ලංකාවට එන්න සල්ලී නැ :( Pavement එකේ නිදාගන්නේ :( මෙහ&#354

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
ලංකාවට එන්න සල්ලී නැ :( Pavement එකේ නිදාගන්නේ :( මෙහ&#354

SOurce http://www.lankagossipgirlnewslk.com/2015/02/people-who-sleep-on-pavement.html gossip lanka


සවුදි යේ පදික වේදිකාවක සීතලේ නිදන ලාංකිකයෝ

යළි ශ්‍රී ලංකාවට පැමි”මට වත්කමක් නොමැති හෙයින් තමන් ඇතුළු පිරිසකට සවුදි අරාබියේ අගනුවර සමාගමක් අසල පදික වේදිකාවේ සීතලේ නිදන්නට සිදු වී ඇති බව පවසන ඩබ්එල් ප්‍රියන්ත රණසිංහ, තමන් යළි සිය රට ගෙන්වා ගන්නා මෙන් ලාංකීය බලධාරීන් ගෙන් ඉල්ලයි.

තවත් ශ්‍රී ලාංකිකයන් පස් දෙනකු තමන් සමඟ රියාද් අගනුවර මහරා කම්හලේ කාර්යාලය ඉදිරිපස මෙට්ට අතුරා ගෙන, මෙට්ටයකින් කඩාගත් රෙදි කඩක් පොරවා ගෙන ශීත සෘතුවේ සීතල මකා ගන්නා බව ඔහු සඳහන් කළේ, රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා අප වෙත එවා තිබුණු දුරකථන අංකයට මා ඔහු ඇමතූ වේලේ.

යළි ශ්‍රී ලංකාවට පිටත් කිරීමට නම් රුපියල් දෙලක්ෂ හතලිස් දහසක් ගෙවන මෙන් කම්හල් බලධාරීන් පමණක් නොව ශ්‍රී ලංකා තානාපති නිලධාරීන් ද ඉල්ලන බව ප්‍රියන්ත මා සමඟ පැවසුවේ දැඩි වේදනාවකින්.

පඩි අඩු වුනා

2013 දෙසැම්බරයේ දිනෙක සවුදියට පැමිණි අවස්ථාවේ පටන් කුකුල් මස් නිෂ්පාදන කම්හලක වසරක් සේවය කරද්දී මුහුණ දීමට සිදු වුනු දුෂ්කර අත්දැකීම දුරකථනය ඔස්සේ ප්‍රියන්ත විස්තර කළේ මෙලෙසින්.

අපි අත්සන් කරලා ආවේ රියාල් 1100 යි. පැය දහය සේවය, සිකුරාදා හතර නිවාඩු. කෑම බීම, ඉඳුම් හිටුම් නොමිලේ, මෙඩිකල් නොමිලේ කියලා.

එහෙත් කම්හලේදී ඒ සියලු දේ සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබිණ.
පළවෙනි මාස තුනේ පඩි අඩු වුනා, රියාල් 400 යි, 300 යි.

ෆැක්ටරියෙන් දවල් කෑම වේල හම්බ වුනා. දෙවේලක් අපි උයාගෙන කෑව. ඛෙහෙත් ගන්න ගියාම අපේ පඩියෙන් ඛෙහෙත්වලට කැපෙනව. සිකුරාදා නිවාඩු නෑ. ඒක දවසක් වැඩට ගියේ නැත්නම් දවස් තුනක පඩි කැපෙනව.

ඇමතිනිය ගේ ප්‍රතිචාරය?

මේ තත්වය හේතුවෙන් කම්හලේ සේවයෙන් ඉවත් වූ ඔවුන්, තමන් යළි සිය රට යවන මෙන් ශ්‍රී ලංකාවේ රැකියා ඒජන්සියෙන් සහ තානාපති බලධාරීන් ගෙන් ඉල්ලා සිටි බවයි, ප්‍රියන්ත රණසිංහ මා සමඟ කියා සිටියේ.

එය ප්‍රතික්ෂේප වූ තැන දිවා කාලයේ අසල්වැසි අරාබි හාම්පුතුන් ගේ නිවාස සෝදමින්, මාස දෙකකට අධික කාලයක් මේ පිරිස සීතලේ ගැසෙමින් රාත්‍රිය ගත කරන්නේ පදික වේදිකාවක.

රියාද් නුවර වීථියේ වෙසෙන ඩබ්එල් ප්‍රියන්ත රණසිංහ සමඟ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ පැවැත්වූ දුරකථන සංවාදයක සංක්ෂිප්ත සටහන
 

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
මේක කියවද්දි වැරදි අදහසක් මතු වෙනවා රන්ජන් රාමනායක මුදල් ඉල්ලූ බවට......
 

jonhrcm

Well-known member
  • Nov 29, 2006
    796
    346
    83
    Lankawe
    ane manda ban . lankawe minissu kochchara denuwath karath me apayat aye aye ynawane. awuruddakata keedenek merila petti walin enawad ? :(
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mekata Sri Lankan embassy eken waga kianne one, embassy eka haraha megollanwa yawapu ayata neethimaya dandanayak, vandi mudalak, saha saudi arabiye ayathanayata wandi mudalak gewanne one, mekata Saudi Arabiye agamana wigamana departhamenthuwata kiwwoth hari yanawa.