ලංකාවෙ ආර්ථිකයට මොකද උනේ..??
මහින්ද ගොඩනැගුවා කිව්වෙ පම්පෝරි ගැහුවෙ මෙහෙම අවුරුදු දෙකෙන් බංකොලොත් වෙන දුර්වල ආර්ථිකයක්ද...???
හැමෝටම තියෙන ප්‍රශ්ණයක්... ඒකට අදහසක් ඕනැ නම්, කම්මැලි නැතුව මේක කියවන්න බලන්න...
මගේ දැණුම මට්ටමෙන් යහපාලුවො ආර්ථිකය බිඳ දැම්මෙ මෙහෙමයි...
1. ගැලරිය පිනවීමේ මෝඩ දේශපාලන තීන්ඳු..
පෝර්ට් සිටි ව්‍යාපෘතිය වැනි දැවැන්ත ව්‍යාපෘති එකවර නවතා දැමීම ගොඩ නැගෙමින් ආ ආයෝජන ක්ශ්‍රේත්‍රයට එල්ල කරේ මරු පහරකි.. ආණ්ඩු මාරු සමග චීන රජය වැනි ලොව ප්‍රබලම ආයෝජකයෙකුගේ ආයෝජනයට අත්වන ඉරණම මෙය නම් තම ආයෝජනවලට ඇති විශ්වාසය ගැන ආයෝජකයෝ දෙවරක් සිතූහ...
එහි ප්‍රතිපලය වූයේ පසුගිය රජය සමයේ සොයා ගත් පැමිණෙන්නට තිබුනු ආයෝජකයන් සිය ආයෝජන ඇතැහැරීම පමණක් නොව ආයෝජනය කර තිබූ ආයෝජනද මෙරටින් ඉවත් කොට වඩා විශ්වාසනීය රටවල ආයෝජන සදහා යොමු කිරීමට ආයෝජකයන් පෙලඹීමයි.. මේ ක්‍රියාවලිය මෙරට ආර්ථිකයට කල හානිය සුළුපටු නැත.. මෙම විදේශ විණිමයේ අහිමි වීම රුපියල අවප්‍රමාණයට ද බලපා ඇත...
2. රටේ ආර්ථිකය ගොඩ නැගූ වැදගත් පුද්ගලයින් අනවශ්‍ය ලෙස බාල්ඳු කිරීම (රාජ්‍ය නිලධාරීන්, ආයෝජන මණ්ඩල නිලධාරීන්, කොටස් වෙළඳ පොල නිලධාරීන් වැනි)...
එම ක්රියාවලියද සිදු වූයේ මේ මෝඩ පාලකයන්ගේ ගැලරිය පිනවීමේ සහ තම ප්‍රතිවාදීන්ගෙන් පලි ගැනීමේ සිල්ලර දේශපාලනය නිසාය... දිනෙන් දින ආයෝජකයන් දුටුවේ තම ආයෝජන සදහා මැදිහත් වූ පුද්ගලයින් 'හොරුන් ලෙස ලේබල් ගසා' අත්අඩංගුවට ගන්නා දසුන්ය.. ඒවා දකින ඔවුන් තැති ගැනීම අරුමයක් නොවේ... ලංකාවේ කර තිබූ මූල්‍ය ආයෝජන වහාම හකුලා ගැනීමට ඔවුන් පෙලබවීමද.. තම රාජ්‍ය යාන්ත්‍රනය හොර ගුහා බව රජය විසින්ම කියන රටකට නව ආයෝජකයන් නොඒමද අරුමයක් නොවේ...
3. තීරණ ගැනීමේ බියක් රාජ්‍ය නිලධාරීන් තුල ඇති කිරීම..
රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කල නිලධාරීන් රාජකාරිය කිරීමේ වරදට FCIDට දැක්ක වීම ලංකාවේ මෝඩ ජන කොටසකගේ තාවකාලික සතුටකට හේතු උනත් එය රාජකාරී තීන්ඳු තීරණ ගැනීමේ 'බියක්' වත්මන් රාජ්‍ය නිලධාරීන් තුල ඇති කල අතර රාජ්‍ය අංශය ම ව්‍යාකූලත්වයකට පත්වීමට එය සෘජුව බලපෑවේය..
''..ඕවා කරලා ඊළග ආණ්ඩුවෙන් හිරේ යන්න බෑ.. කියන දෙයක් කර ගෙන ඉන්නවා..'' යැයි ආකල්පයක් තීන්ඳු ගැනීමට බලය ඇති නිලධාරීන් තුලද ඇති කිරීමට මේ ආණ්ඩුවේ කෙරුවාව සමත් විය..
4. ඡන්ද බලා ගෙන ගත් ආර්ථිකයට නුහුලන මරි මෝඩ තීරණ..
රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000කින් පඩි වැඩි කිරීම රටේ ආර්ථිකය අස්ථාවර කිරීමට බලපෑ ලොකුම මරි මෝඩ තීරණයයි.. ඊට වැය කල යුතු මුදල අවම වශයෙන් වසරකට රුපියල් බිලියන 170 කි.. (10,000 x 12 x 14,00,000 රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්ෂ 14ට වැඩිය.. ) එනම් එය හම්බන්තොට වරායේ 'සියළු අධියර නිම කිරීමට' අවශ්‍ය වියදමට සමාන ය... ලංකාවේ මෙතෙක් නිම කල සියළු අධිවේගී මාර්ග නිම කිරීමට ගිය වියදමටත් අධිකය...
මෙවැනි වියදමක් දැරීමේ හැකියාවක් ලංකාවේ රජයට ඇත්නම් ඉහත ව්‍යාපෘති සඳහා ණය ගැනීමේ අවශ්‍යතාවයක් රජයට පැන නගින්නේ නැත... මේ 'නොහැකි පඩියක්' ගෙවන්නට මේ රජය කලේ බැඳුම්කර විකිණීම, විදේශ සංචිත ක්ශය කර ගැනීම, විදෙස් ණය ගැනීම වැනි ශ්‍රී ලංකා ආර්ථිකය නිමක් නැති පඹගාලක පටැලැවීමයි...
මේ ආණ්ඩුව බලයට පත්වී ගෙනා තක්කඩි අයවැයේ කියූ මන්දිර බද්ධ වැනි මෝඩ ආදායම ඉපැයීමේ ක්‍රම ක්‍රියාත්මක නොවීම තත්වය තව තවත් නරක අතට හැරවිය..
5. බැඳුම්කර වංචාව හරහා ජාතික ආර්ථිකයට කල විනාශය..
මේ හොරකම ගැන බොහෝ සේ කථා කලත් එමගින් සමස්ථ ආර්ථිකයට සිදුකල පාඩුව සහ විනාශය ගැන බොහෝ දෙනෙකුට නියම අවබෝධයක් නැත.. ඊට හේතුව මෙමගින් සිදුවන 'වක්‍ර පාඩු ලැබීම්' නොවැටහීමයි... එය දැනට රජයට සිදුවී ඇති කෝටි දහස් ගණනක 'සෘජු පාඩුව'ටත් වඩා විශාලය... අවාසනාවට මෙහි සැබෑ බලපෑම සරලව විස්තර කර රටට කියන්නට ලංකාවේ නම් දැරූ ආර්ථික විශේෂඥයන්ද තවම සමත් වී නැත...
සරලවම මෙම බැඳුම්කර වංචාව මේ වන විට දිනෙන් දින ඔඩුදුවන ආර්ථික අර්බූදයට සෘජුව බලපෑ කාරණයකි...
6. ආණ්ඩුව ඔළු දෙකේ බූරුවෙකු බවට පත්වීම..
ජනාධිපතිට හෝ අගමැතිට ස්ථීර ප්‍රතිපත්තියක් වැඩ පිළිවෙලක් නොමැති තත්වයක් තුලත් දෙපාර්ශවය අතර ගන්නා තීන්ඳු කෙරෙහි බරපතල විසංවාද ප්‍රසිද්ධියේ ඇති වීම..
ආණ්ඩුවේ ස්ථාවරය සහ පැවැත්ම පිළිබඳ සැක මතු වීම සහ වර්ධනය වන දේශපාලන අස්ථාවරය ආර්ථික ක්‍රියාවලියට මරු පහරක් එල්ල කරන බව සරල සිද්ධාන්තයකි...
7. රජයට රට ගෙන යන ඉලක්කයක් වැඩපිළිවෙලක් ප්‍රතිපත්තියක් නොමැති වීම...
මේ තත්වය සියළු ක්ශ්‍රේත්‍ර සදහා පොදු තත්වයකි...
