ලංකාවේ දරුවන් 11,000ක් පිටරටට විකුණලා
මෙරටදී උපත ලද කුඩා දරුවන් දහස් ගණනක් 1980 දශකයේදී බටහිර රටවලට අලෙවි කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට බලධාරීන් තීරණය කර තිඛෙනවා. මේ සම්බන්ධයෙන් බී.බී.සී. හා ගාඩියන් ඇතුලු ජාත්‍යන්තර වෙබ් අඩවි විසින් කරුණු අනාවරණ කර තිබුණා.
එහි දැක්වෙන්නේ අදාළ කාලයේ කුඩා දරුවන් 11000 ක් වෙනත් රටවලට අලෙවි කර ඇති බවයි.
එහිදී දරුවන් 4000 ක් පමණ නෙදර්ලන්තයට අලෙවි කර ඇති බවත් ස්වීඩනය/ ඩෙන්මාර්කය/ ජර්මනිය / බ්‍රිතාන්‍යය යන රටවල්වලටද මෙසේ දරුවන් අලෙවි කර ඇති බවත් එමගින් අනාවරණ කර තිඛෙනවා.
ඒ සඳහා ජාවාරම්කරුවන් මෙන්ම ගණුම්කරුවන්ද ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ඇති බවයි ප්‍රකාශ වන්නේ.
එම සමයේදී විදේශයන් තුල දරුවන් අලෙවි කිරීමට වෙනමම ස්ථාන මෙරට තුල පිහිටුවා ඇතැයිද එයින් දක්වා තිඛෙනවා.
පසුගිය සමයේ එවන් දරුවන් රැසක්ම යළි තම දෙමාපියන් සොයා මෙරටට පැමිණි අතර ඔවුන්ගේ සැබෑ දෙමාපියන් සොයා ගැනීම සදහා ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සිදුකිරීමටයි අවධානය යොමුකර ඇත්තේ.
lankaanews

කෑගහනවනං කෑගහන උන් කෑගහන්නෙ ඒ ලමයි ගැන අනුකම්පාවෙන් නෙමේ ඉරිසියාවට

ලංකාවේ කෙල්ලෙක් බැඳලා ළමයෙකුත් ඉන්නවා