mehema ekak daanakota hondata penne menna mehema daanna oona yaaluwa. onna mama damma.
ලංකාවට ගොඩබැස්ස චේ ගුවේරා
Written by අමරේ Wednesday, 07 October 2009 02:47 Top Lanka News ඔක්තෝබර් 05
ඇමරිකාව ප්‍රධාන බටහිර යුරෝපය එකම කදවුරක්ව කොමියුනිස්ට් කදවුරට විරුද්ධව ශිතල යුද්ධයක යෙදි සිටිද්දී පාප් වහන්සේ කොමියුනිස්ට් විරෝධී පිලේ නායකයෙක් වුයේය. මෙම යුගයේ බිහිවු චේ ගුවේරා අමු කොමියුනිස්ට්කාරයෙකි. කියුබානු විප්ලවයට සහභාගිවු ඔහු කොමියුනිස්ට් වාදය දකුණු ඇමරිකාවේ පැතිරවිමට උත්සාහ දරන්නේ බොලිවියානු හමුදාවට හසුව මරා දැම්මේය.
චේ ගේ මළ සිරුර දුටු බොලීවියානුවන් තමන්ට හුරු පුරුදු දේවස්ථානයේ දකින යේසු වහන්සේගේ රුවේ පෙනුම මියගිය චේ ගේ සිරුරේ තියෙනු දැක කම්පිත වුහ. චේ පීඩිත පන්තිය ගලවා ගැනිමට පැමිණි දේව පුත්‍රයෙක් යයි ඔවුන් සමහරු සිතුහ. බොලිවියානු ධනපතින් 'චේ' මරා දැමුහයි පාලකයින්ට ශාප දැමුහ.
චේ ගේ මරණයෙන් පසුව බොලිවියානු ජනතාවගේ හැසිරිම අධ්‍යයනය කළ කතෝලික පියවරු පිරිසක් දකුණු ඇමරිකාවට කතෝලික ගැලවිමේ දර්ශනයක් ඉදිරිපත් කරන්නේ චේ ගේ රුපය සංකේතයට යොදා ගන්ඩ වන්හ. ඔවුන්ම බොහෝ අවස්ථාවල චේ ගේ කියමන් ගැලවිමේ දර්ශනය ප්‍රකාශකරන ලිපි ලේඛණ ඉදිරිපත් කිරීමේදී යොදා ගත්හ. මේ සියලූ උපක්‍රම මගින් එම පුජකවරුන් උත්සාහ කළේ දකුණු ඇමරිකාවේ අතිශයින්ම ජනප්‍රිය විප්ලවවාදියා ක්‍රිස්තියානි ගැලවිමේ දර්ශනයට ගලපා ගැනිමයි. එය සාර්ථක උත්සාහයක් වුයේ ය. ජිවත්වු චේ නොව මියගිය චේ පල්ලියට ප්රයෝජණවත් වුයේ ය.
ක්‍රිස්තියානි ගැලවිමේ දසුන හෙවත් ක්රිස්තියයන් ලිබරේෂන් තියොලොජි ලංකාවේ පැතිර ගියේ ක්‍රිස්තියානි විමුක්ති දර්ශනය ලෙසිනි. ජනතා විමුක්ති පෙරමුණ
,ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය , කාන්තා විමුක්ති ව්‍යාපාරය ආදී වශයෙන් දේශපාලන පක්ෂ හා සංගම් විමුක්ති නම ගාගෙන මේ කාලයේ බිහිවුයේ බෞද්ධ අර්ථයෙන් නොවේ. කතෝලික පියවරු බෞද්ධයන් අතර ඉතාම උසස් විමුක්තිය යන වචනය ඔවුන්ගේ දේශපාලන වාදයට එක්කළ බැවිනි. විජය කුමාරණතුංග ඔහු පුතාට 'විමුක්ති ' යයි නම යෙදීමට කාරණාවත් ඔහු ක්‍රිස්තියානි ගැලවිමේ දර්ශනය පිළිගෙන සිටිමයි කියා විජය අපට කියා තිබේ.
මේ කාලයේ ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින්ව චේ ගුවේරා කාරයින් හැටියට නම් කිරීම කොහොම වු දෙයක්දැයි බොහෝ දෙනෙක් නොදනිති. එය ලිබරේෂන් තියලොජි පැතිරවීම සදහා වෙහෙසුන පියතුමකුගේ ක්‍රියාවකි. චේ ගුවේරා ජනප්‍රිය කිරීම මගින් එතුමා ලිබරේෂන් තියලොජිය පතුරුවා හැරීම අපේක්ෂා කළේ ය.
නමුත් ලිබරේෂන් තියොලොජි පිළිගත් පියවරු හෝ කන්‍යා සොහොයුරියන් කිසිවෙක් කොමියුනිස්ට්වාදින් හෝ මාක්ස්වාදින් නොවේ. ඒ සැවොම කොමියුනිස්ට් විරෝධීයෝ ලෙසින් ක්‍රිස්තියානි ගැලවුම්වාදය අදහති. නමුත් ඒ කවුරුත් හොද කොමියුනිසට්වාදින්ව ක්‍රිස්තියානි ගැලවුම්වාදයට එක්කර ගැනීමට සමත්කම් දක්වා තිබේ. ඒ කෙසේද යන්න අපි පසුව කතා කරමු.
එදා කොමියුනිස්ට් වාදින් අද බොහෝම සශ්‍රීක ජිවිත ගෙවමින් ක්‍රිස්තියානි සංවිධාන වලට සේවය කරති. ඒ හැම දෙනාම වාගේ ඇල්ට්ටීඊ සංවිධානයට හිතවාදිව කටයුතු කරති.