ලංකාවට මාස 6 ක් හිම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අපිට ඉතිං දැන් හිම වැටෙන කාලෙනේ - ජර්මනිය වගේ නෑ නේ

    Lalith Karunaratna



    විදුළි වාහනයකට සසඳන විට අභ්‍යන්තර දහන එන්ජින් සිය ගුණයක අමු ද්‍රව්‍ය අපතේ යවයි.

    164290283_10160598798311729_1268363527269912002_n.jpg
    166530509_10160598798286729_8239906936060967367_n.jpg



    විදුළි වාහනයකට සසඳන විට අභ්‍යන්තර දහන එන්ජින් සිය ගුණයක අමු ද්‍රව්‍ය අපතේ යවයි.
    අභ්‍යන්තර දහන එන්ජින් සහිත මෝටර් රථ, විදුලි රථවලට වඩා සිය ගුණයක් අමුද්‍රව්‍ය නාස්ති කරන බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. බෙල්ජියමේ ප්‍රවාහන හා පරිසර (Transport & Environment (T&E) හි පර්යේෂණයන්ට අනුව පොසිල ඉන්ධන වලින් ධාවනය වන වාහන වලින් ඉවත් වීම වඩාත් ඵලදායි වේ. එමගින් සූර්ය කෝෂ වැනි පිරිසිදු බලශක්තියට මාරුවීමටත් වඩා පුළුල් පාරිසරික ප්‍රතිලාභ ලබා ගත හැකිය.
    සාමාන්‍ය වාහනයකින් පුළුස්සා දැමූ පෙට්‍රල් ලීටර් 17,000 හා සසඳන විට ප්‍රතිචක්‍රීයකරණය පවා කල හැකි අමුද්‍රව්‍ය [raw materials with recycling] කිලෝග්‍රෑම් 30 ක් පමණක් භාවිතා කිරීමට විදුලි වාහන (EV) බැටරියක ඇස්තමේන්තු කර ඇත. තාක්‍ෂණික දියුණුව නිසා ඉදිරි දශකය තුළ විදුළි වාහන බැටරියක් සෑදීමට අවශ්‍ය ලිතියම් ප්‍රමාණය තවත් අඩකින් අඩුවීම නිසා මේ අමුද්‍රව්‍ය ප්‍රමාණය තවදුරටත් පහළ යනු ඇත.
    එවිට ඊට අවශ්‍ය කොබෝල්ට් ප්‍රමාණය හතරෙන් තුනකටත්, නිකල් පහෙන් එකකිනුත් පහත වැටෙනු ඇතැයි ගණන් බලා ඇත.
    T&E හි ප්‍රවාහන හා විද්‍යුත් සංචලතා විශ්ලේෂක ලුසීන් මැතිව් මෙසේ පැවසීය. … “අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් ෆොසිල වාහන සහ විදුළි වාහන අතර සැසඳීමක්වත් කළ නොහැකිය. එය හාස්‍ය ජනක වනු ඇත.
    එනම් ජීවිත කාලය පුරා සාමාන්‍ය ෆොසිල ඉන්ධන මෝටර් රථයක් තට්ටු 25 ක් උස තෙල් බැරල් තොගයකට සමානව පුළුස්සා දමයි. බැටරි ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම ඔබ සැලකිල්ලට ගන්නේ නම්, ලෝහ කිලෝග්‍රෑම් 30 ක් පමණ අහිමි වනු ඇත: දළ වශයෙන් පාපන්දු බෝලයක ප්‍රමාණයක් පමණි … !!
    2035 දී, ලිතියම් වලින් පහෙන් එකකට වැඩි ප්‍රමාණයක් සහ නව බැටරියක් සෑදීමට අවශ්‍ය කොබෝල්ට් වලින් 65% ක් ප්‍රතිචක්‍රීකරණයෙන් ලැබිය හැකි බව අධ්‍යයනයෙන් අනාවරණය වී තිබේ. මේ ප්‍රතිචක්‍රීකරණ අනුපාතය නිසා විදුළි වාහන වලට නව අමු ද්‍රව්‍ය සඳහා ඉල්ලුම සැලකිය යුතු ලෙස අඩු කරනු ඇති බව T&E පවසයි.
    2021 වසර අවසානයේ යුරෝපය තමන්ගේම විදුළි මෝටර් රථ වෙළඳපොළක් සැපයීම සඳහා ප්‍රමාණවත් බැටරි නිපදවනු ඇතැයි අධ්‍යයනයෙන් අනාවරණය වී තිබේ. මේ වන විටත් බැටරි ගිගා ෆැක්ටරි 22 ක් ඉදිරි දශකය සඳහා සැලසුම් කර ඇති අතර 2025 දී සමස්ත නිෂ්පාදන ධාරිතාව ගිගාවොට් පැය 460 දක්වා විහිදේ.
    එය බැටරි විදුලි මෝටර් රථ මිලියන 8 ක් සඳහා පමණ ප්‍රමාණවත් වේ.
    … “මෙය යුරෝපයේ මෝටර් රථ සමූහය මුළුමනින්ම පාහේ බොරතෙල් ආනයනය මත රඳා පවතින වර්තමාන තත්වයට වඩා බෙහෙවින් වෙනස් තත්වයකි”... යනුවෙන් මැතිව් තවදුරටත් පැවසීය. ..."බැටරි කාර්යක්ෂමතාව සහ ප්‍රතිචක්‍රීකරණය වැඩිවීම නිසා යුරෝපා සංගමය තෙල් සඳහා වන අමුද්‍රව්‍ය සඳහා වන ආනයන මත සැලකිය යුතු ලෙස අඩු වනු ඇත."...
    ... T&E පැවසුවේ EVs සමස්තයක් ලෙස දේශගුණයට වඩා හොඳ බවත් ඔවුන්ගේ ජීවිත කාලය තුළ පෙට්‍රල් මෝටර් රථයකට වඩා 58% අඩු ශක්තියක් අවශ්‍ය බවත්ය. තවද මේ ශක්තිය ලැබෙන්නේ පුනර්ජනනීය බලයෙන් නම් එය පරිසරය විෂයේ තවත් සුභදායක වේ.
    යුරෝපා සංගමයේ දූෂිතම විදුලි සැපයුම ඇති, එනම් ගල් අඟුරු බලාගාර වැඩියෙන් ඇත්තේ පෝලන්තයේ වේ. එය ලෝකයේ කොරෝනා මරණ වලින් 15 වන තැන ගන්නේ, දූෂිත පරිසරයක් පැවතීම සේද අනුමාන කෙරේ. එහි පවා විදුළි වාහන මඟින් පෙට්‍රල් කාර් වලට වඩා CO2 සියයට 22 ක් අඩු විමෝචනය කරයි.
    පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම ගැන මුළු ලෝකයේම කතිකාවතක් ඇතිව තිබේ. ලංකාවේ නම් බහුතරයක් මේ කාලයේ කතා කරන්නේ ගස් ආරක්ෂා කිරීමය. එය හොඳ දෙයකි.
    නමුත් කාබන් විමෝචනය ගතහොත් විදුළි වාහන ප්‍රවර්ධනය මගින් පරිසරයේ සිදුවන කාබන් විමෝචනය වඩාත් අඩු කරගත හැක.
    ජර්මනිය හෝ එංගලන්තය වැනි රටක්, ලංකාව වැනි සූර්යාලෝකයෙන් දිදුළන රටක්ව තිබුනා නම් අද දින රටම කාබන් සෘණ තත්වයට පත් කරනු ඇත. හුදෙක් විදුළි වාහන ප්‍රවර්ධනය සහ, පුනර්ජනන බල ශක්තියෙන් ඒවා ආරෝපණය කිරීමෙන් පමණක් ඒ ඉලක්කයට යා හැක
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    meke aula vahana hadana companies ev hadanna unandu adu eka. battery range loss novi adu ganata haduwa nam melahata popular wela.
     
    • Like
    Reactions: Stimulus mind

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Ithin Ko Electric Vahana Gaththa Un ta Battery Nathuwa Hulan thama Anika Owagen Release wena Ray wagayak thiyanawa Honda Na lu minissunta Doc kenek kivuwe mehe Leaf eka patta fail Battery Thamath Ganna na Ganna Kattiya Polimww eeth badu na Genna lax 10k -15k one eken vahanayak ganna puluwan petrol ekak
     
    • Like
    Reactions: Stimulus mind

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    කොමිස් දෙන්නේ නැතුව සාටක කාරයෝ ඔය එකක් වත් කරන්න දෙන්නේ න ඉන්නකල් පුළුවන් කල් හම්බ කරලා රට පැනපල්ලා කියන මතේ උන් ඉන්නේ
     
    • Like
    Reactions: Stimulus mind

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,345
    113
    Ithin Ko Electric Vahana Gaththa Un ta Battery Nathuwa Hulan thama Anika Owagen Release wena Ray wagayak thiyanawa Honda Na lu minissunta Doc kenek kivuwe mehe Leaf eka patta fail Battery Thamath Ganna na Ganna Kattiya Polimww eeth badu na Genna lax 10k -15k one eken vahanayak ganna puluwan petrol ekak
    ek electric technology eke waraddak newei.. electric cars dntm success.. othana thiyenne ape rate waradda,..
     
    • Like
    Reactions: Stimulus mind

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    කොමිස් දෙන්නේ නැතුව සාටක කාරයෝ ඔය එකක් වත් කරන්න දෙන්නේ න ඉන්නකල් පුළුවන් කල් හම්බ කරලා රට පැනපල්ලා කියන මතේ උන් ඉන්නේ
    හැබැයි මචන් යහපාලනයෙන් තමයි electric vehicle tax එක වැඩි කලේ. ඊට පස්සේ තමයි electric vehicle market එක පොඩ්ඩක් කෙල උනේ. හැබැයි "ඒකාලේ 10% දැන් 20%" ගානක් ඉල්ලලා තිබ්බා battery recycle plant එකක් හදන වගේ වැඩකට. මේවා ඉතින් sure නැති news. හැබැයි ඉතින් කබ්බා හැටියට ඇත්ත වෙන්නත් පුළුවන්
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Disliked for clickbait title. Don't waste people's time
    දැන් උඹ ලන්කාවට හිම වැටෙන article එකක් කියවලා ඒ දනුමින් කොහොමද කාලය ප්‍රයොජනවන් විදියට ගත කරන්නෙ. ....

    අනේ නිකන්න් ප්ලෑන් බං යන්න ....

    එලකිරි එකේ කාලය නාස්ති කරන හැටි කියන්න එනවා. මන්ද බුද්දකයා
     
    • Like
    Reactions: Stimulus mind

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,844
    17,870
    113
    දැන් උඹ ලන්කාවට හිම වැටෙන article එකක් කියවලා ඒ දනුමින් කොහොමද කාලය ප්‍රයොජනවන් විදියට ගත කරන්නෙ. ....

    අනේ නිකන්න් ප්ලෑන් බං යන්න ....

    එලකිරි එකේ කාලය නාස්ති කරන හැටි කියන්න එනවා. මන්ද බුද්දකයා
    Dana deyak tiyena de hari title eka dala dapan pons. Nikan minissunwa rawattala thread walata genna ganne natuwa. Ponna wade karala enawa bana kiyanna.