේ
වෙළුම් පටියෙන් වෙලී...
ඇස රැඳී තිබුනේ ම
ඈ වෙතය පසෙක හුන්
ගවොමකින් සැරසී වුන්
සුන්දරය ඈ බොහෝ...
බැලුම් හුවමාරු විය
දෙදෙන අතර ම තුටින්
සිනහවන් පිරී ඇත
සෙනෙහසක් දරාගත්...
ඔහු සෙමින් ළං වෙමින්
කුමක් හෝ මිමිණී ය
ඇය නැවත සිනහවක්
ඔහුට පුද දුන්නා ය...
යුවතියට අනෙක්පස
හුන් මවක් එක්වරම
විමසිලිව බැලුවා ය
ඔවුන් දෙදෙනම දිහා...
දෙදෙනාම නොදන්නා
උන් ලෙසින් හුන්නේ ය
ඒ ඇගේ මවුන් බව
ඒ මොහොතේ වැටහුනේ...
ටික වෙලාවක් ගෙවී
ගිය පසුව ඔහු නැවත
යුවතියට ළං වෙමින්
හදද්දී මුමුණන්න...
මව නැගී සිටියා ය
එක්වරම වේගයෙන්
එනවා මේ පුටුව වෙත
අණ දුන්නෙ දුවණියට...
පෙම් කතා අවසන් ය
මව් තොමෝ ඔහු ළඟය
ඔහුගේ සිත් ගත් කුමරි
මවුන් සිටි පුටුවේ ය...
"ෂිට් යකෝ" කියාගත්
මුහුණකින් ඔහු සිටී
යුවතියගේ මුහුණ මත
සිනහවකි බිමට බර...
අතේ තිබු කවරයක්
පුටුව මත තබා ඔහු
නික්මුනේ ඒ තැනින්
කුමකට ද නොදත්තෙමි...
ලැජ්ජාව නිසා නම්
විය නොහැක ඒ ගමන
එතැන සිටි අන් අයට
ඒ වගක් නැත්තේ ය...
ටික වෙලාවකින් ඔහු
වටෙන් විත් පෝලිමේ
මවුන් වෙනතක් බලා
සිටි වෙලාවක් බලා...
යුවතියට දුන්නේ ය
කඩදාසි කැබැල්ලක්
සටහන්ව තිබුනේ ය
දුරකථන අංකයක්...
මව දිහා විමසිලිව
බැලූ ඈ සීරුවෙන්
ඒ ලැබුම සඟව ගත්තේ
මහත් වේගයෙන්...
මව බැලුවෙ කන්න මෙන්
තරුණයා දුටු සැණින්
ඒ නමුදු දුන්න දේ
දුටුවේ නම් නැති හැඩ ය...
ඒ සැණින් වටෙන් විත්
අසුන් ගත්තේය ඔහු
කලින් සිටි පුටුවේ ම
අහිංසක මුහුණකින්...
සැඟව ගත් සතුටකින්
ඔහු පෙලුණු බව දුටිමි
යුවතිය ද එවන් වූ
සතුටකින් බව පෙනුනි...
ස. මභීර ර.
2206251427
'ස. මභීර ර.' පළකිරීම : 2207072315
#smabheerar
#spn