රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,996
    35,927
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා

    අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා කළුබෝවිල රෝහල වෙත රැගෙන ගිය තරුණ කාන්තාවකට ලිංගික අතවරයක් කළ බව කියන එම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා රුපියල් ලක්ෂයක් වටිනා ශරීර ඇප
    මත මුදා හරින ලෙස නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කළේය. ඉහත කී තරුණ කාන්තාවගේ සැමියා කළ පහරදීමක් හේතුවෙන් ඇය ප්‍රතිකාර සඳහා ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත්ව ඇති බවත් පසුව අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා කළුබෝවිල රෝහල් අධිකරණ වෛද්‍ය

    නිලධාරීවරයා වෙත යොමුකර ඇති බව ද අනාවරණය කෙරිණි.

    ජයවර්ධනපුර රෝහලේ හෙදියක් හා එකී කාන්තාවගේ මව ද ඇය සමඟ කළුබෝවිල රෝහල වෙත ගොස් ඇයව ඉහත කී අධිකරණ වෛද්‍ය නිලධාරීයා වෙත යොමු කළ අවස්ථාවේ එකී වෛද්‍යවරයා තරුණ කාත්තාවගේ මවට හා හෙදියට එම පරීක්‍ෂණ කාමරය තුළට යෑමට ඉඩ නොදී පරීක්‍ෂණ කරන මුවාවෙන් ඇගේ අඟ පසඟ අතගා ඇයට ලිංගික අතවර කර ඇති බව ද අනාවරණය විය. පසුව ඇය එම සිද්ධිය ජයවර්ධනපුර රෝහලේ පොලිස් මුරපොළට හා කොහුවල පොලිසියට පොලිසිය එකී සිද්ධිය අධිකරණය වෙත යොමුකර අධිකරණයේ නියෝග මත නීතිපති උපදෙස් පතා ඇති බව ද වාර්තා
    විය.

    එකී සිද්ධිය දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් අදාළ වෛද්‍යවරයාට එරෙහිව නඩු පවරන ලෙස නීතිපතිවරයා දී තිබූ උපදෙස් අනුව කොහුවල පොලිසිය සැකකාර වෛද්‍යවරයා අධිකරණය වෙත ඉදිරීපත් කර තිබිණි.
     

    CreepySD

    Member
    Dec 6, 2018
    191
    16
    0
    ලංකාවෙ උන් පුදුම අසහනේකින් ජීවත් වෙන්නෙ නොදකින්
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,763
    1,492
    113
    Ganith pofi kamathi gathiyak danmada dan na. Ane manda ada kale ekek wa wiswasa karanna bane bn.