ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ඇති වැරැද්ද මොකක

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,971
    11,705
    113
    ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ඇති වැරැද්ද මොකක

    ලෝකයේ දක්ශම සිසුන් සිටින, අමාරුම විභාග තිබෙන ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ඇති වැරැද්ද මොකක්ද?


    Sri%2BLanka%2BAL%2BOL%2BExam%2Bstudents%2Bsitting%2B%2B%25282%2529.jpg


    ලංකාවේ අධ්‍යාපන මට්ටම ගැන විවිධ කතා අසන්නට ලැබෙයි. විද්වතුන්ට, අධ්‍යාපනඥයින්ට මෙන්ම ව්‍යාපාරික ලෝකයේ විශේෂඥයින්ට අනුව ලංකාවේ අධ්‍යාපන ක්‍රමය 21වැනි සියවසට නොගැලපෙන පසුගාමී, සුද්දන් විසින් සිය යටත් විජිතයක්වූ ලංකාවේ පරිපාලනය ගෙනයාමට පරිපාලකයින්, ගුරුවරුන්, ලිපිකරුවන්, කම්කරුවන්, වතුපාලකයින් නිශ්පාදනය කරවාගැනීමට නිර්මාණයකල එකකි. අපි තවමත් එහි එල්ලීගෙන සිටිමු යන්න ඔවුන්ගේ මතයයි.

    ඒ සමගම අපගේ විභාග අමාරුවීම ගැනද අපේ සමහරුන් උජාරුවෙන් කතාකරනු ඇසේ. ජාත්‍යන්තර පාසැල්වල උගන්වන ලන්ඩන් ඕ-ලෙවල් හා ඒ ලෙවල් හරිම ලේසි බවත් අපේ ඒ ලෙවල් හරිම අමාරු නිසා ලන්ඩන් විභාගවලට වඩා ස්ටෑන්ඩඩ් එකෙන් එනම් තත්වයෙන් උසස් බව කියැවේ. වසර 10ක් පමණ ලංකාවේ මෙන්ම විදේශ රටවලත් උසස්පෙල ව්‍යාපාර අධ්‍යයනය ඉගැන්වූ ගුරුවරයෙකු වන මාහට මාගේ සිසු සිසුවියන් කියන්නේ ඔවුන් ලේසි ලන්ඩන් ඒ ලෙවල් කරන බැවින්, ලෝකල් ඒ ලෙවල් කරන සිය නෑයන්ගේ දරුවන්ගෙන් මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන්ගේද නිග්‍රහයට බඳුන් වන බවයි.

    "අපෝ ඉතින් ඔයාලා කරන්නේ ලන්ඩන් ඒ ලෙවල්නේ, ඒවා පාස් වෙන්න ඕන කෙනෙකුට පුලුවන්නෙ.....අපේ ළමයි කරන්නේ ලෝකල් ඒ ලෙවෙල්. ඒක කොච්ච හයි සෑටෑන්ඩර්ඩ් විභාගයක්ද?" මාගේ ජාත්‍යන්තර පාසැල් උසස්පෙල සිසු සිසුවියන්ට සිය නෑදෑයන්ගෙන් ලැබන නිග්‍රහ මෙබඳුය.

    ඇත්ත තමයි ලක්ශ දෙකහමාරක් දේශීය උසස් පෙල විභාගයට පෙනීසිටිනවිට, විශ්වවිද්‍යාලයට තේරෙන්නේ 60,000කට අඩුවෙනි. කොළඹින් "ඒ සාමාර්ථ" තුනක් ගත්තත් මෙඩිකල් කොලෙජ්, ඉන්ජිනියරින් ෆැකල්ටි යාගන්න බැරිවෙන ළමයි සිටිති. විභාග අමාරු කරන්නේ ස්ටෑන්ඩර්ඩ් එක නිසාද 250,000කින් 190,000ක් කෙසේ හෝ කපාදැමිය යුතු නිසාදැයි දන්නෝ දනිති. මාගේ පෞද්ගලික මතය අනුවනම් ලංකාවේ උසස් පෙල විශය නිර්දේශා ජාත්‍යන්තරව සසඳන කල ඉතා ඉහල මට්ටමක පවතී. එහෙත් විභාග අමාරු වන්නේ මේ ඉහල තත්වය නිසා නොව විභාගයට ලියන දරුවන්ගෙන් 76%ක් කෙසේහෝ විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට නොසුදුස්සන් කලයුතු නිසා බව මා ඉතාමත් වගකීමෙන් පවසන්නට කැමතියි.

