ලංකාවෙ ජනවහර

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    දෙයක් කියන තාලය කෙනෙක් ගෙන් කෙනෙක්ට වෙනස් වෙනවා වගේම ඔහු කතා කරන භාෂා විලාසයත් ඔහු ජීවත් වෙන පැත්ත අනුව, කරන රක්ෂාව අනුව, වගේම වෙනත් සමාජීය කාරනා නිසා වෙනස් වෙන්න පුළුවන්. වර්තමානයේ තාක්ෂණ නිසා හැම අස්සක් මුල්ලකම එකට යා වුනත්, ඉස්සර ඒ දේවල් වුනේ නැහැ. අන්න ඒක නිසා තමා අපි පිට පළාතකට ගියාම ඔවුන් කතා කරන විලාසයේ වෙනසක් දැනෙන්නට ගත්තේ. මේ වෙනස් කම් ගැන ඔබව දැනුවත් කරන්න, අපේ ජනවහරේ ඔබ අනිවා දැනගත යුතු පුංචි පුංචි කාරනා කිහිපයක් කියන්නයි මේ සුදානම.

    1. මාතර වහර

    Accent-01-768x403.jpg


    අපි මුලින්ම යන්න හදන්නේ මාතර පැත්තට. ඔබ මාතර පැත්තේ යනවා නම් ඔබට බොහෝ අය අමතනු ඇත්තේ “ඔහේ” කියාය. “ඔහේ” යනු “ඔබ” කියන වචනයට සමාන වචනයක් වන බව අපි හිතට ගන්න එක හොඳා. එත් බැරි වෙලාවත් “ඔහේ” කියා යම් කෙනෙකු ඇමතුවොත් ඔබ “තමුසේ” කියා උත්තර දෙන එක ඔබට කෙසේවෙතත් ඔබේ ශරීර සුවයට එතරම් හොඳ වෙන එකක් නැහැ!
    ජිම් ගිහිල්ල ෆිට්නස් හදාගෙන ටෝන් බොඩි එකක් ඔබට තියේනම් මාතරදී ඔබව අමතනු ඇත්තේ “හීන් එකා” කියා වන්නට පුළුවන්. ඒ වගේම ඒ ඇඟ හදාගන්න අපි ගෙදරදී කන කෑම වල එළවලු, මාතරදී හඳුන්වන්නේ “වැංජන” කියලයි.
    මාතර මිනිස්සු “කෑ ගසන්නේ” නැත. ඔවුන් දෙන්නේ “ලතෝනි”ය. එසේ ලතෝනි දෙන සමහර “උදවිය” “ලුණු පොලොත්තක්” තරම් වත් මොලයක් නැති “උන්දැලා” ය. ලුණු පොලොත්ත යනු ලුණු පොල් කට්ට වන අතර “උන්දැ” යනුවෙන් හඳුන්වන්නේ අදාළ පුද්ගලයා ය.
    මාතර ෆිල්ම් හෝල් එකකට “මේ දෑස කුමටද” කියන ෆිල්ම් එක හෝල් වලට ආවම එච්චර මිනිස්සු හිටියේ නැහැලු. පස්සේ මැනේජර් පොඩ්ඩක් නම වෙනස් කලාම පහුවදා ඉඳන් සූ ගාලා සෙනගලු. බලනකොට මැනේජර් “මේ දෑස කුමටද” කියන නම “මේ දෑහ මක්කටෙයි” කියලා වෙනස් කරලලු.


