ලංකාවට තෑගි දුන් සද්දන්තයින් දෙන්නා යළි ගෙන්වාගන්න තායිලන්තයේ අවධානය

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,949
    11,391
    113
    උනුත් දන්නවා හෙළ බෞද්දයින්ගෙ අවිහින්සාවාදය, සත්ව කරුණාව ගැන


    තායිලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඇතුන් දෙදෙනෙකු ආපසු ගෙන්වා ගැනීමට එරට රජයේ අවධානය යොමු වී තිබේ. තායිලන්තය විසින් ශ්‍රී ලංකා රජය සමඟ මේ සමබන්ධ සාකච්ඡාවක් ඔක්තෝබර් මස 28 දිනයේදී පැවැත්වීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි.

    මේ සඳහා ඔක්තෝබර් 23 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා හා එරට ස්වභාව සම්පත් හා පරිසර අමාත්‍යවරයා වන සුචාට් චොම්ප්ක්ලින් මහතා විසින් ඊයේ (23) දින ෆේස්බුක් සටහනක් එක් කර ඇති බවද තායි මාධ්‍ය සඳහන් කරයි.

    මෙලෙස අවධානය යොමු කර ඇත්තේ දළදා මාළිගයේ වෙසෙන Plai Pratu Pha හා කතරගම කිරිවෙහෙරේ වෙසෙන Plai Srinarong යන හස්තින් දෙදෙනා සම්බන්ධයෙනි.

    මෙම පියවර ගෙන ඇත්තේ තායිලන්තයේ Reclaim Thai Elephant නම් එකමුතුවක් විසින් එරට පරිසර අමාත්‍යංශයට ලබාදුන් ලිපියකට ප්‍රතිචාරයක් වශයෙනි. මෙම එකමුතුව පවසා ඇත්තේ තායිලන්තය විසින් ලබාදුන් මෙම හස්තියන් ගේ අධික ලෙස වැඩ ගන්නා බවත්, යදම් දමා සිටින ඔවුන්ට ඇතැම් විට පහර දෙන බවද වාර්තා වන බවයි.

    මෙම සතුන් ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අවධානය යොමු කරන මෙන් එම එකමුතුව තායි රජයෙන් ඉල්ලා ඇත.

    ඒ අනුව, මේ අතර, සුචාට් මහතා, අදාළ නිලධාරීන් හා පශු වෛද්‍යවරුන් සමඟ, මෙම හස්තියන් ගේ සෞඛ්‍ය සහ ජීවන තත්ත්වය තක්සේරු කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව තායි මාධ්‍ය වල දැක්වේ.

    රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා දිගටම පවතින අතරතුර, මෙම සතුන්ට නිසි සත්කාර ලබාදීමට ඔවුන් දේශීය භාරකරුවන්ට උපදෙස් දෙනු ඇත.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    සතියකට අලි 5ක් 6ක් මරන රටක , උන් දිපු අලි ඉල්ලන එක සාදාරනයි හුට්ටො!

    https://www.facebook.com/share/r/1G977QwSbo/




    උබල හිතන්නෙ ලොකෙ මින්ස්සු මෙවා දකින්නෙ නැ කියලද?

    me page follow karapalla. thiopita lankawa epa wei

    https://www.facebook.com/profile.php?id=61570606838342

    https://www.facebook.com/groups/528818191736550

    https://www.facebook.com/voiceforelephants.lk



    ------ Post added on Oct 26, 2025 at 4:07 PM
     
    • Like
    Reactions: jamiezue

    Similar threads