ලංකාවට ණය දෙන්නේ නැහැ ?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    ලංකාවට ණය දෙන්නේ නැහැ ?

    චීනයෙන් ඩොලර් මිලියන 300 ක ණයක් ගන්න යයි

    :shocked::shocked: චීනයේ ‘බෑන්ක් ඔෆ් චයිනා’ වෙතින් එක්සත් ජනපද ඩොලර් මිලියන 300ක ණය මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් සළකා බලමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    එම මුදල් එක්සත් ජනපද ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවිය හැකි යැයි ද වික්‍රමරත්න මහතා කියයි. රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් හෙතෙම ඒ බව ප්‍රකාශ කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා එහිදි මෙසේ ද සඳහන් කර ඇත.

    “අපි බෑන්ක් ඔෆ් චයිනා වෙතින් ඩොලර් මිලියන 300ක මුදලක් ලබාගැනීම කෙරෙහි සලකා බලනවා. එය ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නංවා ගන්න පුළුවන්. එම මුදල්වලින් ඉදිරි මාස කිහිපයේදී ගෙවීමට තිබෙන ණය නැවත ගෙවීම් ගෙවා අවසන් කරන්න පුළුවන්. දැඩි කොන්දේසි සහ ශ්‍රේණිගත කිරීමේ ආයතන ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව පහත දැමීම නිසා ජාත්‍යන්තර වෙළෙඳපොළවලින් ණය ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වෙලා. ණය මුදලේ ප්‍රමාණය, කාලය, මිල යනාදිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ අනුකමිටුවක් ඉදිරියේදී සාකච්ඡා පවත්වනු ඇත.

    පසුගිය වසර අවසන් වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත ණයවලින් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයක් චීන ණය විය. චීනය ශ්‍රී ලංකාවට වරාය, මහාමාර්ග, අධිවේගී මාර්ග සහ තවත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති සඳහා එක්සත් ජනපද ඩොලර් බිලියන 8කට ආසන්න මුදලක් ණයට ලබා දී තිබේ.

    මේ සම්බන්ධයෙන් කොළඹ පිහිටි ‘බෑන්ක් ඔෆ් චයිනා’ බැංකුව සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

    රොයිටර් ඇසුරිනි


    lankadeepa

     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    ඔය පකය නේද 2015 දි කිව්වෙ රාජපක්ශ මේ රට චීන කොලොනියක් කොරන්න යනවා කියල? කෝ අර පොන්න අනුර ලපය?