දැන් බොහෝ දුරට ජාත්‍යන්තර පාසලකට දරුවා ඇතුල් කරනකොට අපි බලන දෙයක් තමයි මේ cambridge විශය මාලාවද වඩා හොද Edexcel විශයමාලාවද කියන එක...
වඩා හොද කියන තැන අමතක කරලා මේ විශයමාලාවන් දෙක ගැන ම කෙටි විස්තරයක් තමයි මම මේ ලියන්න හදන්නෙ..තෝරා ගැනීම දෙමාපියන් වන ඔබට බාරයි.
මේ විශයමාලා දෙකම ලොව පුරා ම පිළිගත් විකල්ප විශයමාලා දෙකක්.
Cambridge International සහ Pearson Edexcel(පියසර්න්) අතර වෙනස්කම් මම පහතින් සඳහන් කරනවා.මම මුලින් කිව්ව වගේම නිවැරදි තීරණය ගැනීම ඔබ සතු තීරණයක්.
මම මුලින් කිව්ව වගේ මේ දෙකම එක්සත් රාජධානිය (UK) පාදක වුණ ,ජාත්‍යන්තරව පිළිගත් IGCSE/INTERNATIONAL GCSE සහ A-Level සුදුසුකම් පිරිනමනවා.
අපි මුලින් Cambridge විශයමාලාව ගැන බලමු.
කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය සමග සම්බන්ධ වන මේ විශය මාලාව සහ විභාග මණ්ඩලය ලොව පුරා රටවල් 160කට ආසන්නව ව්‍යාප්ත වෙලා තියෙනවා.
මේ විශයමාලාවෙ ප්‍රතිරූපය ගැන කතා කළොත් දැඩි විවේචනාත්මක චින්තනය (critical thinking) , ගැටලු විසඳීම (problem - solving ) වලට වැඩි අවධානයක් යොමු කරනවා.ඒ වගේ ම හරිම දැඩි විශයමාලාවක් කියන එක තමයි ප්‍රසිද්ධ.
Edexcel ගත්තොත් මේක ලෝකේ විශාලතම අධ්‍යාපන සමාගමක් වන පියර්සන් (pearson) පවත්වාගෙන යන ජාත්‍යන්තර පිළිගැනීම සහිත විශයමාලාවක්.
මේ විශයමාලාවේ ප්‍රතිරූපය ගැන කතා කළොත් සැබෑ වැඩ ලෝකයේ කුසලතා වර්ධනය කරන්න,ප්‍රායෝගික යෙදීම් වලට වැඩි අවධානයක් යොමු කරන විශයමාලාවක්.
මේ විශයමාලා දෙකෙ ව්‍යූහය වගේ ම ඇගයීමේ ක්‍රියාවලියෙත් වෙනස්කම් තියෙනවා.
Cambridge - විශයමාලාව Edexcel වලට වඩා විභාග කේන්ද්‍රීය විශයමාලාවක්.සම්පූර්ණ විශයමාලාවක් අවසානයෙ තමයි විභාග තියන්නේ.මේක රේකීය විභාග ව්‍යූහයක්.
තක්සේරුව ලබා ගන්නේ අවසාන විභාගයෙන්.
සමස්තයක් විදියට ගත්තටම දැඩි අධ්‍යාපන ක්‍රමවේදයක් තියෙනවා.මෙකෙදි ස්ථීර විශය නිර්දේශයක් තියෙනවා,ඒ නිසා මොඩියුලර් කරනවා අඩුයි.
Cambridge විභාගවලට නැඹුරුයි වගේම අවධානය යොමු වෙන්නෙත් විභාගවලටම තමයි.
ගැඹුරු සංකල්ප වලට වැඩි ඉඩක් දෙන , පුළුල් වගේම සවිස්තරාතමක විශයමාලාවක් තියෙන නිසා ඉහළ පිළිගැනීමක් තියෙනවා..
සරලවම කිව්වොත් cambridge විශය මාලාව විභාග කේන්ද්‍රිය දැඩි ශාස්ත්‍රිය අධ්‍යයාපනයක් ලබා දෙන විශයමාලාවක්.
Edexcel ගැන බලමු.
මෙකේ දි විභාග ව්‍යූහය මොඩියුලර් ක්‍රම යටතේ තියෙනවා වගේ ම රේකීය විකල්පත් තියෙනවා.
තක්සේරුව කරන්නෙ ප්‍රායෝගික සහ විභාග කියන දෙකේම එකතුවකින්.
Cambridge වලට වඩා පහසු විශය නිර්දේශයක් තියෙනවා.
පෙළපොත් වගේම මාර්ගෝපදේශ සියල්ල Pearson තමයි භාවිතා කරන්නෙ.
මෙකෙ දි ශිෂ්‍ය කේන්ද්‍රිය බව නිසා ම තක්සේරුව ශිෂ්‍යාට අනුව තුලනය වෙනවා.වැඩ සමබර නිසා අත්දැකීම් වලින් සිසුන් ඉගෙන ගන්නවා.
මේ විශයමාලාවෙදි වැඩි අවදානය යොමු වෙන්නෙ සැබෑ ලෝකයේ අත්දැකීම්,කුසලතා වලින් උගන්වන්නයි.ප්‍රායොගික විෂයමාලාවක් තමයි තියෙන්නෙ.ගෝලීයව ඉහළ පිළිගැනීමක් ඒ නිසා ම මේ විශය නිර්දේශයට ලැබෙනවා.
Cambridge වල දි සිසුන් තම ශ්‍රේණිය අවසානයේ අනිවාර්‍ය සියලුම විභාගවලට ඉහළ ශ්‍රේණි ලබා ගන්න ඕනි..
Edexcel වලදි තනි ඒකක විදියට වුණත් වසරේ විවිධ අවස්ථාවල දි විභාගය කරන්න පුළුවන් මොඩියුලර් ක්‍රමය නිසා.
ගොඩක් ඉහළ මට්ටමේ විභාගවලින් හොදම ශ්‍රේණියක් ගන්න බැරි වුණත් ලිකිත විභාග,ප්‍රායෝගික වැඩ වලින් විව්ධ තක්සේරු ක්‍රම තියෙන නිසා සිසුන්ට අමතර බරක් පැටවෙන්නෙ නෑ.
නමුත් cambridge වලදි අවසන් ලිකිත විභාගය මත සියලු දේ රදා පවතිනවා.
මේ දෙක සංසන්දනය කළොත් cambridge විභාග වඩාත් අමාරුයි.Edexcel වල දි අවධානය දෙන්නෙ අධ්‍යනමය ශක්තිමත් බව සහ නැඹුරුතා ගැන නිසා තරමක් පහසුයි.
Edexcel වල දි දරුවාට පැටවෙන අමතර පීඩනය අඩුයි ,මොකද එතන තියෙන්නෙ මොඩියුලර් ක්‍රමයක් නිසා.ඒක නිසා ම කාර්‍ය සාධනය දියුණු වෙනවා.
සාපේක්ෂව කේම්බ්‍රිජ් නම්‍යශීලි බව අඩු නිසා සිසුන් තනි විභාගයකට අනිවාර්‍ය අවධානය යොමු කරන්න ඕනි.
ඔබ මෙ දෙකෙන් කවර විශයමාලාවක් තෝරාගන්නෙ ද යන්න ඔබේ දරුවාගෙ ක්‍රමය මත තීරණය කරන්න.
එනම්,විව්ධ තක්සේරු ශෛලීන් වගේ ම ක්‍රමානුකූලව ඉදිරියට යන දරුවෙක් නම් edexcel වඩා ගැළපෙනවා.මොකද මේකෙ දි හැමදේකට ම සමබර විකල්ප තියෙනවා.
දැඩි අධ්‍යයන පරිසරයක කටයුතු කරන්න කැමති දරුවෙක්ට කේම්බ්‍රිජ් වඩා ගැළපෙනවා.මේකෙ දි අනිවාර්‍ය විභාග වලට ලොකු අවදානයක් දෙන්නම ඕනි.
සාරාංශගතව කිව්වොත්
Edexcel - දැනුම ප්‍රායෝගිකව යෙදීම සිදු කරලා ඒ මගින් සැබෑ ජීව්ත අත්දැකීම් ,අවස්තා ලබා දෙන්න සිසුන් සූදානම් කරනවා..
Cambridge වල දි ඉගෙනුම් ව්‍යූහය න්‍යායික වගේ ම විවේචනාත්මක චින්තනයෙන් සමන්විත වෙන නිසා අධ්‍යයනය,තික්ෂණ බුද්ධිය වගෙ ම පර්‍යේෂණ කුසලතා වලට නැඹුරු කරනවා.
අවසානයේ දෙමාපියන්ට මේ මතක් කිරිම
අනාගත ඉලක්ක සපුරාගෙන මොන රටක,මොන විශ්‍ව විද්‍යාලයක ඉගෙන ගත්තත් පොදුවේ මේ විභාග ක්‍රම දෙකම ලෝකයේ පිළිගන්නව.ඒ නිසා දරුවාට සුදුසුම ක්‍රමය තීරණය කරන්න.ඒ කියන්නෙ දරුවාගෙ Learning style එක බලන්න.
Cambridge - ඉගෙනුම අවසානයේ විභාග වලට හොදින් මුහුණ දිය හැකි ,self - motivated සිසුන්ට
Edexcel - විභාග වගේ ම ප්‍රායෝගික වැඩවලටත් එක ලෙස කැමති සිසුන්ට
මේ දෙකෙන් වැඩිය හොද මොකද්ද කියලා කොහෙවත් කියන්නෙ නෑ. මොකද ,එක් එක් දරුවාගේ සාර්ථකත්වයට ළගා කරවිය හැකි ,දරුවා කැමති අන්දමේ විශයමාලාව අනුව ඒක වෙනස් වෙන නිසා.
මේ thread එක ලිව්වෙ මේ විශයමාලා ගැන සරල අදහසක් හෝ ඔයාලට ලබා ගන්නයි.
ඔබ ජාත්‍යන්තර පාසලක් තෝරා ගන්නා විට මේ අදහස් ඔබට උපකාරයක් වෙ යැයි විශ්වාස කරනවා.
