ලංකාවෙ හිරවෙලා ඉන්න යුක්‍රේන් සංචාරකයෙක්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ඔන්න ලංකාවට ඇවිල්ලා ඉන්න යුක්‍රේන සංචාරකයෙක් අම්මට කෝල් එකක් ගන්නවලු.

    පුතා - අම්මේ.. මොකද තත්වෙ දැන් ඔහෙ..ඔයාලා හොඳින්ද ?

    අම්මා - අනේ පුතේ මේ දැනුත් වෙඩි සද්ද ඇහෙනවා.. මේ දැන් අපිට කරන්ට් එකත් ගියා.. උඹ හොඳින්ද..

    පුතා - මෙහෙත් කරන්ට් එක නෑ අම්මෙ. අරයයි මායි ගෙස්ටෞස් එකේ කැන්ඩ්ල් ලයිට් ඩිනර් එකක් ගත්තා.දැන් නිදාගන්න යන්නෙ..

    අම්මා - අනේ මන්දා දරුවො මොනවා වෙන්න යනවද කියලා. උඹලා ඔහෙ ඉන්න එක තමයි ටිකක් හරි හිතට සහනයක් තියෙන්නෙ

    පුතා -හුම්.. ඉතින් අම්මේ තාත්තයි අක්කයි එක්ක ඉක්මනින් බටහිර පැත්තෙ ආච්චිලෑ ගමට ගියානං හරිනෙ. පෝලන්තෙටවත් පැනගන්න පුලුවන් සරණාගතයො ගන්නකොට...

    අම්මා - කොහෙ යන්නද..ඊයෙ ඉඳන් තෙල් නෑ මෙහෙ. බස් කෝච්චි දුවන්නෙත් නෑ.. තාත්තා අමාරුවෙන් බූලියක් අරන් ආවා. ඒකෙන් පුලුවනෑ යන්න.

    පුතා - තෙල් නං මෙහෙත් නෑ අම්මෙ. ඊයෙ අපි බීච් සයිඩ් එකට යන්න ගිහින් තෙල් පෝලිමක හිටියා පැයක් අපේ වාහනේ.

    අම්මා - අනේ මන්දා මොකක් වෙයිද කියලා.. කන්නත් නැතිවෙයි තව ටික දවසකින්.

    පුතා - මෙහෙත් එහෙමයි. අපේ ගෙස්ට් එකේ මනුස්සයා කිව්වා එයාගෙ ගෙදර කට්ටිය වේලක් කන්නෙත් අමාරුවෙන් කියලා. මෙහෙ හදන හාල් ඔක්කොටම වැඩිය ගණං.

    අම්මා -අනේ එහෙමද.. බඩු මිල බලන් ඉද්දි උඩ යන්නෙ.. කඩවල්වල පෝලිම. මිනිස්සු බඩු එකතු කරනවා...අක්කත් ගියා කෑම ටිකක් අරන් එන්න කියලා බේස්මන්ට් එකේ එකතු කරගන්න.

    පුතා - ආ ඒකනං හොඳයි. මෙහෙත් හැමතැනම පෝලිං..අපේ ගයිඩ් කිව්වෙ දැන් ටික දවසකට කලිං එයාගෙ පවුලෙ හතරදෙනා කිරිපිටි, ගෑස්, තෙල් පෝලිංවලයි, බැරිම තැන රට යන්න වීසා පෝලිමෙයිත් බෙදාගෙන හිටියා කියලා.
    මේ ඔයාලා පරිස්සමෙන් ඉන්න. පෝන් එකේ බැට්‍රි ලෝ කරන්ට් එක නැතුව. මෙහෙට කරන්ට් එක තියනවා කියලා කෞද එකෙක් කෝල් කරලනෙ. මං හෙට උදේම ගන්නං.. දෙවි පිහිටයි අම්මෙ..

    අම්මා - යකො පුටිංකාරයාගහන්නෙ අපිටද උඹලටද ?
    ඔන්න ඔහෙ උඹ වරෙන් මෙහෙ. අඩුගානෙ පෞලෙ උන්ටිකට එකට හරි මැරෙන්න පුලුවන්. වැව්වල නාන්න එහෙම එපා හරිද ?


    #මාරවැඩේයුක්රේනෙටවුණේ #අපිතමෛහොඳටමකළේ

    © fb
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,112
    23,338
    113
    31utrva.jpg
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    යුක්‍රේන්කාරයා අද ජීවත්වෙලා ඉන්නෙත් මෛන්ද මාත්තයා නිසා