ලංකාවෙන් පලා යාම....
අදට මම ලංකාවෙන් ඇවිල්ල අවුරුදු 02 යි මාස 02ක් වගේ වෙනව.. අද වෙද්දි මගේ පවුලෙ කවුරුවත් නෑ ලංකාවෙ...
මට තිබුන ලස්සන පවුලක්, අම්ම, අයිය, අක්ක, මම..... අපි හැමෝම ගොඩාක් සතුටින් හිටියෙ..... ගොඩාක්.. ඒ සතුට පොඩ්ඩක් හරි අඩු උනේ අපේ අයිය එයාගෙ උන්නතිය උදෙසා රට දාල වෙන රටකට ගියා පදින්චියට..... තාක්ෂණයට පිංසිද්ද වෙන්න අපි අතරෙ උන දුරස් බව අපට ඇගෙවුවෙ නෑ.... අපි ඒත් ගොඩාක් සතුටින් හිටියා......
ඒත් කාලයේ ඇවෑයමෙන් අම්ම්ගෙ ලෙඩ වීමත් එක්ක අපි ආපහු අපේ ජීවිත අදුරු වෙන්න පාටන් ගත්ත, නමුත් ඒ බව අපි අම්මට ඇගෙවූවෙ නෑ.. අපි එදා වගේම සිතින් සතුටක් නැති උනත් අම්මට පේන්න අපි ගොඩාක් සතුටින් හිටිය, ඉස්සර වගේම රංඩු කර කර හිටිය, නමුත් අපි හිතින් අඩන වාර අනන්තයි.....
කොහොම උනත් කාලය අපිව හරස් කරා, අපිට කරන්න දෙයක් තිබුනෙ නෑ... කරන්න පුලුවන් උපරිමය අපි කරා, විශේශයෙන් අයියයි අක්කයි.... ඒ දෙන්න තමයි අම්මගෙ වියදම් ඔක්කොම කරේ.... මට ඒ කාලෙ කරන්න පුලුවන් කමක් තිබුනෙ නෑ... මට පුලුවන් උනේ අම්මගෙ චූටි පුතා වෙලා අම්මව සතුටින් තියන්න විතරයි....මට කරන්න පුලුවන් උපරිමෙන් මම ඒක කරා.....
2014.11.14 අපේ පවුලට කණකොකා ඇඩලුවා... පවුලෙ ඉහලින්ම තිබුණු පුරුක අපෙන් ගැලවිලා ගියා.. අපේ පවුල කියන දම්වැලේ තිබුන ශක්තිමත්ම පුරුක... ඒක නැතුව අනිත් පුරුක් ටිකත් එහේ මෙහේ විසිරෙන්න ගත්තා......
ඒ විසිරිල ගිය දම්වැල කාටවත් ආපහු හරි ගස්සන බැරි උනා.. ඒකෙ ප්රතිඵලයෙක් විදියට අක්කත් රට ඇතෑරල වෙනත් රටකට ගියා එයාගෙ සැමිය එක්ක..... එතකොට මම විතරක් අපේ රටේ තනි උනා.....
මට එතකොට හිටියෙ ඒ කාලෙ මගේ වෙන්න බිරිදත් එයාගෙ පවුලෙ අයත්, මගේ හොදම යාලුවොත්, අම්මගෙ අක්ක උන පොඩීත් විතරයි..... මටත් ලංකාවෙ ඉන්න එක එපාම වෙලා තිබුනෙ.... මම මාසයක් ඇතුලත වෙන රටකට යනව කියල ටාගට් එකේ හිටියෙ.... මම කොහොම හරි ඒක ඉශ්ට කාර ගත්ත, මම අයියටවත්, අක්කටවත් නොකිය මම තනියම ඉන්ටවු වලට ගිහිල්ල මම සෞවුදි රටට යන්න ජොබ් එකක් සෙට් කර ගත්තා.... ඒකට අදාල හැම දෙයක්ම තනිවම කර ගත්තා..... මට ඕන උනේ රටින් යන්න මිසක් වෙන දෙයාක් නෙමෙයි.....
මට රටින් යන්න තිබුනෙ 2014 දෙසැම්බර් 30 වෙනිදා.... මම ඔක්කොම යන්න සූදානම් කරා... කාටවත් කියන්නෙ නැතුව.... මම හොදාකාරවම දන්නව අයියටයි අක්කටයි කිවුවොත් කවදාවත් මට ඒ රටට යන්නෙ දෙන්නෙ නෑ කියල... ඒකයි මම හොරෙන්ම යන්න සූදානම් උනේ.... මම කොටින්ම මට ලැබෙන පඩිය ගැනවත් හිතුවෙ නෑ.... මට ඒ වෙනකොට ලංකාවෙ දීපු පඩියෙන් බාගයක්වත් ලැබුනෙ නෑ රට ජොබ් එකෙන්..... මොකද මට ඕන උනේ රටින් යන්න විතරමයි.....
කොහොම හරි මම 2014 දෙසැම්බර් 23 වෙනිද වගේ අක්කටයි අයියටයි කිවුවා මම දෙසැම්බර් 30 සෞවුදි යනව කියල... එයාල ගහපු නැති එක විතරයි, ලග හිටිය නම් මම අනිවාර්ය්යෙන් ඉස්පිරිතාලෙ නවතින්න වෙනවා... එයාල කොච්චර කිවුවත් යන්න එපා කියල මට ඕන උනේ රටින් යන්න..... මම මගේ තනි තීරණයකට ආවා.... මම දෙසැම්බර් 30 යනවා......
ඒ වෙනකොට අක්ක හිටියෙ ඕමාන් රටේ... අක්ක මම වෙනුවෙන් එයාගෙ සැමියට කියල මට ජොබ් එකක් හොයන්න කියල වදින්න ඇති.... මට සමාවෙන්න අක්කේ... ඔයා මම වෙනුවෙන් ඒ දේ කරාට....ඒ වාගේම මගේ අම්ම උඩ ඉදල බලාගෙන ඉන්නව කියන එකට හොදම උදහරයක් විදියට මට 2014 දෙසැම්බර් 28 ලංකාවෙන් ඕමාන් රට ගොඩාක් හොද ජොබ් එකකට යන්න අවස්තාව ලැබුනා.......
මම 2014 දෙසැම්බර් 28 ලංකාව ඇතෑරල ඕමාන් රටට ගොඩාක් සතුටින් ගියේ මගේ අක්කත් මා එක්කම ඉන්නව නේ කියාල හිත හදාගෙන......අපි හැමෝම තියෙන දුක හිතේ තැම්පත් කරගෙන මිනිස්සුන්ට පේන්න අපි මූණිච්ච්මට හිනා වෙලා හිටිය..... අක්කයි මායි කතා කලොත් කතා කරන්නෙ අම්ම ගැන විතරයි... අපිට ඒ දුක දාරගන්න බැරි උනා.....
නමුත් මාසයක් දෙකක් යද්දි අපිට අක්කගෙන් අලුත් ආරංචියක් ආවා... ඒ මම මාම කෙනෙක් වෙන්න යනව කියල... ඒ සතුට අපේ පවුලට ගොඩාක් සතුටු කාරනාවක් උනා.. මට අයියට ගොඩාක් සතුටු ආරංචියක් උනා.....
අම්මගෙ මාස තුනේ දානය යෙදිල තිබුනෙ 2015 පෙබරවාරි 14 වෙනි දිනට.... අක්ක ඒ වෙනුවෙන් එයාගෙ ආරක්ශාවත් බලන්නෙ නැතුව එයා ලංකාවට ආවෙ අම්මගෙ වැඩකටයුතු හොදින් කරන්න..... ඒව ඔක්කොම ඉතා හොදින් අක්ක ඉටු කරා.....
අක්කට එතකොට දරු ගැබට මාස 05ක් වගේ ඇති.... අක්කයි මමයි තීරනයකට ආව මගේ විවාහය කරන්න ඔන කියල.... මට ඒ වෙනකොට මගේ අම්ම බවට පත් වෙලා තිබුනෙ අක්ක... එයා මම ගැන හැම දේම හොයල බැලුව.... වෙඩින් එක ගන්න අපි තීරණය කරා..... හැමෝම එකතු වෙලා අපි දවසක් දා ගත්තා... ඒ 2015 සැප්තැම්බර් 17 වෙනිදා..... අපි හැමෝම ගොඩාක් සතුටු උනා.... අක්ක තමයි අයියගෙ වෙඩින් එකටත් එයාගෙ වෙඩින් එකටත් ඒ වගේම මගේ වෙඩින් එකෙත් හැම දේම තිරනය කරන පුද්ගලය උනේ.....
මොකද එයාට ගොඩාක් ඒ ගැන අත්දැකීම තිබුන නිසා..... මගේ බිරිදගේ ඇදුම්, මගේ ඇදුම්, වෙඩින් හෝල්, යන හැම දේම තීරණය කරන්න දුන්නේ එයාට.... ඒ වගේම අපේ පවුලෙ වෙන අන්තිම වෙඩින් එක නිසාත් ගොඩාක් ලස්සනට ගන්න හැමෝම තීරණය කරා.... ඒ වගේම ගොඩාක් ලාස්සනට ගන්න අක්ක මහන්සි උනා... එයාගෙ දරුවත් උස්සගෙන කඩවල් ගානෙ ගිහිල්ල ලස්සන සාරි, ඇදුම් බැලුවෙ පවුලෙ වෙන අවසාන වෙඩින් එක නිසා.... කොහොම හාරි 2015 මැයි මාසෙත් ආවා... ඒ වෙනකොට වෙඩින් හෝල් වලට සල්ලි බැදල තිබුනෙ... කරන්න තිබුන ලොකු වැඩ කටයුතු කරල තිබුනෙ.....
එදා 2015 මැයි 09 වෙනිදා.......... මගේ වෙන්න බිරිද උදේ 8.00 ඉදල 10.00 වෙනකන් අක්ක එක්ක ෆෝන් එකන් කතා කරල වෙඩින් එක ගැන බොහෝ දේවල්.... මමත් ඒ අතර මූණු පොත හරහා අක්ක එක්ක චැට් එකක.... ඇදුම් වල මෝස්තර, පාට, වගේ දේවල්.....
ඊට පැයකට විතර පස්සෙ මට ඕමාන් වලටා කෝල් එකක් ආවා..... ඒක මම අද වෙනතුරු මගේ ජීවිතේට ආපු මූසලම කෝල් එක කියල මම දන්නෙ නෑ......
අපි එක්ක හොදට කතා කර කර හිටපු ඔයා එදා මමයි අයියයි විතරක් මේ ලෝකෙ දාල ගියා අක්කේ..... අම්ම මාව දල ගියාට පස්සෙ දෙවැනි අම්ම උනේ උබ අක්කේ... ඒත් එදා උබත් මාව තවත් මේ ලෝකෙ තනි කරල ගියා අක්කේ......
දැන් මට ඉන්නෙ මගේ බිරිදයි අයියයි විතරයි.......