රෝහලෙන් අසත්‍ය වාර්තා

chanaka

Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    රෝහලෙන් අසත්‍ය වාර්තා

    මාරක රිය අනතුර කල දොස්තර නෝනා මත්පැන් බිව් බවට සමාජ ශාලාවෙනුත් සාක්ෂි රෝහලෙන් අසත්‍ය වාර්තා ..!​
    :angry::angry::angry:

    සුගියදා බොරලැස්ගමුව, වික්‍රමරත්න මාවතේදී සිදුවූ මාරක රිය අනතුරකින් පොලිස් පරීක්ෂකවරයෙක් ජිවිතක්ෂයට පත්වුනා. විශේෂඥ වෛද්‍යවරියක් බීමතින් අපරික්‍ෂාකාරීව රිය පැදවීම නිසා මෙම අනතුර සිදුවූ බවයි අනාවරණය කරගෙන තිබුනේ. ඒ අනුව අනතුරට සම්බන්ධ සුඛෝපභෝගී රථය පැදවූ විශේෂඥ වෛද්‍ය ටිරානි කාවින්ද්‍යා මෙම මස 09 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කර තිබුණද ඇය තවමත් කළුබෝවිල මහ රෝහලේ 11 වැනි වාට්‌ටුවේ බන්ධනාගාර නිලධාරිනියන්ගේ රැකවල් මැද ප්‍රතිකාර ලබන බව සඳහන්. කෙසේ වෙතත් අනතුරින් ඇයට කිසිදු තුවාලයක්‌ සිදුවී නොමැති බවත්, බන්ධනාගාරගත නොවී කෙලින්ම උසාවියට ඉදිරිපත් වීමේ අරමුණින් ඇය රෝහලේ සිටින බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

    මේ අතර අනතුර සිදුවන අවස්ථාවේ අදාළ වෛද්‍යවරිය බීමතින් නොසිටි බවට කළුබෝවිල රෝහල් වෛද්‍යවරුන් නිකුත් කර ඇති වාර්තාව අසත්‍ය බවත් මේ හේතුවෙන් රෝහලේ ක්‍රියාකාරීත්මය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයත් ඇතිවී ඇති බවත් සඳහන්. කෙසේ වෙතත් පොලිසිය විසින් අදාළ වෛද්‍යවරියට ඇල්කෝ ලයිසරයක්‌ (බැලුමක්‌) පිම්බීමට දී ඇති අතර, එහිදී ඇය බීමත්ව සිටි බව තහවුරු වී ඇති අතර වෛද්‍යවරිය ගිය බව කියන ගල්කිස්‌ස රාත්‍රි සමාජ ශාලාවේ වේටර්වරයකුගෙන් ලබා ගත් කටඋත්තරයකදී ඇය මත්පැන් පානය කළ බව ප්‍රකාශ කර තිබෙනවා.

    මෙම වෛද්‍යවරිය කොහුවල දෙස සිට බොරලැස්‌ගමුව දෙසට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් සිය සුඛෝපභෝගී මෝටර් රථය ධාවනය කරන අවස්ථාවේදී ඉදිරියෙන් පැමිණෙන පොලිස්‌ පරීක්‍ෂකවරයාගේ රථයේ ගැටෙන ආකාරය අසල වෙළෙඳසලක තිබූ ආරක්ෂිත කැමරාවල ඉතා පැහැදිලිව සටහන් වී තිබුණා.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ සහ දරු දෙදෙනා තවමත් ප්‍රතිකාර ලබන අතර බොරලැස්‌ගමුව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප්‍රියන්ත සිල්වා මහතාගේ උපදෙස්‌ මත නිලධාරීන් කණ්‌ඩායමක්‌ සහ කළුබෝවිල රෝහල් පොලිසියේ පොලිස්‌ කොස්‌තාපල්වරුන් දෙදෙනෙකු මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා​
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ''කෙසේ වෙතත් පොලිසිය විසින් අදාළ වෛද්‍යවරියට ඇල්කෝ ලයිසරයක්‌ (බැලුමක්‌) පිම්බීමට දී ඇති අතර, එහිදී ඇය බීමත්ව සිටි බව තහවුරු වී ඇති අතර''

    එහෙනං පොලිසියට පුළුවන් නේද උසාවියට ඉදිරිපත් කරන වාර්තාවේ ඒක සදහන් කරන්න.

    ලංකාවේ ඩොක්ටර්ස් ලගේ බමුණු කුලයක් තියෙන්නේ. ඒ අයගේ කුලයේ අයගේ වැරදි පිළිගන්නේ නෑ. මතකදී අර දැන් සති දෙකකට විතර කලින් වතුරකයේ රෝහලක ළමයෙක් මැරුණා. ඒ වෙලෙත් උනේ කාලයක් තිස්සේ වෛද්‍යවරුන්ගේ තිබුන නොසැලකිල්ල නිසා තිබුන පීඩනය අර ළමයා මරුන වෙලේ උඩට ආපු ඒක.

