ලංකාවේ ‘ලුසී‘‘ කැනඩාවේ දුක් විදියි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    image_6b57682a69.jpg


    (විමුක්ති එස් රුද්‍රිගු)

    කැනඩාවේ එඩ්මන්ටන් සත්වොද්‍යානයේ නිසි පහසුකම් නොමැතිව රඳවා සිටින ‘‘ලුසී‘‘ නැමති ඇතින්න ශ්වසන අපහසුතාවයකින් පෙළෙන බව "ෆ්‍රී ද වයිල්ඩ්" සංවිධානය පවසයි.

    ‘‘ලුසී‘‘, එඩ්මන්ටන් සත්වොද්‍යානය පින්නවල අලි අනාථාගාරය සමඟ ඇති කරගත් හවුල්කාරීත්වය මත 1977 වසරේදී එඩ්මන්ටන් සත්වොද්‍යානයට රැගෙන එන ලදි.‘‘ලුසී‘‘ කැනඩාවට පැමිණෙන විට ඇයගේ වයස වසර දෙකකි.

    ශ්වසන අපහසුතාවය හේතුවෙන් ‘‘ලුසී‘‘ හුස්ම ගැනීමට මුඛය භාවිත කරන බවත් මුඛයෙන් හුස්ම ගන්නා පළමු වෙනි ඇතින්න "ලුසී" බවත් "ෆ්‍රී ද වයිල්ඩ්" සංවිධානය ප්‍රකාශ කර ඇත. මුඛයෙන් හුස්ම ගැනීම හේතුවෙන් නිර්වින්දනය කළ නොහැකි බවත් නිර්වින්දනය කළහොත් හුස්ම ගැනීම නතර විය හැකි බවත් "ෆ්‍රී ද වයිල්ඩ්" සංවිධානය පෙන්වා දී තිබේ. නිර්වින්දනය කළ නොහැකි නිසා ප්‍රතිකාර කිරීමට හෝ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කිරීමට සිදුකළ හැකි පරීක්ෂණ සීමිත වී ඇතැයි "ෆ්‍රී ද වයිල්ඩ්" සංවිධානය සඳහන් කර ඇත.

    "ෆ්‍රී ද වයිල්ඩ්" සංවිධානය ‘‘ලුසී‘‘ වෙනුවෙන් 2021 වසරේ සිට පෙනී සිටි සංවිධානයකි. ආසියානු ඇතින්නක් ආර්ක්ටික් කාලගුණයට අනුගත වන්නේ කෙසේදැයි "ෆ්‍රී ද වයිල්ඩ්" සංවිධානය නැගූ ප්‍රශ්නයක් විය. අවසානයේ පසුගිය මාර්තු මස ලෝකයේ ප්‍රමුඛ අලින් පිළිබඳ විශේෂඥයන් හතර දෙනෙක්ගේ සහභාගීත්වය මත දින තුනක් පුරා පරීක්ෂණ සිදු කරමින් ‘‘ලුසී‘‘ ගේ සෞඛ්‍ය තත්ත්වය ඇස්තමේන්තු කර ඇති අතර ඉන් තීරණය කර ඇත්තේ ‘‘ලුසී‘‘ ගේ අවිනිශ්චිත ශ්වසන අපහසුතාවය හේතුවෙන් එඩ්මන්ටන් සත්වොද්‍යානයේ සිටිය යුතු බවයි. ඉදිරි මාස කිහිපයේදී තවත් පරීක්ෂණ සිදු කිරීමට නියමිත අතර "ලුසී" ගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ තත්ත්වයට හැරවීම සඳහා සත්වොද්‍යානයේ ඇය සිටින ස්ථානය සහ රැකබලා ගන්නා ආකාරය වෙනස් කළ යුතු ආකාරය ගැන නිර්දේශ කිහිපයක් ද විශේෂඥයන් ඉදිරිපත් කර ඇත.





    https://www.lankadeepa.lk/latest_news/මෙරටින්-තෑගි-දුන්-‘‘ලුසී‘‘-කැනඩාවේ-දුක්-විදියි/1-631230
     

    Similar threads