Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ-අතීතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ලිපිය කලකට පෙරත් එළකිරියේ පල උනා නේ. මම ඒකට දාපු ප්රතිචාර සහ ඒ ප්රතිචාර වලට සමහර සාමාජිකයින් දීපු පිලිතුරුත්, ඒ පිළිතුරු වලට මම දාපු ප්රතිචාරත් පහලින් තියනවා.

මම මේ ලිපිය සම්පුර්ණයෙන්ම කියෙව්වා. මට නම් ඇඬුනේ නැහැ, හිනා ගියා. සමහර කරුණු 100% නිවැරදියි. සමහර කරුණු 100% වැරදියි. මා දන්නා හැටියට මේකට පිළිතුරු ලියන්නම්.

වානේ සංස්ථාව තනිකර රුසියානු ව්යාපෘතියක්. ඒක වැසීයාමට හේතුව එහි නිෂ්පාදන වල ප්රමිතියක් නැතිකමයි. 2''x 2'' බිලට්, වානේ කම්බි, දඟර කම්බි, කටු කම්බි ආදී කිසිම නිෂ්පාදනයකට එවකට අප රටේ භාවිතා උන බ්රිතාන්ය තත්ත්ව සහතික ලබා ගැනීමට තරම් කොලිටියක් තිබුනේ නැහැ.

කිඹුලා උදැල්ල කියන්නේ එංගලන්තයේ west midlands හි පිහිටි chillington සමාගමේ නිෂ්පාදනයක් මිසක් ලංකාව ඊට අදාළ නැහැ. නමුත් යක්කල ලංකා ලෝහ භාන්ඩ සංයුක්ත මණ්ඩලයෙන් ''ලං ලෝ'' කියලා උදළු තලයක් හැදුවා. ඒකත් ඉතාම බාල ප්රමිතියේ නිෂ්පාදනයක්.

unic රේඩියෝ, handloom රෙදි ,ඩියුරෝ නිෂ්පාදන, පැරකුම් ටිං කිරි, සබන්, ඒ විතරක් නොවේ, බිස්කට්, වැනි දේවලුත් 100% ලංකාවේ නිපදවූවා කියන එක හරි.

ලංකාවේ නිෂ්පාදනය කල කිරි වලින් අපේ අවශ්යතාවය සපුරා ගත්තා කීම සම්පුර්ණයෙන්ම වැරදියි. කිරි පිටි හැටියට තිබුනේ පිටරටින් bulk imports ලෙස ගෙනැවිත් ලංකාවේ ටින් කල ලක්ස්ප්රේ පමණයි. ඒකත් දරුවන් සිටිනා පවුල් වලට මාසයකට රාත්තලක් පමණක් නිකුත් කළා. කිරි නැති නිසා නොබී ඉඳීම කිරි අවශ්යතාවය සපුරා ගත්තා කියා අර්ථ දක්වන්නේ කොහොමද?

proton කාර් ගැන කියන්න ඉස්සෙල්ලා උපාලි ගේ ගලවිලවත්ත කම්හලේ හදාපු UMC mazda එකට එකල සිරිමාවෝගේ රජය කරපු කෙනෙහිලිකම් දන්නවාද ?? UMC mazda එකට ආපු පාර්ට්ස් කස්ටම් එකෙන් රිලීස් කලේ නැහැ. අන්තිමට ඕඩර් කරපු කාර් නියමිත දිනට දෙන්න බැරි තැනට පත්කරලා ඒ කම්හල නැත්තටම නැතිකරලා දැම්මේ උපාලි unp කාරයෙක් නිසයි. උපාලි ෆියට් එකටත් ඒ ඉරණම අත් උනා..ප්රෝටෝන් කතාව නම් ඇහුවෙත් අදයි.

පලයකාට් සරොම් කියන්නේ දකුණු ඉන්දියානු සරොම් වර්ගයක්. ඩියුරෝ රෙදි export කලා ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒක වෙන්න පුලුවන්.

බතික් කර්මාන්තය බොහොම ජනප්රිය උනා. සිල්ක් රෙදි ගැන මම දන්නේ නැහැ. සිල්ක් රෙදි හැදුවා කියන එක ඇත්තක් නම් ඉතාම සුළු නිෂ්පාදනයක් මිසක් ලොකු නිෂ්පාදනයක් උනේ නැති බව නම් ස්ථිරවම කියන්න පුළුවන්.

ටයර් ආනයනය සම්පුර්ණයෙන්ම වාගේ නවතා දැමු නිසා කැළණි ටයර් හැර වෙනත් විකල්පයක් තිබුනේ නැහැ. ඉන්දියාවෙන් ආනයනය කල වාහන වලට කැළණි ටයර් දාන්න නම් ඒවා ඉන්දියාවට export කලයුතු වෙනවා. ලංකාවේ දැනට භාවිතා වන ""කොට උඩ "" කියන යෙදුම භාවිතයට ආවේ ඔය කාලයේදීයි. ලංගම බස් ටයර් නැතුව කොට උඩ තැබීම නිසා ඇති වූ ඒ යෙදුම ඉන්පසුව පොදුවේ හැම එකටම කියන්න ගත්තා. මේ ලිපිය අනුව ටයර් නැතිව ලංකාවේ බස් කොට උඩ තිබියදී අපි ටයර් export කලාද ??

ලංකාවේ හදාපු mazda එකටයි fiat එකටයි දෙකටම යන එන මං නැතිකරපු සිරිමාවෝ බණ්ඩාරනායක රජය බර වාහන දේශීයව හදන එක 'හීනයක්' බව කියාපු එකනම් ඇත්තයි.

