ලංකාවට සිංහලයෝ වගේ තමයි ඉරානයට පාර්සියානුවො

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,603
    10,430
    113
    44
    Living in an Atom
    ලංකාවට සිංහලයෝ වගේ තමයි ඉරානයට පාර්සියානුවො. සිංහලයගේ කොඩියේ මැද දකුණතින් කඩුව ගත් සිංහයෙක් සිටින ලෙසින්ම පර්සියානුවන්ගෙන්ගෙ කොඩිය මැද හිටියෙත් ඒ ආකාරම සිංහයෙක්. ක්‍රි.පු. යුගයේ පර්සියානුවන් ඉතා දියුණු ශිෂ්ටාචාරයක්. මහාවංශය සඳහන් කරන ආකාරයට රුවන්වැලි මහා සෑයේ ධාතු නිධානෝත්සවයට වැඩිම රහතන් වහන්සේලා පිරිසක් වැඩම කලෙත් පර්සියාවෙන්. මේ කොඩි දෙක සහ ජාතීන් දෙක අතර සම්බන්ධය එතරම් දුර ඈතට විහිදෙනවා.

    1980 දී වත්මන් දැඩි මතධාරී ඉස්ලාම් පාලනය විසින් මේ කොඩියෙන් සිංහයා මකා දමනා තුරු ඉරානයේ ජාතික කොඩිය වුනෙත් මේ සිංහ කොඩියයි!

    647083011_970278895324396_2235323110700133315_n.jpg