    සැබැවින්ම ගත්කල, ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පෙරපාසැලේ සිටම ක්‍රියාත්මක වන්නේ දරුවන් අසමත් කිරීමට හා අධෛර්‍ය කිරීමටය. මෙය ජාතික පාසැල් පද්ධතියේ පමණක් නොව ජාත්‍යන්තර පාසැල් පද්ධතිය තුලද ඔඩුදුවා ඇති බව මට වගකීමකින් කිව හැකියි. ජාත්‍යන්තර පාසැල් කීවද ලංකාවේ ඇත්තේ ජාත්‍යන්තර පාසැල් නොව, බ්‍රිතාන්‍ය විශය නිර්දේශය උගන්වන, දේශීය විදුහල්පතිවරුන් හා දේශීය ගුරුවරුන්ගෙන් සමන්විත පාසැල් පද්ධතියකි. ඒවා ජාතික පද්ධතියේ පාසැල් වලින් වෙනස් වන්නේ, ඉංග්‍රීසි භාශාවෙන් උගැන්වීම හ උදෙට පන්සිල් නොගැනීම යන කරුනු වලින් පමණකි. අන් සියලුමදේ බොහෝ සමානය. විනය අතින් ජාත්‍යන්තර පාසැල් විශාල ලෙස පිරිහී ඇති අතර දැන් බොහෝ ජාත්‍යන්තර පාසැල් වල විනය දෙවැනි/තුන්වැනි පෙල දේශීය පාසැල් වලටත් වඩා අන්තය.
    ජාතික පාසැල්වල මෙන්ම ජාත්‍යන්තර පාසැල් තුලද ඇත්තේ ළමයින් පීඩාවට පත්කරමින් විභාගවලට සූදානම් කරන, විභාග ලකුණු මත ළමයින්ගේ අනාගතය තීරණය කරන, විභාග ලකුණුමත තෑගි, ශිෂ්‍යනායක පදවි, ශිෂ්‍යත්ව ලබාදෙන, ලකුණු අඩු ළමයින්ට පාසැල එපා කරවන මහා අගතිගාමී ක්‍රමයකි. මෙහි ඇත්තේ විශය නිර්දේෂ හෝ පහසුකම් හෝ පිලිබඳ ගැටලුවක් නොවේ. ඇත්තේ විදුහල්පතිවරුන්ගේ, ගුරුවරුන්ගේ හා දෙමව්පියන්ගේ ආකල්පවල ඇති ගැටලුවකි.
    ලංකාවේ බොහෝ ගුරුවරුන්ගේ, දෙමව්පියන්ගේ හා විදුහල්පතිවරු ඇතුළු අධ්‍යාපන බලධාරීන්ගේ ආකල්ප දරුවන්ගේ අනාගතයට මෙන්ම රටේ අනාගතයට මහත් අගතිගාමී ආකල්ප ලෙස හඳුනාගත හැකිය.

    මාද උසස්පෙල ගුරුවරයෙකු හා දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වනබැවින් ගුරුවරුන් පිලිබඳ කතාකිරීමට අයිතියක් මටද ඇතැයි සිතමි. ලංකාවේ ගුරුවරුන් උගන්වන්නේ දක්ශ ලමයින්ට පමණකි. දක්ශ ලමයින්, ඒ කියන්නේ වැඩි ලකුණු ගන්න ලමයින් වර්ණනා කරමින්, අනෙකුත් දරුවන් මෝඩයින්ට අන්දමින් අපේ ගුරුවරුන් කරන්නේ මහත් විනාශයකි. හැම ළමයෙකුට දොස්තර කෙනෙක්, ඉන්ජිනේරුවෙක්, පරිගණක විශේෂඥයෙකු වන්නට බැරි බව දෙමව්පියන් මෙන්ම ගුරුවරුන්ද වටහා ගත යුතුය. රටකට අවශ්‍යවන්නේ දොස්තරලා, ඉන්ජිනියර්ලා විතරද? රටකට මේසන් කාර්මිකයින්, විදුලි කාර්මිකයින්, මෝටර් රථ කාර්මිකයින්, කාර්යලා සේවකයින්, අලෙවි කරුවන්, වෙළඳ දැන්වීම් නිශ්පාදකයින්, හෙදියන්, ගුරුවරුන්, ලිපිකරුවන්ද අවශ්‍යය. ලංකාවේ හැම ලමයෙකුම දොස්තරෙක්, ඉන්ජිනෙරුවෙක් වන්නට, නැතිනම් කොම්පියුටර් කාරයෙකු කරන්නට ගොස් අප වැටී සිටින්නේ මහත් විනාශයකටය. රැකියාව කුමක් වුවත් එයට වටිනා කමක් ඇති බව වටහා නොගැනීම අප ජාතියේ අභාග්‍යයකි.

    අපේ රටේ කුණු ඉවත් කිරීමේ ප්‍රශ්ණයක් ඇතිවී තිබේ. වෙළාවට කුණු ගෙනියන්නේ නැති බවට මැසිවිලි හැම අතින්ම නැගෙයි. ඒ කියන්නේ කුණු ඉවත්කිරීමේ රාජකාරිය මේ රටට ඉතා වැදගත්, වගකීමක් ඇති රැකියාවක් බව නොවන්නේද? කුණු ගෙනිච්චේ නැතිනම් මුලු රටම කුණුවලින් යට වුනත් කුණු ගෙනියන මිනිස්සුන්ට සමාජයේ සැලකෙන්නේ ඉතා පහත් ලෙස නොවේද? බටහිර රටවල, ජපානය, කොරියාව වැනි රටවල කසල ඉවත් කිරීම වැදගත් රාජකාරියකි. කුණු ගෙනියන මිනිහා කුණු ගෙනගියේ නැතිනම්, වැසිකිලි සෝදන්නා නියමිත ලෙස රාජකාරිය සිදු නොකලේ නම්, දොස්තරලාට, ඉන්ජිනේරුලාට, ආචාර්ය මහාචාර්යලාට සිය රාජකාරි හරි හැටි කරගත නොහැකි බව යුරෝපීයන්, ජපනුන්, කොරියානුවන් හොඳින් දනිති, ඔවුන්ගේ දියුණුවේ එක් රහසක් වන්නේ එයයි. රැකියාව කුමක් වුවත්, එයට වටිනාකමක් හා සැළකිල්ල ඇත.

    අපේ දෙමව්පියන්, ගුරුවරුන් මෙන්ම අධ්‍යාපන බලධාරීන්ද හඳුනා නොගන්නේ මේ ඇත්තයි.

    මොන්ටිසොරියේදි දොස්තරලා වෙන්න එන අය යාන්තම් සාමාන්‍ය පෙල අමාරුවෙන් කරන ඉතාලි පනින්නට හදන්නේ මේ තිත්ත ඇත්ත නිසාය. මේසන් වැඩේට ගෞරවයක් නැත. ඒනිසා දක්ශ තරුණයින් මේසන්ලා වෙන්නට කැමති නැත. අන්තිමේ මේසන් බාස්ලා වෙන්නෙ යන්තම් සිමෙන්ති අනාගන්න දන්න පල් හොරුන්ය. ඔවුන් ගෙවල් හදන්නට ගොස් අවට ගෙවල්වල තරුණියන් හා හාදවී පැනයයයි, ගෙවල් බිඳ මංකොල්ල කා අසුවී පොලීසියෙන් ගුටි ලැබෙන විට ඇත්ත වමාරයි. බොහෝ දෙනෙකු මත් ලෝලීන්ය. මේසන් වැඩේ කරන්නේ හවසට කුඩු පැකට් එක ගන්නටය. බාස්ලා පදිංචිවී ගෙවල් හදන බොහෝ තැන්වල අවට සොරකම් සිදුවේ. ඒ දක්ශ තරුණයින් වෙනුවට මුකුත් බැරි පල් හොරුන්, මානසික රෝගීන් මේසන් වැඩේ බාරගැනීම නිසාය.

    අද හොඳ මේසන් කාර්මිකයෙකු, වගකීමක් ඇතුව වැඩක් බාරගෙන ඉවරකරන මේසන් කෙනෙකු සොයාගැනීම හෘද රෝග විශේෂඥයෙකු හොයගන්නවාට වඩා අමාරු නැද්ද? අලුත්, කොම්පියුටර්වලින් දුවන සෙන්සර් වලින් පිරිච්ච කාර් එකක් හදාගන්නට දන්න මෝටර් මිකැනික් කෙනෙක් හොයන එක ළමාරෝග විශේෂඥයෙකු හොයාගන්නවාට වඩා අමාරු මෙන්ම වියදම් සහගත නොවේද?

    ගුරුවරුන්, දෙමව්පියන් මේවා තෙරුම්ගන්නේ කවදාද?

    දරුවා පාසැළකට ඇතුලත්කර ගැනීමේ තරඟය හා පහේ ශිෂ්‍යත්ව බලුපොරය නොසලකා හැරියද ලංකාවේ දෙමවිපියන්ගේ ආකල්ප ඉතා විනාශකාරීය. දෙමව්පියන් කෙලවරක් නොමැතිව සිය දරුවන් දක්ශ දරුවන් (ඒ කියන්නේ වැඩි ලකුණු ගන්න) හා සසඳමින් ඔවුන් පීඩාවට පත්කරමින්, එම දරුවන්ගේ පෞරුශත්වය බිඳ දමයි. "බලන්න ඔයා පංතියේ කී වෙනියද? ඔයාගෙ යාළුවො ඔක්කොටම ඔයාට වැඩිය ලකුණු තියෙනවා. ඔයාගෙන් නම් කිසිම වැඩක් නෑ... මේ නිවාඩුකාලයේ නටන්න ලෑස්ති වෙන්න එපා..... මේ මාසෙම අලුත් පංතියේ පොත්වල වැඩ කරන්න ඕනෑ...."

    මෙවැනි වදන් කී ලක්ශයක් පසුගිය පාසැල් නිවාඩුව අවසන්ව වාර්තාපොත අරගෙන ගෙදර ගිය අහිංසක දරුවන්ට අසන්නට ලැබෙන්න ඇත්ද? නිවාඩු කාලය එනකම් දරුවන් පෙරුම්පුරාගෙන ඉන්නේ ටිකක් දවල් වෙනකන් නිදාගන්න, ඇති තරමට ටී.වී බලන්න, නෑදෑගෙදරක නැතිනම් විනෝද ගමනක් යන්න වුනත්, ලංකාවේ ළමයින් බොහෝ දෙදෙනෙකුට නිවාඩුව පටන්ගන්න ලැබෙන්නේම දෝස් මුරයකින් විතරක් නෙමෙයි නිවාඩුකාලේ වැඩ කාළසටහනකින්. ඉතින් අපේ දරුවන් නිදහසේ සිතන, නිර්මාණශීලී දරුවන් වෙන්නේ කොහොමද?

    කෙල්ල තරහාවූ විට ඇයට බලන්නට සියගෙල වැලදාගැනීම වීඩියෝ කරමින් මැරීයන නිවට, බෙළහීන කොල්ලන් මෙන්ම කොල්ලා වෙන කෙල්ලක හා හාදවූ විට අත්තන ඇට කන ළාමක කෙල්ලන්ද බිහිකරන්නේ විශම සමාජය හෝ පිළුනු ටෙලිනාට්‍ය නොව කුඩා කලසිටම දරුවන්ගේ පෞරුශත්වය විනාශකරන දෙමව්පියන් හා ගුරුවරුන් විසින්මය.

    විදෙස් රටවල දෙමව්පියන් විශේෂයෙන්ම බටහිර රටවල දෙමව්පියන් සිය දරුවන්ට නිදහසේ සිතන්නට ඉඩදෙන, පෞරුශයට හානි නොවන ආකාරයට හැසිරෙන බවත් ඉන්දියානු, චීන හා වෙනත් ආසියාතික දෙමව්පියන් බොහෝවිට අප දෙමව්පියන්ට සමාන හැසිරීම් දක්වන බව මා අත්දැකීමෙන් දන්නේ විදෙස් දරුවන්ට උගන්වා ඔවුන්ගේ දෙමව්පියන්ද ඇසුරු කර ඇති බැවින්. අපේ දෙමව්පියන් හා බටහිර දෙමව්පියන් හැසිරෙන ආකාරය පිලිබඳව එක් නිදසුනක් පසුගිය සතියේ පින්නවල ඇත් සෙවන බලන්නට ගිය මට දකින්නට ලැබුණා. මාගේ දියණියන් දෙදෙනාද සමග එහි ගිය මා කල් වේලා ඇතුවම එහි ලඟාවූ බැවින් පෙරවරු 8.30ට ප්‍රවේශපත් කවුලුව විවෘත කරන තෙක් ඒ අසල රැඳී සිටියා. විදේශිකයින්ද අති විශාල සංඛයාවක් පැමිණ සිටි අතර කුඩා දරුවන් සමග පැමිණ සිටි විදේශික තරුණ දෙමව්පියන් කිහිපදෙනෙකුද ඒ අතර වුනා.

    ඒ කුඩා විදේශික දරුවන් අතරින් එක් යුරෝපීය ළදැරියක් කෙරෙහි බොහොදෙනාගේ අවධානය යොමුව තිබුණා. වයස අවුරුදු 3-4 පමණවූ ඇය එහෙ මෙහේ දුවපැන ඇවිදිමින්, පියාගේ ඇඟේ එල්ලෙමින් සුරතල් වෙමින් සිටියා. මදවේලාවක් ගතවන විට ඇය සිය අත්ල මත යමක් තබාගෙන, ඇඟිලිවලින් එහෙමෙහෙ කරමින් සිය පියාවෙත පැමිණියා. ඇයගේ දෙමව්පියන් මා අසලම සිටි බැවින් ඇය ගෙන ආවේ කුමක්දැයි මා හොඳින් දුටුවා. ඇයගේ අත්ලමත වූයේ වැළි ගෑවුනු ගැඩවිල් පණුවෙක්. එය සිය පියාට පෙන්වූ විට ඔහු යම් විස්තරයක් ඇයට පැවසූවා. ජර්මන් භාශාවෙන් සිදුවූ එම විස්තරය මට නොතෙරුනත් ළදැරියගේ පියා ඇයට ඔහු දන්නා තරමින් එම සතා ගැන විස්තරයක් කොට එම පණුවාට යන්නට දෙන ලෙස ඇයට පැවසූ බවනම් මට වැටහුනා.

    එම නැණවත් පියා සිය දියණියගේ සහජ කුතුහලය පවත්වාගෙන යන්නට, ඇයට අලුත්දේ අත්දකින්නට උපකාර කල හැටි කොතරම් අගනේද?

    ලංකාවේ අපේ දරුවෙක් ගැඩවිලි පණුවෙක් අතේ තියාගෙන අම්මා-තාත්තා ළඟට ගියානම් මොනතරම් කළබැගෑනියක් වන්නට ඉඩ තිබුණාද? "ඊයා.... මේ මොකෙද්ද? මෙන්න මෙයා පණුවෙක් අල්ලගෙන..... ජරාව විසි කරන්න....කටෙත් දැම්මද?......කෝ එන්න අත් සෝදන්න........ආයෙ එහෙම අල්ලන්නේ නෑ.....ඌ හපනවා....ආයෙ එහෙම වැලි අල්ලලා තිබුණොත්.....මං කිව්වනෙ ඔයාට මෙයාව වඩාගෙන ඉන්න කියලා....එහෙ මෙහෙ දුවලා මොනවා හරි ජරාවක් අතගානවා..."

    මෙවැනි අපුළ අත්දැකීම් කිහිපයකින් පසු ඒ දරුවා කිසිවක් ගැන හොයන්නට, බලන්නට දැනගන්නට උනන්දු නොවන්නේ ඒවා කරලා බැනුම් අහගන්නවාට වඩා ඔහේ කියන දෙයක් කරගෙන් ඉඳීම වඩා වාසි සහගත බව ඔහුගේ/ඇයගේ ළපටි මනසට කාවැදුනු පසුවය. ඉදින් අපේ දරුවන් මොට නොවේද? පෑසැලේදී හැකිතාක් පීඩාවට පත්වන දරුවන්, ගෙදර ආපසු එක්කෝ ටියුශන් පංතියෙන් නැත්නම් අම්මා-ආච්චි-අක්කා හෝ පුංචි අම්මා ගෙදර දමන ඉස්කෝලෙන් යලිත් පීඩාවට පත්කරන්නේ නැද්ද?

    ලංකාවේ අධ්‍යාපන ගැටලුවකට වඩා තිබෙන්නේ ආකල්පමය ගැටලුවකි. ගුරුවරුන්ගේ, දෙමව්පියන්ගේ හා අධ්‍යාපන බළධාරීන්ගේ ආකල්ප වෙනස් නොකොට, විශය නිර්දේෂ වෙනස් කිරීමෙන් හෝ විභාග ලේසි කිරීමෙන් හෝ අමාරු කිරීමෙන් මේ ගැටලුවට විසඳුමක් සොයාගත නොහැකිය

    අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    විබාග පාස් වෙන්න කොහොමත් ලෙහෙසියෙන් බැහැනේ, ඒකට හොදට පාඩම් කරලා මහන්සි වෙන්න ඕනේ.විබාග ලෙහෙසි කරොත් ඉතින් හැමෝම පාස් වෙයි, එහෙම උනොත් ඉතින් හැමෝම හොද හොද රැකියා වලට යනකොට, ගෙවල් හදන්න, පොල් කඩන්න, කුබුරු වැඩ , etc..,

    මේවට එකෙක් වත් හොයා ගන්න නැති වෙයි. විබාග අමාරුයි අමාරුයි කියලා කෑගහන එක නෙවේ කරන්න ඕනේ, හොදට මහන්සි වෙලා පාඩම් කරන්න ඕනේ. පාඩම් කරන්නේ නැති එකාට කොච්චර විබාගේ ලේසි කරත් කවදාවත් පාස් නම් වෙන්න බැ.

    ,ගොඩක් එවුන් පාඩම් කරන්නේ නැ , රස්තියදුම ගහනවා, ඉතින් කොහොමද විබාග පාස් වෙන්නේ, උනන්දුවෙන් මහන්සි වෙලා ඉගනගන්නවනම් ඕනෑම විබාගයක් පාස් වෙන්න පුළුවන්. but ගොඩක් එවුන් ලග නැත්තේම ඔය දෙකනේ.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,971
    11,705
    113
    mara watinawa sirma eththa mekai dukai lankawa gana sorry.com

    විබාග පාස් වෙන්න කොහොමත් ලෙහෙසියෙන් බැහැනේ, ඒකට හොදට පාඩම් කරලා මහන්සි වෙන්න ඕනේ.විබාග ලෙහෙසි කරොත් ඉතින් හැමෝම පාස් වෙයි, එහෙම උනොත් ඉතින් හැමෝම හොද හොද රැකියා වලට යනකොට, ගෙවල් හදන්න, පොල් කඩන්න, කුබුරු වැඩ , etc..,


    මේවට එකෙක් වත් හොයා ගන්න නැති වෙයි. විබාග අමාරුයි අමාරුයි කියලා කෑගහන එක නෙවේ කරන්න ඕනේ, හොදට මහන්සි වෙලා පාඩම් කරන්න ඕනේ. පාඩම් කරන්නේ නැති එකාට කොච්චර විබාගේ ලේසි කරත් කවදාවත් පාස් නම් වෙන්න බැ.

    ,ගොඩක් එවුන් පාඩම් කරන්නේ නැ , රස්තියදුම ගහනවා, ඉතින් කොහොමද විබාග පාස් වෙන්නේ, උනන්දුවෙන් මහන්සි වෙලා ඉගනගන්නවනම් ඕනෑම විබාගයක් පාස් වෙන්න පුළුවන්. but ගොඩක් එවුන් ලග නැත්තේම ඔය දෙකනේ.
    Ekath atta
    Eth metana wadiyenma awadaanaya yomu karala tiyenne hita matama fail karanna paper hadana eka gana.
    Loke koi rateda ban A ekak 65 dunne.
    Eka paarak Chemistry walata dunna A natuwa.