1973 හෝ 74 පමණ දක්වා ලංකාවට ආසියාවේ ඉහල තැනක් හිමි වී තිබුනා. ඒ කියන කාල සීමාව දක්වා මාල දිවයිනෙන්, මලයාසියාවෙන්, (බංගලි දේශය ඇති උනාට පසුව ) බංගලි දේශයෙන් සහ සමහර අප්රිකානු රටවලින් පාසල්/විශ්ව විද්යාල/කාර්මික විද්යාල අධ්යාපනය සඳහා ලංකාවට සිසුන් පැමිණියා. බොහෝ ආසියානු රටවලට වඩා ඉහල ජීවන තත්වයක් තිබු අපි 74/75 පමණ වනවිට ඉතාම පහල ජීවන තත්වයකට වැටීමත්, අනිකුත් රටවල් අපිව අභිභවා යාමත් සිදු උනා. ඒ දක්වා අපි ආසියාවේ ස්විට්සර්ලන්තය කියා කීම නිවැරදියි.

උපාලි විජේවර්ධන පිටරටවල් වල කොකෝ වැවුවේ ලංකාවේ වවලා ඉඩ මදි වෙලා නොවෙයි. 72 ඉඩම් ප්රතිසංස්කරණ කොමිසමෙන් පුද්ගලික අයිතිය අක්කර 50 කට සීමා කරලා වතු සියල්ලම රජයට පවරාගෙන ව්යාපාර විනාශ කල නිසයි.

ගැහැණු ඩුබායි ගිහිං පවුල් අවුල් වීම, නොයෙකුත් කරදර වලට පත්වීම හරියි කියලා මම කියන්නේ නැහැ. ඒක ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත/ නිදහස. නමුත්, එතරම් උගත් කමක් නැති ගැහැනුන්ට තියන විකල්ප රැකියාව මොකක්ද කියන එකටවත්, මැද පෙරදිග ගිහිං උපයාගත් මුදලෙන් තම ජීවිතය ගොඩ දා ගත් ගැහැනුන් ගැනවත් මේ කියන අය කතා කරන්නේවත් නැහැ.

දෙවන ලෝක යුද්ධයෙන් පසු සංවර්ධනය අතින් ජපානයට පමණක් දෙවෙනි වූ ආසියාතික රට වූ අප , ලී ක්වාන් යූ උදාහරණයට ගැනීම ආඩම්බර විය යුතු දෙයක්. නමුත් එය සිදු උනේ 50 දශකයේ මිසක් ඊයේ පෙරේදා නොවන වගත් කිව යුතුයි.

අධ්යාපන චාරිකා වලට කර්මාන්ත ශාලා බලන්න ගිය එක ඇත්තයි .

70 දශකය දක්වා දකුණු ඉන්දියාවෙන් අනවසර සංක්රමණිකයන් (කල්ලතෝනි ) ආ බව ඇත්ත උනාට මාලදිවයිනෙන් ආවේ උම්බලකඩ සහ බොන්ඩි අළුවා විකුණන වෙලෙන්දෝයි. ඔවුන් හුලං අත මාරු උනාම (මාස දෙකතුනකින් මෝසම් සුළං පටන් ගැනීම හෝ අවසාන වීම ) වෙළඳාම හමාර කර ලංකාවෙන් එකතු කරගත් බඩු මුට්ටුත් පටවාගෙන ආපසු යනවා.

77 න් පසු ලංකාවට ලෝකය නිරාවරණය උනා. ඒක සිදු වූ ආකාරය ඉක්මන් වැඩියි. හරියට හාමතේ ඉන්න කෙනෙකුට දිරවා ගන්න බැරිතරම් විශාල කෑම වේලක් එකවරම දුන්නා වගෙයි. නමුත් ලෝකය අපිව පසුකරගෙන හුඟාක් ඉදිරියට ගිහින් තිබුන ඒ යුගයේ හිමිහිට ඉදිරියට යාමක් කරන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. 70-77 යුගයේ ලෝකය ඉදිරියට යද්දී අපි සමුපකාර වල පෝලිම් වලට ජීවතය ගතකලා මිසක් ලෝකයේ අනිකුත් රටවලට සාපේක්ෂව ඉදිරියට යාමක්, දියුණුවක් උනේ නැහැ.

වැඩිහිටියෙකුට දිනකට තම පාං කාඩ් එක ඉදිරිපත් කර පාන් බාගයක් සලාක ක්රමයට ලබාගත යුතු වූ, සිකුරාදාට සහ අඟහරුවාදාට බත් කෑම (කඩවල විකිණීම පමණක් නොව, තමන්ගේ බත් මුලක් හෝටලයක් තුලදී ආහාරයට ගැනීමටවත් ඉඩ ලැබුනේ නැහැ.) තහනම් වූ, හාල් සේරු දෙකකට වඩා රැගෙන පාරේ යාම වරදක් වූ, පරිප්පු, උම්බලකඩ, වැනි දේවල් දකින්නවත් නොතිබුන යුගයට golden decade කියා ඉංගිරිසියෙන් මෙහි දක්වා තිබුනාට එකල සිංහලෙන් කිව්වේ ''සත් අවරුදු සාපය '' කියලයි.

මේ කෙනෙක් දාපු ප්රතිචාරයක්

////ඔබතුමා හොඳ UNP කාරයෙක් බව නම් පේනවා.පරම්පරාවම කැපුවත් කොල වගේ.///.

මේ මගේ පිළිතුර

මම පක්ෂ භේදයක් නැතිව, මම දන්නා තරමට ඇත්ත කියන්න උත්සාහ කළා මිසක් පක්ෂයක් වෙනුවෙන් පැහැදිලි කිරීමක් කලේ නැහැ. ඔබට එහෙම හිතෙන්න ඇත්තේ මගේ අත්දැකීම් ඔබට නැති නිසා විය හැකියි. මම 1962 උපන් කෙනෙක්. 70-77 යුගය කියන්නේ මගේ ළමා සහ මුලික ටීනේජ් (8-15)යුගයයි. ඒ කාලයේ කොළඹට ආසන්න මධ්යම පාන්තික පවුලක රජයේ සේවක දෙමවුපියන් සහිත පවුලක් වූ අපට ආහාර නැති කමක් තිබුනේ නැහැ. නමුත් මගේ දෙමව්පියන් ඔවුන් භුක්ති විඳි, නමුත් අපට නැති දේවල් ගැන බොහෝ දුක් උනා. පවුලේ වැඩිමල් පිරිමි දරුවා හැටියට සමුපකාර පෝලිමේ ලැගීම, පාන් පෝලිමේ ලැගීම, කඩේ යාම වැනි කටයුතු බාර උනේ මටයි. 70-77 යුගය ගැන මගේ අත්දැකීම් තව ගොඩක් තියනවා. ඒවා ලියනකොට මාව තව තවත් unp කාරයෙක් හැටියට හංවඩු ගැහේවි.. හේතුව ඒවායෙන් කියැවෙන්නේ ඒ යුගයේ තිබුන දුර්භාග්යසම්පන්න දේවල් වීම නිසයි. කොහොම උනත් කිහිපයක් පහතින් ලියන්නම්.

එකල මගුල් ගෙවල් වල ආරාධිතයින් සංඛ්යාව 150 කට සීමා කර තිබුනා. වරක් සෙලින්කෝ එකේ තිබුන ඥාතියෙකුගේ මගුල් උත්සවයක ආරාධිතයින් 150 ට වැඩි බව අහුවෙලා, කෑම සැපයීම තහනම් කරලා තිබුනේ උත්සවය දවසේ උදේයි. බුරිය උල්වෙන්න කන්න හිතාගෙන ගිය මට වතුරවත් නැතිව උත්සවයට සහභාගී වෙලා (කොටුවේ හෝටලයකින් කාලා )ආපසු යන්න උනා. වෙඩිං කේක් බෙදුවේ ලිෆ්ට් එකේ තියාගෙන, හරියට හොර බඩු බෙදනවා වාගේ.. මගුල් ජෝඩුවට වත් කන්න තිබුනේ නැහැ. හවස හතර වෙනතෙක් පමණ සුදානම් කල උත්සවය එකහමාර දෙක වෙනකොට අවසන් කළා.

1973 දී උපන් මගේ බාලම මල්ලිට කිරිපිටි හොයන්න තාත්තා දෙනියායට, බදුල්ලට, අකුරැස්සට (කාගෙන් හෝ ලැබෙන ඔත්තුවක් අනුව ) ගිය බව මට මතකයි. නමුත් ඊට වඩා බොහෝ තැන්වලට ගිය බව මම දන්නවා.

රතු ලූණු ප්රවාහනයටත් සීමා පනවා තිබුනා. අපි දුම්රියෙන් යාපනේ ගොස් රතුලූනු රාත්තල් 15-20 අරන් ආවේ ඇඳුම් බෑග් එකේ දමාගෙන හොර බඩු ගේනවා වගේ. එලිෆන්ට් පාස් වලදී හමුදාවෙන් කෝච්චිය චෙක් කරනවා. නමුත් ඉතාම සුළුතරයක් වූ සිංහල මගීන්ට ඔවුන් කරදර කලේ නැහැ.

අපිට හාල් පොල් දෙක ඕනෑ තරම් තිබුනා. නමුත් රාජගිරියේ හිටපු පුංචි අම්මාට මම හාල් අරං ගියේ ඉස්කෝලේ පොත් ගෙනියන සූට් කේස් එකේ දමාගෙන පොත් ගෙනියනවා වගේ හංගා ගෙනයි.

කවුරුන් හෝ පැමිණ අපේ අම්මාට "" අන්න සමුපකාරේ ලොකු පෝලිමක්, මොනවා හරි ඇවිල්ලා වෙන්න ඇති "" කිව්වාම මාව සමුපකාරේට අරිනවා. ආපු දේ මොකක්ද කියන එක කොහොමවත් වැදගත් නැහැ. කාඩ් එකට දෙන ප්රමාණය මොනවා උනත් අරන් එනවා. මොනවා උනත් කමක් නැහැ . ඒ මොකද ඕනෑම දෙයක් වටිනවා. මේ දේවල් සුඛෝපභෝගී දේවල් නොවේ. පරිප්පු, උම්බලකඩ, බොම්බයි ලුණු, කරවල එහෙම නැතිනම් කලිසම් රෙදි කෑල්ලක්, රෙදි යාරයක් දෙකක් වැනි ඉතාම සුළු දෙයක්.

1990 දී ඔස්ට්රේලියාවට සංක්රමණය වූ මට ලංකාවේ චන්ද බලය නැහැ. ඒ නිසා දේශපාලන පක්ෂ වලට කඩේ ගියා කියා වැඩක් නැහැ. මෙවැනි දේවල් ලියු විට ලැබෙන ප්රතිචාර ගැනත් මම දන්නවා. නමුත් බොහෝ දෙනෙක් එකල තිබුන ඇත්ත තත්වය නොදන්නා නිසයි මෙය ලිව්වේ.

මේ තව කෙනෙක් දාපු ප්රතිචාරයක්

///මේකේ දෙපැත්තක් තියෙනවා. එකපාරට සියලුම ආනයන නැවතීමත් (1970) හෝ ආනයන වලට සීමාවක් නැතිව රටට එන්න දීමත් (1977) අන්ත දෙකක්. මුල් ක්රමය තුල මිනිස්සු බොහෝ සෙයින් පීඩාවට ලක් වුන. දෙවෙනි ක්රමයෙන් ලංකාවේ සමහර දේශීය වියපර වල බිද වැටුන. එහෙත් මේ දෙකේම සදානීය ලක්ෂණ තිබෙනවා.

රටකට ගැලපෙන්නේ මිනිස්සු පිඩාවට ලක් නොකට සහ දේශීය වියපාරවලට ආරක්ෂාව බිද නොවැටී යම් පාලනයක් සහිතව ආර්ථිකය විවුර්ත කිරීම. සරල සත්යය මේකයි///

මේ මගේ පිළිතුර

ඔව්, ඔබ කියන දේ හරි. 70 දී හා 77 දී ගහෙන් ගෙඩි එන්නා වාගේ ප්රතිපත්ති වෙනස් කිරීමෙන් එම වෙනසේ ප්රතිඵල සාර්ථක උනේ නැහැ.

ඒත්, ඒ කාලයේ සිදු උන වැරදි රාජ්ය ප්රතිපත්ති වලට බණ්ඩාරනායක මැතිනියට හෝ ජේ ආර්ට පමණක් දොස් කියා වැඩක් නැහැ. බණ්ඩාරනායක මැතිනිය නමට රාජ්ය නායිකාව වුවා පමණයි. එතුමියගේ පෞරුෂත්වය, දැනුම, තීන්දු තීරණ ගැනීමේ හැකියාව ගැන මහා ඉහලින් වර්ණනා කලාට රජය ගෙන ගියේ ෆිලික්ස් ඩයස් මහතා හා එකල තුන් හවුලේ සාමාජික පක්ෂයක් වූ සමසමාජයේ ආචාර්ය ඇන් ඇම් පෙරේරා (එකල එතුමාව හැඳින්වුයේ No Money Perera ලෙසයි ) මහතායි. මැතිනියගේ රජයේ බොහෝ ප්රතිපත්ති වලට පදනම වුයේ එකල ඉන්දියාවේ ගාන්ධි රජයේ ප්රතිපත්තියි. "කිසිම දෙයක් තිබුනේ නැති" ඉන්දියානුවන්ට නැති වෙන්න දෙයක් තිබුනේ නැහැ. (මේ කියන්නේ බහුතර දුප්පතුන් ගැන මිසක් මහරාජා වරුන් ගැන නොවේ) ඒ උනාට ලංකාවේ ජීවන තත්වය ඉන්දියාවට වඩා හුඟක් ඉහලින් තිබීම නිසා සංවෘත ආර්ථිකය නිසා ලංකාවේ මිනිසුන්ට නැති වූ දේ බොහොමයි. ඉන්දියානුවන් තම රටේ දේ හොඳයි කියා සැනසුනාට, ලාංකිකයින් හොඳයි කීවේ 'ඇත්තටම හොඳ' දේවල් වලටයි.

ඉන්දියානුවන් හෝ එහි රජයයන් අධිරාජ්ය විරෝධී උනාට කිසිවිටක ඉංග්රීසි භාෂාව සම්බන්ධයෙන් ඒ විරෝධතාවය බලපැවත්වුවේ නැහැ. S.W.R.D. බණ්ඩාරනායක රජය, රාජ්ය භාෂාව සිංහල කිරීම නිසා ඉංගිරිසි මාධ්යයෙන් තිබුන උසස් හා පාසල් අධ්යාපනයන් නැති වීමෙන් සිදු උනේ අපේ රටේ ඉංග්රීසි දැනුමක් නැති උගතුන් බිහිවීමයි. ජපානය රුසියාව වැනි රටවල තම මව් බස පමණක් උගත්, ඉහල උගතුන් සිටියත් ලංකාව වැනි කුඩා රටකට විදේශ භාෂාවක් රහිතව ලෝකය හා ගැටෙන්න නොහැකියි. (ජාතිවාදී ප්රශ්න වලටත් මේ සිංහල භාෂා ප්රතිපත්තිය මූලික උනා.) එහි අවසාන ප්රතිඵලය ඉන්දියානුවන් ඉංගිරිසි කථා කරන(ඔවුන් බ්ර්ර් බ්ර්ර් ගගා ආර් අකුර උඩ නැගලා කතා කරන එක වෙනම දෙයක් ) වෘත්තිකයන් පිට රට සේවය සඳහා යවද්දී අපිට සිංහල පමණක් දන්නා ගෘහ සේවිකාවන් පිට රට යැවීමට සිදු වීමයි. ඉංගිරිසියෙන් ඉගැන්වීම නැවත්වීම ලංකාවේ අභාග්යමත්ම සිදුවීම් වලින් එකක් බව කිව යුතුයි.

77 දී ජේ ආර් ආනයනයන්ට තිබුන බාධක ඉවත් කිරීමෙන් ලංකාවේ තිබුන සමහර ව්යාපාර බංකොලොත් උනා. අපේ මිනිසුන් පිටරට දේ වලට ඉහලින් සැලකීම මේ බංකොලොත් වීමට එක හේතුවක්. නමුත් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් 'අපි ආනයනික දේවල් වඩා හොඳ දේවල් නිපදවනවානම් මිනිසුන් බාල ආනයනික දේවල් මිලදී ගනීද ? කියලා.'

මම කලින් ලිපියක කියා තිබුනා 77 දී සිදු උන වෙනස 'හාමතේ ඉන්නා කෙනෙකුට දිරවා ගන්න බැරි තරම් ලොකු ආහාර වේලක් එකපාර ගිල්ලුවාම වෙන හානියට සමානයි කියලා'. 77 වනවිට ලෝකය අපව දාලා ගොඩක් දුර ගිහින්. ඉතිං ඒක කැච් අප් කරන්න උනේ ටිකෙන් ටික නොවෙයි. එකවරමයි.

[QUOTE="1sam, post: 24870658, member: 557062"] මේ ලිපිය කලකට පෙරත් එළකිරියේ පල උනා නේ. මම ඒකට දාපු ප්රතිචාර සහ ඒ ප්රතිචාර වලට සමහර සාමාජිකයින් දීපු පිලිතුරුත්, ඒ පිළිතුරු වලට මම දාපු ප්රතිචාරත් පහලින් තියනවා. මම මේ ලිපිය සම්පුර්ණයෙන්ම කියෙව්වා. මට නම් ඇඬුනේ නැහැ, හිනා ගියා. සමහර කරුණු 100% නිවැරදියි. සමහර කරුණු 100% වැරදියි. මා දන්නා හැටියට මේකට පිළිතුරු ලියන්නම්. වානේ සංස්ථාව තනිකර රුසියානු ව්යාපෘතියක්. ඒක වැසීයාමට හේතුව එහි නිෂ්පාදන වල ප්රමිතියක් නැතිකමයි. 2''x 2'' බිලට්, වානේ කම්බි, දඟර කම්බි, කටු කම්බි ආදී කිසිම නිෂ්පාදනයකට එවකට අප රටේ භාවිතා උන බ්රිතාන්ය තත්ත්ව සහතික ලබා ගැනීමට තරම් කොලිටියක් තිබුනේ නැහැ. කිඹුලා උදැල්ල කියන්නේ එංගලන්තයේ west midlands හි පිහිටි chillington සමාගමේ නිෂ්පාදනයක් මිසක් ලංකාව ඊට අදාළ නැහැ. නමුත් යක්කල ලංකා ලෝහ භාන්ඩ සංයුක්ත මණ්ඩලයෙන් ''ලං ලෝ'' කියලා උදළු තලයක් හැදුවා. ඒකත් ඉතාම බාල ප්රමිතියේ නිෂ්පාදනයක්. unic රේඩියෝ, handloom රෙදි ,ඩියුරෝ නිෂ්පාදන, පැරකුම් ටිං කිරි, සබන්, ඒ විතරක් නොවේ, බිස්කට්, වැනි දේවලුත් 100% ලංකාවේ නිපදවූවා කියන එක හරි. ලංකාවේ නිෂ්පාදනය කල කිරි වලින් අපේ අවශ්යතාවය සපුරා ගත්තා කීම සම්පුර්ණයෙන්ම වැරදියි. කිරි පිටි හැටියට තිබුනේ පිටරටින් bulk imports ලෙස ගෙනැවිත් ලංකාවේ ටින් කල ලක්ස්ප්රේ පමණයි. ඒකත් දරුවන් සිටිනා පවුල් වලට මාසයකට රාත්තලක් පමණක් නිකුත් කළා. කිරි නැති නිසා නොබී ඉඳීම කිරි අවශ්යතාවය සපුරා ගත්තා කියා අර්ථ දක්වන්නේ කොහොමද? proton කාර් ගැන කියන්න ඉස්සෙල්ලා උපාලි ගේ ගලවිලවත්ත කම්හලේ හදාපු UMC mazda එකට එකල සිරිමාවෝගේ රජය කරපු කෙනෙහිලිකම් දන්නවාද ?? UMC mazda එකට ආපු පාර්ට්ස් කස්ටම් එකෙන් රිලීස් කලේ නැහැ. අන්තිමට ඕඩර් කරපු කාර් නියමිත දිනට දෙන්න බැරි තැනට පත්කරලා ඒ කම්හල නැත්තටම නැතිකරලා දැම්මේ උපාලි unp කාරයෙක් නිසයි. උපාලි ෆියට් එකටත් ඒ ඉරණම අත් උනා..ප්රෝටෝන් කතාව නම් ඇහුවෙත් අදයි. පලයකාට් සරොම් කියන්නේ දකුණු ඉන්දියානු සරොම් වර්ගයක්. ඩියුරෝ රෙදි export කලා ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒක වෙන්න පුලුවන්. බතික් කර්මාන්තය බොහොම ජනප්රිය උනා. සිල්ක් රෙදි ගැන මම දන්නේ නැහැ. සිල්ක් රෙදි හැදුවා කියන එක ඇත්තක් නම් ඉතාම සුළු නිෂ්පාදනයක් මිසක් ලොකු නිෂ්පාදනයක් උනේ නැති බව නම් ස්ථිරවම කියන්න පුළුවන්. ටයර් ආනයනය සම්පුර්ණයෙන්ම වාගේ නවතා දැමු නිසා කැළණි ටයර් හැර වෙනත් විකල්පයක් තිබුනේ නැහැ. ඉන්දියාවෙන් ආනයනය කල වාහන වලට කැළණි ටයර් දාන්න නම් ඒවා ඉන්දියාවට export කලයුතු වෙනවා. ලංකාවේ දැනට භාවිතා වන ""කොට උඩ "" කියන යෙදුම භාවිතයට ආවේ ඔය කාලයේදීයි. ලංගම බස් ටයර් නැතුව කොට උඩ තැබීම නිසා ඇති වූ ඒ යෙදුම ඉන්පසුව පොදුවේ හැම එකටම කියන්න ගත්තා. මේ ලිපිය අනුව ටයර් නැතිව ලංකාවේ බස් කොට උඩ තිබියදී අපි ටයර් export කලාද ?? ලංකාවේ හදාපු mazda එකටයි fiat එකටයි දෙකටම යන එන මං නැතිකරපු සිරිමාවෝ බණ්ඩාරනායක රජය බර වාහන දේශීයව හදන එක 'හීනයක්' බව කියාපු එකනම් ඇත්තයි. 1973 හෝ 74 පමණ දක්වා ලංකාවට ආසියාවේ ඉහල තැනක් හිමි වී තිබුනා. ඒ කියන කාල සීමාව දක්වා මාල දිවයිනෙන්, මලයාසියාවෙන්, (බංගලි දේශය ඇති උනාට පසුව ) බංගලි දේශයෙන් සහ සමහර අප්රිකානු රටවලින් පාසල්/විශ්ව විද්යාල/කාර්මික විද්යාල අධ්යාපනය සඳහා ලංකාවට සිසුන් පැමිණියා. බොහෝ ආසියානු රටවලට වඩා ඉහල ජීවන තත්වයක් තිබු අපි 74/75 පමණ වනවිට ඉතාම පහල ජීවන තත්වයකට වැටීමත්, අනිකුත් රටවල් අපිව අභිභවා යාමත් සිදු උනා. ඒ දක්වා අපි ආසියාවේ ස්විට්සර්ලන්තය කියා කීම නිවැරදියි. උපාලි විජේවර්ධන පිටරටවල් වල කොකෝ වැවුවේ ලංකාවේ වවලා ඉඩ මදි වෙලා නොවෙයි. 72 ඉඩම් ප්රතිසංස්කරණ කොමිසමෙන් පුද්ගලික අයිතිය අක්කර 50 කට සීමා කරලා වතු සියල්ලම රජයට පවරාගෙන ව්යාපාර විනාශ කල නිසයි. ගැහැණු ඩුබායි ගිහිං පවුල් අවුල් වීම, නොයෙකුත් කරදර වලට පත්වීම හරියි කියලා මම කියන්නේ නැහැ. ඒක ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත/ නිදහස. නමුත්, එතරම් උගත් කමක් නැති ගැහැනුන්ට තියන විකල්ප රැකියාව මොකක්ද කියන එකටවත්, මැද පෙරදිග ගිහිං උපයාගත් මුදලෙන් තම ජීවිතය ගොඩ දා ගත් ගැහැනුන් ගැනවත් මේ කියන අය කතා කරන්නේවත් නැහැ. දෙවන ලෝක යුද්ධයෙන් පසු සංවර්ධනය අතින් ජපානයට පමණක් දෙවෙනි වූ ආසියාතික රට වූ අප , ලී ක්වාන් යූ උදාහරණයට ගැනීම ආඩම්බර විය යුතු දෙයක්. නමුත් එය සිදු උනේ 50 දශකයේ මිසක් ඊයේ පෙරේදා නොවන වගත් කිව යුතුයි. අධ්යාපන චාරිකා වලට කර්මාන්ත ශාලා බලන්න ගිය එක ඇත්තයි . 70 දශකය දක්වා දකුණු ඉන්දියාවෙන් අනවසර සංක්රමණිකයන් (කල්ලතෝනි ) ආ බව ඇත්ත උනාට මාලදිවයිනෙන් ආවේ උම්බලකඩ සහ බොන්ඩි අළුවා විකුණන වෙලෙන්දෝයි. ඔවුන් හුලං අත මාරු උනාම (මාස දෙකතුනකින් මෝසම් සුළං පටන් ගැනීම හෝ අවසාන වීම ) වෙළඳාම හමාර කර ලංකාවෙන් එකතු කරගත් බඩු මුට්ටුත් පටවාගෙන ආපසු යනවා. 77 න් පසු ලංකාවට ලෝකය නිරාවරණය උනා. ඒක සිදු වූ ආකාරය ඉක්මන් වැඩියි. හරියට හාමතේ ඉන්න කෙනෙකුට දිරවා ගන්න බැරිතරම් විශාල කෑම වේලක් එකවරම දුන්නා වගෙයි. නමුත් ලෝකය අපිව පසුකරගෙන හුඟාක් ඉදිරියට ගිහින් තිබුන ඒ යුගයේ හිමිහිට ඉදිරියට යාමක් කරන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. 70-77 යුගයේ ලෝකය ඉදිරියට යද්දී අපි සමුපකාර වල පෝලිම් වලට ජීවතය ගතකලා මිසක් ලෝකයේ අනිකුත් රටවලට සාපේක්ෂව ඉදිරියට යාමක්, දියුණුවක් උනේ නැහැ. වැඩිහිටියෙකුට දිනකට තම පාං කාඩ් එක ඉදිරිපත් කර පාන් බාගයක් සලාක ක්රමයට ලබාගත යුතු වූ, සිකුරාදාට සහ අඟහරුවාදාට බත් කෑම (කඩවල විකිණීම පමණක් නොව, තමන්ගේ බත් මුලක් හෝටලයක් තුලදී ආහාරයට ගැනීමටවත් ඉඩ ලැබුනේ නැහැ.) තහනම් වූ, හාල් සේරු දෙකකට වඩා රැගෙන පාරේ යාම වරදක් වූ, පරිප්පු, උම්බලකඩ, වැනි දේවල් දකින්නවත් නොතිබුන යුගයට golden decade කියා ඉංගිරිසියෙන් මෙහි දක්වා තිබුනාට එකල සිංහලෙන් කිව්වේ ''සත් අවරුදු සාපය '' කියලයි. මේ කෙනෙක් දාපු ප්රතිචාරයක් ////ඔබතුමා හොඳ UNP කාරයෙක් බව නම් පේනවා.පරම්පරාවම කැපුවත් කොල වගේ.///. මේ මගේ පිළිතුර මම පක්ෂ භේදයක් නැතිව, මම දන්නා තරමට ඇත්ත කියන්න උත්සාහ කළා මිසක් පක්ෂයක් වෙනුවෙන් පැහැදිලි කිරීමක් කලේ නැහැ. ඔබට එහෙම හිතෙන්න ඇත්තේ මගේ අත්දැකීම් ඔබට නැති නිසා විය හැකියි. මම 1962 උපන් කෙනෙක්. 70-77 යුගය කියන්නේ මගේ ළමා සහ මුලික ටීනේජ් (8-15)යුගයයි. ඒ කාලයේ කොළඹට ආසන්න මධ්යම පාන්තික පවුලක රජයේ සේවක දෙමවුපියන් සහිත පවුලක් වූ අපට ආහාර නැති කමක් තිබුනේ නැහැ. නමුත් මගේ දෙමව්පියන් ඔවුන් භුක්ති විඳි, නමුත් අපට නැති දේවල් ගැන බොහෝ දුක් උනා. පවුලේ වැඩිමල් පිරිමි දරුවා හැටියට සමුපකාර පෝලිමේ ලැගීම, පාන් පෝලිමේ ලැගීම, කඩේ යාම වැනි කටයුතු බාර උනේ මටයි. 70-77 යුගය ගැන මගේ අත්දැකීම් තව ගොඩක් තියනවා. ඒවා ලියනකොට මාව තව තවත් unp කාරයෙක් හැටියට හංවඩු ගැහේවි.. හේතුව ඒවායෙන් කියැවෙන්නේ ඒ යුගයේ තිබුන දුර්භාග්යසම්පන්න දේවල් වීම නිසයි. කොහොම උනත් කිහිපයක් පහතින් ලියන්නම්. එකල මගුල් ගෙවල් වල ආරාධිතයින් සංඛ්යාව 150 කට සීමා කර තිබුනා. වරක් සෙලින්කෝ එකේ තිබුන ඥාතියෙකුගේ මගුල් උත්සවයක ආරාධිතයින් 150 ට වැඩි බව අහුවෙලා, කෑම සැපයීම තහනම් කරලා තිබුනේ උත්සවය දවසේ උදේයි. බුරිය උල්වෙන්න කන්න හිතාගෙන ගිය මට වතුරවත් නැතිව උත්සවයට සහභාගී වෙලා (කොටුවේ හෝටලයකින් කාලා )ආපසු යන්න උනා. වෙඩිං කේක් බෙදුවේ ලිෆ්ට් එකේ තියාගෙන, හරියට හොර බඩු බෙදනවා වාගේ.. මගුල් ජෝඩුවට වත් කන්න තිබුනේ නැහැ. හවස හතර වෙනතෙක් පමණ සුදානම් කල උත්සවය එකහමාර දෙක වෙනකොට අවසන් කළා. 1973 දී උපන් මගේ බාලම මල්ලිට කිරිපිටි හොයන්න තාත්තා දෙනියායට, බදුල්ලට, අකුරැස්සට (කාගෙන් හෝ ලැබෙන ඔත්තුවක් අනුව ) ගිය බව මට මතකයි. නමුත් ඊට වඩා බොහෝ තැන්වලට ගිය බව මම දන්නවා. රතු ලූණු ප්රවාහනයටත් සීමා පනවා තිබුනා. අපි දුම්රියෙන් යාපනේ ගොස් රතුලූනු රාත්තල් 15-20 අරන් ආවේ ඇඳුම් බෑග් එකේ දමාගෙන හොර බඩු ගේනවා වගේ. එලිෆන්ට් පාස් වලදී හමුදාවෙන් කෝච්චිය චෙක් කරනවා. නමුත් ඉතාම සුළුතරයක් වූ සිංහල මගීන්ට ඔවුන් කරදර කලේ නැහැ. අපිට හාල් පොල් දෙක ඕනෑ තරම් තිබුනා. නමුත් රාජගිරියේ හිටපු පුංචි අම්මාට මම හාල් අරං ගියේ ඉස්කෝලේ පොත් ගෙනියන සූට් කේස් එකේ දමාගෙන පොත් ගෙනියනවා වගේ හංගා ගෙනයි. කවුරුන් හෝ පැමිණ අපේ අම්මාට "" අන්න සමුපකාරේ ලොකු පෝලිමක්, මොනවා හරි ඇවිල්ලා වෙන්න ඇති "" කිව්වාම මාව සමුපකාරේට අරිනවා. ආපු දේ මොකක්ද කියන එක කොහොමවත් වැදගත් නැහැ. කාඩ් එකට දෙන ප්රමාණය මොනවා උනත් අරන් එනවා. මොනවා උනත් කමක් නැහැ . ඒ මොකද ඕනෑම දෙයක් වටිනවා. මේ දේවල් සුඛෝපභෝගී දේවල් නොවේ. පරිප්පු, උම්බලකඩ, බොම්බයි ලුණු, කරවල එහෙම නැතිනම් කලිසම් රෙදි කෑල්ලක්, රෙදි යාරයක් දෙකක් වැනි ඉතාම සුළු දෙයක්. 1990 දී ඔස්ට්රේලියාවට සංක්රමණය වූ මට ලංකාවේ චන්ද බලය නැහැ. ඒ නිසා දේශපාලන පක්ෂ වලට කඩේ ගියා කියා වැඩක් නැහැ. මෙවැනි දේවල් ලියු විට ලැබෙන ප්රතිචාර ගැනත් මම දන්නවා. නමුත් බොහෝ දෙනෙක් එකල තිබුන ඇත්ත තත්වය නොදන්නා නිසයි මෙය ලිව්වේ. මේ තව කෙනෙක් දාපු ප්රතිචාරයක් ///මේකේ දෙපැත්තක් තියෙනවා. එකපාරට සියලුම ආනයන නැවතීමත් (1970) හෝ ආනයන වලට සීමාවක් නැතිව රටට එන්න දීමත් (1977) අන්ත දෙකක්. මුල් ක්රමය තුල මිනිස්සු බොහෝ සෙයින් පීඩාවට ලක් වුන. දෙවෙනි ක්රමයෙන් ලංකාවේ සමහර දේශීය වියපර වල බිද වැටුන. එහෙත් මේ දෙකේම සදානීය ලක්ෂණ තිබෙනවා. රටකට ගැලපෙන්නේ මිනිස්සු පිඩාවට ලක් නොකට සහ දේශීය වියපාරවලට ආරක්ෂාව බිද නොවැටී යම් පාලනයක් සහිතව ආර්ථිකය විවුර්ත කිරීම. සරල සත්යය මේකයි/// මේ මගේ පිළිතුර ඔව්, ඔබ කියන දේ හරි. 70 දී හා 77 දී ගහෙන් ගෙඩි එන්නා වාගේ ප්රතිපත්ති වෙනස් කිරීමෙන් එම වෙනසේ ප්රතිඵල සාර්ථක උනේ නැහැ. ඒත්, ඒ කාලයේ සිදු උන වැරදි රාජ්ය ප්රතිපත්ති වලට බණ්ඩාරනායක මැතිනියට හෝ ජේ ආර්ට පමණක් දොස් කියා වැඩක් නැහැ. බණ්ඩාරනායක මැතිනිය නමට රාජ්ය නායිකාව වුවා පමණයි. එතුමියගේ පෞරුෂත්වය, දැනුම, තීන්දු තීරණ ගැනීමේ හැකියාව ගැන මහා ඉහලින් වර්ණනා කලාට රජය ගෙන ගියේ ෆිලික්ස් ඩයස් මහතා හා එකල තුන් හවුලේ සාමාජික පක්ෂයක් වූ සමසමාජයේ ආචාර්ය ඇන් ඇම් පෙරේරා (එකල එතුමාව හැඳින්වුයේ No Money Perera ලෙසයි ) මහතායි. මැතිනියගේ රජයේ බොහෝ ප්රතිපත්ති වලට පදනම වුයේ එකල ඉන්දියාවේ ගාන්ධි රජයේ ප්රතිපත්තියි. "කිසිම දෙයක් තිබුනේ නැති" ඉන්දියානුවන්ට නැති වෙන්න දෙයක් තිබුනේ නැහැ. (මේ කියන්නේ බහුතර දුප්පතුන් ගැන මිසක් මහරාජා වරුන් ගැන නොවේ) ඒ උනාට ලංකාවේ ජීවන තත්වය ඉන්දියාවට වඩා හුඟක් ඉහලින් තිබීම නිසා සංවෘත ආර්ථිකය නිසා ලංකාවේ මිනිසුන්ට නැති වූ දේ බොහොමයි. ඉන්දියානුවන් තම රටේ දේ හොඳයි කියා සැනසුනාට, ලාංකිකයින් හොඳයි කීවේ 'ඇත්තටම හොඳ' දේවල් වලටයි. ඉන්දියානුවන් හෝ එහි රජයයන් අධිරාජ්ය විරෝධී උනාට කිසිවිටක ඉංග්රීසි භාෂාව සම්බන්ධයෙන් ඒ විරෝධතාවය බලපැවත්වුවේ නැහැ. S.W.R.D. බණ්ඩාරනායක රජය, රාජ්ය භාෂාව සිංහල කිරීම නිසා ඉංගිරිසි මාධ්යයෙන් තිබුන උසස් හා පාසල් අධ්යාපනයන් නැති වීමෙන් සිදු උනේ අපේ රටේ ඉංග්රීසි දැනුමක් නැති උගතුන් බිහිවීමයි. ජපානය රුසියාව වැනි රටවල තම මව් බස පමණක් උගත්, ඉහල උගතුන් සිටියත් ලංකාව වැනි කුඩා රටකට විදේශ භාෂාවක් රහිතව ලෝකය හා ගැටෙන්න නොහැකියි. (ජාතිවාදී ප්රශ්න වලටත් මේ සිංහල භාෂා ප්රතිපත්තිය මූලික උනා.) එහි අවසාන ප්රතිඵලය ඉන්දියානුවන් ඉංගිරිසි කථා කරන(ඔවුන් බ්ර්ර් බ්ර්ර් ගගා ආර් අකුර උඩ නැගලා කතා කරන එක වෙනම දෙයක් ) වෘත්තිකයන් පිට රට සේවය සඳහා යවද්දී අපිට සිංහල පමණක් දන්නා ගෘහ සේවිකාවන් පිට රට යැවීමට සිදු වීමයි. ඉංගිරිසියෙන් ඉගැන්වීම නැවත්වීම ලංකාවේ අභාග්යමත්ම සිදුවීම් වලින් එකක් බව කිව යුතුයි. 77 දී ජේ ආර් ආනයනයන්ට තිබුන බාධක ඉවත් කිරීමෙන් ලංකාවේ තිබුන සමහර ව්යාපාර බංකොලොත් උනා. අපේ මිනිසුන් පිටරට දේ වලට ඉහලින් සැලකීම මේ බංකොලොත් වීමට එක හේතුවක්. නමුත් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් 'අපි ආනයනික දේවල් වඩා හොඳ දේවල් නිපදවනවානම් මිනිසුන් බාල ආනයනික දේවල් මිලදී ගනීද ? කියලා.' මම කලින් ලිපියක කියා තිබුනා 77 දී සිදු උන වෙනස 'හාමතේ ඉන්නා කෙනෙකුට දිරවා ගන්න බැරි තරම් ලොකු ආහාර වේලක් එකපාර ගිල්ලුවාම වෙන හානියට සමානයි කියලා'. 77 වනවිට ලෝකය අපව දාලා ගොඩක් දුර ගිහින්. ඉතිං ඒක කැච් අප් කරන්න උනේ ටිකෙන් ටික නොවෙයි. එකවරමයි. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom