Godzilla චිත්‍රපට මාලාව හරහා ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වූ Jia ගේ චරිතයට පණ පෙවූ ළමා නිළි Kaylee Hottle රිය අනතුරකින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය යන විට ඇය 18 වැනි වියේ පසු විය. ඇයගේ පියා විසින් මීට සුළු වේලාවකට පෙර මේ බව නිල වශයෙන් තහවුරු කර ඇති අතර, ඇමරිකාවේ Maryland හිදී අඟහරුවාදා උදෑසන සිදුවූ මෙම දරුණු රිය අනතුරෙන් පසු රෝහලට රැගෙන යන අතරතුරදී ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
උපතින්ම ශ්‍රව්‍යාබාධිත තත්ත්වයක පසුවූ ඇය 2021 වසරේ නිකුත් වූ Godzilla vs. Kong සහ 2024 වසරේ නිකුත් වූ Godzilla x Kong: The New Empire යන චිත්‍රපට වලදී Kong සමඟ සංඥා භාෂාවෙන් අදහස් හුවමාරු කරගන්නා Jia ගේ චරිතය වෙනුවෙන් විශිෂ්ට රංගනයක නිරත වීමට සමත් වුණා. ඉතාමත් ළාබාල වයසකදී සිදුවූ ඇයගේ මෙම හදිසි වියෝව හේතුවෙන් මේ වන විට ලොව පුරා සිටින සිනමා රසිකයින් දැඩි කණගාටුවට පත්ව සිටිනවා.