    කොළඹ කලින් හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා තාජුඩීන්ගේ අස්ථි හොරකම් කළා. තාම දඩුවම් නෑ.


     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    බලමු මොකද වෙන්නෙ කියලා, මැරුණෙ පොලිසියෙ කෙනෙක්, මැරුවෙ දොස්තර කෙනෙක්.
    නීතිය නැවෙන විදිය බලමු
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    බලමු මොකද වෙන්නෙ කියලා, මැරුණෙ පොලිසියෙ කෙනෙක්, මැරුවෙ දොස්තර කෙනෙක්.
    නීතිය නැවෙන විදිය බලමු

    :(:(
    සදරනයක් වෙන්නේ නැ බන්​
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :(:(
    සදරනයක් වෙන්නේ නැ බන්​

    බලපං දෙන්නටම පවර්ස් තියෙන නිසා කොහෙන් හරි කේස් එක පත්තු වෙවී යනවා.. :yes:
    මැරුණේ සාමාන්‍ය මනුස්සයෙක්නම් මෙලහකටත් කේස් එක ඉවරයි හොස්පිට්ල් එකෙන් දුන්න ඩොක්ටර් බීලා හිටියේ නෑ කියන වාර්ථාව උඩ..:sorry:
    හැප්පුවේ සාමාන්‍ය මනුස්සයෙක්නම් ඒත් මෙලහකට කේස් එක ඉවරයි මිනිහව අඩුම ගානේ සති දෙකකට විතර ඇතුළට දාලා...:(
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,139
    20,733
    113
    හස්තිශෛලපුර
    බලමු මොකද වෙන්නෙ කියලා, මැරුණෙ පොලිසියෙ කෙනෙක්, මැරුවෙ දොස්තර කෙනෙක්.
    නීතිය නැවෙන විදිය බලමු


    මේ රට ගොඩ ගන්න බැරි තරම් වලකට වැටිලා.. යල් පැනපු නීති හින්දයි මේ සේරම.. පබයා-සිරිසේන ඉන්නේ ජෝකර්ට ඇදගෙන..

    මිනිස්සු ඌව පත්කරපු හේතුව ඌට තේරුම් ගන්නවත් මොලයක් නෑ..



    බලය ධනය තියෙන එකා ඕන වැරද්දක් කරනවා, සල්ලි ටිකක් වියදම් කරලා හොද ලෝයර් කෙනෙක් ගත්තම ඕනෑම නීතියකින් ගැලවිලා ගියහැකි...


    :sorry::sorry::sorry::sorry:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,139
    20,733
    113
    හස්තිශෛලපුර


    බලපං දෙන්නටම පවර්ස් තියෙන නිසා කොහෙන් හරි කේස් එක පත්තු වෙවී යනවා.. :yes:
    මැරුණේ සාමාන්‍ය මනුස්සයෙක්නම් මෙලහකටත් කේස් එක ඉවරයි හොස්පිට්ල් එකෙන් දුන්න ඩොක්ටර් බීලා හිටියේ නෑ කියන වාර්ථාව උඩ..:sorry:
    හැප්පුවේ සාමාන්‍ය මනුස්සයෙක්නම් ඒත් මෙලහකට කේස් එක ඉවරයි මිනිහව අඩුම ගානේ සති දෙකකට විතර ඇතුළට දාලා...:(


    :yes::yes::yes: සාමාන්‍ය මිනිහෙක් නම් හැප්පුනේ, ඩොකි උන්ට ගානක් දීලා උන්ගේ කට වහලා, ඩොකි රටෙන් පැනලා...
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    :yes::yes::yes: සාමාන්‍ය මිනිහෙක් නම් හැප්පුනේ, ඩොකි උන්ට ගානක් දීලා උන්ගේ කට වහලා, ඩොකි රටෙන් පැනලා...

    :yes::yes::yes:
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    මොකෙක් හරි බොනවා දැක්කා කියලා ඇසින් දු‍ටු සාක්ෂි උසාවියකට දාන්න බෑ.පොලිසියට නඩු කාරයා හිනා වෙයි. බ්ලඩ් වල ඇල්කොහොල් නියමිත ප්‍රමානයට වඩා වැඩියෙන් තියෙන්න ඕන.:Pගත්ත බියර් වල බෝතල් වල රිසිට් දාලා තියෙනවත් දැක්කා.ඒවත් වැඩක් නෑ.බීමත්ව සිටි බව විද්‍යාත්මකවම ඔප්පු කල යුතුයි.:lol:
     
    Last edited: