Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවෙ ජනවහර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාතර බසේ අපූරුව.

අද මම ඔබට මගේ බ්ලොග් ඉතිහාසයේ පළමු වතාවට වෙනත් අයෙක්ගේ ලිපියක් එතුමාගේ අවසරය ඇතිව පලකිරීමටයි සූදානම. මේ ලිපිය ලියන්න මූලාශ්‍ර ලබා ගත්තේ සමරසිංහ ගුණසේකර මැතිතුමා විසින් ලියන ලද "අපේ ගම මාතර" නම් කෘතියෙනි. එම මුළු කෘතියම ඉතා රසවත් ග්රන්ථයක් වන අතර ඔබට මාතර රාහුල පාරේ නො.97 ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මෙම ලිපියේ අඩංගු "මාතර වචන" වැඩි ප්‍රමාණයක් ලබා ගත්තේ එතුමාගේ ග්රන්ථයෙනි.

හින්නිකිතර යමක් ඔබට පවසන්නේ භාෂාව ගැන මාගේ දැණුම සීමිත බැවිනි. මා කොළඹ සිටින්නේ නම් ඔබට එය පවසන්නේ කෙටියෙනි, නැතහොත් ස්වල්පයක් වශයෙනි. තවද මට මාතරදී එය ඩිංගිත්තක් ලෙසද පැවසිය හැක. එසේම පොඩිත්තක් කියාද කීවාට මාතරදී නම් කමක් නැත.

පෙර ටික කාලයකට කලින් විජය මාලනී රඟපෑ අපූරු චිත්‍රපටියක් කොළඹදී "මේ දෑස කුමටද" ලෙස නම් වෙත්දී මාතරදී එම නම අසාර්ථක වූ බැවින් " මේ දෑස මක්කටෙයි" යනුවෙන් ව්‍යවහාර වූවා යැයි කියනා විහිළුවක්ද අපේ විශ්වවිද්‍යාල සමයේ ප්‍රචලිතව තිබූ බව මට මතක තිබේ. මගේ දැනුමේ හැටියටද එය යම් සත්‍යයක් ඇත්තකියි සිතෙනුයේ මාතරදී "මොකටද" කියා මාද අසන්නේ නැති බැවිනි.

ඔබ මට මාතරදී ඔහේය. ඒ නිසා අද මා මාතර සිටිමින් ලියනා මේ ලිපියේදී ඔහේ යනුවෙන් ඇමතුවේ නම් ඒ ඔබටයි. ඒ කෙසේ වෙතත් මාතරදී ඔහේලා කාටවත් තමුසේ කියා ඇමතීමෙන් වලකිනවා නම් ඇඟට ගුණය. ඒ මාතරදී තමුසේ කියා ඇමතීම එතරම් සුහද ඇමතීමක් නොවන බැවිනි. හැබැයි මාතරදී හාමුදුරුවන්ද, මව මෙන්ම පියාද ඔහේම වන්නේය.

හොඳින් වැඩකර ඇඟ මහන්සි කරන මාතර කාන්තාවන් හීන්ය. නමුත් කොළඹදී නම් ඔවුන් කෙට්ටු බව අපට පෙනෙ. ඒ වගේම මාතර කූඹි නැති අතර ඉන්නේ හින්නෝය. ඔවුන්ද කාන්තාවන් මෙන් හීනි නිසා හින්නෝ වෙතැයි සිතේ.

ඔහේලාට මාතරදී මාළු කන්න සිතුනොත් ඒ කුමන මාළුදැයි පහදා දෙන්න. නැත්නම් මෙහිදී සියලුම මස් සහ මාළු වර්ග මාළු වේ. හැබැයි එලවළු මාතරදී වෑංජනවේ. මාතර ඇත්තන්ට සමහර විට හොද්දක් කන්නට සිතේ එනම් ඇටවල්ලන් වැනි මාළු කිරසට හෝ මිරිසට හොදි සාදා කෑමට සිතීමයි.

ඔහේලා කොළඹදී බත් උයනවා නේද? නමුත් මාතර දී බත් උයන්නේ නැත. මෙහිදී බත පිසියි. කොළඹදී බතක් උයා සම්බෝලයක් සමඟ කෑමට ගත හැකි වුවත් මාතරදී, හැකි වන්නේ බතක් පිහා සම්බලයක් සාදා ගැනීමටයි.

කොළඹදී අපි රසට කන කෙහෙල්මුව මාතරදී වතුමොයියාය. කොළඹදී කීර යනුවෙන් හඳුන්වන මැල්ලුමට ගන්නා කොල වර්ග මාතරදී පලාය. කොළඹ පොලොස් මාතරදී පැහි වේ. කොස් මාතරදී හෙරලි බවට පත් වේ. කරපින්චා මාතරදී කරපුන්චා වන අතර පපඩම් පප්පඩම් වේ. බිත්තර බිස්තර වන අවස්ථාද නැත්තේ නොවේ. යම් එලවළුවක් හෝ මාළුවක් උයා ගැනීමෙන් හට්ටියේ අඩියේ ඉතිරිවන බොරයට මම කවදත් ආසා ඇතත් මාතරදී මට ලැබෙන්නේ මායමය.

සූතිකාවන් හෙවත් දරුවන් වැදූ පිටම කාන්තාවන්ට දෙනු ලබන හොද්ද කොළඹදී තැම්බුන් හොද්ද වන විට මාතරදී එය කායම් හොද්ද නැතහොත් මායම් හොද්දයි.

ගස්ලඹු යනුවෙන් හඳුන්වන පලතුර මාතරදී පැපොල්ය. ඉතා රසවත් බීමක් සාදා ගත හැකි දිවුල් මාතර අයට ජූල්ය.

මාතර දරුවන්ට ආච්චිලා සීයලා නැත. ඉන්නේ ආත්තලා, මුත්තලා සහ සමහර අයට සිටින්නේ ආත්තම්මලා සහ මුත්තම්මලාය.

මාතරදී ප්‍රයෝජනයට ගන්නා උපකරනද වෙනස්ම ඒවාය. එනම් මාතර මිනිස්සු වෑයෙන් රහිති, උදැල්ලෙන් අහිති. කඩදාසි කරදාසි බවට මාතරදී පත් වේ. එසේම සබන් රබන් වන අවස්ථාද මම දැක ඇත්තෙමි. දණහිස් කටුවට මාතරදී වහරන්නේ දණ පොලොත්ත කියාය. ඒ නිසා දිය ලුණු දමන්නේ පොල්කටුවේ නොව ලුණු පොලොත්තේය.

මාතරදී මයිනා ගොන්කවඩියා වන අතර තණ කොළ පෙත්තා කොම්බුට්ටා බවට පත් වේ.

මාතර මිනිස්සු ළතෝනි දෙති. සමහර අය කෑගසති, ඒ වගේම තවත් විටෙක මොර ගහති. හැබැයි හැම විටෙකම දොඩති. මාතරදී දෙඩීම විවිධාකාරය. එකිනෙකා දෙඩන අතර කට්ටියක් පිස්සු විකාර දොඩවති. ඒ මාතර දී පමණය.

මගේ වෙද හාමිනේගේ පියා ජීවතුන් අතර සිටිත්දී සිංහළ අලුත් අවුරුද්දට කල ප්‍රධානම කාරියක් වූයේ අසල් වැසි ගෙවල් අලෙයි කරන්නට යාමයි. එතුමා ජීවත් වූ ප්‍රදේශයේ වැඩි දෙනෙක් තම ගෙය අලෙයි කර ගන්නට එතුමාවම නිති පතා කැදවූහ.

මාතර මව්න්ගේ ඇති ගුණයක් නම් මව්වත්කමයි. ඒ අතින් කාටවත් ඔවුන් පරාද නොවන බව මම නම් අත්දැකීමෙන්ම දනිමි. ඒ මාගේ වෙද හාමිනේගේ මව නිසාය. ඇය මට ඒ තරමට ලෙන්ගතුය. ලෙන්ගතු බවද මාතරදී දැකිය හැක්කකි. මේ සියල්ලටම හරියන්නට අලුකුත්තේරුවන්ද මාතර සිටිති. ඒ කවුදැයි මට වඩා හොඳින් මාතර මිනිස්සු දනිති. ඒ වැන්නන්ගේ කටකමිස්සිරියාව දැකිය හැක්කේ ඡන්ද කාලයටයි. හැබැයි විපක්ෂයට වැටුනොත් නම් ඔවුන්ගේ කටකමිස්සිරියාව නැති වී යයි. එවිට නැවත ඔවුන් කුරුන්ද කුරුන්ද ඊලඟ ඡන්දය එනතෙක් බලා සිටිති.

