ලංකාවට මරණ හයක් ඇත

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ලංකාවට මරණ හයක් ඇත

    ලංකාවට මරණ හයක් ඇත.
    එකක් නම් ව්‍යව්ස්ථාව හරහා රට කැඩීමයි. ඒකට අවශ්‍ය එන්ජීඕ ව්‍යවස්ථාදායක සභාව හදලා ඉවරයි. ඕනම දේකට අත උස්සන ගොන්නු රැලක් ඉන්නවා නාමික විපක්ෂයක් එක්ක. 2/3ට 5/6ක බලයක් තියෙනවා. ඉස්සර වෙලා සහ සන්ධීය රාජ්‍යයක් හදලා ඉන් පස්සේ ජනමත විචාරණයක් හරහා වෙන් කරන්ඩ පුළුවන් නැගෙනහිර ටිමෝරයේ සහ දකුණු සුඩානයේ කරා වගේ. කැඩුනට පස්සේ ඉතිං දේශසීමා සටන් එහෙම තමා. එකක් කැඩුන ගමන් වතුකරයේ, මුස්ලිම් ප්‍රෙද්ශ එහෙමත් කැඩෙන්ට බලනවානේ. හරි ලස්සන කාලයක් එයි.
    අනෙක තමා යුධ අපරාධ නඩු කතාව. ඒකෙ ethnic cleansing උනා කියලා හයිබ්‍රිිඩ් අධිකරණයේ ලංකා ආණ්ඩුවේ සීල් එකත් එක්ක තීන්දුව ආවහම එක්සත් ජාතින්ගේ සංවිධානයේ වෙනම රටක් හදන්ඩ පුළුහන් (එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුධ රථ දැනටම මෙහේ කරක් ගහන්නේ ඒකට පෙරහුරුවකට විය හැකියි).
    තුන්වෙනි එක අයිසිස් කතාව. දැනටම මේ කණ්ඩායම් රටට රිංගලානං නැවත සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇති කරන්ඩ පුළුවන් ඒ හරහා. ඒක වෙන්ඩ මේ ආණ්ඩුව ඉඩ දෙන බවක් පෙනෙන්නේ. කලින් වතාවෙ වගේම මේ වතාවෙත් ඒකෙන් ගොඩයන්නේ දෙමළ බෙදුම්වාදයයි එය මෙහෙයවන බටහිර අධිරාජ්‍යවාදයයි.
    හතරවෙනි එක ජාතික ආර්ථිකය එක්ටා ගිවිසුම හරහා ඉන්දියානු අධිරාජ්‍යවාදයට ලියලා දෙන එක. මේකෙන් ආර්ථිකය විතරක් නොවේ දේශපාලනිකවම ලංකාව ඉන්දියාවේ යටත්විජිතයක් වෙනවා. ලංකාවෙ ජන සංයුතිය, සංස්කෘතිය වගේම අනන්‍යතාවයත් වෙනස් වෙනවා. විනාශ වෙනවා.
    පස් වෙනි එක ආර්ථිකය කඩං වැටිලා අයිඑම්එෆ් ණය උගුලේ හිර වෙන එක. අයිඑම්එෆ් එක ණය ගෙවන්ඩ තවත් ණය දෙනවා. ඒවාට දාන කොන්දේසි වලින් ආර්ථිකය තවත් සංකෝචනය වෙලා තවත් ණය ගන්ඩ වෙනවා. මේකෙන් ගැලවීමක් නෑ සියලුම රාජ්‍ය සම්පත් විකිණිම සහ බදු වැඩිකිරීම සහ සහන කප්පාදුව හැර. මේකෙන් නැවතත් ලංකාව ආර්ථික වහල්භාවයකට ඇදලා දානවා.
    ඒ අස්සේ නැවතත් සන්නද්ධ දෙමළ බෙදුම්වාදයකුත් ඔලුව උස්සන බව ඊයේ පෙරේදා ඉදං එන නිව්ස් වලින් පේනවා. බුද්ධි අංශයට බඩු බනිස් කරලා තියෙන නිසා මේවා ගැන තොරතුරු දැනගන්ඩ ක්‍රමයකුත් නෑ බෝම්බ පත්තු වෙන්ඩ පෙර. අල්ලපු එකත් ගංජා අල්ලන්ඩ ගිහිල්ලා කණාවට සෙට් වෙච්ච එකක්නේ. මේක තමා හයවෙනි මරණය.
    මේ මරණවලින් මොකක් ඉස්සර වෙයිද කියන්ඩ බැරි තරං ත්‍රාසජනක තත්වයක් තියෙන්නෙ. සමහර විට එක පාර මරණ දෙක තුනක් වෙන්ඩත් පුළුහන්. දැං මරණ හයක් ඇති විට ආණ්ඩුව කරන්නේ මොකක්ද? පුළුවන් තරම් ඒ මරණ හයටම ලංකාව දක්කන එක (ඒක සාධාරණයිනේ. ඒ මරණ ඇති කරෙත් මේගොල්ලමනේ තමන්ගේ බටහිර/ඉන්දිය ස්වාමිවරුන්ගේ අවශ්‍යතාව අනුව). ඒක නවත්තවන්ඩ දේශපාලන නායකත්වයක් දෙන්ඩ පුළුවන් හැකියාවක් ඇති තමන්ට ඇති එකම දේශපාලන තර්ජනය වන මහින්දට බැන බැන ඉන්න එක. ශ්‍රිලනිපය පුළුවන් තරං එජාප අතකොළුවක් කරලා විපක්ෂයක් හැදෙන එක නවත්වන එක. මහින්දත් වෙනම පක්ෂයක් හෝ සන්ධානයක් හදාගෙන එන එක නවත්වන්ඩ ඔහුට සහ ඔහුගේ පවුලේ අයට බලපෑම් කරන එක. ජේවීපි, ටිඑන්ඒ, ශ්‍රීලනිප ව්‍යාජ නාමික විපක්ෂය එක්ක බොරුවට රණ්ඩු අල්ලන එක (ඒකත් දැං කෙරෙන්නේමැ නැති තරං. බොරුවට රගපාන එකෙත් සීමාවක් තියෙනවනේ අප්පා). නැත්තං අර ලිංග මාරු වෙච්ච ආණ්ඩුකාරයා පත් කිරීම, කොණ්ඩයාගේ කතා වස්තුව, එච්අයිවී හැදුනේ (නැති) ළමයා, නිදහස් චතුරස්‍රෙය් ලව් කිරීම වගේ බොරු ඉෂුස් හදලා මේ මරණ හය කකුළු ජනතාවට අමතක කරවන එක.
    -දර්ශන කස්තුරිරත්න -
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොඩන් උන්ට ඔව තෙරෙන් නැ, අනික ඔය unp #න්නයො එහෙම හිතාගෙන ඉන්නෙ රට බෙදල දුන්නට කමක් නැ කියල එහෙම හිතන උනුත් ඉන්නව.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මේවට තමයි මොලෙන් LTTE එක නැති කරනවා කියන්නේ. මහින්දගේ කාලේ හොරෙන් සිය ගණන් වට වෙලා කරපු සැමරුම් දැන් දෙන්නට වැටිලා. දැන් දෙමල මිනිස්සුන්ටත් LTTE එක එපා වෙලා. ඔන්න ඔහොමයි ත්‍රස්තවාදය නැත්තටම නැති කරන්නේ.

    වෙල්ලමුල්ලි වෛක්කාල් අවසන් සටනේදී මියගිය අය ඇතුළු ගුවන් ප්‍රහාර වලින් මියගිය සාම්පූර් සාමාන්‍ය වැසියන් සිහි කර අද (16) ප.ව. 6.00ට ත්‍රීකුණාමලය වෙරළ තීරයේ දී පහන් පත්තු කර ඔවුන් අනුස්මරණය කිරීම උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
    එයට ටෙලෝ සංවිධානයේ පරිපාලන ලේකම් එස්. නිත්‍යානන්දන් මහතා පමණක් සහභාගී වූ අතර වෙනත් කිසිඳු පුද්ගලයෙක් සහභාගී නොවීම විශේෂත්වයක් විය.
    එහිදී සිවාජිලිංගම් මහතා කියා සිටියේ චන්ද්‍රිකා මැතිනියගේ කාලයේ සිට උතුරු නරගෙනහිර දෙමළ ජනතාවගේ ගැටළු වලට විවිධ ක්‍රියාමාර්ග ගත්තත් විසඳුම් නොලැබුණු බවයි - ලංකාදීප


    IMG_3992.jpg

    IMG_3999.jpg
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ගොඩන් උන්ට ඔව තෙරෙන් නැ, අනික ඔය unp #න්නයො එහෙම හිතාගෙන ඉන්නෙ රට බෙදල දුන්නට කමක් නැ කියල එහෙම හිතන උනුත් ඉන්නව.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes: