ලංකාවේ අනාගත හිමිකරුවා චීනයද ඉන්දියාවද..?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,200
    47,023
    113
    one-road-one-belt-2.jpeg


    ආසියාවේ බලවතා බවට පරිවර්තනය වෙමින් කලාපයේ ආධිපත්‍යය පතුරුවාලීම සඳහා චීනය විසින් ක්‍රියාත්මක කරනු ලබන “එක් මාවතක්-එක් තීරයක් (One road-One belt) ව්‍යාපෘතිය හෙවත් සේද මාවත ආර්ථික කලාපය සහ 21 වැනි සියවසේ නව සේද මාවත යටිතල සංවර්ධන ව්‍යාපෘතිය මේ වන විට විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපයේ ගැටළු රැසක් නිර්මාණය කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට චීනය විසින් තෝරාගෙන ඇති ආසියානු කලාපයේ සියලුම රටවල් පාහේ පවුල් හෝ හමුදා පාලනයකට නතුවූ ඒවා බව හඳුනා ගැනීමට පුළුවන්. එම තෝරාගැනීමට හේතුව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවතින රටවල කොමිස් මගින් නායකයන් බිලීබා ගැනීමට අසීරු වීමයි. එවැනි රටවල බොහෝවිට බලය විමධ්‍යගතව ඇති බැවින් එක් පුද්ගලයකුට කොමිස් ලබාදී තමාට අවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කරගැනීම අසීරුයි. එහෙත් ශ්‍රී ලංකාව වැනි ඒකාධිපති ස්වරුපයේ පවුල් පාලනයක් සහිත රටවල පාලක පවුලේ සාමාජිකයන්ට කොමිස් ලබාදීමෙන් සිය ව්‍යාපෘති ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි බව චීනය හොඳින් අවබෝධ කරගෙන තිබෙනවා.

    “එක් මාවතක්-එක් තීරයක්” ව්‍යාපෘතියේදී ශ්‍රී ලංකාවට ප්‍රධාන තැනක් හිමිවුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී චීනය මුල් කරගත් එවැනි මහා පරිමාණ ව්‍යපෘති රැසක් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කිරීමට මුලපිරිම හේතුවෙන්. ඒ අතුරින් අධික පොලී ණය මත සිදුකළ ප්‍රධානතම ගනුදෙනු කිහිපයක් වන්නේ කොළඹ වරාය දකුණු පර්යන්තය, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය, මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළ, නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ රඟහල, සූරියවැව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ හම්බන්තොට අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව ය. ඊට අමතරව මෙරට ඉතිහාසයේ දැවැන්තම සුදු අලියකු ලෙස හැඳින්වූ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ආරම්භයේ සිටම විශාල ආන්දෝලනයකට ලක්වුනා.කෙසේවෙතත් අවසානයේ මෙම ව්‍යෘපෘතීන් අතුරින් ශ්‍රී ලංකාවට යම්තරමක හෝ ප්‍රයෝජනයක් සහිත ව්‍යාපෘතියක් බවට පත්ව ඇත්තේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය පමණයි.

    එයත් මේ වන විට පවතින්නේ වරින් වර බිඳවැටෙන මට්ටමේ බැවින් ජාතික ආර්ථිකයට වෙමින් පවතින හානිය සුළුපටු නැහැ.මේ අතර 2011 මාර්තු 11වැනිදා ආරම්භ කරන ලද නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ තුන්වන අදියර ඉක්මනින් ආරම්භ කිරීමට චීනය අපේක්ෂාවෙන් සිටියත් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තිය භාවිතා කළ යුතු බවට වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හරිත බලශක්ති ප්‍රතිපත්තියට අනුව මතභේදයට තුඩු දුන් මෙම තුන්වන අදියරේ ඉදිකිරීම් කැබිනට් මණ්ඩලය විසින් ඉවත් කර තිබෙනවා. ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ පාර්ශ්වය නොරොච්චෝලේ තවදුරටත් ව්‍යාප්ත කිරීමට කැමැත්තෙන් සිටියත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ගේමවූ දැඩි කාබනික ප්‍රතිපත්තියක පසුවීම මෙලෙස චීන ව්‍යාපෘතිය අවලංගු කිරීමට හේතුවක්.