හොඳම උදාහරණයක්... ඉදිරියේදී උද්ගත වීමට නියමිත විදුලි අර්බූදය.. එම අර්බූදයෙන් ගැලවීමේ කිසිඳු සාධනීය වැඩ පිළිවෙලක් රජය පෙන්වා නැත.. අද ද අප පසුවන්නේ රටේ මුළු විදුලි අවශ්‍යතාවයෙන් 50%කට වඩා නොරොච්චෝලේ තාප බලාගාරය මත යැපීමෙනි... මෙම බලාගාරයේ එක් බිඳ වැටීමක් රටෙන් 50% - 75%ක් අඳුරේ තැබෙන තත්වයකය.. ස්ටෑන්ඩ් බයි නැත... එම බලාගාරය දුවන තෙක් රජයටද ගානක් නැත... මෙම තත්වය රටේ බහුතර 'පටු සීමාවක හිතන' ජනතාවට තවම අවුලක් නැතත්, ඩොලර් මිලියන බිලියන ගනන් තම මුදල් මේ රටේ ආයෝජනය කරන ආයෝජකයන්ට නැවත සිතා බැලිය යුතු තත්වයකි... මේ එක් උදාහරණයකි... ආර්ථිකයට බලපාන සියළු ක්ශ්‍රේත්‍රවල මේ රජයේ කෙරුවාව මීට දෙවැනි නැත...
8. ආණ්ඩුවේ වෙනත් තීරණ සහ ක්‍රියාමාර්ග නිසා පැණ නැගුනු ගැටලු...
බටහිර ගැන අධිතක්සේරුව මත ආණ්ඩුවේ හැසිරීමෙන් චීන ආර්ථික බල කඳවුර නොසතුටු වීම..
පිම්මේ වර්ධනය වූ සංචාරක කර්මාන්තය එකතැන පල්වීම සහ ක්‍රමයෙන් බිඳ වැටීම...
ජාතික ආරක්ෂාව පිළිබඳ විශ්වාසය බිඳවැටීම...
මැතිවරණ නොපැවැත්වීම නිසා පලාත් පාලන පරිපාලනය බිඳ වැටීම සහ ප්රජාතන්ත්රවාදය පිළිබඳ විශ්වාසය දිනෙන් දින පිරිහීම...
බෙදුම්වාදී සංකල්ප සංවිධාන වර්ධනය වීම තුලින් ජන සමාජය තුල අවිශ්වාසය සහ සැකය වර්ධනය වීම වැනි තවත් බොහෝ සාධක ආර්ථික පරිහානියට සෘජුව බලපාන අතර ඒවා අවශ්‍ය නම් පැහැදිළි කල හැකිය...
අවසානයට කිව යුත්තේ 2005 වන විට මරණ මංචකයේ තිබූ 'ශ්‍රී ලංකා ආර්ථිකය' 2014 අග වන විට දෙතුන් ගුණයක වර්ධනයක් ලබා ලෝකයේ කැපී පෙනෙන වර්ධනීය මට්ටමකට පැමිණියත් 2015 ඊණියා යහපාලන බල හුවමාරුව සමග නැවත ඉතා භයානක ඉරණමක් දෙසට ගමන් කරන බවයි...
එහි ගමනාන්තය ග්‍රීසියෙන්ද..?? වෙනිසුලාවෙන්ද..?? නැතිනම් ඉනුත් එහා දැයි තීරණය වන්නේ මේ 'හොරු කල්ලිය' තව දුරටත් පාලන බලයේ සිටිනා දින ගණන අනුවය...
වක්කඩ නොසාදා කක්කුටු බෙන වැසීමෙන් මෙම සෝදාපාලුවෙන් ගැලවිය නොහැකි බව ට තර්කයක් ඇත්තේම නැත...
දැන් රටේ 'සත්‍ය' බුද්ධිමත් පිරිසට (පඬි ටෝක්ස් සමග කක්කුටු බෙන පෙන්වන ''..උඩින් ස්වාධීන යටින් යූඇන්පී..'' වහළුන් හෝ රට ඇවිලෙද්දී තවම රාජපක්ෂ මුව හමට තලන ලොවෙත් නැති වාමාංශික හම්පඩයන් නොව) කරන්නට ඇත්තේ 'ඩැමේජ් කන්ට්‍රෝල්' පාට් එකක් මිස ගිය හකුරට හැඩීම නොවේ..මේ ආණ්ඩුව හැකි ඉක්මනින් පලවා හැර තියෙන හකුර කෙසේ හෝ රැකගැනීම ය...
මක් නිසාද යත්, විනාශ කරන වේගයෙන් නැවත ගොඩ නැගීම ඉක්මන් හෝ පහසු නොවන නිසාය...
විශ්ව ච්න්තන