    2. දිගාමඩුලු වහර

    Accent-02-768x403.jpg


    දිගාමඩුලු ජනවහර කියන්නේ වැව්ගම් පත්තුව සහ බින්තැන්න පත්තුවේ ජනවහරට. වැව්ගම් පත්තුවේ බස්වහර බිම්තැන්න පත්තුවෙත් ඌවට අයත් නිල්ගල කෝරළයේත් වැඩිහිටියන් අතර දකින්නට පුළුවන්. වැව්ගම් පත්තුවේ බස්වහර අනෙක්වාට වඩා වෙනස් ප්‍රශ්නාර්ථයේදී “ද?” නොයෙදීම. ක්‍රියා පද ව්‍යවහාර කරනවිට “වවත්”, “කත්”, “සිටිත්”, “බලත්”, “කියත්” යනාදී වශයෙන් බහුවචන ස්වරූපය ගැනීම. බොහෝ වචන පැරණි භාෂාවේ භාවිතා කල වචන වීම.
    දිගාමඩුලු ජනවහරේ දී පියාට “අප්පා” කියන අතර අම්මාව හඳුන්වන්නේ “මේ හෝ මොවී” කියන නමින්. අම්මගේ මව හෙවත් ආච්චි “කිරි අම්මා” වෙන අතර, තමන්ගේ සැමියා හඳුන්වන්නේ “බොටා” යන වචනෙනි. ගෙදර ඇති කරන බල්ලාට “කැටා” කියා හඳුන්වන අතර, අපි ආහාරයට ගන්නා හොද්ද හඳුන්වන්නේ “කායම” නමිනි. කිරි අල වලට “කොකිස්” කියන අතර, පැපොල් වලට “අඹ” කියන්නටද ඔවුන් දක්ෂය. තරහා කාරයින්ට අපි වෙඩි තියන අතර, ඔවුන් “ගිනිබිඳිම” කරයි. තුවක්කුව “කළු මිනික්කම” යනුවෙන් හඳුන්වන අතර, අපි වමනේ කරනවාට කියන්නේ “ඔරවනවා” කියා ය. කම්මැලි අයට “සොමාරියෝ” කියා හඳුන්වන අතර, කොල්ලන්ට කියන්නේ “ගොබිලා” කියාය.
    ඉස්සර හමුදා පුහුණුවට ගත්තු සොල්දාදුවෝ ටිකකට කැප්ටන් කෙනෙක් වෙඩි තියන්න උගන්නන්න ගියාලු. තුවක්කු මානාගෙන ඉන්න සොල්දාදුවන්ට කැප්ටන් විධානය දුන්නම “fire!” කියලා ඔක්කොම වෙඩි තිබ්බත් සාමාජිකයෝ කීප දෙනෙක් වෙඩි තිබ්බේ නැහැලු. කැප්ටන් කිප වතාවක්ම “fire” කියල කිව්වත් අර කීප දෙනා නෙවෙයිලු කනකටවත් ගත්තේ.
    දැන් කැප්ටන්ට මර කෙන්තියිලු. මේ වැඩේ දිහා යමින් ගමන් බලා හිටපු එක ඔෆිසර් කෙනෙක් කැප්ටන්ට කනට කරලා මොනවාදෝ කිව්වලු. ආපහු අර වෙඩි නොතියපු සොල්දාදුවෝ ටික වෙනම අරගෙන ඔවුන්ට මෙන්න මෙහෙම විධානය දුන්නලු:
    “ගොබිලෝ ටික කලුමිනික්කම ඇන්න ගිනි බින්දපියව්”
    අනේ කට්ටිය අගේට ඉලක්කෙට වෙඩි තිබ්බලු.


    3. ඌව වහර

    Accent-03-768x403.jpg


    ඌව ජනවහරවල් වලින් විශේෂ එකක්. ඒක හැදිලා තියෙන්නේ ජනවහර දෙකක් එකතු වෙලා කියලයි කියන්නේ. ඒ තමා පානම සහ දිගාමඩුලු ජනවහර කියන දෙක.
    අපේ උදේ පාන්දර ඔවුන්ට “හිල් පාන්දර” වන අතර, වහිනා මහා වැස්ස හඳුන්වන්නේ “කුලන්තරය” නමින්. උදේට අපි ආහාරයට ගන්නා බත අපි නම් උයන අතර ඌවෙ වෙන්නේ “බත සැතපිමයි”. සමහර තැන් වල කුඩා දැරියට “කෙලි පැටික්කි” කියන අතර, ඈ අඳින කුඩා ගවුම “උච්චුරු ගවුම” නමින් හදුන්වයි. කාට හරි වෙන කරදරය “පොය්යංගම” වෙන අතර, එය “කම්බිරිස්සාව” නමින්ද හඳුන්වයි. බිරිඳව “අපේ උන්දෑ” වෙන අතර, බිරිඳ සැමියාව හඳුන්වන්නේ “අපේ ඇත්තෝ” කියලයි.


    4. වැදි ජනවහර

    Accent-04-768x403.jpg


    දඹාන පොලොන්නරුව වැනි ප්‍රදේශ වල සිටින ඒ ප්‍රදේශ වල සිටින මුල් පදිංචි කරුවන් වන වැදි ජනතාව අතර ඔවුන්ටම ආවේනික බස් වහරක් තියෙනවා. බොහෝ නාට්‍ය පොතපත මේ ජන වහර භාවිතා කරලා නිර්මාණ කරන්න පෙළඹිලා තියෙන්නේ එහි ඇති මනරම් බව නිසා කියලයි අනිවා අපට හිතෙන්නේ.
    ඔවුන් තමන්ගේ එදිනෙදා ජිවිතේ ලොකුම කරදරය වෙන ඔවුන්ගේ හේන් පාලු කරන අලියා ව හඳුන්වන්නේ “බොටකඳයා” කියන නමින්. ඒ වගේම සෙරෙප්පු වලට වෙනත් ජන වහරවල් වලට සමානවම “වාම්පතුල්” කියා හඳුන්වන බව පොත පතේ සඳහන්. ඒ වගේම තමන්ගේ නාසය “නාස් පොජ්ජ” ලෙසත්, සිය මස්සිනා “මවන ඇත්තෝ” ලෙසිනුත්, වෙන කෙනෙකුට කතා කිරමේදී “ඔබ”, “ඔහු” කියා හඳුන්වනවා වෙනුවට ඔවුන් භාවිතා කරන්නේ “තොපන්” කියන වචනයයි. ඔවුන් ගින්දර හඳුන්වන්නේ “ගිනිරාව්වා” යන නමින් වන අතර, බහුතරයක් කිසිදා දැක නැති මහා මුහුද හඳුන්වන්නේ “මා දිය ගං ඇල්ල” නමිනි.
    :lol: :lol: :lol:

    http://www.aniwa.lk/2016/06/12/4-strange-sinhala-dialects-from-around-sri-lanka/
     

    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    මාතර බසේ අපූරුව.
    අද මම ඔබට මගේ බ්ලොග් ඉතිහාසයේ පළමු වතාවට වෙනත් අයෙක්ගේ ලිපියක් එතුමාගේ අවසරය ඇතිව පලකිරීමටයි සූදානම. මේ ලිපිය ලියන්න මූලාශ්‍ර ලබා ගත්තේ සමරසිංහ ගුණසේකර මැතිතුමා විසින් ලියන ලද "අපේ ගම මාතර" නම් කෘතියෙනි. එම මුළු කෘතියම ඉතා රසවත් ග්‍රන්ථයක් වන අතර ඔබට මාතර රාහුල පාරේ නො.97 ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මෙම ලිපියේ අඩංගු "මාතර වචන" වැඩි ප්‍රමාණයක් ලබා ගත්තේ එතුමාගේ ග්‍රන්ථයෙනි.

    හින්නිකිතර යමක් ඔබට පවසන්නේ භාෂාව ගැන මාගේ දැණුම සීමිත බැවිනි. මා කොළඹ සිටින්නේ නම් ඔබට එය පවසන්නේ කෙටියෙනි, නැතහොත් ස්වල්පයක් වශයෙනි. තවද මට මාතරදී එය ඩිංගිත්තක් ලෙසද පැවසිය හැක. එසේම පොඩිත්තක් කියාද කීවාට මාතරදී නම් කමක් නැත.

    පෙර ටික කාලයකට කලින් විජය මාලනී රඟපෑ අපූරු චිත්‍රපටියක් කොළඹදී "මේ දෑස කුමටද" ලෙස නම් වෙත්දී මාතරදී එම නම අසාර්ථක වූ බැවින් " මේ දෑස මක්කටෙයි" යනුවෙන් ව්‍යවහාර වූවා යැයි කියනා විහිළුවක්ද අපේ විශ්වවිද්‍යාල සමයේ ප්‍රචලිතව තිබූ බව මට මතක තිබේ. මගේ දැනුමේ හැටියටද එය යම් සත්‍යයක් ඇත්තකියි සිතෙනුයේ මාතරදී "මොකටද" කියා මාද අසන්නේ නැති බැවිනි.

    ඔබ මට මාතරදී ඔහේය. ඒ නිසා අද මා මාතර සිටිමින් ලියනා මේ ලිපියේදී ඔහේ යනුවෙන් ඇමතුවේ නම් ඒ ඔබටයි. ඒ කෙසේ වෙතත් මාතරදී ඔහේලා කාටවත් තමුසේ කියා ඇමතීමෙන් වලකිනවා නම් ඇඟට ගුණය. ඒ මාතරදී තමුසේ කියා ඇමතීම එතරම් සුහද ඇමතීමක් නොවන බැවිනි. හැබැයි මාතරදී හාමුදුරුවන්ද, මව මෙන්ම පියාද ඔහේම වන්නේය.

    හොඳින් වැඩකර ඇඟ මහන්සි කරන මාතර කාන්තාවන් හීන්ය. නමුත් කොළඹදී නම් ඔවුන් කෙට්ටු බව අපට පෙනෙ. ඒ වගේම මාතර කූඹි නැති අතර ඉන්නේ හින්නෝය. ඔවුන්ද කාන්තාවන් මෙන් හීනි නිසා හින්නෝ වෙතැයි සිතේ.

    ඔහේලාට මාතරදී මාළු කන්න සිතුනොත් ඒ කුමන මාළුදැයි පහදා දෙන්න. නැත්නම් මෙහිදී සියලුම මස් සහ මාළු වර්ග මාළු වේ. හැබැයි එලවළු මාතරදී වෑංජනවේ. මාතර ඇත්තන්ට සමහර විට හොද්දක් කන්නට සිතේ එනම් ඇටවල්ලන් වැනි මාළු කිරසට හෝ මිරිසට හොදි සාදා කෑමට සිතීමයි.

    ඔහේලා කොළඹදී බත් උයනවා නේද? නමුත් මාතර දී බත් උයන්නේ නැත. මෙහිදී බත පිසියි. කොළඹදී බතක් උයා සම්බෝලයක් සමඟ කෑමට ගත හැකි වුවත් මාතරදී, හැකි වන්නේ බතක් පිහා සම්බලයක් සාදා ගැනීමටයි.

    කොළඹදී අපි රසට කන කෙහෙල්මුව මාතරදී වතුමොයියාය. කොළඹදී කීර යනුවෙන් හඳුන්වන මැල්ලුමට ගන්නා කොල වර්ග මාතරදී පලාය. කොළඹ පොලොස් මාතරදී පැහි වේ. කොස් මාතරදී හෙරලි බවට පත් වේ. කරපින්චා මාතරදී කරපුන්චා වන අතර පපඩම් පප්පඩම් වේ. බිත්තර බිස්තර වන අවස්ථාද නැත්තේ නොවේ. යම් එලවළුවක් හෝ මාළුවක් උයා ගැනීමෙන් හට්ටියේ අඩියේ ඉතිරිවන බොරයට මම කවදත් ආසා ඇතත් මාතරදී මට ලැබෙන්නේ මායමය.

    සූතිකාවන් හෙවත් දරුවන් වැදූ පිටම කාන්තාවන්ට දෙනු ලබන හොද්ද කොළඹදී තැම්බුන් හොද්ද වන විට මාතරදී එය කායම් හොද්ද නැතහොත් මායම් හොද්දයි.

    ගස්ලඹු යනුවෙන් හඳුන්වන පලතුර මාතරදී පැපොල්ය. ඉතා රසවත් බීමක් සාදා ගත හැකි දිවුල් මාතර අයට ජූල්ය.

    මාතර දරුවන්ට ආච්චිලා සීයලා නැත. ඉන්නේ ආත්තලා, මුත්තලා සහ සමහර අයට සිටින්නේ ආත්තම්මලා සහ මුත්තම්මලාය.

    මාතරදී ප්‍රයෝජනයට ගන්නා උපකරනද වෙනස්ම ඒවාය. එනම් මාතර මිනිස්සු වෑයෙන් රහිති, උදැල්ලෙන් අහිති. කඩදාසි කරදාසි බවට මාතරදී පත් වේ. එසේම සබන් රබන් වන අවස්ථාද මම දැක ඇත්තෙමි. දණහිස් කටුවට මාතරදී වහරන්නේ දණ පොලොත්ත කියාය. ඒ නිසා දිය ලුණු දමන්නේ පොල්කටුවේ නොව ලුණු පොලොත්තේය.

    මාතරදී මයිනා ගොන්කවඩියා වන අතර තණ කොළ පෙත්තා කොම්බුට්ටා බවට පත් වේ.

    මාතර මිනිස්සු ළතෝනි දෙති. සමහර අය කෑගසති, ඒ වගේම තවත් විටෙක මොර ගහති. හැබැයි හැම විටෙකම දොඩති. මාතරදී දෙඩීම විවිධාකාරය. එකිනෙකා දෙඩන අතර කට්ටියක් පිස්සු විකාර දොඩවති. ඒ මාතර දී පමණය.

    මගේ වෙද හාමිනේගේ පියා ජීවතුන් අතර සිටිත්දී සිංහළ අලුත් අවුරුද්දට කල ප්‍රධානම කාරියක් වූයේ අසල් වැසි ගෙවල් අලෙයි කරන්නට යාමයි. එතුමා ජීවත් වූ ප්‍රදේශයේ වැඩි දෙනෙක් තම ගෙය අලෙයි කර ගන්නට එතුමාවම නිති පතා කැදවූහ.


    මාතර මව්න්ගේ ඇති ගුණයක් නම් මව්වත්කමයි. ඒ අතින් කාටවත් ඔවුන් පරාද නොවන බව මම නම් අත්දැකීමෙන්ම දනිමි. ඒ මාගේ වෙද හාමිනේගේ මව නිසාය. ඇය මට ඒ තරමට ලෙන්ගතුය. ලෙන්ගතු බවද මාතරදී දැකිය හැක්කකි. මේ සියල්ලටම හරියන්නට අලුකුත්තේරුවන්ද මාතර සිටිති. ඒ කවුදැයි මට වඩා හොඳින් මාතර මිනිස්සු දනිති. ඒ වැන්නන්ගේ කටකමිස්සිරියාව දැකිය හැක්කේ ඡන්ද කාලයටයි. හැබැයි විපක්ෂයට වැටුනොත් නම් ඔවුන්ගේ කටකමිස්සිරියාව නැති වී යයි. එවිට නැවත ඔවුන් කුරුන්ද කුරුන්ද ඊලඟ ඡන්දය එනතෙක් බලා සිටිති.
    උපුටාගැනීම