    මහින්ද රාජපක්ෂ පාලන සමයේ අධික පොළී මත ණය ලබාගනිමින් සිදුකළ ඉදිකිරිම මෙන්ම, එම ණය ගෙවාගත නොහැකිව පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ සිදුකළ හම්බන්තොට වරාය චීනයයට පවරාදීමේ කුප්‍රකට ගිවිසුමත් මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවට එක්කළ කළු පල්ලම් ලෙස සැලකිව හැකියි. ඇත්තෙන්ම වරාය චීනයට පවරා දුන්න නොව චීනය විසින් එය ඉතාම උපක්‍රමශීලිව පවරාගත්තා යැයි ප්‍රකාශ කිරීම නිවැරදියි. දැන් නැවතත් හම්බන්තොට වරාය සහ පෙරකී ප්‍රයෝජනයෙන් තොර චීන ව්‍යාපෘති පිළිබඳව අවධානයක් යොමුව තිබෙනවා. ඊට හේතුව රාජපක්ෂවරුන් සමග උරණව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ජනාධිපති නීතිඥ,ආචාර්ය විජේදාස
    රාජපක්ෂ විසින් චීන ජනපති ෂී ජින්පින්ග් වෙත් යොමුකරන ලද ලිපියක් හේතුවෙන්. මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ කිසිදුඇමැතිවරයෙක් හෝ මන්ත්‍රීවරයෙක් චීනයට එරෙහිව ප්‍රසිද්ධියේ ප්‍රකාශ සිදුකර නොමැති නිසා විජේදාස රාජපක්ෂගේ චීනයට ප්‍රසිද්ධියේ අබියෝග කළ මෙම ලිපියට විශාල අවධානයක් යොමුව තිබෙනවා.හම්බන්තොට වරාය අන්තර්ජාතික ලංසු කැඳවීමක් ඔස්සේ ආයෝජකයකුට ලබාදුන්නේ නම් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන පහකට වැඩි මුදලක් ලබා ගැනීමට හැකියාවක් තිබුණු බව මන්ත්‍රිවරයා සිය ලිපියෙන් අවධාරණය කර තිබුණු ප්‍රධාන කරුණක් වුණා. ඇත්තෙන්ම ශ්‍රී ලංකා රජය විසින් වරාය චීනයට පවරා දුන්නේ ඩොලර් බිලියනයකට ආසන්න නොවටිනා මුදලකටයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වන මන්ත්‍රීවරයා අවධාරණය කර ඇත්තේ චීනය මීළඟට පැවැත්වෙන මැතිවරණයකදී තමන්ගේ පාර්ශ්වය බලය ලබා ගැනීමෙන් අනතුරුව චීනය සමග මෙතෙක් සිදුකර ඇති සියලුම වංචනික ගනුදෙනු සහ ගිවිසුම් අවලංගු කරන බවයි.

    මන්ත්‍රීවරයා මෙලෙස අභියෝග කළද නොකළද මෑතකාලීනව චීනයේව්‍යාපෘති සහ එහි මැදිහත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින්නේ ඉතාම බලහත්කාරී තත්වයක් එවැනි එක් ව්‍යාපෘතියක උච්ඡතම අවස්ථාව අද(07) අපට දැකගැනීමට ලැබුණා. එනම් චීනය විසින් බලහත්කාරයෙන් ශ්‍රී ලංකාවේ ඇඟේ ගැසීමට උත්සාහ කළ ප්‍රමිතියෙන් තොර,අසුචි පවා මිශ්‍ර බව අනාවරණය වුණු කාබනික පොහොර නැව වෙනුවෙන් අවසානයේ ඩොලර් මිලියන 6.9ක අතිවිශාල වන්දි මුදලක් ශ්‍රී ලංකා රජය විසින් ගෙවා දැමීමයි. මෙම ගෙවීම චීනයේ චින්දවෝ බයෝටෙක් සමාගමට සිදුකිරීමට නියමිත බව මහජන බැංකුවේ සාමාන්‍යධිකාරී රන්ජිත් කොඩිතුවක්කු විසන් පෙරේදා(06) රාත්‍රියේ තහවුරු කරනු ලැබුවා. රුපියල් කෝටි 140කට වැඩි වටිනාකමක් සහිත මෙම ඩොලර් ප්‍රමාණය බලහත්කාරයෙන් චීනය විසින් ලබාගනු ලබන්නේ ශ්‍රී ලංකාව දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුණදී සිටින අවස්ථාවක වීමත් විශේෂත්වයක්. රාජපක්ෂ පවුලේ සාමාජිකයකු වන කාබනික පොහොර රාජ්‍ය ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ වෙත මෙම පොහොර තොගය ගෙන ඒමේදී සිදුව ඇතැයි කියන චීන සමගින් කොමිස් ලබාගැනීම් කෙරෙහිද බරපතල චෝදනා එල්ලවී තිබෙනවා.

    කෙසේවෙතත් මාස ගණනාවක් තිස්සේ ඇදීගිය මෙම පොහොර අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල යම් පලුදුවිමක් දැකගන්නට පුළුවන්.අනෙක් අතට ශ්‍රී ලංකාවේ උද්ගතව තිබෙන බරපතල මුල්‍ය අර්බුදය හමුවේ චීනයෙන් ලැබෙන සෘජු විදේශ විනිමය සහාය මෑත කාලීනව ඉතාම අල්පවී තිබෙනවා. මෑතකදී ශ්‍රී ලංකාවට සහයක් ලෙස ලැබුනේ යැයි කියූ ඩොලර් බිලියන 1.5ක හුවමාරු ණය(SWAP) පවා ඉතාම වංචාකාරී ලෙස චීනය විසින් ලබාදී තිබුණේ එය නැවත චිනයටම ගලාගෙන යන ආකාරයට සිය මුදල් ඒකකය වන ‘යුවාන්’ වලින්මයි.

    වසරක පමණ කාලයක සිට දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු පවා දුරස්ව පවතින මෙවැනි පසුබිමක ශ්‍රී ලංකාවට සිය බරපතල මුල්‍ය අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් යාබද අසල්වැසියා වන ඉන්දියාව වෙත යොමුවීමට සිදුවන්නේ එබැවින්. එසේම ඉන්දියාවද ශ්‍රී ලංකාවට සිය සහාය දැක්වීමේ අභිප්‍රාය පසුගිය වසර පුරාම වරින්වර ප්‍රකාශ කර තිබුණා. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පසුගිය දෙසැම්බර් මස මුලදී ඉන්දියාවේ සංචාරයක නිරතවූ අතර එහිදී ආහාර මිල ඉහළ යාම, රුපියල පහත වැටීම, ඉන්ධන හිඟය සහ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 1.6 දක්වා පහත වැටීම යන අසීරුතා මධ්‍යයේ ඉන්දියාවෙන් උපකාර අපේක්ෂා කරන ලද්දේ ඒ අනුවයි. ඊට ප්‍රතිචාර දක්වමින් ණය රේඛාවක් (Credit Line), බලශක්ති
    ආරක්ෂණ ගනුදෙනුවක්, මුදල් හුවමාරු ගිවිසුමක් (SWAP) සහ ශ්‍රී ලංකා ආර්ථිකය නැවත ආරෝපණය කර වර්ධනය කිරීමට උපකාරී වන ඉන්දියානු ආයෝජනවලින් සමන්විත සිවු වැදෑරුම් පැකේජයක් සඳහා ඉන්දියාව ඇමැතිවරයාට සහතික වී තිබෙනවා. එහි සමස්ත වටිනාකම ඩොලර් බිලියන 1.9කට අධිකයි. මේ අතර මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ නැවත වරක් 2022 ජනවාරි 10 සිට 12 දක්වා පැවැත්වෙන වයිබ්‍රන්ට් ගුජරාට් (Vibrant Gujarat ) නම් ඉහළ පෙළේ සමුළුවට සහභාගී වීම සඳහා නැවත වරක් ඉන්දියාවට යාමට සැලසුම් කර ඇති අතර ඔහු එහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට සැලසුම්කර තිබෙනවා.

    one-road-one-belt.jpeg


    දැන් හදිසියේ චීන විදේශ ඇමැති වැන්ග් යී හදිසියේ හෙට (08) ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් නිවේදනය කරන්නේ මෑත අතීතයේ ශ්‍රී ලංකාව සහ චීනය අතර සිදුව ඇති මෙම දුරස්තවීම් මෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නැවත තහවුරු වෙමින් පවතින යහපත් සබඳතා මධ්‍යයේයි. චීනය ප්‍රකාශ කර ඇත්තේ එය සිය විදේශ ඇමතිවරයා වාර්ෂිකව ආසියානු කලාපයේ සිදුකරන සාම්ප්‍රදායික සංචාරයේ කොටසක් මිස වෙනත් යමක් නොවන බවයි. එහෙත් කරුණු පෙළගැසී ඇති ආකාරය අනුව අපට පෙනීයන්නේ චීන විදේශ ඇමතිවරයා සිය සැලසුම් තවදුරටත් තහවුරු කෙරෙන අතර ශ්‍රී ලංකාවට තවදුරටත් අවාසිසහගත බලපෑමක් සිදුකළ හැකි වැඩසටහන් කිහිපයක් සමග ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි. විශේෂයෙන් දුර්වල ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට බලපෑම් කළ හැකි යම් සැලසුමක් සහිත යෝජනාවක් ඔහුගේ ගමන් මල්ලේ ඇතිවාට කිසිම සැකයක් නැහැ.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    දැන් මේ මැප් එකේ කල්කටාවත් තියනවනේ
     

    Similar threads