උපුටාගැනීම

[QUOTE="nirmalawaththuhewa, post: 20816224, member: 497285"] [SIZE="4"]මාතර බසේ අපූරුව. අද මම ඔබට මගේ බ්ලොග් ඉතිහාසයේ පළමු වතාවට වෙනත් අයෙක්ගේ ලිපියක් එතුමාගේ අවසරය ඇතිව පලකිරීමටයි සූදානම. මේ ලිපිය ලියන්න මූලාශ්‍ර ලබා ගත්තේ සමරසිංහ ගුණසේකර මැතිතුමා විසින් ලියන ලද "අපේ ගම මාතර" නම් කෘතියෙනි. එම මුළු කෘතියම ඉතා රසවත් ග්රන්ථයක් වන අතර ඔබට මාතර රාහුල පාරේ නො.97 ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මෙම ලිපියේ අඩංගු "මාතර වචන" වැඩි ප්‍රමාණයක් ලබා ගත්තේ එතුමාගේ ග්රන්ථයෙනි. හින්නිකිතර යමක් ඔබට පවසන්නේ භාෂාව ගැන මාගේ දැණුම සීමිත බැවිනි. මා කොළඹ සිටින්නේ නම් ඔබට එය පවසන්නේ කෙටියෙනි, නැතහොත් ස්වල්පයක් වශයෙනි. තවද මට මාතරදී එය ඩිංගිත්තක් ලෙසද පැවසිය හැක. එසේම පොඩිත්තක් කියාද කීවාට මාතරදී නම් කමක් නැත. පෙර ටික කාලයකට කලින් විජය මාලනී රඟපෑ අපූරු චිත්‍රපටියක් කොළඹදී "මේ දෑස කුමටද" ලෙස නම් වෙත්දී මාතරදී එම නම අසාර්ථක වූ බැවින් " මේ දෑස මක්කටෙයි" යනුවෙන් ව්‍යවහාර වූවා යැයි කියනා විහිළුවක්ද අපේ විශ්වවිද්‍යාල සමයේ ප්‍රචලිතව තිබූ බව මට මතක තිබේ. මගේ දැනුමේ හැටියටද එය යම් සත්‍යයක් ඇත්තකියි සිතෙනුයේ මාතරදී "මොකටද" කියා මාද අසන්නේ නැති බැවිනි. ඔබ මට මාතරදී ඔහේය. ඒ නිසා අද මා මාතර සිටිමින් ලියනා මේ ලිපියේදී ඔහේ යනුවෙන් ඇමතුවේ නම් ඒ ඔබටයි. ඒ කෙසේ වෙතත් මාතරදී ඔහේලා කාටවත් තමුසේ කියා ඇමතීමෙන් වලකිනවා නම් ඇඟට ගුණය. ඒ මාතරදී තමුසේ කියා ඇමතීම එතරම් සුහද ඇමතීමක් නොවන බැවිනි. හැබැයි මාතරදී හාමුදුරුවන්ද, මව මෙන්ම පියාද ඔහේම වන්නේය. හොඳින් වැඩකර ඇඟ මහන්සි කරන මාතර කාන්තාවන් හීන්ය. නමුත් කොළඹදී නම් ඔවුන් කෙට්ටු බව අපට පෙනෙ. ඒ වගේම මාතර කූඹි නැති අතර ඉන්නේ හින්නෝය. ඔවුන්ද කාන්තාවන් මෙන් හීනි නිසා හින්නෝ වෙතැයි සිතේ. ඔහේලාට මාතරදී මාළු කන්න සිතුනොත් ඒ කුමන මාළුදැයි පහදා දෙන්න. නැත්නම් මෙහිදී සියලුම මස් සහ මාළු වර්ග මාළු වේ. හැබැයි එලවළු මාතරදී වෑංජනවේ. මාතර ඇත්තන්ට සමහර විට හොද්දක් කන්නට සිතේ එනම් ඇටවල්ලන් වැනි මාළු කිරසට හෝ මිරිසට හොදි සාදා කෑමට සිතීමයි. ඔහේලා කොළඹදී බත් උයනවා නේද? නමුත් මාතර දී බත් උයන්නේ නැත. මෙහිදී බත පිසියි. කොළඹදී බතක් උයා සම්බෝලයක් සමඟ කෑමට ගත හැකි වුවත් මාතරදී, හැකි වන්නේ බතක් පිහා සම්බලයක් සාදා ගැනීමටයි. කොළඹදී අපි රසට කන කෙහෙල්මුව මාතරදී වතුමොයියාය. කොළඹදී කීර යනුවෙන් හඳුන්වන මැල්ලුමට ගන්නා කොල වර්ග මාතරදී පලාය. කොළඹ පොලොස් මාතරදී පැහි වේ. කොස් මාතරදී හෙරලි බවට පත් වේ. කරපින්චා මාතරදී කරපුන්චා වන අතර පපඩම් පප්පඩම් වේ. බිත්තර බිස්තර වන අවස්ථාද නැත්තේ නොවේ. යම් එලවළුවක් හෝ මාළුවක් උයා ගැනීමෙන් හට්ටියේ අඩියේ ඉතිරිවන බොරයට මම කවදත් ආසා ඇතත් මාතරදී මට ලැබෙන්නේ මායමය. සූතිකාවන් හෙවත් දරුවන් වැදූ පිටම කාන්තාවන්ට දෙනු ලබන හොද්ද කොළඹදී තැම්බුන් හොද්ද වන විට මාතරදී එය කායම් හොද්ද නැතහොත් මායම් හොද්දයි. ගස්ලඹු යනුවෙන් හඳුන්වන පලතුර මාතරදී පැපොල්ය. ඉතා රසවත් බීමක් සාදා ගත හැකි දිවුල් මාතර අයට ජූල්ය. මාතර දරුවන්ට ආච්චිලා සීයලා නැත. ඉන්නේ ආත්තලා, මුත්තලා සහ සමහර අයට සිටින්නේ ආත්තම්මලා සහ මුත්තම්මලාය. මාතරදී ප්‍රයෝජනයට ගන්නා උපකරනද වෙනස්ම ඒවාය. එනම් මාතර මිනිස්සු වෑයෙන් රහිති, උදැල්ලෙන් අහිති. කඩදාසි කරදාසි බවට මාතරදී පත් වේ. එසේම සබන් රබන් වන අවස්ථාද මම දැක ඇත්තෙමි. දණහිස් කටුවට මාතරදී වහරන්නේ දණ පොලොත්ත කියාය. ඒ නිසා දිය ලුණු දමන්නේ පොල්කටුවේ නොව ලුණු පොලොත්තේය. මාතරදී මයිනා ගොන්කවඩියා වන අතර තණ කොළ පෙත්තා කොම්බුට්ටා බවට පත් වේ. මාතර මිනිස්සු ළතෝනි දෙති. සමහර අය කෑගසති, ඒ වගේම තවත් විටෙක මොර ගහති. හැබැයි හැම විටෙකම දොඩති. මාතරදී දෙඩීම විවිධාකාරය. එකිනෙකා දෙඩන අතර කට්ටියක් පිස්සු විකාර දොඩවති. ඒ මාතර දී පමණය. මගේ වෙද හාමිනේගේ පියා ජීවතුන් අතර සිටිත්දී සිංහළ අලුත් අවුරුද්දට කල ප්‍රධානම කාරියක් වූයේ අසල් වැසි ගෙවල් අලෙයි කරන්නට යාමයි. එතුමා ජීවත් වූ ප්‍රදේශයේ වැඩි දෙනෙක් තම ගෙය අලෙයි කර ගන්නට එතුමාවම නිති පතා කැදවූහ. මාතර මව්න්ගේ ඇති ගුණයක් නම් මව්වත්කමයි. ඒ අතින් කාටවත් ඔවුන් පරාද නොවන බව මම නම් අත්දැකීමෙන්ම දනිමි. ඒ මාගේ වෙද හාමිනේගේ මව නිසාය. ඇය මට ඒ තරමට ලෙන්ගතුය. ලෙන්ගතු බවද මාතරදී දැකිය හැක්කකි. මේ සියල්ලටම හරියන්නට අලුකුත්තේරුවන්ද මාතර සිටිති. ඒ කවුදැයි මට වඩා හොඳින් මාතර මිනිස්සු දනිති. ඒ වැන්නන්ගේ කටකමිස්සිරියාව දැකිය හැක්කේ ඡන්ද කාලයටයි. හැබැයි විපක්ෂයට වැටුනොත් නම් ඔවුන්ගේ කටකමිස්සිරියාව නැති වී යයි. එවිට නැවත ඔවුන් කුරුන්ද කුරුන්ද ඊලඟ ඡන්දය එනතෙක් බලා සිටිති. උපුටාගැනීම[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom