Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවෙ LGBTQ+ promote කරනවාට එකඟද? විරුද්ධද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]cjdrox/posts/10162825969443190[/MEDIA]

සමරිසිබව ගැන වචනයක් හරි ලියන හැම වෙලාවක ම, නොවරදවා අහන්න ලැබෙන අඬවැඩියාවක් තියෙනව. ඒ තමයි,

"සම උං හිටියට කමක් නෑ, ප්‍රවර්ධනය කරන්නෙ ඇයි?" කියන එක.

මේක ඉතා ම තක්කඩි, හිංසාකාරී ප්‍රශ්නයක්.

මේ ලංකාවෙ නිදහස ලබපු දා ඉඳලා අද වෙනකල් කිසිම දවසක සමරිසිබව ප්‍රවර්ධනය කරලා කිසිම දෙයක් කෙරිලා නෑ. ඒකට ප්‍රධාන හේතුව, සමරිසිබව ගැන ප්‍රවර්ධන (ප්‍රමෝෂන්) කරල වැඩක් නෑ. මොකද කාවවත් එහෙම ප්‍රමෝට් කරලා සමරිසි කරන්න බෑ. සමරිසිබව කියන්නෙ අරක්කු, සිගරට්, ගංජා වගේ ඇබ්බැහියක් නෙමෙයි. උපතින් ම ආපු ජානමය නැඹුරුවක් තිබුණොත් ඇරෙන්න, ටීවී එකේ ඇඩ් එකක්, සෝෂල් මීඩියා පෝස්ට් ආදිය දැකලා කවුරුවත් සමරිසි වෙන්නෙ නෑ. එහෙම ප්‍රචාරණ දැකලා කාගෙ හෝ ලිංගික දිශානතිය වෙනස් වෙනවා කියල කවුරුහරි කියනවනම් කරුණාකරලා නොබෙල් කමිටුවට ලියන්න. ඊගාව අවුරුද්දෙ වෛද්‍ය විද්‍යාවට නොබෙල් තෑග්ග දින්නැකි.

වඩා වැදගත් දෙවැනි කාරණය, සමරිසියො කියන්නෙ දේශපාලන පක්ෂෙක හෝ ආගමක සාමාජිකයන් වගේ නෙමෙයි. තමන්ගෙ ගොඩ වැඩි කරගන්න ඔවුන්ට අවශ්‍යතාවක් නෑ. දැනටත් සමරිසි, නමුත් සමාජ පීඩනයට බයේ ඒක පිළිනොගෙන ඉන්න පිරිසට ආමන්ත්‍රණය කරන එක ඇරෙන්න, සමරිසි වෙයල්ලා, මේක මරේ මරු, වරෙල්ලා බැඳියල්ලා කියලා කවුරුත් කැම්පේන් කරල නෑ. මොකද එහෙම කරල වැඩක් නෑ.

මෙතන මේ ප්‍රචාරණ එපා, ප්‍රවර්ධන එපා කිව්වට ඇත්තට ම එතන තියෙන්නෙ මෙන්න මෙහෙම අදහසක්:

"උඹල මොනවා කරගත්තත් අපට කමක් නෑ. හැබැයි අපට නොපෙනෙන්න හොරෙන් කරගනිල්ලා. පාරෙ අත් අල්ලං යන්න එපා. ෆිල්ම් හෝල්වලට එන්න එපා. උඹලගෙ ආදර කතා ගැන පොත් ලියන්න එපා. ෆිල්ම් හදන්න එපා. අපි බලන ටීවීවල උඹලගෙ සමරිසිබව පෙන්වන්න එපා. අපි අහන රේඩියෝවල උඹලගෙ සමරිසිබව අහන්න සලස්වන්න එපා. අපි බලන පත්තරවල උඹලගෙ කතා දකින්න තියන්න එපා. කොටින් ම සද්ද කරන්න වත් එපා. මේක විසමරිසි සමාජයක්. අපි උඹලට අනුකම්පා කරලා මේක ඇතුළෙ ජීවත් වෙන්න ඉඩ දීල තියෙන්නෙ. ඒ නිසා තරමට හිටපල්ලා. නිහඬ ව හිටපල්ලා. පුළුවන් තරම් නොපෙනෙන්න හිටපල්ලා."

