රෝහලේ වලිය බිළිඳකු පිටින් යවලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    හෝමාගම මූලික රෝහලේ නව ජන්ම ළදරු ඒකකයේ වෛද්‍යවරුන් සිටියදී වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව හුවා දක්වමින් එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සති තිස් හතරක බිළිඳකු අත්තනෝමතික ලෙස අවිස්සාවේල්ල මූලික රෝහලට මාරු කර යවා ඇතැයි එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය.

    මෙම බිලිඳා ස්වසනාධාර උපකරණ සහිතව (vantilater) දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවද ඔහු කීවේය.

    හෝමාගම මූලික රෝහලේ නව ජන්ම ළදරු ඒකකය විශේෂඥ වෛද්‍යවරියන් දෙදෙනකු යටතේ පාලනය වන අතර එම ඒකකයට අනුමත සාමාන්‍ය වෛද්‍යවරුන් පස් දෙනකු සේවයේ නිරතව සිටින බව රෝහල් ප්‍රකාශකයා කීය.

    එසේ තිබියදී වෙනත් ඒකකයක සේවය කළ සාමාන්‍ය වෛද්‍යවරයකුද මෙම ඒකකයට අනුයුක්ත කර ඇති අතර එහි අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ඉක්මවා ගොස් තිබිණි. රෝහලේ වෙනත් ඒකකයකට වෛද්‍යවරයකුගේ අඩුවක් තිබූ බැවින් මෙම ඒකකයේ වැඩිපුර සිටි වෛද්‍යවරයා නව උපත් ළදරු ඒකකයෙන් ඉවත්කර වෙනත් ඒකකයකට යොමු කිරීමට රෝහල් බලධාරීන් පසුගිය දා පියවර ගෙන ඇත.

    පළිගැනීමක් ලෙස මෙසේ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව හුවා දක්වමින් ස්වසනාධාර සහිතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සති 34ක බිලිඳකු කිලෝමීටර් 32ක් දුරින් පිහිටි අවිස්සාවේල්ල මූලික රෝහලට මාරු කර යැවීමට පියවර ගෙන තිබූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

    මෙම බිලිඳා මාරුකර යැවූ අවස්ථාවේදී තවත් දරුවන් දෙදෙනකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර වෛද්‍යවරුන් නොමැති නම් එම දරු දෙදෙනා රඳවාගෙන එක් බිලිඳෙකු පමණක් මාරු කර යැවීමට පියවර ගත්තේ කුමන හේතුවක් නිසාදැයි රෝගීහු ප්‍රශ්න කරති.

    දැඩි සත්කාර ඒකකයට අනුයුක්ත සාමාන්‍ය වෛද්‍යවරුන් පස්දෙනාගේ සේවය නොපිරිහෙලා ඉටු කිරීමට කැමැත්ත පළ කර ඇති පසුබිමක වෛද්‍ය හිඟයක් බව පවසමින් බිලිඳකු මාරු කර යැවීම රෝහල තුළද දැඩි කතාබහට ලක්ව ඇත.

    මෙවැනි අත්තනෝමතික ක්‍රියා සිදු කිරීමට මැදිහත් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් අවධානය යොමු කර වහාම අවශ්‍ය පියවර ගන්නැයි රෝගීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කළු මිට්ටා ඉස්පිරිතාලේ ඉඳලා මැරිලා ගියා නම් ඒත් බැනුම් අහන්නේ දොස්තරලා 😄
     
    • Haha
    Reactions: SLK_sri

    shenat

    Well-known member
  • May 13, 2007
    58,812
    87,264
    113
    ආශ්චර්යමත් රටක
    “පලිගැනීමක් ලෙස” ලු 🫢

    මේ කියන විදියට හොස්පිටල් වල දොස්තරලා වැඩිපුර ඉන්නවා ඉන්නවත් ඉඩක් නැති තරං. එහෙම නිකන් හිටපු එකෙක්ව වෙන තැනකට යැව්වට පලිගැනීමක් 🫢
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,714
    9,003
    113
    kandy
    රජාගේ රෝහල් වල ඔහොම තමයි. මිනිස්සුන්ගේ ජිවිත තුට්ටුවකට මායිම් කරන්නේ නෑ ..
    පව් පොඩි එකා