මේකත් එක්ක මට මතක් වෙන්නෙ අපේ එක්තරා නෑයෙක් මට කියපු කතාවක්. කන්නංගර මහත්තය නිදහස් අධ්‍යාපනය දීලා මධ්‍යමහා විද්‍යාල හදද්දි අපේ ම එක්තරා ආදිකාලීන නෑයෙක් ඕකට තදින් ම විරුද්ධ වෙලා තියෙනව. හේතුව, "අඩුකුලේ උනුත් ඉගෙනගෙන ආණ්ඩුවෙ කන්තෝරු වල වැඩට යාවි" කියල. කොහොම හරි ඔය කෙනාගෙ ළමයින්ව පාසල් යැවීම පවා ප්‍රතික්ෂේප කරල තිබුණා, "බඩහැලයන් එක්ක එකට ඉගෙනගන්න මගෙ ළමයි යවන්නෙ නෑ" කියල. අන්තිමට පන්සලේ හාමුදුරුවො සහ තව අයගෙ මැදිහත්වීම නිසා ප්‍රශ්නෙ විසඳුනා. කොන්දේසිය තමා අර කුලහීන යයි සම්මත ළමයින්ට පාසලේ වෙනම පන්තියක් දාන්න ඕන සහ "අපේ ළමයින්ට ඕකුන්ව ඇහැ ගැටෙන්න නොදෙන්න ඕන".

සමරිසියන්ව දරාගන්නවා, අපට උංව අවුලක් නෑ කියල කියන බොහෝ දෙනාත් අපේ අර ආදිකාලීන නෑයා වගේ. "උඹල හිටපල්ලා හැබැයි අපට නොපෙනී!"

සොරි බොස්, එහෙම බෑ. එහෙම හැංගිලා ජීවත් වෙන්න සමරිසියන් සූදානම් නෑ. එහෙම වෙන්න ඕනත් නෑ. ඒ නිසා ම තමයි සමරිසිබවට "pride" කියන වචනය සම්බන්ධ කරල තියෙන්නෙ. මොකද සමරිසිබව කියන්නෙ ලෝකෙට හොරෙන්, හැංගිලා, ලැජ්ජාවෙන් කරන්න ඕන දෙයක් නෙමෙයි. විකෘතියක් නෙමෙයි. මානසික රෝගයකුත් නෙමෙයි. ඉතාම සාමාන්‍ය සංසිද්ධියක්. ඕනම මනුස්සයකුට තමන්ගෙ ස්වාභාවිකත්වය ගැන (ලිංගික නැමියාවත් ඇතුළු ව) ආඩම්බර වෙන්න අයිතියක් තියෙනව. ආඩම්බර වෙන්න විතරක් නෙමෙයි, අර උඩ කිව්වා වගේ සමාජෙන් වහං වෙලා අඩුකුලේ පුරවැසියකු වගෙ නොව, අභිමානවත් පුරවැසියකු ලෙස ප්‍රසිද්ධියේ පෙනී ඉන්න අයිතියක් තියෙනව. ඒ නිසා ඒ මිනිස්සු කතා කරනව. පාගමන් යනව. පෙළපාලි යනව. පොත් ලියනව. ඒක ඒ මිනිස්සුන්ගෙ මානව අයිතිය.

සමරිසියන්ට නිහඬ වෙන්න, හැංගෙන්න, නොපෙනී ජීවත් වෙන්න බලකරන එකත් හිංසනයක් තමයි.

Cc: [USER=574859]@emoji diaries[/USER]

[QUOTE="ozykolla, post: 31018977, member: 580942"] [MEDIA=facebook]cjdrox/posts/10162825969443190[/MEDIA] සමරිසිබව ගැන වචනයක් හරි ලියන හැම වෙලාවක ම, නොවරදවා අහන්න ලැබෙන අඬවැඩියාවක් තියෙනව. ඒ තමයි, "සම උං හිටියට කමක් නෑ, ප්‍රවර්ධනය කරන්නෙ ඇයි?" කියන එක. මේක ඉතා ම තක්කඩි, හිංසාකාරී ප්‍රශ්නයක්. මේ ලංකාවෙ නිදහස ලබපු දා ඉඳලා අද වෙනකල් කිසිම දවසක සමරිසිබව ප්‍රවර්ධනය කරලා කිසිම දෙයක් කෙරිලා නෑ. ඒකට ප්‍රධාන හේතුව, සමරිසිබව ගැන ප්‍රවර්ධන (ප්‍රමෝෂන්) කරල වැඩක් නෑ. මොකද කාවවත් එහෙම ප්‍රමෝට් කරලා සමරිසි කරන්න බෑ. සමරිසිබව කියන්නෙ අරක්කු, සිගරට්, ගංජා වගේ ඇබ්බැහියක් නෙමෙයි. උපතින් ම ආපු ජානමය නැඹුරුවක් තිබුණොත් ඇරෙන්න, ටීවී එකේ ඇඩ් එකක්, සෝෂල් මීඩියා පෝස්ට් ආදිය දැකලා කවුරුවත් සමරිසි වෙන්නෙ නෑ. එහෙම ප්‍රචාරණ දැකලා කාගෙ හෝ ලිංගික දිශානතිය වෙනස් වෙනවා කියල කවුරුහරි කියනවනම් කරුණාකරලා නොබෙල් කමිටුවට ලියන්න. ඊගාව අවුරුද්දෙ වෛද්‍ය විද්‍යාවට නොබෙල් තෑග්ග දින්නැකි. වඩා වැදගත් දෙවැනි කාරණය, සමරිසියො කියන්නෙ දේශපාලන පක්ෂෙක හෝ ආගමක සාමාජිකයන් වගේ නෙමෙයි. තමන්ගෙ ගොඩ වැඩි කරගන්න ඔවුන්ට අවශ්‍යතාවක් නෑ. දැනටත් සමරිසි, නමුත් සමාජ පීඩනයට බයේ ඒක පිළිනොගෙන ඉන්න පිරිසට ආමන්ත්‍රණය කරන එක ඇරෙන්න, සමරිසි වෙයල්ලා, මේක මරේ මරු, වරෙල්ලා බැඳියල්ලා කියලා කවුරුත් කැම්පේන් කරල නෑ. මොකද එහෙම කරල වැඩක් නෑ. මෙතන මේ ප්‍රචාරණ එපා, ප්‍රවර්ධන එපා කිව්වට ඇත්තට ම එතන තියෙන්නෙ මෙන්න මෙහෙම අදහසක්: "උඹල මොනවා කරගත්තත් අපට කමක් නෑ. හැබැයි අපට නොපෙනෙන්න හොරෙන් කරගනිල්ලා. පාරෙ අත් අල්ලං යන්න එපා. ෆිල්ම් හෝල්වලට එන්න එපා. උඹලගෙ ආදර කතා ගැන පොත් ලියන්න එපා. ෆිල්ම් හදන්න එපා. අපි බලන ටීවීවල උඹලගෙ සමරිසිබව පෙන්වන්න එපා. අපි අහන රේඩියෝවල උඹලගෙ සමරිසිබව අහන්න සලස්වන්න එපා. අපි බලන පත්තරවල උඹලගෙ කතා දකින්න තියන්න එපා. කොටින් ම සද්ද කරන්න වත් එපා. මේක විසමරිසි සමාජයක්. අපි උඹලට අනුකම්පා කරලා මේක ඇතුළෙ ජීවත් වෙන්න ඉඩ දීල තියෙන්නෙ. ඒ නිසා තරමට හිටපල්ලා. නිහඬ ව හිටපල්ලා. පුළුවන් තරම් නොපෙනෙන්න හිටපල්ලා." මේකත් එක්ක මට මතක් වෙන්නෙ අපේ එක්තරා නෑයෙක් මට කියපු කතාවක්. කන්නංගර මහත්තය නිදහස් අධ්‍යාපනය දීලා මධ්‍යමහා විද්‍යාල හදද්දි අපේ ම එක්තරා ආදිකාලීන නෑයෙක් ඕකට තදින් ම විරුද්ධ වෙලා තියෙනව. හේතුව, "අඩුකුලේ උනුත් ඉගෙනගෙන ආණ්ඩුවෙ කන්තෝරු වල වැඩට යාවි" කියල. කොහොම හරි ඔය කෙනාගෙ ළමයින්ව පාසල් යැවීම පවා ප්‍රතික්ෂේප කරල තිබුණා, "බඩහැලයන් එක්ක එකට ඉගෙනගන්න මගෙ ළමයි යවන්නෙ නෑ" කියල. අන්තිමට පන්සලේ හාමුදුරුවො සහ තව අයගෙ මැදිහත්වීම නිසා ප්‍රශ්නෙ විසඳුනා. කොන්දේසිය තමා අර කුලහීන යයි සම්මත ළමයින්ට පාසලේ වෙනම පන්තියක් දාන්න ඕන සහ "අපේ ළමයින්ට ඕකුන්ව ඇහැ ගැටෙන්න නොදෙන්න ඕන". සමරිසියන්ව දරාගන්නවා, අපට උංව අවුලක් නෑ කියල කියන බොහෝ දෙනාත් අපේ අර ආදිකාලීන නෑයා වගේ. "උඹල හිටපල්ලා හැබැයි අපට නොපෙනී!" සොරි බොස්, එහෙම බෑ. එහෙම හැංගිලා ජීවත් වෙන්න සමරිසියන් සූදානම් නෑ. එහෙම වෙන්න ඕනත් නෑ. ඒ නිසා ම තමයි සමරිසිබවට "pride" කියන වචනය සම්බන්ධ කරල තියෙන්නෙ. මොකද සමරිසිබව කියන්නෙ ලෝකෙට හොරෙන්, හැංගිලා, ලැජ්ජාවෙන් කරන්න ඕන දෙයක් නෙමෙයි. විකෘතියක් නෙමෙයි. මානසික රෝගයකුත් නෙමෙයි. ඉතාම සාමාන්‍ය සංසිද්ධියක්. ඕනම මනුස්සයකුට තමන්ගෙ ස්වාභාවිකත්වය ගැන (ලිංගික නැමියාවත් ඇතුළු ව) ආඩම්බර වෙන්න අයිතියක් තියෙනව. ආඩම්බර වෙන්න විතරක් නෙමෙයි, අර උඩ කිව්වා වගේ සමාජෙන් වහං වෙලා අඩුකුලේ පුරවැසියකු වගෙ නොව, අභිමානවත් පුරවැසියකු ලෙස ප්‍රසිද්ධියේ පෙනී ඉන්න අයිතියක් තියෙනව. ඒ නිසා ඒ මිනිස්සු කතා කරනව. පාගමන් යනව. පෙළපාලි යනව. පොත් ලියනව. ඒක ඒ මිනිස්සුන්ගෙ මානව අයිතිය. සමරිසියන්ට නිහඬ වෙන්න, හැංගෙන්න, නොපෙනී ජීවත් වෙන්න බලකරන එකත් හිංසනයක් තමයි. Cc: [USER=574859]@emoji diaries[/USER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom